සිංහලයන්ගේ තුවක්‌කු

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    සිංහලයන්ගේ තුවක්‌කු

    [FONT=Malithi_Web]
    [/FONT]
    [FONT=Malithi_Web]සිංහලයන්ගේ තුවක්‌කු පිළිබඳ විමර්ශන සටහන්


    [/FONT]

    [FONT=Malithi_Web]
    gala-3.jpg

    වසර දෙදහස්‌ පන්සීයක කාලය පුරා ලංකාවේ ස්‌වාධීනත්වය රැක ගැනීම උදෙසා අපගේ මුතුන් මිත්තන් සටන් කළහ. යුද්ධය ඔවුනට නුහුරු නුපුරුදු දෙයක්‌ නොවීය. ස්‌වකීය මාතෘ භූමිය රැක ගැනීමට ස්‌වාධීනත්වය ආරක්‌ෂා කර ගැනීමට නිරතුරුව සටන් වැද සිටි ඔවුනට යුද කිරීමට අවශ්‍ය දුනු, ඊතල, කඩු, තෝමර නිපදවනවාට අමතරව සටන් කිරීම උදෙසා තුවක්‌කු නිෂ්පාදනයටද අත ගැසීමට සිදු වූයේ කාලීනව ඇතිවුණු අභියෝග නිසාය. පරංගීන් පැමිණීමට ප්‍රථම සිංහලයන් තුවක්‌කු පරිහරණය නොකළ බව සාමාන්‍ය මතයයි. එහෙත් සිංහලයන් වෙඩි බෙහෙත් තාක්‌ෂණය දැන සිටියහ.

    සේද මාර්ගය හරහා පැමිණි චීන වෙළෙඳුන් දේශ ගවේශකයන් සහ භික්‌ෂූන් වහන්සේලා නිසා චීනයත් ලංකාවත් අතර සතර වන සියවසේ සිට දැඩි සම්බන්ධයක්‌ ගොඩනැඟී තිබුණි. එම නිසා වෙළෙඳාම මෙන්ම සංස්‌කෘතික සම්බන්ධතාද මෙහි පැලපදියම් විය. චීනුන් දැන සිටි මල් වෙඩි හැදීම සිංහලයන්ටද පුරුදු පුහුණු විය. මල් වෙඩි මල් බෝම්බ හදන්නට වෙඩි බෙහෙත් ගැන දැන සිටිය යුතුය. 1917 දී ලියෑවුණු පුරාණ ගිනිකෙළි මල්දම නම් ග්‍රන්ථයේ සඳහන් පරිදි ගෙන්දගම් වෙඩි ලුණු ආදිය යොදා ගෙන සිංහලයන්ද අපූරුවට මල් වෙඩි තැනූහ. මේ තාක්‌ෂණය අලලා කියෑවුණු ජන කවියෙකි මේ.

    කොටස්‌ අටක්‌ වෙඩි ලුණු ගෙන ගලලා අඹරන්නේ
    කොටස්‌ දෙකක්‌ ගන්දක ගෙන ඊපිට ලා අඹරන්නේ
    කොටස්‌ එකක්‌ හිරියල් ගෙන ඊ පිට ලා අඹරන්නේ
    කොටස්‌ දෙකක්‌ අංජන ගෙන ඊ පිට ලා අඹරන්නේ

    මෙලෙස මේ ඔසු අඹරා ගෙන ඉතා සිහින් වෙන තරමට සතොස සිතින් ඇඟිලි තුනට එයින් ටිකක්‌ ගෙන මොනවට අලස නොවී රඹ දළුවෙක මතු පිට ලා ගිනි ලන විට දෙඇස පෙනෙයි බුබුළු තුනක්‌ කරකැවී එකබඳු තරමට සසඟුර එළි(නිලා) බම්බු වෙඩි මල් වෙඩි, පොල් වෙඩි, චක්‍ර ආකාශ, වෙඩි අඩක්‌කන්, වෙඩි දොඩම්, බෝම්බ වෙඩි, බිත්තර වෙඩි ආදිය සාදන්නට මේ වෙඩි බෙහෙත් භාවිතා කළ බවට මෙම ග්‍රන්ථයෙන් සාක්‌ෂි හමුවේ.

    මෙම දැනුම ලබා සිටි සිංහල ආචාරීන්ට තුවක්‌කු තාක්‌ෂණය වහා අල්ලා ගන්නට හැකි වූ අතර ඔවුහු ඉතා ඉක්‌මනින් පරංගීන්ගේ තුවක්‌කු වලටත් වඩා ඉදිරියෙන් තිබෙන දිග් තුවක්‌කු කොට තුවක්‌කු සහ කාල තුවක්‌කු තැනූහ. පරංගීන්ගේ තුවක්‌කු ඉතා ඉක්‌මනින් පිපිරෙන අතර සිංහල තුවක්‌කු එසේ නොවූ බව පැවසේ. එයට හේතුව වෙඩි බෙහෙත් පත්තු වීම තුළ තුවක්‌කු බඳේ ඇති වන ප්‍රසාරණය පාලනය කිරීමට අවශ්‍ය තාක්‌ෂණය සිංහල ශිල්පීන් විසින් හඳුනා ගැනීමයි.

    1950 වර්ෂයේ දී බදුරලියේ පැලෑඳ බාන්පාර අසබඩ පැලැන් ගඟ එගොඩ පිහිටි ලියනගොඩ ගමේ කැට කැරැල්ලගහවත්ත නම් කුඹුරේ තිබී අඟල් හැත්තෑ හතරක්‌ දිග තුවක්‌කුවක්‌ හමු විය. එහි බඳ අඟල් හතළිස්‌ හතකි. එම ඉඩමේ පදිංචිව සිටි ලේකම් ලියනගේ ජෝන් සිංඤ්ඤො මහතා සිය නිවස අසල කුඹුර අස්‌වද්දමින් සිටි අවස්‌ථාවේ දී මෙය හමුවිණි. එම ප්‍රවෘත්තිය එකල දවස පත්‍රයේද පළවීය.

    මෙම තුවක්‌කුව සාමාන්‍ය තුවක්‌කුවක්‌ නොවේ. එහි වෙඩි බෙහෙත් දමන තැන වට විෂ්කම්භය අඟල් දහතුනකි. තුවක්‌කුවේ බර රාත්තල් අසූවකි. මෙය පසුව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට භාර දෙන ලදුව දැනට එහි ගබඩාවේ තැන්පත් කර තිබේ. කෙසේ වෙතත් මෙම ස්‌ථානයට යාබදව පවතින පැලැන් ගඟ මැද්දාවේ තවත් අපූරු තැනක්‌ තිබේ. එය ජලයෙන් උඩට මතුව තිබෙන පාෂාණයකි. එහි කාණුවක්‌ වැනි දාරයක්‌ද පිහිටා තිබේ. තුවක්‌කුවල හැඩය සාදා ගෙන තිබෙන්නේ මෙම ගල උපයෝගී කොට ගෙනයි. ගඟින් එගොඩ ගම් ආචාරියා වත්තයි.

    gala-4.jpg
    [/FONT]
    [FONT=Malithi_Web]පැළෑඳ රජ මහ විහාරයේ තැන්පත් කර ඇති කාල තුවක්‌කු උණ්‌ඩය[/FONT]
    [FONT=Malithi_Web]මෙම ඉඩමට ලන්දේසි තෝම්බුවක්‌ ද තිබේ. පුරාණයේ පටන් පැලෑඳ ගම් ආචාරිගේ පරපුර සිය වාසස්‌ථාන වශයෙන් භාවිත කර තිබෙන්නේද මෙම ස්‌ථානයයි. දැනට එහි එම වෘත්තිය පවත්වාගෙන යැමට සිටින්නේ සීමිත පිරිසක්‌ වුවද ඔවුහු නවීන කාර්මික වැඩ සමග හරි හරියට නිර්මාණ කරමින් සිටින බවද දැක ගන්නට හැකිය.

    මෙම ආචාරි වත්තේ දැනට පදිංචි පවුල් කීපය අතර සිටින පී. ජී. සුනිල් මහතාගේ නිවස ඉදිරිපස තිබූ පුරාණ කම්මල පසුව ගරා වැටී ඇත. පසුව එම කම්මල පිහිටි තැන ගෙපල ඇදීමේ දී කාල තුවක්‌කු උණ්‌ඩ කීපයක්‌ ලැබී ඇත. ඒවා දැනට පැළෑඳ රජ මහ විහාරයේ තැන්පත් කර තිබේ. පැළෑඳ ලියනගොඩින් සම්මුඛ වූ තුවක්‌කුව සිංහලයන් විසින් සාදන ලද තුවක්‌කුවක්‌ බව ප්‍රථම වරට හෙළිදරව් කරන ලද්දේ මෑතකදී මහනුවර යුගයේ අප්‍රකට විත්ති නම් ග්‍රන්ථ ද්වයක්‌ ලියා පළ කළ චාමිකර පිලපිටිය මහතා විසිනි. ඔහු එම තුවක්‌කුව හඳුන්වනු ලබන්නේ පෙදරනේරු තුවක්‌කුව යනුවෙනි. එම වදන බිඳී විත් සිංහලයට එකතුව පවතින්නේ පෘතුගීසි භාෂාවෙනි.

    කෙසේ වෙතත් ඔහු ගේ ග්‍රන්ථයේ විස්‌තර වන යුද ඉතිහාසය මෙතෙක්‌ හෙළි නොවී පැවති අප්‍රකට ගාම්භීර දිග හැරුමකි. මුල්ලේරියා සටන, ගන්නෝරු සටන, දන්තුරේ සටන සිංහල ඉතිහාසයේ අනුස්‌මරණීය සටන්ය. එසේම රන්දෙණිවෙල සටනින් පෘතුගීසීන් සමූල ඝාතනය කරලන්නට සිංහලයන් සමත් විය. ත්‍රිකුණාමල කොටුව අත්පත් කර ගැනීම මෙන්ම කටුවන බල කොටුව ගැනීම ගැනද තිබෙන ඉතිහාස ප්‍රවෘත්ති වැඩිමනත් සැඟව ගොසින්ය. එහෙත් චාමිකර පිලපිටිය මහතා මේ සියල්ල හෙළි කරයි. මුල්ලේරියා සටනේ දී සීතාවක රාජසිංහයන්ට එදිරිව පරංගීන් කස්‌තේළුව නමැති කාලතුවක්‌කුවක්‌ අටවා ගත්හ. එයට එරෙහිව රාජසිංහයන් විසින් ගෙනා ලෝකඩ කාල තුවක්‌කුව ගැන චාමිකර පිලපිටිය මහතාගේ ග්‍රන්ථයේ දක්‌වා ඇත්තේ මෙසේය.

    gala-2.jpg
    [/FONT]
    [FONT=Malithi_Web]පැලැන් ගගේ ඇති තුවක්‌කු ගල[/FONT]
    [FONT=Malithi_Web]'ඒ සිටි නොබෝ දවසකට පසු කෝට්‌ටෙ සේනාවත් ප්‍රතිකාල් සේනාවත් ගඟිනුත් ගොඩිනුත් යුද්ධයට එන ලෙසට කස්‌තේළුව කියන එකක්‌ බැඳ එහි කාල තුවක්‌කුව නිරිසි කොට වෙඩි බෙහෙත් හා යකඩ උණ්‌ඩු දමා තානිච්චි කොට උන්වහන්සේම කුරුමාණම් බලා පත්තු කළ උණ්‌ඩ කස්‌තේළුවේ වැදී පොල් කඳනුත් ගසගෙන කලාසිකාරයෝ කීප දෙනෙකුත් ප්‍රතිකානුත් කීප දෙනෙකුටත් වැදී පඩව්ව බිඳ ගිලිහී දිය දුටුවේය.'

    පරංගීන්ගේ තුවක්‌කුවලට වඩා දුර වදින හෙණ සැර මෙන් වන තුවක්‌කු වාත්තු කරන්නට සිංහලයන් සැදී පැහැදුණේ ගිනි කෙළි ගැන ඔවුන් සතුව තිබූ දැනුම් සම්භාරය නිසාවෙනි. නවීන තුවක්‌කු නොතිබුණා නම් සිංහලයන් පරාදව රට අන්සන්තක වන්නේ කෝට්‌ටේ යුගයේදීමය. සිංහලයන් ගේ රණ කාමීත්වය වඩාත් ඉස්‌මතුව කැපී පෙනුණේ ගන්නෝරු සටන දන්තුරේ සටන සහ රන්දෙණි වෙල සටන් භූමි වලදීය. ඒ බැව් චාමිකර පිලපිටිය මහතා සිය ග්‍රන්ථයෙන් මනාව හෙළි කර තිබේ.

    සිංහල තුවක්‌කු සෑදීම ක්‍රම කීපයකට කර තිබේ. චාමිකර පිලපිටිය මහතා සඳහන් කරන පරිදි කොඩි තුවක්‌කු දිග් තුවක්‌කු වඩන තුවක්‌කු ආදී වශයෙන් විවිධ අවස්‌ථාවන්හිදී භාවිතා කළ තුවක්‌කු ගණනාවක්‌ තිබේ. ඔහු සඳහන් කරන පරිදි හොඳ ක්‍රියාත්මක තත්ත්වයෙන් තිබෙන කොඩි තුවක්‌කුවක්‌ රත්නපුර සමන් දේවාලයේ තවමත් සුරක්‌ෂිතව පවතී. බදුරලිය අත්වැල්තොට පැරණි ගම් වාසියෙකු වූ අබේසේන මුණසිංහ මහතා මේ තුවක්‌කු නිෂ්පාදනය පිළිබඳ පාරම්පරික දැනුම අපට හෙළි කරන්නේ මෙසේය.

    'තුවක්‌කුවේ බඳට නැත්නම් බටයට ඒ කාලේ කිව්වේ සුරුට්‌ටු කඳන් කියලයි. යකඩ කූරක වානේ පටියක්‌ සහ තඹ පටියක්‌ සුරුට්‌ටුවක්‌ වගේ එතීමෙන් තමයි මේ සුරුට්‌ටු කඳ කියන ව්‍යවහාරය එන්නේ. ඊට පස්‌සෙ බන්ද කියල කම්මල්වල හදා ගන්න උපකරණයක්‌ තිබෙනව. එහි දෙපැත්ත පීරක්‌ වගේ ගොරෝසුයි. මේ උපකරණයෙන් සුරුට්‌ටු කඳ හාරලා මදය ඉවතට ගන්නවා. පැරණි අය පුවක්‌ ගෙඩි ලිවීම සඳහා සෑදූ ඉස්‌කුප්පුවට මෙය සමානයි. පුවක්‌ ගෙඩියෙත් පිට පොත්ත ඉතිරි වෙනවා වගේම සුරුට්‌ටු කඳේ වාන් පටි ස්‌ථරය ඉතිරි වෙනවා. තුවක්‌කුවේ මුලට කියන්නේ කාමරය කියලයි. කොකා හදා ගන්නත් ක්‍රමයක්‌ තිබෙනවා. මේ ආකාරයට තුවක්‌කුව හදා අහවර වෙලා එහි නිවරදි තාවය පරීක්‌ෂා කරන්නට හබරල කොළයකට වෙඩි තබනවා. හබරල කොලේ කොස්‌ කොළයක්‌ අමුණලා එයට තමයි වෙඩි තියන්නේ. මූනිස්‌සම් වලට ගත්තේ ඊයම්. ඊයම් උණු කරලා කැලෑ බටයකට වක්‌ කරනවා. ඉන් පස්‌සේ බටය පළලා. ඊයම් කූර රැගෙන අවශ්‍ය ආකාරයට මූණිස්‌සම් සාදා ගන්නවා. ඊයම් කොළ ජනප්‍රිය වූ කාලයේ ඒවා ගෙනත් උණූ කරලා පෙර ආකාරයටම බටවල වක්‌ කරලා ගන්නවා. මේ තුවක්‌කු බඳ රවුම් නෑ අට පට්‌ටම්. තුවක්‌කුව දිගයි. එහි ඉලක්‌කය හරිද කියා බලා වැරදුණහොත් බර එල්ලා තබා තුවක්‌කු බඳ කෙලින් කරනවා. මේ තුවක්‌කු වලින් වෙඩි තැබුවාම ගස්‌ කඳන් පලා යන හැටි මම දැකලා තිබෙනවා.'

    gala-1.jpg
    [/FONT]
    [FONT=Malithi_Web]කැරැල්ලගහවත්ත කුඹුරෙන් හමුවූ තුවක්‌කුව[/FONT]
    [FONT=Malithi_Web]මෙම ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ මෙම ශිල්පීන්ට අනන්‍ය වන අයුරු විදේශීය දැනුම යොදා ගන්නට දැක්‌වූ දක්‌ෂතාවයයි. නවසිය අසූව දශකයේදී පවා ගම්බද කම්මල් කරුවන් තුවක්‌කු තැනූහ. ඒ යුධ වැදීමට නොවේ. දඩයන් කිරීමටය. මේ බඳින තුවක්‌කු තැනීමේදීද ඔවුහු පැරණි තාක්‌ෂණය අඩු වැඩි වශයෙන් භාවිතා කළහ. ඉංග්‍රීසි ආණ්‌ඩු සමයේදී තුවක්‌කු සඳහා බලපත්‍ර ගත යුතු විය. ඒ නිසා සිංහල ශිල්පීන් සිය ආයුධ තැනූවේ රහසිනි. පැළැඳ විසූ උක්‌වත්ත ආචාරිගේ ප්‍රේමසිරි මහතා වරක්‌ තැනූ තුවක්‌කුවක්‌ ගම් මුලාදෑනීන්ට අසුවිය. ප්‍රේමසිරි මහතා ගේ දක්‌ෂතා දුටු දිසාපති වරයා පවසා ඇත්තේ අවශ්‍ය නම් බලපත්‍රයක්‌ සහිතව තුවක්‌කු නිෂ්පාදනය කළ හැකි බවයි. නමුත් මෙම ශිල්පීන් මේ මග අනුගමනය නොකළෙන් මේ තාක්‌ෂණය අද අභාවයට ගොස්‌ තිබේ.

    සිතුවම - විඡේසිරි මතුගම
    [/FONT]
     

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    දැනට ගල් කටස් එහෙකින් එහා තුවක්කුවක් හදාගන්න බැරි වීම ගැන ආඩම්බරයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ ඉන්නවා කම්මල්වල ගල්කටස් හදන පොරවල්. උන්ව හිරේ දානවා මිස උන්ගේ දැනුමින් ප්‍රයෝජනයක් ගන්න අපේ උකන්නලාට හිතක් පහල වෙන්නේ නැත......
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අපේ හුත්ටලටත් ඉතිහාසේ හාර හාර ඉන්නවට වඩා දෙයක් න, අනාගතේට ඕන කරන දෙයක් හිතන්නේ නැ
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    අපේ ඉන්නවා කම්මල්වල ගල්කටස් හදන පොරවල්. උන්ව හිරේ දානවා මිස උන්ගේ දැනුමින් ප්‍රයෝජනයක් ගන්න අපේ උකන්නලාට හිතක් පහල වෙන්නේ නැත......

    lankawe innawa godak daksha minisu egollnata thanak na. athatama duki
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    අපේ හුත්ටලටත් ඉතිහාසේ හාර හාර ඉන්නවට වඩා දෙයක් න, අනාගතේට ඕන කරන දෙයක් හිතන්නේ නැ

    eka thamai maath kiyanna haduwe.. eka kiyawa kywa swayan windanayak labagena innawa misak wena labbakwath naa. kaloth karanna dennath naa pake anduwen.. creativity freedom naa pake lankawe:no::no: