සිංදු කියන නළඟන -හිරුණිකා

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    සිංදු කියන නළඟන -හිරුණිකා

    Hirunika_neked.jpg











    හිරුණිකා තමන්ගෙ රෙදි අනුන්ට ගලවන්න ඉඩ දෙනවද නැද්ද යන එක හිරුණිකාගේ කැමැත්ත අනුව සිදුවිය යුත්තකි. එහෙත් එක එකාට තමන්ගෙ රෙදි ගලවන්නට ඉඩ දීමෙන් විය හැකි අනතුර මේ ශ්‍රි ලාංකික පොළවේ දේශපාලනය කරන්නට ආ පබාලා, අන්ර්කලීලා ඉතා හොඳින් පෙන්නුම් කරමින් තිබෙන මොහොතක හිරුණිකාත් ඒ මගම ගන්නේ නම් නිරුවත් වීම සඳහා හිරුණිකාගේ ඇති කැමැත්ත ගැන අපට ප්‍රශනයක් නැතත්, හිරුණිකාගේ 'නිරුවත' ගැන නම් අපට කතා කරන්නට සිදු වේවි.
    මොකද ඒ නිරුවත පසු පස වැටෙන මේ රටේ මිනිස්සු අනතුරේ වැටීමෙන් වලක්වා ගැනීමේ වගකීමක් අපට ඇති බැවිණි…
    hirunika+lanka+space+%25282%2529.jpg
    “…මේ රටේ වර්තමාන දේශපාලන මොහොත යනු කෙළි සෙල්ලම් කිරීමට තිබෙන වෙලාවක් නොවේ. රට මුහුණපා තිබෙන අනේක විධ අර්බූදයන් විසින් ඉල්ලා සිටින්නේ සවිඥානක ගැඹුරු දේශපාලන මැදිහත් වීමකි.ඊට අවංක නොවී අවශ්‍ය නම් හිරුණිකාට මේ මොහොතේ කෙළි බඩුවක් ලෙස දේශපාලන පිටියේ එක එකා සමග රස්තියාදු ගැසිය හැකි වුවත් සිදු විය යුත්තේ එය නොවේ. මේ ඊට වෙලාව නොවේ.

    එසේම හිරුණිකාව දේශපාලනයට තල්ලු කළ 'තම පියාගේ ඝාතනය' නම් සාධකය ඉක්මවා යන පුළුල් දේශපාලන බාවිතයකට පැමිණීමට හිරුණිකා අසමත් වන්නේ නම් , එහි තේරුම නුදුරු යම් දිනක ජනතාව ඉදිරියේ තමන්ගේ රෙදි තමන්ටම උනා ගැනීමට වීම විනා වෙන යමක් ද නොවේ…”
    අප මෙසේ ලීවේ පසුගිය ජූනි මාසයේ ආරම්බයේදීය . දැන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ප්‍රසිද්ධියේම තමන්ගේ ව්‍යාජ දේශපාලන සළුපිළි ගලවගෙන සින්දු කියනන්ට ද පටන්ගෙන තිබේ. ඒ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ වේදිකාවේදීය. ඒ ගැන පුදුමයක්ද අපුලක්ද ඇතිකර ගත යුතු නැත. දුක් වන්නටද දෙයක් නැත. හිරුණිකාට යන්නට ඉතුරුව තිබුණු 'තැනට' ඇය ගොස් ඇත. 'තම පියාගේ ඝාතනය'යන්න තවදුරටත් වලංගු සටන් පාඨයක් නොවන බව ඇය කීවේ මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කිරීමට ඒ වේදිකාවට නැගි දිනයේය.
    හෙට දිනයේදී භාරතව ඝාතනය කළ වග දුමින්දට මතක් වුවත් හිරුණිකාට මතක් වන්නට ඉඩක නැත. මන්ද දැන් හිරුණිකාගේ මතකය ඇත්තේ රාජපක්ෂ ඇඳ විට්ටම උඩය.