සිංහරාජය අඩවිය

Trustask

Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    සිංහරාජය අඩවිය

    ලෝක උරුමයක් තම භුමිය තුල රැක ගැනීමට තරම් දුර්ලබ වාසනාවක් හිමි සබරගමුව සිය අනන්‍යතා සම්පතක් ලෙස සිංහරාජය සැලකීම විය යුත්තක් සිදුවිය යුතු සේම සිදුවීමකි.ඊට හේතු සාධක අපමණය.එහි යුක්ති සහගත බව පැහැදිලිය.එසේම සිංහරාජය පිළිබද ව විද්‍යත්මකව සෞන්දර්යාත්මකව,ආශ්වාද ජනකව මෙන්ම ප්‍රේමෝන්මාදයන් එමට කතා කොටඇත.ලියා ඇත .පල කොට ඇත.විද්‍යුත් වාර්ථා නිපදවා ඇත.සම්මන්ත්‍රණ වැඩමුළු චාරිකා එමට පවත්වා ඇත.එසේ උවත් සිංහරාජය වෙනුවෙන් යුක්තිය සාධාරණය ඉටු ඇද්ද?සබරගමුවේ සම්පතක් ලෙස රටට ලොවට දායාද කරන නමුදු නා රදෙකු විසින් රකිනා මැණිකක් තරමට තබා ,උණ හපුලුවෙකු විසින් රකිනා උගේ පැටියෙකු පමණට ඇගයීමක් ,සිංහරාජය වෙනුවෙන් ඉටු කොට අද්දැයි සොයා බැලීමට කාලය කාලය එලඹී ඇත.සිංහරාජය පිළිබද මෙම ඇගයීම ඒ සදහා පෙර හුරුවක් ලෙස සලකමු.සබරගමුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ බටහිර මායිමේ මහා යෝධයෙකු සේ සිංහරාජ කදු වැටිය ප්‍රතාපවත් ලෙස නැගී සිටින්නේ සත් සමුදුරෙන් එහා සිට බටහිරින් එන සියලු ගැහැට කරදර බලපෑම් විනාශයන්ගෙන් සබරගමුව රැක ගන්නා බව නිගඩව කියාපාන්නක් මෙනි.එය නිකම්ම කදු වැටියක් නොවේ කදුවනන්තර අතර වන රාජයකි."ශ්‍රි ලංකාවේ සියලුම වනාන්තර අතර අඩුවෙන් ම මිනිස් පහස ලබා ඇති වනාන්තරය සිංහරාජයයි.ශාක හා සත්තව පරිණාමයේ මුල්අවදිවල පටන්ම නොකඩවා නොඉදුල්ව වැඩුණු මේ වනාන්තරය සිරිලක් මාතාව සිය දු පුතුන‍ට දායාදකලා වු අගනාම දායාද අතුරින් එකකි.(කල්පනා 1987ජනවාරි පි 5)ලක් මාතාව සිය දු පුතුනට අගනාම දෑ දායාද කීරීමට සබරගමුවම තෝරාගත් සැටියක් පෙනෙන්නේ සිංහරාජයට අමතරව අනෙක් පැත්තෙන් නැගෙනහිර මායිමේ සම්බුදු සිරිපා සටහන හිස මුදුනේ තබාගත් සමනළ කදු වැටියද නිසයි.ඒ කදුවැටි දෙක අතර මැද නන් ආකරයේ මැණික් වලින් පිරුණු රත්න ආකරයකි.කදු වැටිවලින් ගලා හැලෙන මනහර දිය ඇලිය.වන ගොමුව නිවහන කොට ගත් අපටම ආවේණික සතා සිව්පාවුන්ය.ගහ කොල පැළෑටිය.ඒ අතර සම්මා සම්බුදු තෙමගුළට පුජෝපහාර සදහාම දෝ මෙහි පමණක් පිපෙන වෙසක් මල්ය.සිංහරාජය යනු මේ සියල්ල අපි වෙනුවෙන් සියලුම ලෝසත වෙනුවෙන් රැක බලා ගන්නා අසම සම ගුණයෙන් හෙබි රැකවලාය,පෝෂකයාය.සිංහරාජයේවිද්‍යාත්මක ආර්ථීක පාරසරික මෙන්ම ජාතික වැදගත්කම නිසි ලෙස අවබෝධ කොට ගැනීමට නම් එහි අන්තර්ගත ගුණාත්මක අගය හෝ ඉතිහාසය හෝ සම්පත්මය අගය හෝ ආදී වශයෙන් එක් පැතිකඩක් පමණක් ගැන දැනුවත්වී පලක් නොමැති බව අවධාරණය කළ යුතුය .එය මේ සියල්ලගෙන් සමන්විත සමස්ථයකි.එය කොටස් කල කල්හි ඒ ඒ කොටස් පමණක් නොව සමස්ථයම විනාශ වී යාම නොවැලැක්විය හැකිය . එක් එක් පැතිකඩ වෙන වෙන ම ගෙන එය අවබෝධ කොට ගැනීමද කල නොහැකිය මෑත කාලයේ සිට මෙහි ඇති ආර්ථීකමය වටිනා සම්පත් රටට ලබා දිය යුතු යයි ඝෝශා කොට පාරවල් කපා යන්ත්‍ර සුත්‍ර යොදවා මුග්ධ පිරිස් විසින් සිංයරාජයට කරන ලද විනාශය ඊට කදිම නිදසුනකි.එයින්ද පාඩම් ඉගෙන නොගෙන දැන් දැන් ‍එය පිටරටුන්ට පැවරීමට දරන උත්සහයත් ඊටත් වඩා බරපතල අපරාධයකි. ඉන්පසු වත්ත බද්ද‍ට දී ඇස්සට දත නියවාගෙන බලා සීටීමට අපට සිදුවනවා නියතය එහෙයින් එවන් මෝඩ ක්‍රියාවන් දේශපාලන ක්‍රීඩා වශයෙන් හෝ ආත්මාර්ථකාමී බඩවඩා ගැනීම් වශයෙන් හෝ මතුවට සිදු නොවීමට නම් සිංහරාජය පිළිබද සියලු පැතිකඩයන් එක පමණින් පෙන්වන දැනුම් සමස්ථ ජනතාව වෙතම ලබාදිය යුතුව ඇත.සිංහරාජය නිවර්තන සදාහරිත වැසි වනන්තරයක් Tropical Evergreen Rain Forest ලෙසින් හදුනා ගැනීමෙන් අද එය ලෝක උරුමයක් ලෙස අද්විතීය වටිනාකමකින් යුක්තයයි පිළිගැනීමට භාජනය වී ඇත."නිවර්තන කලාප"යයි අප විශේෂ කොට හදුන්වන ප්‍රදේශ අනෙක්වායින් වෙන් වන්නේ කෙසේදැයි අවබෝධ කොට ගැනීමෙන් ඒවායේ වටිනා කම ගැන මැන ගැනීමට හැකිවනු ඇත.නිවර්තන ප්‍රදේශයක් අධික වර්ෂාව අධික උෂ්ණත්වය සහ අධික සුර්යාලෝකය නිසා අනෙක් ඒවායින් සුවිශේෂ වේ .මේ සියල්ලම වැසිවනාන්කර පෝෂණයට ඉතා හිතකර සාධක වීමයි. එහි ඇති විශේෂත්වය එවන් වනාන්තරයක දක්නට ලැබෙන් ශාක ,සත්ත්ව වශයෙන් ජීවී ලෝකය අතිශයින් විශාල හෙයින් නිවර්ථන වැසි වනාන්තර ලෝකයේ වැදගත්ම සාරවත්ම පොහොසත්මපරිසර පද්ධති වශයෙන් විශේෂ ආරක්ෂාවට සැළකිල්ලට හා පර්යේෂණයට ලක් වේ.නිවර්තන වර්ෂා වනාන්තර (Tropical Rain Forest)යන නාමය හදුන්වාදීමේ ගෞරවය හිමි ඒ.ඇස්.ඩබ්ලිව්.ස්කිම්පර් නැමැති උද්භිද විද්‍යාඥයාගේ විග්‍රහයට අනුව නිවර්ථන වැසි වනාන්තර වලට අයත් වන්නේ සදාහරිත අවම උස මීටර් 30ක් ගස් ඇති ගස් මුදුන දක්වා ඇදෙන ආරෝහක මෙන්ම අපිශාක විශේෂයන් ගෙන් පොහොසත් වනාන්තරයන්ය.මෙහිදී සදාහරිත ලෙස සැලකෙන්නේ ශීත සෘතුවේදී හෝ‍ කොළ වැටීමක් නැති අවුරුද්ද පුරා කොළ පැහැයෙන් යුක්තව පවතින ගහ කොළ පද්ධතියයි.නිවර්තන වනාන්තර යනු ලෝකයේ විවිධ නම් වලින් හදුන්වන වනාන්තර අතුරින් එක් වනාන්තර වි‍ශේෂයකි.එය නිරක්ෂයට ආසන්නව ඊට දෙපස ඇති සුවිශේෂී
    ලක්ෂණ සහිත වනාන්තර විශේෂයයි.සිංහරාජද එවැන්නකි . ලෝකයේ හැමටම එවන් උරුමයන්හිමිව නැති විට අපේ මේ දුර්ලබ සම්පත රැක ගැනීම අප සතු මහා වගකීමක් වනු ඇත.

    සිංහරාජයේ ආවේණීක බාදුරා
    සිංහරාජයට ආවේණික නවදගහ
    hodai nam rep+
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නෙ මන්දා බන් අපෙ එවුන්ට කවදා මොලෙ පැදෙවිද කියලා:(
    වැදගත් ත්‍රෙඩ් එකක් යාලුවා රෙප් දෙන්න බැහැලු පස්සෙ දෙන්නම්;)
    ජයවේවා
    11.gif