Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහලුන්ට සල්ලි ඕනෙද. හැබැයි පොලියට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“මිතුරිය නිසා ණය උගුලේ සිරවුණු රම්‍යා”

විදේශ ගතවූ සිය මිතුරියකගේ ඉල්ලීම අනුව අන්තර්ජාලය ඔස්සේ ණය ලබා දෙන ආයතනයකින් සිය නමට රුපියල් 40,000ක ණය මුදලක් ලබා ගත් කොහුවල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන රම්‍යා ( සත්‍ය නම නොවේ) තමන්ට මුහුණ දීමට සිදුවූ අත්දැකීම බීබීසි සිංහල සේවයට මෙලෙස පැවසුවාය.

"මගේ යාලුවෙක්ට රට යන්න මුදල් අවශ්‍යව තිබුණා. නමුත් එයාගේ නම ක්‍රිබ් එකේ තියන නිසා ණය ගන්න බැරි නිසා මට ලින්ක් එකක් එව්වා ණයක් අරන් දෙන්න කියලා"

"මම ණය ඉල්ලුම් කළාම ඒ අය මට ලින්ක් එකක් එව්වා ෆෝන් එකට ඩවුන් ලෝඩ් කර ගෙන ඒ කියන විදිහට කරන්න කියලා. මම ඒ අනුව හැමදේම කළා. පස්සේ අයිඩින්ටි එක අතේ තියන් ෆොටෝ එකක් අරන් එවන්න කිව්වා එයාලගේ වට්ස්ඇප් නම්බර් එකට. මම ඒකත් කළා."

"ඒ ඔක්කොම කරාට පස්සේ මගේ බැංකු ගිණුමට රුපියල් 40,000ක් ලැබුණා. ගිය ජනවාරි මාසයේ දී මම ණය අර ගත්තේ. පස්සේ යාලුවා මගෙන් ඒ ආයතනයේ එකවුන්ට් නම්බර් එකත් ඉල්ලා ගත්තා, එහෙ ගිහින් සල්ලි දාන්නම් කියලා. එයා ජනවාරි මාසෙම කුවේට්වලට ගියා."

"ගිහිල්ලා මාසයකට පස්සේ මට අර ආයතනයෙන් කෝල් කළා. සල්ලි ගෙවලා නැහැ කියලා. පස්සේ මම මගේ යාලුවට කිව්වා. එයා කිව්වා ජොබ් එක හරි ගියේ නැහැ ඒ නිසා මාසයක් දෙකක් කල් දෙන්න කියන්න කියලා. පස්සේ මම කම්පැනි එකට කිව්වා කෝල් කරලා. "

"ඔය අතර මාස දෙකක් ගියාම, මාර්තු මාසයේදී මගේ ෆෝන් එකේ වට්ස්ඇප් එකේ තියෙන කන්ටැක් ඔක්කොටම මගේ ෆොටෝ එක යවලා මෙයා සල්ලි වංචා කරපු කෙනෙක් කියලා. ඔය මැසේජ් එක මගේ පුතා ඔන්ලයින් ක්ලාස් කරන ඉස්කෝලේ ගෘප් එකටත් ඒ අය යවලා තිබුණා."

"ඊට පස්සේ මගේ ඥාති වෙන මල්ලි කෙනෙක් ගේ ෆොටෝ එකයි මගේ ෆොටෝ එකයි එකට හදලා වට්ස්ඇප් එකට යවලා තිබුණා මේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්, මේ දෙන්නා සල්ලි වංචාකාරයෝ කියලා."

"ඔය අතරේම තමයි මගේ ෆෝන් එකේ කන්ටැක් ලිස්ට් එකේ තියෙන නම්බර්ස්වලට කෝල් කරලා ඒ කතා කරන අයට කියලා තිබුණා මම වංචාකාරයෙක් කියලා. ඔය වගේ මානසිකව වට්ටවන වැඩ ගොඩක් මේ අය කළා. සමහර පවුල් පවා කැඩෙන විදිහේ කෝල් දිලා තිබුණා."

"අවසානයේ දී බැරීම තැන මේ ගැන කොහුවල පොලිසියට පැමිණිලි කළා මම. පොලිසියෙන් මේ ආයතනයේ නිලධාරියෙක්ව කැඳවලා ඒ ගැන ප්‍රශ්න කළා."

“ඒ අය කරන්න පුළුවන් හැම අපහාසයක්ම කරලා ඉවරයි”

බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් පෞද්ගලික මුල්‍ය ආයතනයක සේවය කරනු ලබන නිලංකා(සත්‍ය නම නොවේ) පැවසුවේ තමන් විසින් මුදල් ගෙවීමට ඇති බව සිය පෙම්වතාගේ සහෝදරයාට සහ සේවය කරන ආයතනයේ කළමනාකාරවරයාට පවා දුරකථන ඇමතුම් ලබාදී තිබු බවය.

"මට මේ ඔන්ලයින් ලෝන් දෙන කම්පැනි එක ගැන මුලින්ම කිව්වේ යාලුවෙක්. පස්සේ මම යාලුවගෙන් ඒ කම්පැනි එකේ නම්බර් එක ඉල්ලන් True Caller එකේ සර්ච් කරලා බැලුවා. ඒ වෙලාවේදී එකේ පෙන්නුවේ පට්ට පල් හොරු කියලා ඔය වගේ සේව් වෙලා තිබුණේ."

"පස්සේ ඔය ගැන හෙව්වම මිනිස්සු බැනලා කමෙන්ට් කරලා තිබුණ නිසා මම යාලුවට කිව්වා සල්ලි ගන්න එපා කියලා."

"ඔහොම ටික දවසක් යද්දී මම ඔන්ලයින් සල්ලි දෙන තවත් තැනක් ගැන ඇඩ් එකක් දැක්කා. ඒ කම්පැනි එකේ කන්ටැක් නම්බර් එහෙම දාලා තිබුණා පේජ් එකේ. ඒ වගේම පොස්ට් වල ගොඩක් අය හොඳ කියලා තිබුණ නිසා මම ඒ අයට කෝල් එකක් ගත්තා."

"පස්සේ මට ලින්ක් එකක් එවලා කිව්වා ඒක ඩවුන් ලෝඩ් කර ගන්න කියලා. මම ඒ කිව්ව විදිහට කළා. ඒකෙ ඔක්කොම තිබ්බේ ජපන් අකුරු වගේ ඒවා. ඒවා අපිට තේරෙන්නේ නැහැ. "

"ඊට පස්සේ පළවෙනියට දෙන ලෝන් එක රු. 10,000ක් කිව්වට අපිට එහෙන් දෙන්නේ රු.7,000 යි. අපි දවස් 10ක් ඇතුලත ගත්ත ණය ආපහු ගෙවන්න ඕන. ඒ ගෙවන්න ඕන ගාන රුපියල් දහදාහක්. ඒ අය අපෙන් රුපියල් 6,000ක් පොලිය ගන්නවා.""මම සල්ලි අර ගත්තට ආපහු ගෙව්වේ නැහැ, ඒ අය මට කෝල් කලෙත් නැහැ. "

"ඊට පස්සේ මම දැක්කා තවත් ආයතනයක් ණය දෙනවා කියලා. මම එකෙනුත් ණය ඇප්ලයි කළා. ඒ අයත් දෙන්නේ රුපියල් 7000යි හැබැයි දවස් 7ක් ඇතුලත රුපියල් 10,000ක් ගෙවන්න ඕන. මම ණය ගත්තේ 2022 අවුරුද්දේ දී."

"මේ ණය ගත්ත තැනින් හරියටම දවස් 07ක් යද්දී මට කෝල් කළා සල්ලි දාන්න කියලා. පස්සේ මම කිව්වා මගේ අම්මා හොස්පිට්ල් ඉන්නේ අද දාන්න වෙන්නේ නැහැ කියලා. මම අම්මගේ මෙඩිකල් රිපෝට් එක පවා යැව්වා. ඊට පස්සේ මට අසභ්‍ය වචනයෙන් බැන්නා කතා කරපු කෙනා. මමත් ආපහු බැන්නා."

"මම දන්නේ නැහැ ඒ වෙද්දී ඒ අය මගේ වට්ස්ඇප් එක හැක් කරලා කියලා. "

"පස්සේ මම යාළුවෙලා හිටිය මගේ බෝයි ෆ්රෙන්ඩ්ගේ මල්ලිට ෆොටෝ එකයි, ජාතික හැඳුනුම්පතේ ෆොටෝ එකක් යවලා මේ කෙනා වංචාකාරයෙක් කියලා. එහෙම යවපු මැසේජ් එකේ ස්ක්‍රීන් ෂෝට් එක එයාලා මට එවලා තිබුණා. "

"ඒ වගේම මගේ කම්පැනි එකේ බොස්ටත් ඒක යවලා තිබුණා. "

"ඔය අතර වාරයේදී මගේ කන්ටැක් ලිස්ට් එකේ හැමෝටම කෝල් කරලා අහලා මෙහෙම කෙනෙක්ව ඔයාලා දන්නවද ? එයා ලෝන් එකක් අරන් තියෙනවා, එයා ගෙවලා නැහැ. ඔයා තමයි ඇපකරු විදිහට නම් කරලා තියෙන්නේ. ඔයා සල්ලි ගෙවන්න කියලා තර්ජනය කරලා තිබුණා"

"පස්සේ මට රුපියල් 30,000ක් වගේ ගෙවන්න කිව්වා. මම කිව්වා එච්චර ගෙවන්න බැහැයි කියලා. පස්සේ මම රුපියල් 10,000ක් වාරික තුනකින් ගෙව්වා. "

"නමුත් මෙයාලා කරන්න පුලුවන් හැම අපහාසයක්ම කරලා ඉවරයි."

"මම මේ ගැන මහ බැංකුවට කතා කළා. එතැනින් කිව්වා මේවා ඒ අයගේ යටතේ පාලනය වෙන්නේ නැහැයි කියලා. ඒ වගේම මම පොලිසියට පවා කතා කළා. ළමා හා කාන්තා කාර්යාංශයට පවා කතා කළා. නමුත් සහනයක් ලැබුනේ නැහැ."

"අද වෙද්දී මේ වගේ තැන් වලින් ණය අරන් ගොඩක් මිනිස්සු අපහසුතාවයට පත්වෙලා ඉන්නේ. ඒ අයගේ පෞද්ගලික තොරතුරු, ජාතික හැඳුනුම්පතේ ෆොටෝ පවා මේ අය එහෙ මෙහෙ ෂෙයාර් කරනවා. එහෙම කරන්න කිසිම කෙනෙක්ට අයිතියක් නැහැ. නමුත් ආර්ථික අතින් අසරණ වුන මිනිස්සුන්ට දැන් මේ නිසා තවත් අසරණ වෙන්න වෙලා." ඇය පැවසුවාය.

"එක්කෝ මේක නියාමනය කරන්න ඕන එහෙම නැත්නම් තහනම් කරන්න පියවර ගන්න ඕන"

"මෙහෙම කටයුතු කරන අයට එරෙහිව පොලිසියට ගිහින් පැමිණිල්ලක් කළත් අධිකරණය හමුවට ගියත් සිතාසීයක් යොමු කරන්නවත් හැකියාවක් නැහැ. මන්ද අදාළ සමාගමට නිවැරදි ලිපිනයක් නොමැතිකම නිසා. " නීතිඥ සඳරුවන් සේනානායක සඳහන් කළේය.

"අන්තර්ජාලය ඔස්සේ ණය ලබාදීම හෝ ඒවාට ඉල්ලුම්කිරිම සඳහා යම් නියාමනයක් සිදුකල යුතුයි. ඒ කියන්නේ යම් නිත්‍යානුකුල ලියැවිල්ලක් තියෙන්න ඕන. මොකද ණය ගන්නා පුද්ගලයාට යම් විදිහකින් ආසාධාරණයක් වුවොත් ඒ ගැන පැමිණිල්ලක් කළත් ඒ ගැන කටයුතු කරන්න හැකියාවක් නැහැ. හේතුව එම සමාගම් සඳහා ලිපිනයක් නොමැතිකම නිසා."

"අන්තර්ජාලය හරහා ණය දීම හෝ එය ලබා ගැනීම සිදුකරන්න පුළුවන් වුනත් එය නිත්‍යානුකුල ගිවිසුමක් හරහා ඉලෙක්ට්‍රෝනික ගණුදෙනු පනත යටතේ ඇක්සස් එකක් තියෙන්න ඕන. යම් අයුරකින් ණය ලබා ගත් අයෙකුට එය නැවත ගෙවීමේ දී මුහුණ දෙන අසීරුතාවන් වලදී ඔවුන් අපකීර්තියට ලක් කරන්න, තර්ජනය කරන්න අයිතියක් නැහැ."

"මේ සමාගම් අධික ලෙස ලාභ ලබනවා. නමුත් රජයට ආදායම් බද්දක්වත් ගෙවනවා ද කියා දන්නේ නැහැ."

"ඒ වගේම ගනුදෙනුකරුගේ රහස්‍යභාවය ආරක්ෂා කරන්නේ නැහැ. "

"මේ වගේ ණය ගැනීම් නිසා ඇතැම් පුද්ගලයින් සියදිවි හානිකර ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම ඇතැම් පාසැල් ගුරුවරුන් සහ විවිධ ආයතනවල සේවය කරනු ලබන අයට ඔවුන්ගේ රැකියා පවා අහිමිවී තිබෙනවා. "

"මේ සම්බන්ධයෙන් ගොඩක් පැමිණිලි ලැබී තිබෙනවා. ඒ ගැන හැකි පමණින් අවශ්‍ය නීති ආධාර ලබා දීමට පියවර ගනිමින් ඉන්නවා."

"මේක සම්පුර්ණයෙන් වැරදි වැඩක් වෙන්නේ. එක්කෝ මේක නියාමනය කරන්න ඕන එහෙම නැත්නම් තහනම් කරන්න පියවර ගන්න ඕන. මහ බැංකුව මේ සම්බන්ධයෙන් ඉක්මනින් අවධානය යොමු කිරීම වැදගත්." නීතිඥවරයා පැවසුවේය

සයිබර් අපරාධ ඒකකය පවසන්නේ කුමක්ද?

අන්තර්ජාලය ඔස්සේ මුදල් ලබා ගත් පුද්ගලයින් නැවත ඔවුන් එම මුදල් පියවීමට අපොහොසත් වීමේදී අත්විදීමට සිදුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සහ ඔවුන්ගේ ජංගම දුරකථන දත්ත වෙත වෙනත් පාර්ශවයකට ප්‍රවේශ වීමට හැකියාව ලැබීම සම්බන්ධයෙන් බීබීසි සිංහල සේවය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ ඒකකයෙන් කරුණු විමසුවෙමු.

එහිදී එම ඒකකය සඳහන් කළේ මෙවැනි ණය ලබා ගැනීම් නිසා අපහසුතාවයට ලක්වූ පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් තමන්ට මුහුණ දීමට සිදුවූ තත්ත්වයන් සම්බන්ධයෙන් දැනුම් දුන් බවයි.

"මේ ගනුදෙනුවේදී ණය ලබා දෙන ආයතනය විසින් පළමු ණය වාරිකය නොමිලේ ලබා දෙන බවට තොරතුරු තිබෙනවා. පසුව එය ගෙව්වාට පසුව වැඩි මුදලක් ගන්න පුළුවන් අවස්ථාව තිබෙනවා. හැබැයි ඒ සියයට 40ක් වගේ වැඩි පොලියට."

"මිනිස්සු සල්ලි ලබා ගන්නා විට පොලිය ගැන විමසීමක් කරන්නේ නැහැ."

"ඒ එක්කම ඔවුන්ගේ ජංගම දුරකථනයට අදාළ ණය ගන්නා සමාගමෙන් ලින්ක් එකක් එවනවා. ඒක ක්ලික් කරල ඔවුන් එකඟ වනවා තමන්ගේ ජංගම දුරකථනයේ ඇති තොරතුරු වලට එම ආයතනයට ප්‍රවේශ වෙන්න අවසරය ලබා දෙනවා කියලා."

"මේ වගේ සිදුවීම් වලට මුහුණ දුන් පුද්ගලයින් කිහිප දෙනෙක්ම තමන්ට අත්විදින්න වූ තත්ත්වය පිළිබඳව අපගේ ඒකකයට දැනුම් දුන්නා. අපි ඔවුන්ට උපදෙස් දුන්නා ඒ සම්බන්ධයෙන් ඔවුන් අදාළ වන බල ප්‍රදේශයේ පොලිසිය වෙතට ගොස් පැමිණිලි කරන්න කියලා." සයිබර් අපරාධ ඒකකය සඳහන් කළේ ය.

නියාමනයට නව පනතක්

අන්තර්ජාලය ඔස්සේ ණය ලබා දෙන ආයතන ඇතුළු කටයුතු නියාමනය සඳහා ඉදිරියේදී නව පනතක් ගෙන ඒමට ශ්‍රී ලංකා මහ බැංකුව මේවන විටත් කටයුතු යොදා ඇති බව බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව බීබීසි සිංහල සේවයට පැවසුවේ ය.

එමෙන්ම දැනට පවතින නීති පද්ධතිය අනුව යම් පුද්ගලයෙකුට මහජන තැන්පතු ලබා ගැනීමෙන් තොරව තමන් සතු මුදල් යොදවා ණය දීමට මහ බැංකුවේ අවසරයක් අවශ්‍ය නොවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කල් බදු පහසුකම් ලබා දීමක් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පවතින නීතිය යටතේ එම ආයතනය ලියාපදිංචි විය යුතු බව එම දෙපාර්තමේන්තුව අනාවරණය කළේය.

පවතින තත්ත්වය සලකා බලා ණය දෙන ආයතන නියාමනය කිරීම සඳහා අධිකාරියක් පිහිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට යෝජනා කර තිබේ.

ඒ අනුව ඊට අදාළ කෙටුම්පත මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කරමින් ඇති අතර, ඉදිරියේදී එය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අන්තර්ජාලය ඔස්සේ ණය ලබා දෙන ආයතන මගින් ණය ලබා ගත් පුද්ගලයින්ට අත්විදීමට සිදුව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සහනයක් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගන්නේද යන්න ගැන මෙහිදී බීබීසි සිංහල විමසනු ලැබීය.

ඊට පිළිතුරු දෙමින් එම බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ එවැනි ආයතන නියාමනය කිරීමට නීතිමය බලයක් ශ්‍රී ලංකා මහ බැංකුවට නොමැති නිසා ඊට මැදිහත් වීම අපහසු කරුණක් බවය.

යම් ගනුදෙනුකරුවෙකුට අත්විදීමට සිදුවූ ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් නීතියේ සරණ පැතිය හැකි බවද එහිදී බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

[QUOTE="Mr.Wikirana, post: 29115458, member: 584253"] [HEADING=1][SIZE=5]“මිතුරිය නිසා ණය උගුලේ සිරවුණු රම්‍යා”[/SIZE][/HEADING] [SIZE=5]විදේශ ගතවූ සිය මිතුරියකගේ ඉල්ලීම අනුව අන්තර්ජාලය ඔස්සේ ණය ලබා දෙන ආයතනයකින් සිය නමට රුපියල් 40,000ක ණය මුදලක් ලබා ගත් කොහුවල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන රම්‍යා ( සත්‍ය නම නොවේ) තමන්ට මුහුණ දීමට සිදුවූ අත්දැකීම බීබීසි සිංහල සේවයට මෙලෙස පැවසුවාය. "මගේ යාලුවෙක්ට රට යන්න මුදල් අවශ්‍යව තිබුණා. නමුත් එයාගේ නම ක්‍රිබ් එකේ තියන නිසා ණය ගන්න බැරි නිසා මට ලින්ක් එකක් එව්වා ණයක් අරන් දෙන්න කියලා" "මම ණය ඉල්ලුම් කළාම ඒ අය මට ලින්ක් එකක් එව්වා ෆෝන් එකට ඩවුන් ලෝඩ් කර ගෙන ඒ කියන විදිහට කරන්න කියලා. මම ඒ අනුව හැමදේම කළා. පස්සේ අයිඩින්ටි එක අතේ තියන් ෆොටෝ එකක් අරන් එවන්න කිව්වා එයාලගේ වට්ස්ඇප් නම්බර් එකට. මම ඒකත් කළා." "ඒ ඔක්කොම කරාට පස්සේ මගේ බැංකු ගිණුමට රුපියල් 40,000ක් ලැබුණා. ගිය ජනවාරි මාසයේ දී මම ණය අර ගත්තේ. පස්සේ යාලුවා මගෙන් ඒ ආයතනයේ එකවුන්ට් නම්බර් එකත් ඉල්ලා ගත්තා, එහෙ ගිහින් සල්ලි දාන්නම් කියලා. එයා ජනවාරි මාසෙම කුවේට්වලට ගියා." "ගිහිල්ලා මාසයකට පස්සේ මට අර ආයතනයෙන් කෝල් කළා. සල්ලි ගෙවලා නැහැ කියලා. පස්සේ මම මගේ යාලුවට කිව්වා. එයා කිව්වා ජොබ් එක හරි ගියේ නැහැ ඒ නිසා මාසයක් දෙකක් කල් දෙන්න කියන්න කියලා. පස්සේ මම කම්පැනි එකට කිව්වා කෝල් කරලා. " "ඔය අතර මාස දෙකක් ගියාම, මාර්තු මාසයේදී මගේ ෆෝන් එකේ වට්ස්ඇප් එකේ තියෙන කන්ටැක් ඔක්කොටම මගේ ෆොටෝ එක යවලා මෙයා සල්ලි වංචා කරපු කෙනෙක් කියලා. ඔය මැසේජ් එක මගේ පුතා ඔන්ලයින් ක්ලාස් කරන ඉස්කෝලේ ගෘප් එකටත් ඒ අය යවලා තිබුණා." "ඊට පස්සේ මගේ ඥාති වෙන මල්ලි කෙනෙක් ගේ ෆොටෝ එකයි මගේ ෆොටෝ එකයි එකට හදලා වට්ස්ඇප් එකට යවලා තිබුණා මේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්, මේ දෙන්නා සල්ලි වංචාකාරයෝ කියලා." "ඔය අතරේම තමයි මගේ ෆෝන් එකේ කන්ටැක් ලිස්ට් එකේ තියෙන නම්බර්ස්වලට කෝල් කරලා ඒ කතා කරන අයට කියලා තිබුණා මම වංචාකාරයෙක් කියලා. ඔය වගේ මානසිකව වට්ටවන වැඩ ගොඩක් මේ අය කළා. සමහර පවුල් පවා කැඩෙන විදිහේ කෝල් දිලා තිබුණා." "අවසානයේ දී බැරීම තැන මේ ගැන කොහුවල පොලිසියට පැමිණිලි කළා මම. පොලිසියෙන් මේ ආයතනයේ නිලධාරියෙක්ව කැඳවලා ඒ ගැන ප්‍රශ්න කළා."[/SIZE] [HEADING=1][SIZE=5]“ඒ අය කරන්න පුළුවන් හැම අපහාසයක්ම කරලා ඉවරයි”[/SIZE][/HEADING] [SIZE=5]බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් පෞද්ගලික මුල්‍ය ආයතනයක සේවය කරනු ලබන නිලංකා(සත්‍ය නම නොවේ) පැවසුවේ තමන් විසින් මුදල් ගෙවීමට ඇති බව සිය පෙම්වතාගේ සහෝදරයාට සහ සේවය කරන ආයතනයේ කළමනාකාරවරයාට පවා දුරකථන ඇමතුම් ලබාදී තිබු බවය. "මට මේ ඔන්ලයින් ලෝන් දෙන කම්පැනි එක ගැන මුලින්ම කිව්වේ යාලුවෙක්. පස්සේ මම යාලුවගෙන් ඒ කම්පැනි එකේ නම්බර් එක ඉල්ලන් True Caller එකේ සර්ච් කරලා බැලුවා. ඒ වෙලාවේදී එකේ පෙන්නුවේ පට්ට පල් හොරු කියලා ඔය වගේ සේව් වෙලා තිබුණේ." "පස්සේ ඔය ගැන හෙව්වම මිනිස්සු බැනලා කමෙන්ට් කරලා තිබුණ නිසා මම යාලුවට කිව්වා සල්ලි ගන්න එපා කියලා." "ඔහොම ටික දවසක් යද්දී මම ඔන්ලයින් සල්ලි දෙන තවත් තැනක් ගැන ඇඩ් එකක් දැක්කා. ඒ කම්පැනි එකේ කන්ටැක් නම්බර් එහෙම දාලා තිබුණා පේජ් එකේ. ඒ වගේම පොස්ට් වල ගොඩක් අය හොඳ කියලා තිබුණ නිසා මම ඒ අයට කෝල් එකක් ගත්තා." "පස්සේ මට ලින්ක් එකක් එවලා කිව්වා ඒක ඩවුන් ලෝඩ් කර ගන්න කියලා. මම ඒ කිව්ව විදිහට කළා. ඒකෙ ඔක්කොම තිබ්බේ ජපන් අකුරු වගේ ඒවා. ඒවා අපිට තේරෙන්නේ නැහැ. " "ඊට පස්සේ පළවෙනියට දෙන ලෝන් එක රු. 10,000ක් කිව්වට අපිට එහෙන් දෙන්නේ රු.7,000 යි. අපි දවස් 10ක් ඇතුලත ගත්ත ණය ආපහු ගෙවන්න ඕන. ඒ ගෙවන්න ඕන ගාන රුපියල් දහදාහක්. ඒ අය අපෙන් රුපියල් 6,000ක් පොලිය ගන්නවා.""මම සල්ලි අර ගත්තට ආපහු ගෙව්වේ නැහැ, ඒ අය මට කෝල් කලෙත් නැහැ. " "ඊට පස්සේ මම දැක්කා තවත් ආයතනයක් ණය දෙනවා කියලා. මම එකෙනුත් ණය ඇප්ලයි කළා. ඒ අයත් දෙන්නේ රුපියල් 7000යි හැබැයි දවස් 7ක් ඇතුලත රුපියල් 10,000ක් ගෙවන්න ඕන. මම ණය ගත්තේ 2022 අවුරුද්දේ දී." "මේ ණය ගත්ත තැනින් හරියටම දවස් 07ක් යද්දී මට කෝල් කළා සල්ලි දාන්න කියලා. පස්සේ මම කිව්වා මගේ අම්මා හොස්පිට්ල් ඉන්නේ අද දාන්න වෙන්නේ නැහැ කියලා. මම අම්මගේ මෙඩිකල් රිපෝට් එක පවා යැව්වා. ඊට පස්සේ මට අසභ්‍ය වචනයෙන් බැන්නා කතා කරපු කෙනා. මමත් ආපහු බැන්නා." "මම දන්නේ නැහැ ඒ වෙද්දී ඒ අය මගේ වට්ස්ඇප් එක හැක් කරලා කියලා. " "පස්සේ මම යාළුවෙලා හිටිය මගේ බෝයි ෆ්රෙන්ඩ්ගේ මල්ලිට ෆොටෝ එකයි, ජාතික හැඳුනුම්පතේ ෆොටෝ එකක් යවලා මේ කෙනා වංචාකාරයෙක් කියලා. එහෙම යවපු මැසේජ් එකේ ස්ක්‍රීන් ෂෝට් එක එයාලා මට එවලා තිබුණා. " "ඒ වගේම මගේ කම්පැනි එකේ බොස්ටත් ඒක යවලා තිබුණා. " "ඔය අතර වාරයේදී මගේ කන්ටැක් ලිස්ට් එකේ හැමෝටම කෝල් කරලා අහලා මෙහෙම කෙනෙක්ව ඔයාලා දන්නවද ? එයා ලෝන් එකක් අරන් තියෙනවා, එයා ගෙවලා නැහැ. ඔයා තමයි ඇපකරු විදිහට නම් කරලා තියෙන්නේ. ඔයා සල්ලි ගෙවන්න කියලා තර්ජනය කරලා තිබුණා" "පස්සේ මට රුපියල් 30,000ක් වගේ ගෙවන්න කිව්වා. මම කිව්වා එච්චර ගෙවන්න බැහැයි කියලා. පස්සේ මම රුපියල් 10,000ක් වාරික තුනකින් ගෙව්වා. " "නමුත් මෙයාලා කරන්න පුලුවන් හැම අපහාසයක්ම කරලා ඉවරයි." "මම මේ ගැන මහ බැංකුවට කතා කළා. එතැනින් කිව්වා මේවා ඒ අයගේ යටතේ පාලනය වෙන්නේ නැහැයි කියලා. ඒ වගේම මම පොලිසියට පවා කතා කළා. ළමා හා කාන්තා කාර්යාංශයට පවා කතා කළා. නමුත් සහනයක් ලැබුනේ නැහැ." "අද වෙද්දී මේ වගේ තැන් වලින් ණය අරන් ගොඩක් මිනිස්සු අපහසුතාවයට පත්වෙලා ඉන්නේ. ඒ අයගේ පෞද්ගලික තොරතුරු, ජාතික හැඳුනුම්පතේ ෆොටෝ පවා මේ අය එහෙ මෙහෙ ෂෙයාර් කරනවා. එහෙම කරන්න කිසිම කෙනෙක්ට අයිතියක් නැහැ. නමුත් ආර්ථික අතින් අසරණ වුන මිනිස්සුන්ට දැන් මේ නිසා තවත් අසරණ වෙන්න වෙලා." ඇය පැවසුවාය.[/SIZE] [HEADING=1][SIZE=5][B]"එක්කෝ මේක නියාමනය කරන්න ඕන එහෙම නැත්නම් තහනම් කරන්න පියවර ගන්න ඕන"[/B][/SIZE][/HEADING] [SIZE=5][B]"මෙහෙම කටයුතු කරන අයට එරෙහිව පොලිසියට ගිහින් පැමිණිල්ලක් කළත් අධිකරණය හමුවට ගියත් සිතාසීයක් යොමු කරන්නවත් හැකියාවක් නැහැ. මන්ද අදාළ සමාගමට නිවැරදි ලිපිනයක් නොමැතිකම නිසා. " නීතිඥ සඳරුවන් සේනානායක සඳහන් කළේය. "අන්තර්ජාලය ඔස්සේ ණය ලබාදීම හෝ ඒවාට ඉල්ලුම්කිරිම සඳහා යම් නියාමනයක් සිදුකල යුතුයි. ඒ කියන්නේ යම් නිත්‍යානුකුල ලියැවිල්ලක් තියෙන්න ඕන. මොකද ණය ගන්නා පුද්ගලයාට යම් විදිහකින් ආසාධාරණයක් වුවොත් ඒ ගැන පැමිණිල්ලක් කළත් ඒ ගැන කටයුතු කරන්න හැකියාවක් නැහැ. හේතුව එම සමාගම් සඳහා ලිපිනයක් නොමැතිකම නිසා." "අන්තර්ජාලය හරහා ණය දීම හෝ එය ලබා ගැනීම සිදුකරන්න පුළුවන් වුනත් එය නිත්‍යානුකුල ගිවිසුමක් හරහා ඉලෙක්ට්‍රෝනික ගණුදෙනු පනත යටතේ ඇක්සස් එකක් තියෙන්න ඕන. යම් අයුරකින් ණය ලබා ගත් අයෙකුට එය නැවත ගෙවීමේ දී මුහුණ දෙන අසීරුතාවන් වලදී ඔවුන් අපකීර්තියට ලක් කරන්න, තර්ජනය කරන්න අයිතියක් නැහැ." "මේ සමාගම් අධික ලෙස ලාභ ලබනවා. නමුත් රජයට ආදායම් බද්දක්වත් ගෙවනවා ද කියා දන්නේ නැහැ." "ඒ වගේම ගනුදෙනුකරුගේ රහස්‍යභාවය ආරක්ෂා කරන්නේ නැහැ. " "මේ වගේ ණය ගැනීම් නිසා ඇතැම් පුද්ගලයින් සියදිවි හානිකර ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම ඇතැම් පාසැල් ගුරුවරුන් සහ විවිධ ආයතනවල සේවය කරනු ලබන අයට ඔවුන්ගේ රැකියා පවා අහිමිවී තිබෙනවා. " "මේ සම්බන්ධයෙන් ගොඩක් පැමිණිලි ලැබී තිබෙනවා. ඒ ගැන හැකි පමණින් අවශ්‍ය නීති ආධාර ලබා දීමට පියවර ගනිමින් ඉන්නවා." "මේක සම්පුර්ණයෙන් වැරදි වැඩක් වෙන්නේ. එක්කෝ මේක නියාමනය කරන්න ඕන එහෙම නැත්නම් තහනම් කරන්න පියවර ගන්න ඕන. මහ බැංකුව මේ සම්බන්ධයෙන් ඉක්මනින් අවධානය යොමු කිරීම වැදගත්." නීතිඥවරයා පැවසුවේය[/B][/SIZE] [HEADING=1][SIZE=5][B]සයිබර් අපරාධ ඒකකය පවසන්නේ කුමක්ද?[/B][/SIZE][/HEADING] [SIZE=5][B]අන්තර්ජාලය ඔස්සේ මුදල් ලබා ගත් පුද්ගලයින් නැවත ඔවුන් එම මුදල් පියවීමට අපොහොසත් වීමේදී අත්විදීමට සිදුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සහ ඔවුන්ගේ ජංගම දුරකථන දත්ත වෙත වෙනත් පාර්ශවයකට ප්‍රවේශ වීමට හැකියාව ලැබීම සම්බන්ධයෙන් බීබීසි සිංහල සේවය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ ඒකකයෙන් කරුණු විමසුවෙමු. එහිදී එම ඒකකය සඳහන් කළේ මෙවැනි ණය ලබා ගැනීම් නිසා අපහසුතාවයට ලක්වූ පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් තමන්ට මුහුණ දීමට සිදුවූ තත්ත්වයන් සම්බන්ධයෙන් දැනුම් දුන් බවයි. "මේ ගනුදෙනුවේදී ණය ලබා දෙන ආයතනය විසින් පළමු ණය වාරිකය නොමිලේ ලබා දෙන බවට තොරතුරු තිබෙනවා. පසුව එය ගෙව්වාට පසුව වැඩි මුදලක් ගන්න පුළුවන් අවස්ථාව තිබෙනවා. හැබැයි ඒ සියයට 40ක් වගේ වැඩි පොලියට." "මිනිස්සු සල්ලි ලබා ගන්නා විට පොලිය ගැන විමසීමක් කරන්නේ නැහැ." "ඒ එක්කම ඔවුන්ගේ ජංගම දුරකථනයට අදාළ ණය ගන්නා සමාගමෙන් ලින්ක් එකක් එවනවා. ඒක ක්ලික් කරල ඔවුන් එකඟ වනවා තමන්ගේ ජංගම දුරකථනයේ ඇති තොරතුරු වලට එම ආයතනයට ප්‍රවේශ වෙන්න අවසරය ලබා දෙනවා කියලා." "මේ වගේ සිදුවීම් වලට මුහුණ දුන් පුද්ගලයින් කිහිප දෙනෙක්ම තමන්ට අත්විදින්න වූ තත්ත්වය පිළිබඳව අපගේ ඒකකයට දැනුම් දුන්නා. අපි ඔවුන්ට උපදෙස් දුන්නා ඒ සම්බන්ධයෙන් ඔවුන් අදාළ වන බල ප්‍රදේශයේ පොලිසිය වෙතට ගොස් පැමිණිලි කරන්න කියලා." සයිබර් අපරාධ ඒකකය සඳහන් කළේ ය.[/B][/SIZE] [HEADING=1][SIZE=5][B]නියාමනයට නව පනතක්[/B][/SIZE][/HEADING] [SIZE=5][B]අන්තර්ජාලය ඔස්සේ ණය ලබා දෙන ආයතන ඇතුළු කටයුතු නියාමනය සඳහා ඉදිරියේදී නව පනතක් ගෙන ඒමට ශ්‍රී ලංකා මහ බැංකුව මේවන විටත් කටයුතු යොදා ඇති බව බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව බීබීසි සිංහල සේවයට පැවසුවේ ය. එමෙන්ම දැනට පවතින නීති පද්ධතිය අනුව යම් පුද්ගලයෙකුට මහජන තැන්පතු ලබා ගැනීමෙන් තොරව තමන් සතු මුදල් යොදවා ණය දීමට මහ බැංකුවේ අවසරයක් අවශ්‍ය නොවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. කල් බදු පහසුකම් ලබා දීමක් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පවතින නීතිය යටතේ එම ආයතනය ලියාපදිංචි විය යුතු බව එම දෙපාර්තමේන්තුව අනාවරණය කළේය. පවතින තත්ත්වය සලකා බලා ණය දෙන ආයතන නියාමනය කිරීම සඳහා අධිකාරියක් පිහිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට යෝජනා කර තිබේ. ඒ අනුව ඊට අදාළ කෙටුම්පත මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කරමින් ඇති අතර, ඉදිරියේදී එය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක කිරීමට නියමිතය. අන්තර්ජාලය ඔස්සේ ණය ලබා දෙන ආයතන මගින් ණය ලබා ගත් පුද්ගලයින්ට අත්විදීමට සිදුව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සහනයක් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගන්නේද යන්න ගැන මෙහිදී බීබීසි සිංහල විමසනු ලැබීය. ඊට පිළිතුරු දෙමින් එම බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ එවැනි ආයතන නියාමනය කිරීමට නීතිමය බලයක් ශ්‍රී ලංකා මහ බැංකුවට නොමැති නිසා ඊට මැදිහත් වීම අපහසු කරුණක් බවය. යම් ගනුදෙනුකරුවෙකුට අත්විදීමට සිදුවූ ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් නීතියේ සරණ පැතිය හැකි බවද එහිදී බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom