සිංහලුන්ට සල්ලි ඕනෙද. හැබැයි පොලියට

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,567
    10,360
    113
    44
    Living in an Atom

    ඔන්ලයින් ණය : 'මම යාළුවෙලා හිටිය මගේ බෝයි ෆ්‍රෙන්ඩ්ගේ මල්ලිට ජාතික හැඳුනුම්පතේ ෆොටෝ එකක් යවලා මේ කෙනා වංචාකාරයෙක් කියලා'


    db77bb20-3b55-11ee-b4e6-b3b79be654aa.jpg



    පවතින ආර්ථික අපහසුතා හමුවේ අන්තර්ජාලය ඔස්සේ ණය දෙන සමාගම් හරහා ණය ලබා ගත් වැඩි දෙනෙකුට දැන් සිදුව ඇත්තේ ‘ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වැනි’ අත්දැකීමට මුහුණ දීමටය.
    පෞද්ගලික තොරතුරු ඔන්ලයින් ඔස්සේ තෙවැනි පාර්ශවයක් අතට පත්වීම නිසා විවිධ අපහාසයන්ට ගොදුරු වීමට මෙන්ම නීතියෙන්ද නිසි පිලිසරණක් නොමැති වින්දිතයින් පිරිසක් බවට පත්වීමට ණය ආපසු ගෙවාගත නොහැකි වූ ගනුදෙනුකරුවන් වැඩි දෙනෙකුට සිදුව ඇති බව මේ පිළිබඳ බීබීසී සිංහල කළ සොයා බැලීමකදී අනාවරණය විය.
    රටේ පවතින ආර්ථික අර්බුදය සහ ජීවන වියදම හමුවේ ජනතාවගෙන් බහුතරයක් සිය මාසික වියදම් ආවරණය කර ගැනීම සඳහා මුදල් අතමාරු කර ගැනීම සාමාන්‍ය සංසිද්ධියකි.
    බැංකු මගින් ණය ලබා ගැනීමේදී සම්පූර්ණ කළ යුතු කොන්දේසි සහ ගතවන කාලය හේතුවෙන් ඉක්මනින් ණය ලබා ගැනීමට උනන්දුවන පුද්ගලයෝ බොහෝ විට මුදල් අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා පොලියට මුදල් ලබා දෙන පුද්ගලයින්, සිය මිතුරන් හෝ ඥාතින්ගෙන් ණය ලබා ගැනීමට පෙළඹී සිටිති.


    ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සහ ඇතැම් විට කෙටි පණිවුඩ හරහා ද ප්‍රචාරණ කටයුතු කරනු ලබන ඔන්ලයින් ණය දෙන ආයතන වලින් ද බොහෝ පිරිසක් හදිසි ණය අවශ්‍යතා සපුරා ගන්නේ රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීමේ අරමුණින්ය.

    “ණය ඉල්ලුම් කිරීමේදී පෞද්ගලික දත්ත ඔවුන් සතු කර ගන්නවා”

    ණය ලබා ගැනීමට ඉල්ලුම් කරනු ලබන පුද්ගලයින් ඊට අදාළ තොරතුරු සැපයීමේදී නොදැනුවත්ම ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු අදාළ සමාගම වෙත සපයනු ලබයි.
    "ෆේස්බුක් එකේ හරි වට්ස්ඇප් එකේ හරි ප්‍රමෝෂන් මැසේජස් තියෙන්නේ. ඒ විදිහට මැසේජ් එනවා මිනිත්තු පහෙන් ලෝන් එකක් දෙනවා, ඇපකරුවන් අවශ්‍ය නැහැ, ඔබට මුදල් හදිස්සියක් ද කියලා ඔය වගේ මිනිස්සුන්ව ආකර්ෂණය කර ගන්න විදිහට මැසේජ් එකක් එනවා." බීබීසි සිංහල වෙත අදහස් දක්වමින් නීතිඥ සඳරුවන් සේනානායක පැවසීය.
    "සාමාන්‍යයෙන් වට්ස්ඇප් එකට හරි ෆේස්බුක් එකට මැසේජ් එක එන්නේ ලින්ක් එකත් එක්ක. ඒ ලින්ක් එක ක්ලික් කලාට පස්සේ ඔවුන් නිර්මාණය කරපු ඇප් එකක් ඩවුන්ලෝඩ් වෙනවා ෆෝන් එකට. ඒකෙ අදියර හතරක් විතර තියෙනවා. ඒ ටික අනුගමනය කරන් යද්දී අවසාන අදියරට යද්දී ඒ ණය ඉල්ලුම්කරුගේ ෆේස්බුක් එකයි විද්‍යුත් තැපල් ගිණුමයි හැක් වෙනවා."
    "විද්‍යුත් තැපැල් ගිණුම හරහා අපේ දුරකථනයේ තියෙන කන්ටැක්ස් ( දුරකථන අංක) වගේම ෆේස්බුක් එකේ පාලනයත් ඒ අයගේ අතට යනවා. නමුත් ඒ අය මොකුත් කරන්නේ නැහැ."
    "ඉන් පසුව ඔවුන් දැනුම් දෙනවා ණය ඉල්ලුම්කරුට තමන්ගේ ජාතික හැඳුනුම්පත අත තබාගෙන සෙල්ෆි ජායාරූපයක් ගෙන එය ඔවුන්ට යොමු කරන්න කියලා."



    “ණය දීම හරහා කෙරෙන සූරා කෑම”

    සියලු කරුණු සම්පුර්ණ කිරීමෙන් අනතුරුව ණය ඉල්ලුම්කරුට පළමු පියවර වශයෙන් ණය නිකුත් කිරීම සිදුකරනු ලැබුවද අදාළ සමාගම සඳහා මුදල් ලැබෙන්නේ කුමනාකාරයෙන් ද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බව නීතිඥ සඳරුවන් සේනානායක සඳහන් කළේය.
    ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ණය ලබාදීම හරහා අදාළ සමාගම් අධික පොලියක් අය කර ගනු ලබන බවය.
    "ඉස්සෙල්ලාම රුපියල් 7,500 -10,000 සිට රුපියල් දෙලක්ෂ පනස්දහසක් දක්වා ණය මුදලක් මෙම ආයතනය විසින් සපයනු ලබනවා. "
    "දැන් ප්‍රශ්නය තියෙන්නේ ඒක නෙමෙයි. ණය ගන්න කෙනෙක් කැමතියි. ඒ නිසා ණය ලබා දෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. "
    "ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත අනුව ඔන්ලයින් ගනුදෙනු කරන්න පුළුවන්. ඊට පස්සේ 2019 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍ර ලේඛයක් නිකුත් කළා. අන්න ඒ චක්‍ර ලේඛය අනුව ඔන්ලයින් හරි දුරකථනය භාවිත කරලා ණය දෙනව නම් ඒකට වෙනම අවසරයක් ගන්න ඕන. ඔය ණය දෙන එකම සමාගමක්වත් ඒ අවසර අරන් නැහැ. "
    "ඊළඟ කාරණාව මේ සමාගම් එක්කවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වෙලා නැහැ ණය දෙන ආයතන විදිහට. මේ සල්ලි කොහෙන්ද එන්නේ කොහෙටද යන්නේ කියලා ලොකු ප්‍රශ්නයක්."
    "අනිත් කාරණාව ණය ලබා දෙන්නේ පොලි රහිතව කියලයි. හැබැයි රුපියල් 10,000 ක ණයක් ඉල්ලුම් කළාම ණය ඉල්ලුම්කරුට ලැබෙන්නේ රු. 7,000ක් විතරයි. ඒකත් දවස් 10ක් ඇතුලත ගෙවන්න ඕන."
    "ඒ කියන්නේ දවස් දහයට පොලිය රුපියල් 3,000ක්. හරියට බැලුවොත් සියයට 30ක පොලියක් අය කරනවා. මාසයක කාලයක් යනකොට සියයට 90ක් පොලිය. එතකොට මේ ණය දෙන පිරිස් අධික ලාභයක් උපයනවා."
    "මේක පිරිමිඩ් වලටත් එහා ගිය දෙයක්. එහෙම කරන්න ඉඩ දෙන්න බෑ. "
    "යම් විදිහකින් අර රුපියල් 7000ක් ණයට ලැබුන කෙනා දවස් 10ක් ඇතුළත රුපියල්10,000ක් ගෙවන්න ඕන. ඒ නියමිත දිනයට මුදල් ගෙවන්න බැරි වුනාම දවසකට 10%ක අමතර පොලියක් අය කරනු ලබනවා. ඒක තමයි ඔවුන්ගේ සැලැස්ම." ඔහු පැවසුවේ ය.

    මේ ණය දෙන ආයතනවලට කාර්යාලයක් තිබේ ද?

    මෙම ණය ලබා දෙන ආයතනවල කිසිදු ප්‍රධාන කාර්යාලයක් පිහිටා නොමැති අතර ඒවා පුද්ගලික සමාගම් ලෙස ලියාපදිංචි කිරීමක් පමණක් සිදුකර ඇති බව මේ පිළිබඳ සොයා බැලීමේදී අනාවරණය විය.
    පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමට ලබාදී ඇති ලිපිනයන් පරික්ෂා කර බැලීමේදී එම ස්ථානවල එවන් සමාගමක් පිහිටා නොමැති බවට ද කරුණු හෙළිව තිබේ.
    නීතිඥ සඳරුවන් සේනානායක පැවසුවේ මෙලෙස ණය ලබා දෙන එක් සමාගමක අධ්‍යක්ෂකවරයා මෙන්ම කොටස් හිමියා ලෙස කටයුතු කරනු ලබන්නේ තනි පුද්ගලයෙකු බවයි.
    "මේ සමාගම එකම වුවත් ඔවුන් විවිධ නම් වලින් සමාජ මාධ්‍යයේ පෙනී ඉදිමින් ප්‍රචාරණ කටයුතු කරනවා."

    07f53dd0-3b4c-11ee-9550-2b664ad966f5.jpg

    මෙම ණය ලබා දෙන ආයතනවල කිසිදු ප්‍රධාන කාර්යාලයක් පිහිටා නොමැති අතර ඒවා පුද්ගලික සමාගම් ලෙස ලියාපදිංචි කිරීමක් පමණක් සිදුකර ඇති බව මේ පිළිබඳ සොයා බැලීමේදී අනාවරණය විය.

    ණය නොපියවන පුද්ගලයින්ට අත්වන ඉරණම

    මෙම ණය දෙන සමාගම් මගින් මුදල් ණයට ගෙන යම් හෙයකින් නියමිත දිනයට මුදල් නැවත පියවීමට අපොහොසත්වන පුද්ගලයින්ට ඉතා අප්‍රසන්න සිදුවීම් වලට මුහුණ පෑමට සිදුව තිබේ.
    "ණය ලබා ගන්නා පුද්ගලයින්ට යම් විදිහකින් නියමිත දිනට මුදල් ගෙවීමට නොහැකි වෙලා යම් කාලයක් ගතවුනොත් අදාල ණය දෙන සමාගම කරන්නේ ණය ගත් පුද්ගලයාගේ ජංගම දුරකථනයේ තිබෙන සම්බන්ධතා ලැයිස්තුවට (කන්ටැක් ලිස්ට්) එකේ සිටින පුද්ගලයින්ට කෙටි පණිවිඩ යොමු කරනවා.” නීතිඥ සේනානායක පැවසීය.
    "ඒ කෙටි පණිවිඩයේ සඳහන් වනවා මෙහෙම ණය අරක් තිබෙනවා අදාළ පුද්ගලයා විසින්. ඔහු ඒ මුදල නැවත පියවා නැහැ. ඔහු වංචාකාරයෙක් කියමින් පණිවිඩ යවනවා. "
    "ඊට පස්සේ අර කන්ටැක් ලිස්ට් එකේ තියෙන නම්බර්ස් වලට කෝල් කරනවා. ඔය අතර වාරයේදී ලබා ගත්ත ජායාරූපය යොදා ගෙන ෆේස්බුක් හෝ වට්ස්ඇප් ගිණුමේ සිටින පුද්ගලයින්ට ඒවා යොමු කරනවා ණය අරන් නොපියවා ඉන්න පුද්ගලයෙක් බව කියලා. "
    "අන්න එතැනින් තමයි මේ ප්‍රශ්නය ඇති වෙන්නේ. මේ ඔක්කොම නීතියෙන් තහනම් වැඩ."

    “අම්මගේ අසනීපය නිසයි මම ණය ගත්තේ”

    සිය මවගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ණය ලබාදෙන සමාගම් කිහිපයකින් ණය ලබා ගෙන මේ වන විට දැඩි අපහසුතාවයකට ලක්ව සිටින ගුරුවරියක් බීබීසි සිංහල සේවයට මෙලෙස අදහස් දක්වා සිටියාය.
    ඇයගේ ඉල්ලීම මත ඇගේ අනන්‍යතාවය හෙළි නොකිරීමට බීබීසි සිංහල කටයුතු කරන එබැවින් අපි ඇයව ස්වර්ණා ලෙසින් හඳුන්වන්නෙමු.
    " මම ගුරුවරියක්. පසුගිය කාල සීමාවේ මට ගොඩක් ආර්ථික ප්‍රශ්න ඇති වුණා. මේ නිසා මම අන්තර්ජාලය ඔස්සේ ණය ලබාදෙන ආයතන වලින් ණය ලබා ගන්න පෙළඹුණා."
    "මුළින්ම රුපියල් 5,000ක් වගේ පොඩි ගණන් වලින් තමයි ණය ලැබුනේ. මම ඒ වගේ ආයතන කිහිපයක් එක්කම ගනුදෙනු කරන්න පටන් ගත්තා. "
    "ණය ගන්න හේතුව වුනේ මගේ අම්මාට අසනීප වුණා. වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ. මම බැංකු වලින් ණය ගන්න උත්සාහ කළත් මගේ වැටුප ඇපයට තබා ගෙන ණය ගන්න විදිහක් තිබුනේ නැහැ."
    "මම අවුරුද්දක් විතර මේ අන්තර්ජාලය ඔස්සේ ණය දෙන සමාගම් වලින් මුදල් අරන් ඒවා හැම මාසයකදීම පියෙව්වා. ලොකු පොලියක් අය කරනවා ඒ අය. නමුත් හදිස්සියට වෙන ගන්න තැනක් නැති නිසා කරන්න දෙයක් නැහැ."
    මේ අතරතුරදී මගේ ආර්ථික ප්‍රශ්න තවත් උත්සන්න වුණා. ඒ නිසා බැරිම තැන මම එයාලට කිව්වා මට ගෙවන්න සල්ලි නැහැ. මට ටික කාලයක් අවශ්‍යයි කියලා."
    "ඒ වෙද්දී මම එක ණය දෙන ආයතනයකින් රුපියල් 40,000ක් වගේම තවත් ආයතන කිහිපයකින් තව මුදල් ප්‍රමාණයක් ණයට අරන් තිබුණේ."
    "දැන් මම අර රුපියල් 40,000ක් ණයට ගත්ත සමාගමෙන් මාස එකහමාරක කාලයකට පොලී පිට පොලී එකතු කරලා රුපියල් 239,000ක් ගෙවන්න කියලා මට කියනවා."
    "ඒ වගේම අනෙක් ණය දුන් ආයතනත් වැල් පොලියට පොලී එකතු කරලා ඒ ණය ගෙවන්න කියලා කෝල් පිට කෝල් දෙනවා මට."
    "සාමාන්‍යයෙන් උදේ 6.00 ඉදලා රෑ 8.00 වෙනකම් මේ විදිහට මාරුවෙන් මාරුවට කෝල් කරනවා. අඩුම තරමින් එක දවසකට කෝල් 60ක් වත් එනවා. මම ඒ නිසා දැන් ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. ඒ නිසා ඒ අය මගේ අම්මටත් කෝල් කරනවා. එයා අසනිපෙන් ඉන්නේ."
    "දැන් ටික දවසකට කලින් මම රැකියාව කරන පාසලට කෝල් කරලා විදුහල්පතිට කියල තිබුණා මම මෙහෙම ණය අරන් නැවත ගෙවන්නේ නැහැ කියලා."
    "පස්සේ මට කතා කරල කිව්වා ළඟදීම ඉස්කෝලෙට එනවා ලෝයර් කෙනෙකුත් අරන්, ඒ ආවම ණය මුදලෙන් භාගයයි ලෝයර්ගේ ගාස්තුවයි මම ගෙවන්න ඕන කියලා. මම කිව්වා එහෙම ගෙවන්න දැන් මගේ අතේ මුදල් නැහැයි කියලා. එතකොට ඒ කතා කරපු කෙනා කිව්වා ඒකට කරන්න දෙයක් නැහැ. කොහොම හරි සල්ලි ගෙවන්න ලෑස්ති කරන්න කියලා."
    "මම ඇත්තටම සල්ලි ගත්තේ මම පත්වෙලා හිටපු තත්ත්වය නිසා. ඒත් දැන් පුදුම විදිහට මානසිකව පීඩනයට ලක් වෙලා ඉන්නේ." ඇය පැවසුවාය.

    ------ Post added on Aug 16, 2023 at 8:16 AM
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,567
    10,360
    113
    44
    Living in an Atom

    “මිතුරිය නිසා ණය උගුලේ සිරවුණු රම්‍යා”

    විදේශ ගතවූ සිය මිතුරියකගේ ඉල්ලීම අනුව අන්තර්ජාලය ඔස්සේ ණය ලබා දෙන ආයතනයකින් සිය නමට රුපියල් 40,000ක ණය මුදලක් ලබා ගත් කොහුවල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන රම්‍යා ( සත්‍ය නම නොවේ) තමන්ට මුහුණ දීමට සිදුවූ අත්දැකීම බීබීසි සිංහල සේවයට මෙලෙස පැවසුවාය.
    "මගේ යාලුවෙක්ට රට යන්න මුදල් අවශ්‍යව තිබුණා. නමුත් එයාගේ නම ක්‍රිබ් එකේ තියන නිසා ණය ගන්න බැරි නිසා මට ලින්ක් එකක් එව්වා ණයක් අරන් දෙන්න කියලා"
    "මම ණය ඉල්ලුම් කළාම ඒ අය මට ලින්ක් එකක් එව්වා ෆෝන් එකට ඩවුන් ලෝඩ් කර ගෙන ඒ කියන විදිහට කරන්න කියලා. මම ඒ අනුව හැමදේම කළා. පස්සේ අයිඩින්ටි එක අතේ තියන් ෆොටෝ එකක් අරන් එවන්න කිව්වා එයාලගේ වට්ස්ඇප් නම්බර් එකට. මම ඒකත් කළා."
    "ඒ ඔක්කොම කරාට පස්සේ මගේ බැංකු ගිණුමට රුපියල් 40,000ක් ලැබුණා. ගිය ජනවාරි මාසයේ දී මම ණය අර ගත්තේ. පස්සේ යාලුවා මගෙන් ඒ ආයතනයේ එකවුන්ට් නම්බර් එකත් ඉල්ලා ගත්තා, එහෙ ගිහින් සල්ලි දාන්නම් කියලා. එයා ජනවාරි මාසෙම කුවේට්වලට ගියා."
    "ගිහිල්ලා මාසයකට පස්සේ මට අර ආයතනයෙන් කෝල් කළා. සල්ලි ගෙවලා නැහැ කියලා. පස්සේ මම මගේ යාලුවට කිව්වා. එයා කිව්වා ජොබ් එක හරි ගියේ නැහැ ඒ නිසා මාසයක් දෙකක් කල් දෙන්න කියන්න කියලා. පස්සේ මම කම්පැනි එකට කිව්වා කෝල් කරලා. "
    "ඔය අතර මාස දෙකක් ගියාම, මාර්තු මාසයේදී මගේ ෆෝන් එකේ වට්ස්ඇප් එකේ තියෙන කන්ටැක් ඔක්කොටම මගේ ෆොටෝ එක යවලා මෙයා සල්ලි වංචා කරපු කෙනෙක් කියලා. ඔය මැසේජ් එක මගේ පුතා ඔන්ලයින් ක්ලාස් කරන ඉස්කෝලේ ගෘප් එකටත් ඒ අය යවලා තිබුණා."
    "ඊට පස්සේ මගේ ඥාති වෙන මල්ලි කෙනෙක් ගේ ෆොටෝ එකයි මගේ ෆොටෝ එකයි එකට හදලා වට්ස්ඇප් එකට යවලා තිබුණා මේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්, මේ දෙන්නා සල්ලි වංචාකාරයෝ කියලා."
    "ඔය අතරේම තමයි මගේ ෆෝන් එකේ කන්ටැක් ලිස්ට් එකේ තියෙන නම්බර්ස්වලට කෝල් කරලා ඒ කතා කරන අයට කියලා තිබුණා මම වංචාකාරයෙක් කියලා. ඔය වගේ මානසිකව වට්ටවන වැඩ ගොඩක් මේ අය කළා. සමහර පවුල් පවා කැඩෙන විදිහේ කෝල් දිලා තිබුණා."
    "අවසානයේ දී බැරීම තැන මේ ගැන කොහුවල පොලිසියට පැමිණිලි කළා මම. පොලිසියෙන් මේ ආයතනයේ නිලධාරියෙක්ව කැඳවලා ඒ ගැන ප්‍රශ්න කළා."

    “ඒ අය කරන්න පුළුවන් හැම අපහාසයක්ම කරලා ඉවරයි”

    බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් පෞද්ගලික මුල්‍ය ආයතනයක සේවය කරනු ලබන නිලංකා(සත්‍ය නම නොවේ) පැවසුවේ තමන් විසින් මුදල් ගෙවීමට ඇති බව සිය පෙම්වතාගේ සහෝදරයාට සහ සේවය කරන ආයතනයේ කළමනාකාරවරයාට පවා දුරකථන ඇමතුම් ලබාදී තිබු බවය.
    "මට මේ ඔන්ලයින් ලෝන් දෙන කම්පැනි එක ගැන මුලින්ම කිව්වේ යාලුවෙක්. පස්සේ මම යාලුවගෙන් ඒ කම්පැනි එකේ නම්බර් එක ඉල්ලන් True Caller එකේ සර්ච් කරලා බැලුවා. ඒ වෙලාවේදී එකේ පෙන්නුවේ පට්ට පල් හොරු කියලා ඔය වගේ සේව් වෙලා තිබුණේ."
    "පස්සේ ඔය ගැන හෙව්වම මිනිස්සු බැනලා කමෙන්ට් කරලා තිබුණ නිසා මම යාලුවට කිව්වා සල්ලි ගන්න එපා කියලා."
    "ඔහොම ටික දවසක් යද්දී මම ඔන්ලයින් සල්ලි දෙන තවත් තැනක් ගැන ඇඩ් එකක් දැක්කා. ඒ කම්පැනි එකේ කන්ටැක් නම්බර් එහෙම දාලා තිබුණා පේජ් එකේ. ඒ වගේම පොස්ට් වල ගොඩක් අය හොඳ කියලා තිබුණ නිසා මම ඒ අයට කෝල් එකක් ගත්තා."
    "පස්සේ මට ලින්ක් එකක් එවලා කිව්වා ඒක ඩවුන් ලෝඩ් කර ගන්න කියලා. මම ඒ කිව්ව විදිහට කළා. ඒකෙ ඔක්කොම තිබ්බේ ජපන් අකුරු වගේ ඒවා. ඒවා අපිට තේරෙන්නේ නැහැ. "
    "ඊට පස්සේ පළවෙනියට දෙන ලෝන් එක රු. 10,000ක් කිව්වට අපිට එහෙන් දෙන්නේ රු.7,000 යි. අපි දවස් 10ක් ඇතුලත ගත්ත ණය ආපහු ගෙවන්න ඕන. ඒ ගෙවන්න ඕන ගාන රුපියල් දහදාහක්. ඒ අය අපෙන් රුපියල් 6,000ක් පොලිය ගන්නවා.""මම සල්ලි අර ගත්තට ආපහු ගෙව්වේ නැහැ, ඒ අය මට කෝල් කලෙත් නැහැ. "
    "ඊට පස්සේ මම දැක්කා තවත් ආයතනයක් ණය දෙනවා කියලා. මම එකෙනුත් ණය ඇප්ලයි කළා. ඒ අයත් දෙන්නේ රුපියල් 7000යි හැබැයි දවස් 7ක් ඇතුලත රුපියල් 10,000ක් ගෙවන්න ඕන. මම ණය ගත්තේ 2022 අවුරුද්දේ දී."
    "මේ ණය ගත්ත තැනින් හරියටම දවස් 07ක් යද්දී මට කෝල් කළා සල්ලි දාන්න කියලා. පස්සේ මම කිව්වා මගේ අම්මා හොස්පිට්ල් ඉන්නේ අද දාන්න වෙන්නේ නැහැ කියලා. මම අම්මගේ මෙඩිකල් රිපෝට් එක පවා යැව්වා. ඊට පස්සේ මට අසභ්‍ය වචනයෙන් බැන්නා කතා කරපු කෙනා. මමත් ආපහු බැන්නා."
    "මම දන්නේ නැහැ ඒ වෙද්දී ඒ අය මගේ වට්ස්ඇප් එක හැක් කරලා කියලා. "
    "පස්සේ මම යාළුවෙලා හිටිය මගේ බෝයි ෆ්‍රෙන්ඩ්ගේ මල්ලිට ෆොටෝ එකයි, ජාතික හැඳුනුම්පතේ ෆොටෝ එකක් යවලා මේ කෙනා වංචාකාරයෙක් කියලා. එහෙම යවපු මැසේජ් එකේ ස්ක්‍රීන් ෂෝට් එක එයාලා මට එවලා තිබුණා. "
    "ඒ වගේම මගේ කම්පැනි එකේ බොස්ටත් ඒක යවලා තිබුණා. "
    "ඔය අතර වාරයේදී මගේ කන්ටැක් ලිස්ට් එකේ හැමෝටම කෝල් කරලා අහලා මෙහෙම කෙනෙක්ව ඔයාලා දන්නවද ? එයා ලෝන් එකක් අරන් තියෙනවා, එයා ගෙවලා නැහැ. ඔයා තමයි ඇපකරු විදිහට නම් කරලා තියෙන්නේ. ඔයා සල්ලි ගෙවන්න කියලා තර්ජනය කරලා තිබුණා"
    "පස්සේ මට රුපියල් 30,000ක් වගේ ගෙවන්න කිව්වා. මම කිව්වා එච්චර ගෙවන්න බැහැයි කියලා. පස්සේ මම රුපියල් 10,000ක් වාරික තුනකින් ගෙව්වා. "
    "නමුත් මෙයාලා කරන්න පුලුවන් හැම අපහාසයක්ම කරලා ඉවරයි."
    "මම මේ ගැන මහ බැංකුවට කතා කළා. එතැනින් කිව්වා මේවා ඒ අයගේ යටතේ පාලනය වෙන්නේ නැහැයි කියලා. ඒ වගේම මම පොලිසියට පවා කතා කළා. ළමා හා කාන්තා කාර්යාංශයට පවා කතා කළා. නමුත් සහනයක් ලැබුනේ නැහැ."
    "අද වෙද්දී මේ වගේ තැන් වලින් ණය අරන් ගොඩක් මිනිස්සු අපහසුතාවයට පත්වෙලා ඉන්නේ. ඒ අයගේ පෞද්ගලික තොරතුරු, ජාතික හැඳුනුම්පතේ ෆොටෝ පවා මේ අය එහෙ මෙහෙ ෂෙයාර් කරනවා. එහෙම කරන්න කිසිම කෙනෙක්ට අයිතියක් නැහැ. නමුත් ආර්ථික අතින් අසරණ වුන මිනිස්සුන්ට දැන් මේ නිසා තවත් අසරණ වෙන්න වෙලා." ඇය පැවසුවාය.

    "එක්කෝ මේක නියාමනය කරන්න ඕන එහෙම නැත්නම් තහනම් කරන්න පියවර ගන්න ඕන"

    "මෙහෙම කටයුතු කරන අයට එරෙහිව පොලිසියට ගිහින් පැමිණිල්ලක් කළත් අධිකරණය හමුවට ගියත් සිතාසීයක් යොමු කරන්නවත් හැකියාවක් නැහැ. මන්ද අදාළ සමාගමට නිවැරදි ලිපිනයක් නොමැතිකම නිසා. " නීතිඥ සඳරුවන් සේනානායක සඳහන් කළේය.
    "අන්තර්ජාලය ඔස්සේ ණය ලබාදීම හෝ ඒවාට ඉල්ලුම්කිරිම සඳහා යම් නියාමනයක් සිදුකල යුතුයි. ඒ කියන්නේ යම් නිත්‍යානුකුල ලියැවිල්ලක් තියෙන්න ඕන. මොකද ණය ගන්නා පුද්ගලයාට යම් විදිහකින් ආසාධාරණයක් වුවොත් ඒ ගැන පැමිණිල්ලක් කළත් ඒ ගැන කටයුතු කරන්න හැකියාවක් නැහැ. හේතුව එම සමාගම් සඳහා ලිපිනයක් නොමැතිකම නිසා."
    "අන්තර්ජාලය හරහා ණය දීම හෝ එය ලබා ගැනීම සිදුකරන්න පුළුවන් වුනත් එය නිත්‍යානුකුල ගිවිසුමක් හරහා ඉලෙක්ට්‍රෝනික ගණුදෙනු පනත යටතේ ඇක්සස් එකක් තියෙන්න ඕන. යම් අයුරකින් ණය ලබා ගත් අයෙකුට එය නැවත ගෙවීමේ දී මුහුණ දෙන අසීරුතාවන් වලදී ඔවුන් අපකීර්තියට ලක් කරන්න, තර්ජනය කරන්න අයිතියක් නැහැ."
    "මේ සමාගම් අධික ලෙස ලාභ ලබනවා. නමුත් රජයට ආදායම් බද්දක්වත් ගෙවනවා ද කියා දන්නේ නැහැ."
    "ඒ වගේම ගනුදෙනුකරුගේ රහස්‍යභාවය ආරක්ෂා කරන්නේ නැහැ. "
    "මේ වගේ ණය ගැනීම් නිසා ඇතැම් පුද්ගලයින් සියදිවි හානිකර ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම ඇතැම් පාසැල් ගුරුවරුන් සහ විවිධ ආයතනවල සේවය කරනු ලබන අයට ඔවුන්ගේ රැකියා පවා අහිමිවී තිබෙනවා. "
    "මේ සම්බන්ධයෙන් ගොඩක් පැමිණිලි ලැබී තිබෙනවා. ඒ ගැන හැකි පමණින් අවශ්‍ය නීති ආධාර ලබා දීමට පියවර ගනිමින් ඉන්නවා."
    "මේක සම්පුර්ණයෙන් වැරදි වැඩක් වෙන්නේ. එක්කෝ මේක නියාමනය කරන්න ඕන එහෙම නැත්නම් තහනම් කරන්න පියවර ගන්න ඕන. මහ බැංකුව මේ සම්බන්ධයෙන් ඉක්මනින් අවධානය යොමු කිරීම වැදගත්." නීතිඥවරයා පැවසුවේය

    සයිබර් අපරාධ ඒකකය පවසන්නේ කුමක්ද?

    අන්තර්ජාලය ඔස්සේ මුදල් ලබා ගත් පුද්ගලයින් නැවත ඔවුන් එම මුදල් පියවීමට අපොහොසත් වීමේදී අත්විදීමට සිදුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සහ ඔවුන්ගේ ජංගම දුරකථන දත්ත වෙත වෙනත් පාර්ශවයකට ප්‍රවේශ වීමට හැකියාව ලැබීම සම්බන්ධයෙන් බීබීසි සිංහල සේවය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ ඒකකයෙන් කරුණු විමසුවෙමු.
    එහිදී එම ඒකකය සඳහන් කළේ මෙවැනි ණය ලබා ගැනීම් නිසා අපහසුතාවයට ලක්වූ පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් තමන්ට මුහුණ දීමට සිදුවූ තත්ත්වයන් සම්බන්ධයෙන් දැනුම් දුන් බවයි.
    "මේ ගනුදෙනුවේදී ණය ලබා දෙන ආයතනය විසින් පළමු ණය වාරිකය නොමිලේ ලබා දෙන බවට තොරතුරු තිබෙනවා. පසුව එය ගෙව්වාට පසුව වැඩි මුදලක් ගන්න පුළුවන් අවස්ථාව තිබෙනවා. හැබැයි ඒ සියයට 40ක් වගේ වැඩි පොලියට."
    "මිනිස්සු සල්ලි ලබා ගන්නා විට පොලිය ගැන විමසීමක් කරන්නේ නැහැ."
    "ඒ එක්කම ඔවුන්ගේ ජංගම දුරකථනයට අදාළ ණය ගන්නා සමාගමෙන් ලින්ක් එකක් එවනවා. ඒක ක්ලික් කරල ඔවුන් එකඟ වනවා තමන්ගේ ජංගම දුරකථනයේ ඇති තොරතුරු වලට එම ආයතනයට ප්‍රවේශ වෙන්න අවසරය ලබා දෙනවා කියලා."
    "මේ වගේ සිදුවීම් වලට මුහුණ දුන් පුද්ගලයින් කිහිප දෙනෙක්ම තමන්ට අත්විදින්න වූ තත්ත්වය පිළිබඳව අපගේ ඒකකයට දැනුම් දුන්නා. අපි ඔවුන්ට උපදෙස් දුන්නා ඒ සම්බන්ධයෙන් ඔවුන් අදාළ වන බල ප්‍රදේශයේ පොලිසිය වෙතට ගොස් පැමිණිලි කරන්න කියලා." සයිබර් අපරාධ ඒකකය සඳහන් කළේ ය.

    නියාමනයට නව පනතක්

    අන්තර්ජාලය ඔස්සේ ණය ලබා දෙන ආයතන ඇතුළු කටයුතු නියාමනය සඳහා ඉදිරියේදී නව පනතක් ගෙන ඒමට ශ්‍රී ලංකා මහ බැංකුව මේවන විටත් කටයුතු යොදා ඇති බව බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව බීබීසි සිංහල සේවයට පැවසුවේ ය.
    එමෙන්ම දැනට පවතින නීති පද්ධතිය අනුව යම් පුද්ගලයෙකුට මහජන තැන්පතු ලබා ගැනීමෙන් තොරව තමන් සතු මුදල් යොදවා ණය දීමට මහ බැංකුවේ අවසරයක් අවශ්‍ය නොවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
    කල් බදු පහසුකම් ලබා දීමක් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පවතින නීතිය යටතේ එම ආයතනය ලියාපදිංචි විය යුතු බව එම දෙපාර්තමේන්තුව අනාවරණය කළේය.
    පවතින තත්ත්වය සලකා බලා ණය දෙන ආයතන නියාමනය කිරීම සඳහා අධිකාරියක් පිහිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට යෝජනා කර තිබේ.
    ඒ අනුව ඊට අදාළ කෙටුම්පත මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කරමින් ඇති අතර, ඉදිරියේදී එය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
    අන්තර්ජාලය ඔස්සේ ණය ලබා දෙන ආයතන මගින් ණය ලබා ගත් පුද්ගලයින්ට අත්විදීමට සිදුව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සහනයක් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගන්නේද යන්න ගැන මෙහිදී බීබීසි සිංහල විමසනු ලැබීය.
    ඊට පිළිතුරු දෙමින් එම බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ එවැනි ආයතන නියාමනය කිරීමට නීතිමය බලයක් ශ්‍රී ලංකා මහ බැංකුවට නොමැති නිසා ඊට මැදිහත් වීම අපහසු කරුණක් බවය.
    යම් ගනුදෙනුකරුවෙකුට අත්විදීමට සිදුවූ ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් නීතියේ සරණ පැතිය හැකි බවද එහිදී බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,038
    3,729
    113
    මේ තියෙන්නේ ඔය ඔන්ලයින් ණය දෙන තැන්

    fastrupee
    cashx
    fino
    robocash
    ceyloan
    lotus loan
    camelship
    oncredit
    cashnet
    loanplus
    loanme

    තව මොබයිල් ඇප් ටිකක් තියනවා ඒවට වෙබ්සයිට් නෑ ඇප් එක හරහා ණය දෙන්නේ

    speedcash
    cashbox
    minicash
    luckyloan

    කන්න සල්ලි නැතත් ණය ගන්නවත් හිතන්න එපා ඔවගෙන්...මේවා ඔක්කොම money laundering කරන තැන්...නැත්තං කොහොමද ඔච්චර සල්ලි දෙන්නේ ණය විදිහට

    රාජපස්සලා ගෑවිලා ඇති අනිවාර්යෙන් නේද @2osama හුත්තිගෙ පුතෝ :ROFLMAO::ROFLMAO::ROFLMAO: අද රෑට නාකි මයිනගෙ කටට ගන්න ගමන් හෙමීන් අහලා බලපන් :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ඕකුන්ට පොලු තියන්න බැරිද
    ඉස්සර cash wagon කියලා එකක් තිබුණා..දැන් නම් නෑ එක..
    cash wagon එක අලුත් නමකින් ඉන්නේ cashx කියලා
    ------ Post added on Aug 16, 2023 at 8:53 AM
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    මේ තියෙන්නේ ඔය ඔන්ලයින් ණය දෙන තැන්

    fastrupee
    cashx
    fino
    robocash
    ceyloan
    lotus loan
    camelship
    oncredit
    cashnet
    loanplus
    loanme

    තව මොබයිල් ඇප් ටිකක් තියනවා ඒවට වෙබ්සයිට් නෑ ඇප් එක හරහා ණය දෙන්නේ

    speedcash
    cashbox
    minicash
    luckyloan

    කන්න සල්ලි නැතත් ණය ගන්නවත් හිතන්න එපා ඔවගෙන්...මේවා ඔක්කොම money laundering කරන තැන්...නැත්තං කොහොමද ඔච්චර සල්ලි දෙන්නේ ණය විදිහට

    රාජපස්සලා ගෑවිලා ඇති අනිවාර්යෙන් නේද @2osama හුත්තිගෙ පුතෝ :ROFLMAO::ROFLMAO::ROFLMAO: අද රෑට නාකි මයිනගෙ කටට ගන්න ගමන් හෙමීන් අහලා බලපන් :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:


    cash wagon එක අලුත් නමකින් ඉන්නේ cashx කියලා
    ------ Post added on Aug 16, 2023 at 8:53 AM
    ණය අරන් පොල්ලක් තියන්න බැරිද?
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඉතිං බං temporary email එකක් හදලා. බොරු Facebook account එකක් හදලා සල්ලි ගන්න පුළුවන් නේ...🤔
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    ඉතිං බං temporary email එකක් හදලා. බොරු Facebook account එකක් හදලා සල්ලි ගන්න පුළුවන් නේ...🤔
    මේ කියල තියෙන හැටියට උන් ඇප් එකෙන් ෆෝන් එකේ Contacts ඇක්සස් කරනවා වගේ නේ. නැත්නම් එහෙම හැමෝටම කෝල් කරන්න බෑ නේ බං. අලුත් ෆෝන් එකකුත් අරගෙන තමයි එහෙනම් මේ වැඩේ කරන්න වෙන්නේ.
     
    • Wow
    Reactions: chirantha19890821

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඉතිං බං temporary email එකක් හදලා. බොරු Facebook account එකක් හදලා සල්ලි ගන්න පුළුවන් නේ...🤔

    මේ කියල තියෙන හැටියට උන් ඇප් එකෙන් ෆෝන් එකේ Contacts ඇක්සස් කරනවා වගේ නේ. නැත්නම් එහෙම හැමෝටම කෝල් කරන්න බෑ නේ බං. අලුත් ෆෝන් එකකුත් අරගෙන තමයි එහෙනම් මේ වැඩේ කරන්න වෙන්නේ.
    මම හිතන්නෙ මුන් මේ install කරනවා කියන්නෙ ඩිවයිස් එක MDM එකකට enroll කරගන්නවා වෙන්න ඇති කියලා
    එතකොට මුලු ඩිවයිස් එකම රිමෝට්ලි ඇක්සස් කරන්න පුලුවන්, එතකොට පස්සෙ වෙන එකවුන්ට් ඇඩ් කරත් ඒවත් ගන්න පුලුවන්

    හැබැයි කෙලින්ම ෆෝන් එක රීසෙට් කරලා සේරම එකවුන්ට් ඇප්ස් සහ කන්ටැක් අයින් කරලා (බොරු කන්ටැක් ටිකක් දැම්මා නං හරි නැත්තං සැක හිතයිනේ, බොරු වට්සැප් බොරු ෆේස්බුක් එකවුන්ට් හදලා අලුත් නම්බර් එකක් අරගෙන ගේමක් දෙන්න පුලුවන්)
    ෆොටෝ ඉල්ලන එකට නං දැං ඇඬෙන්න දෙන්න පුලුවන් AI ජෙනරේට් කරපු මූනකට ෆොටෝශොප් කරපු ඇඟක් බොරු NIC ෆොටෝශොප් කරලා
    මුලින් පොඩි ණය කීපයක් අරන් ගෙවලා පස්සෙ ලක්ශෙක දෙකක විතර ණයක් අරගත්තා නං හරි. පස්සෙ නම්බර් එකත් ඩිස්කනෙක්ට් කරලා දැම්මා නං වැඩේ ඉවරයි.
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    මම හිතන්නෙ මුන් මේ install කරනවා කියන්නෙ ඩිවයිස් එක MDM එකකට enroll කරගන්නවා වෙන්න ඇති කියලා
    එතකොට මුලු ඩිවයිස් එකම රිමෝට්ලි ඇක්සස් කරන්න පුලුවන්, එතකොට පස්සෙ වෙන එකවුන්ට් ඇඩ් කරත් ඒවත් ගන්න පුලුවන්

    හැබැයි කෙලින්ම ෆෝන් එක රීසෙට් කරලා සේරම එකවුන්ට් ඇප්ස් සහ කන්ටැක් අයින් කරලා (බොරු කන්ටැක් ටිකක් දැම්මා නං හරි නැත්තං සැක හිතයිනේ, බොරු වට්සැප් බොරු ෆේස්බුක් එකවුන්ට් හදලා අලුත් නම්බර් එකක් අරගෙන ගේමක් දෙන්න පුලුවන්)
    ෆොටෝ ඉල්ලන එකට නං දැං ඇඬෙන්න දෙන්න පුලුවන් AI ජෙනරේට් කරපු මූනකට ෆොටෝශොප් කරපු ඇඟක් බොරු NIC ෆොටෝශොප් කරලා
    මුලින් පොඩි ණය කීපයක් අරන් ගෙවලා පස්සෙ ලක්ශෙක දෙකක විතර ණයක් අරගත්තා නං හරි. පස්සෙ නම්බර් එකත් ඩිස්කනෙක්ට් කරලා දැම්මා නං වැඩේ ඉවරයි.
    ලක්ශෙකට ඔච්චර පුක ඉරාගන්න බෑ බන්... :no::P
     
    • Haha
    Reactions: chinmak

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබ වගේ අපතයෙක් ඇයි මේ වගේ වැදගත් Thread එකකට Tag කරේ කියලා මටත් හිතා ගන්න බැහැ🥴

    tho wage nayata aran higa kana ballo, me wage thread wala thamai inne.
    mawa tag kare ubage puka palaganna nam, waren ara mama ubawa tag karana thread walata
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    tho wage nayata aran higa kana ballo, me wage thread wala thamai inne.
    mawa tag kare ubage puka palaganna nam, waren ara mama ubawa tag karana thread walata
    බල්ලෝ ගහන්නේ නැහැ බං වෙන එකෙක් හොයා ගනින් ඔවට🥴🥴