සිංහලයින්-වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    සිංහලයින්-වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ

    මං ලිව්ව එකක් නෙවෙයි, මල පැනල මගේ රෙප් කපන්නෙපා.. හොඳයි නම් රෙප් දුන්නට තරහ නෑ. :p











    සිංහලයින් වඳ කරන්න යනවා, උගත්, බුද්ධිමත් සිංහල තරුණ ප්‍රජාව මහණ කරවාගෙන සිංහලයින් වඳ කොරනවා කියමින් සමහර "බෞද්ධයින්" ඇතැම් පන්සල්වලට හා සංවිධානවලට බැණ වදිති. නමුත් බුදු රජානන් වහන්සේ කළේ කුමක් ද?,

    ජනපද කළ්‍යාණිය සමග පෙමින් හිටි නන්ද කුමරා එයින් ගලවා නිවන් දැක්කවීමට උන්වහන්සේ කළ දේ අද භික්ෂූන් වහන්සේ නමක කළා නම් සමාජය මොනවා නොකියයිද ? අනේ අරතරම් ලස්සන කෙල්ලක බැඳලා, ලස්සනට ජීවත්වෙන්න තිබ්බ කොල්ලෙක්ගේ ජීවිතය නැති කළානේ අර හාමුදුරුවෝ.. යැයි ඔවුන් කියනු ඇත.

    දේවිය දරුවා සමග තනිකර දමලා ගොස් ශ්‍රමණ වෙස්ගත්තා මදිවට, නැවත පැමිණ දරුවාවත් මහන කරගෙන නේ... අර හාමුදරුවෝ.. කොච්චර වැරදිද යැයි ඔවුන් කියනු ඇත. රජ වෙලා රට කරවන්ට හිටි කුමාරයාවත් කෑවා.. රට විනාශ කරනවානේ... යැයි ඔවුන් කියනු ඇත.

    සරළව කියනවා නම්, ප්‍රධානවම බුදු හිමි කළේ ධර්මය වටහාගත හැකි තරමට බුද්ධියක් ඇති, කුසලයක් ඇති, ජනතාව වෙසෙන සමාජයක, දේශයක පහලව ධර්මය දෙසා ඔවුන් අහවර කර (ශූණ්‍ය කර) දැමීමය. උන්වහන්සේ අප්‍රිකාවේ, ඇමරිකාවේ හෝ ඕස්ට්‍රේලියාවේ සිටි ගෝත්‍රික පිරිස්වලට දම් දෙසූ බවක් මා නම් අසා නැත. නමුත් අද "බෞද්ධයින්ට" අනුව නම් බුද්ධිමත් සිංහල බෞද්ධ තරුණයින් කළ යුත්තේ වසර කෝටි ප්‍රකෝටි ගණනකට වාරයක් මතු වන බුදු දහම (ක්ෂණ සම්පත්තිය) ප්‍රයෝජනයට ගෙන මේ කරුමයෙන් ගැලවී අවසානය දැකීම නොව දරුවන් හදමින් තව තවත් "ජාතිය" පවත්වාගෙන යෑමය. නමුත් ඒ "බෞද්ධයින්ට" මතක් නොවන කාරණයක් ද ඇත. ඒ නම් සියල්ල අස්ථිර ලෝකයේ 'සිංහල ජාතිය' ද විනාශ වී, නැත්තට නැතිවී, භංග වී යන බවය. බුදු දහම ද ධර්මතාවයක් වශයෙන් විනාශ නොවෙතත්, අරුත් වැසී, අතුරුදහන් වන බව ඒකාන්තය. එය සක්‍ර දේවේන්ද්‍රයාටවත්, උන්වහන්සේගේ පුත්‍රයාටවත් නැවැත්විය නොහැකිය.

    අප සැම යළි යළිත් සිහිකරගත යුත්තේ, බුදු වරයෙකු පහල වන්නේ නුඹට මට ගිණිය නොහැකි තරම් කාලාන්තරයකට පසුව බවය. අවුරුදුවලින් ගතහොත් කෝටි ප්‍රකෝටි ගණනකද වැඩිය, එබඳු සමයක මනුෂ්‍යයකුව ඉපිද, බිලියන ගණනක මනුශ්‍යයින් අතුරින් බෞද්ධ රටක, බෞද්ධයෙකු වශයෙන් ඉපිද සිටින ඔබ/මම කළ යුත්තේ රැකියා කරමින්, හම්බු කරමින්, කමින්, බොමින්, දරුවන් හදමින් ජීවිතය ගෙවා මිය යෑම ද? පිළිතුර ඔව් නම් ඒකාන්ත වශයෙන්ම කිව හැක්කේ, තවත් වසර 2500කින් බුදු දහම අන්තර්දාන වෙතැයි සිතන්නේ නම්, ඒ අන්තර්දාන වනතුරුම දිගටම බෞද්ධයින් වී උපන්නද, ඔබ සැම කරනුයේ උපදින වාරයක් පාසා ජාතිය පැවැත්වීම වෙනුවෙන් කියමින්, දරුවන් හදමින්, කමින්, බොමින්, ජීවිතය පැවත්වමින් මියදීම යන්නය. අහෝ!!!

    බුදු දහම අන්තර්ධාන වීමෙන් පසු දිගටම අද පවතින නාප්‍රාකාර මිත්‍යාදෘෂ්ඨික ආගම්/නිර්ආගම් දිගටම පවතිනු ඇත. තවත් පුද්ගලියින් පහලව අලුත් මිත්‍යාවන් බිහි කරනු ඇත. අද පවතින මිත්‍යාවන් අදහමින් අන්‍යාගමිකයින් කරන ඒ හද කම්පා කරන පාපයන් වලට හූල්ලන තොප එදාට මහත් මිත්‍යාවන් පිළිබඳ වූ මහත් භක්තියකින් ඒ පාපයන් කරනු ඇත. එලෙසින් එම පාපයන් කරගෙන කෙතරම් කාලයක් දුගතියේ ඉපිද දුක් විඳීමට ඔබ/මම නියමිත දැයි දන්නවා ද?

    ආර්යන් වහන්සේලා පහලව බුදු දහමේ ඇත්ත ඇති සැටියෙන් දෙසන කල්හි උන්වහන්සේලා අරක කීවා, මේක කීවා යැයි බෙරිහන් දෙමින් කෑගසන 'බෞද්ධයිනි'. අහෝ!!!



    සංවාදයට විවෘතයි!

    (උඹල අතර කරගනිල්ල, මම නම් දන්නෑ ඕව)
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    කතාව හරියටම හරි..
    සංවාදයක් නෑ ඔතන. මොනවා සංවාද කරන්නද?
    තිසරණයේ පිහිටි බෞද්ධයෙකුට සංවාදයක් නෑ ඔතන.

    අනිත් උන්ට නං ඇති වෙන්න සංවාද ඇති. එත් ඒවායින් වැඩක් නෑ නේ. බෞද්ධ නෙවෙයි නේ.

    බෞද්ධයන්ට අනිත් උන්ගේ කතා වැඩක් නෑ.
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මං ලිව්ව එකක් නෙවෙයි, මල පැනල මගේ රෙප් කපන්නෙපා.. හොඳයි නම් රෙප් දුන්නට තරහ නෑ

    රෙප් වලට බුදු දහම මාකට් කරන්න එපා බන්.
    බෞද්ධයෙක් නං ධර්ම ගෞරවයක් තියනවා නං කියන්න තියන දේ කියපන්. රෙප් ප්‍රශ්නයක් කර ගන්න එපා. :) :)
    දෙන්න ඕන අය දෙයි. අනිත් අය කපයි. :yes:
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    කතාව හරියටම හරි..
    සංවාදයක් නෑ ඔතන. මොනවා සංවාද කරන්නද?
    තිසරණයේ පිහිටි බෞද්ධයෙකුට සංවාදයක් නෑ ඔතන.

    අනිත් උන්ට නං ඇති වෙන්න සංවාද ඇති. එත් ඒවායින් වැඩක් නෑ නේ. බෞද්ධ නෙවෙයි නේ.

    බෞද්ධයන්ට අනිත් උන්ගේ කතා වැඩක් නෑ.

    :shocked::shocked:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සිංහලු කවද හරි වඳ වෙනවනං ඒකට හේතුව තන්හා ආසා අතඇරලා ආගම දහමට යොමු වෙලා ළමයි නොහදා ඉඳීම නං නෙවෙයි :yes: ඒ හින්ද බයවෙන්න ඕනේ නෑ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රෙප් වලට බුදු දහම මාකට් කරන්න එපා බන්.
    බෞද්ධයෙක් නං ධර්ම ගෞරවයක් තියනවා නං කියන්න තියන දේ කියපන්. රෙප් ප්‍රශ්නයක් කර ගන්න එපා. :) :)
    දෙන්න ඕන අය දෙයි. අනිත් අය කපයි. :yes:

    අනිවා..ඔව් තමන්ගේ අදහස පළ කරන්න බය වෙන්න එපා.
     
    • Like
    Reactions: t.dinusha

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    රෙප් වලට බුදු දහම මාකට් කරන්න එපා බන්.
    බෞද්ධයෙක් නං ධර්ම ගෞරවයක් තියනවා නං කියන්න තියන දේ කියපන්. රෙප් ප්‍රශ්නයක් කර ගන්න එපා. :) :)
    දෙන්න ඕන අය දෙයි. අනිත් අය කපයි. :yes:

    :yes: