සිංහලු අඳුරන ගෙදරකට ගියාම ඉන්න විදිය

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේක මට හරියට ස්ට්‍රෙස් ගෙනාපු දෙයක්.

    අපේගෙදරට හදිසියෙම නෑදෑයො කීප දෙනෙක් ආවා එයාලගෙ ළමයි එක්ක. අවුරුදු 6 සිට එකොලහ වගෙ වයස්වල වෙන්න ඇති ඒ ළමයි.පවුල් දෙකක පිරිසක් ආවෙ.
    එනවයි කියලා කෝල් කරපු නිසාත් ඒ අතරින් කීප දෙනෙක් අපේගෙදරට එන පළවෙනි දවස නිසාත් අපිත් ඉහළින්ම එයාලව පිළිගන්න සූදානම් වෙලා හිටියා. උදේ දහය හමාරට වගේ ආවා.
    එයාලා ආවෙ ලොකු බෑග් ගොඩක් අරගෙන. අපේගෙදර ඉන්න එනවා කියලා කිව්වෙත් නෑ. ඉතින් අපිත් එහෙම බලාපොරොත්තු වුනෙත් නෑ. ඒත් අහන්නෙ බලන්නෙත් නැතිව එයාලගෙ බෑග්ස් අපේ නිදන කාමරේම තියන්න එයාලාට පුළුවන් වුනේ කොහොමද මන්දා.
    කොහොම හරි දවල්ට හොඳ කෑමවේලක් අපි සූදානම් කරලා තිබුනා.

    ඒ සියලු සංග්‍රහ අවසානය වෙද්දි හවස තුනට කිට්ටුයි. එතකොට තමයි කිව්වෙ පාසල් නිවාඩු අවසන් වෙනකම් වෙනසකටත් එක්ක ඉන්න ආවා කියලා.
    හස්බන්ඩ් වගේම මමත් හරිම නිදහසේ ඉන්න කැමති දෙන්නෙක්.
    අපිට එපා කියන්න විදිහක් නැතිකමට මොකුත් නොකියා හිටියා.
    ඉතින් ඒ වෙනකොටත් ආපු ළමයින්ගෙ රජදහනක් වෙලා ඉවරයි ගෙදර.
    හරිම ඝෝෂාකාරී විදිහට එයාලා මුලු ගෙදරම දුවන්න සහ ගෙදර ගෘහ භාණ්ඩ වලට හානි කරමින් කිසි ගාණක් නැතිව සෙල්ලම් කරනවා.
    අපි දෙන්න හරි පිළිවෙළකට ඉන්න දෙන්නෙක්. ගෙදර ඇතුලෙ වැලිකැටයකවත් තියෙනවට පොඩ්ඩක්වත් කැමති නෑ. ඉතින් අපේ ගෙදර ඇතුල හරි පිළිවෙළකට ලස්සනට තියෙනවා. හරි පරිස්සමෙන් තමයි අපි ගෙදර ඇතුල පරිහරණය කරන්නෙ. මොකද ඇහට ප්‍රියමනාප විදිහට ගේ ඇතුල දකින එක තමයි අපේ සතුට.
    එක පැයට දෙකට මුලු ගෙදරම පොඩි අය කිසිම ගාණක් නැතිව හැඩිකරනකොට එයාලගෙ අම්මලා හිනාවෙවි බලාගෙන ඉන්නවා.

    එතකොට රෑට උයන්න ඕන කියලා මම කුස්සියට ගියත් එයාලා මගේ පස්සෙන් ආවා.
    " ඔයා ඉන්න අපි උයන්නම්" කියලා කියන්නෙ නැතිවම අනවසරයෙන් එයාලා උයන්න පටන්ගත්තේ රෑට මොනවද හදන්න ඕන කියලා මගෙන් අහන්නෙත් නැතිව.
    මම ඒත් මොකුත් නොකියා හිටියෙ හිත රිදෙනවනෙ කියලා.
    එතකොට අර පොඩි ළමයි ටික කුස්සියට ආවා. අපේ කුස්සියත් පොඩියි. හැබැයි පිළිවෙළකට තියෙනවා හැමදේම.
    කිසිම ගාණක් නැතිව ෆ්‍රිජ් එක ඇරලා ඒකෙ තිබුන දේවල් කන්න පටන්ගත්තේ සෝමාලියාවට පාන් දැම්මා වගෙ කියලා මට හිතුනා.
    නගරබද ජීවිත ගෙවන ඒ පවුල්වල ළමයිට ඔහොම කෑම එක්ක ඇරියස් තියෙනවාද කියලා මට හිතුනා. මොකද අපි ඉන්නෙ නාගරික පහසුකම් නැතිව ටිකක් දුෂ්කර පැත්තක.

    මේ දවස්වල අපේගෙදර ෆ්‍රිජ් එක පිරෙන්නම පෝෂ්‍යදායක ආහාර ගොඩක් දාලා තියෙනවා.
    මට හරිම කළකිරීමක් දැනුනා මේ ළමයි මෙහෙම හැසිරෙන විදිහ ගැන. අනික පිටගෙදරකට ඇවිත් ඔහොම කරන්න පුළුවන්ද.
    එයාලගෙ අම්මලාට ඒවා වගක්වත් නැතිව මුලු කුස්සියම ජරා කරගෙන උයන්න පටන්ගෙන තිබුනෙ.
    රෑට පාර්ටියක් දාමු කියලා එයාලා කලින්ම ප්ලෑන් කරන් ඇවිත් තියෙන්නේ. අපිට නොකිව්වට.
    මමයි හස්බන්ඩ් දෙන්නා පිටගෙදරක ඉන්නවා වගෙ වචනයක් කියන්න බැරිව ඔහේ හිටියා. මොකද හස්බන්ඩ්ගේ ළගම නෑදෑයන් නිසා.
    කොහොම හරි එදා රෑ වෙනකොට අපේගෙදර සම්පූර්ණයෙන් හැඩිවෙලා ඉවරයි. ෆ්‍රිජ් එකේ පළතුරු සමහර ඒවා කාලා සමහර ඒවා නිකම් කපලා විසිකරලා. සමහර ඒවා මුලු ගේ පුරාම තැනින් තැන දාලා.

    මමත් පිටගෙදරක කෙනෙක් වගෙ නොකා බැරිකමට ටිකක් කාලා ගිහින් නිදාගත්තෙ කරන්න දෙයක් නැතිව.
    ඒත් ඒ ළමයිනෙ ඉවරයක් නැති සෙල්ලම පුදුම වදයක් වුනා මට.
    ඔය විදිහටම දවස් දෙකක් ගෙවන්න අපිට සිද්ද වුනා. පොඩි ළමයි හය දෙනෙක් හිටියා. මගේ හස්බන්ඩ් ලෝබ කෙනෙක් නෙවෙයි. ඉතින් ගෙදරට අත්‍යවශ්‍ය දේවල් ගෙනත් දැම්මෙ එයාලටත් එක්ක දැන් ඉතින් අපි ගාවට ආපු අයනෙ කියලා.
    මං මගෙ ජීවිතයට දැකලවත් නෑ එහෙම පෙරේත ළමයි වගේම වදකාරි ළමයි.
    ඒ ටිකේම ගෙදර ඌරුමස් හදපු නිසා මම බිත්තර හදාගෙන කෑවෙ. මම බිත්තර බැදගෙන බත් එක බෙදාගෙන කන්න ගන්නකොට එක ළමයෙක් ඇවිත් පිගානෙන් බිත්තර අරන් යනවා.

    මං මොනාහරි ක්න්න ගත්තොත් ඕක මට කියලා ඒක උදුරාගෙන යනවා. මම දැක්කා ෆ්‍රිජ් එක ඇරලා ඇස්ට්‍රා කප් එක අරන් ඇගිල්ල දාලා අරගෙන ලෙවකනවා. ආයෙමත් ඒ ඇගිල්ලෙන්ම අරන් කනවා. හැන්දක් යූස් කරන්න කියලා දෙන්න තරම්වත් බැරිද අඩුම තරමෙ.
    මට ඇත්තටම ශිට් කියලා හිතුනා එහෙම දේවල් නම්.
    අන්තිමට මගේ හස්බන්ඩ්ට මේවා බලන් ඉන්න බැරිමවුනා ඇත්තටම.
    මොකද අපේගෙදර සිරියාව අතුරුදන් වෙලා යන්න මහලොකු දවසක් ගියේ නෑ.
    අපේගෙදර තිබුන අලුත්ම බඩුවලට පෑන් තීන්ත හලලා මුලු බිත්ති පුරාම ඇදලා.
    කාලා බීලා ඉවර වෙලා සින්ක් එක ගාව ගොඩගහලා ඒ ආපු ගෑනු දෙන්න එළියට වෙලා ඉන්නවා.

    එක දවසක් මට බලාගෙන ඉන්න බැරිව උදෙන්ම හෝදල දැම්මා. හස්බන්ඩ් ඔය සේරම බලාගෙන ඉවසන් හිටියත් එයා අන්තිමටම ඒ ආපු අයට මූනටම කිව්වා මෙහෙම අපිට හරි කරදරයි. ඒ නිසා ඔයාලා යන්න කියලා.
    ඒම කියන්න හේතු ගොඩක් හැදුනා.
    හැබැයි එහෙම කිව්වා කියලා එයාලට ගාණක්වත් නෑ. අපෝ ළමයි ඔහොම තමයි ඔයාලට තේරෙයි ඔයාලගෙ ළමයි ලොකු වෙද්දි කියලා හිනාවෙනවා.
    ඒත් අපි හොඳටම විශ්වාස කරනවා අපේ ළමයි කවදාවත් ඔහොම හැදෙන්නෑ කියලා. මොකද අපි දෙන්න අතර නොගැලපෙන දේවල් දාහක් තියෙනවා හැබැයි පිළිවෙල සහ පිරිසිදුබව අතින් සීයට සීයක්ම ගැලපෙනවා. ඉතින් අපේ ළමයිට පේන්නෙත් අපි ඉන්න විදිහ නිසා එයාලා හැදෙන්නෙ අපි වගේ.
    ඔය ආපු සමහර ළමයි දත් මැදලා කුස්සියේ සින්ක් එකට කෙළගහනවා. එතනින් මග් එකක් අරන් කට හෝදල දානවා බාතෲම් එකේ දොර ගාව ඉදන්. හරි කැතයි වගේම අප්පිරියයි.

    කොහොම හරි එයාලා ඊයේ දවල් ගියා. ඒ යනකොට ගෙදර යුද පිටියක් වගේ.
    අපි දෙන්නම ඒ වෙලාවෙ ඉදන් රෑ වෙනකම් මහන්සි වෙලා ගෙදර අස් කරා.
    ඇත්තමයි හරි කළකිරීමක් ආවෙ ෆ්‍රිජ් එකේ තිබුන දේවල් කෑවත් කමක් නෑ විනාශ නොකර. ඩ්‍රැගන් ෆෘට් වගයක් තිබුනා. ඒවා නිකම්ම කපලා කන්නෙත් නැතිව ඔහේ දාලා ආපහු.
    අපිට ඊයේ හරි මහන්සි ඒවා අස්කරලම.
    මට අන්තිමට කියන්න තියෙන්නේ එහෙම ළමයි නම් හදන්නෙපා ඇත්තටම. කවුරු හරි හිතයි මං ළමයිට ආදරෙ නැති ලෝබ කෙනෙක් කියලා. එහෙම නෙවෙයි මං හරි ආදරෙයි පොඩි අයට.
    ලෝබත් නෑ. ඒත් ළමයි කියන්නෙ මල් වගෙ අයට. එයාලා මේ ලෝකෙ ලස්සන කරන්න පුළුවන් අය මිසක් ඔයවගෙ ටොක්සිස් විදිහට ඉන්න අය නෙවෙයි.
    එහෙම දග ළමයි වුනත් හරි ආදරෙන් වෙනස් කරන්න පුළුවන්. හැබැයි ඒ අම්මලා ඔහේ ඉන්නවා ඒ ළමයිගෙ ආච්චිට වගකීම දීලා.
    " කොල්ලො නිකම් හිටපිය " කියලා සමහර වෙලාවට දෙකක් ගහනවා ආච්චි.එහෙම වෙනකොට ඒ ළමයි තවත් හිතුවක්කාරයි
    ආච්චිටත් බැණලා නටන එකමයි කරන්නෙ.

    මට හිතුනා ඒ ළමයි ඉන්නෙ ඇරියස් වලින්. ආදරෙ අඩුපාඩු ආසා දේවල් කන්න නැති අඩුව වගෙ දේවල් වෙන්න ඇති.
    ළමයි හදන්න ඕන කාටවත් කරදරයක් නොවෙන්න. අපි හදන ළමයි කියන්නෙ අපේ වගකීමක් මිසක් ලෝකෙ අනික් මිනිස්සුන්ගෙ වගකීමක් නෙවෙයිනේ.
    හරි කළකිරීමක් දැනුනේ මටනම් ඇත්තටම.
    එහෙම ළමයි හදලා සමාජගත නොකිරීම දෙමව්පියන්ගෙ වගකීමක්.
    වයස හරිගියාම ළමයි හදන එකම ලොකු උපාධියක් ගත්ත වගෙ ඉන්න දෙන්නෙක් තමයි ඒ ළමයිගෙ අම්මලා. අපි දෙන්නගෙ වයසට අනුව දැන් ටිකක් ලොකු ළමයි ඉන්න ඕන කියලා මටත් උපදෙස් දුන්නා.

    මං ඉතින් සද්ද නැතිව හිටියා. එහෙම හැදුවා නම් අපෙත් ළමයි ඔහොම අනුන්ගෙ දේවල්වලට ආසා වෙලා ඉදී කියලා කියන්න හිතුනත් හිනාවෙලා නිකම් හිටියා.
    අපි දෙන්නගෙම අරමුණ ඇරියස් නැති දරුවෙක් හදන එක මිසක් අපි වයසට ගියාම සැලකුම් ගන්න දරුවො හදන්න නෙවෙයි.
    ඉතින් අපි අපේ ජීවිත දැන් හදාගෙන ඉවරයි.
    දරුවෙක්ගෙ අනාගතයක් වෙනුවෙන් වෙන්න ඕන හැමදේම කරගෙන ඉන්නෙත්.
    අපි හිතනවා අපේ දරුවා සතුටින් ඉදීවි.
    අන්තිමටමත් මට කියන්න තියෙන්නේ ඔහොම හිතුවක්කාර දග ළමයි ඉන්නවා නම් ඇත්තටමයි පිටගෙදරකට එක්කන් යන්න එපා. ඒක ඒ ගෙදර මිනිස්සුන්ට බරක්.
    මට මාර ස්ට්‍රෙස් එකක් තියෙන්නේ ඒ දවස් කීපය ගැන ඇත්තටම.

    Copied from Facebook.
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    වයස හරිගියාම ළමයි හදන එකම ලොකු උපාධියක් ගත්ත වගෙ ඉන්න දෙන්නෙක් තමයි ඒ ළමයිගෙ අම්මලා

    ලංකාවෙ බහුතරය මෙහෙම තමයි
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,838
    15,221
    113
    Melo labbak nathuwa indala yamak kamak hambuna ganiyekge gedara ta eetath wada adu kule nadayo tikak bahapu cn ekak wage penne.
    Ohoma labbawal fb eke daanawa kiyala dannawa nam Mark ata deka hapan marenne.
     
    • Haha
    Reactions: Mugen

    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    බයියො ළමයි හැදුවම ඔහොම තමයි.

    ඔහොම ගිහින් ලස්සනට රනිල්ට චන්දෙ ගහල එයි.
    මුන්ගෙ ළමයි කියන්නෙ ඉතින් නාමල්ලට, නාමල්ලගෙ ළමයින්ට වැටෙන චන්ද තමයි. රටත් යන්නෙ ඔය ක්‍රමේට.

    හැබැයි අපිට නං ඔය වගේ අඩු කුලේ නෑයො නෑ.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඕක මිනිහගේ පවුර්ශය පිලිබඳ ප්‍රශ්නයක්.ඔබ කැමති නම් ස්වාමියාට කියල පුහුණුවකට අපේ ගෙදර එන්න. මම ඔයාට කියල දෙන්නන් ගෙදරක පරිපාලනය තමන් යටතේ තියාගන්නේ කොහොමද කියලා. ඔයා ගිහින් හස්බන්ට උගන්නන්න. මගේ එක සද්දෙට යකෙක් උනත් පොඩි ගැස්මක් එක්ක තමා ෆේස් කරන්නේ. කනට පිඹින්නේ හක්ක පනින්න.කම් හිය ඩාලින්. :lol:
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,057
    4,707
    113
    Sri Lanka
    Machan uba oya facebook inna groups walin ayin weyan. Bageta bagayak tiyenne fake ewa. Kalin UK ekak daala chater una neda? Ekath duka kiyana story ekak.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    පොඩි උන් ඔහොම තමයි . සමාජ වෛරයක් තියෙන ජෙප්පියක් වගේනේ කතා නායිකාව
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,462
    113
    අලි බොරු කතාවක් අවධානය ගන්න ලියලා වගේ.

    එහෙම නැත්තන් අපි සෑහෙන්න පින් කරලා ඒ වගේ නෑයෝ නැති වෙන්න.

    අපේ නෑ ගෙවල් වල වෙලා තියෙන්නේ ගියොත් ආයේ එදාම ආවොත් මුණ හරි නෑ එනකොට. දවසක් දෙකක් ඉන්න බලාගෙනම යන්න ඕනි.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    ඕක මිනිහගේ පවුර්ශය පිලිබඳ ප්‍රශ්නයක්.ඔබ කැමති නම් ස්වාමියාට කියල පුහුණුවකට අපේ ගෙදර එන්න. මම ඔයාට කියල දෙන්නන් ගෙදරක පරිපාලනය තමන් යටතේ තියාගන්නේ කොහොමද කියලා. ඔයා ගිහින් හස්බන්ට උගන්නන්න. මගේ එක සද්දෙට යකෙක් උනත් පොඩි ගැස්මක් එක්ක තමා ෆේස් කරන්නේ. කනට පිඹින්නේ හක්ක පනින්න.කම් හිය ඩාලින්. :lol:
    Ayi mantara mathuranawada , keti ewa, පූට්ටු wela , ලේ paninna
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,252
    24,986
    113
    tracing Geo-location.. ... ...
    මේ කතාව නම් exaggeration එකක් වෙන්න පුළුවන්..

    එත් ඔහොම මිනිස්සුත් ඉන්නවා ඔහොම ළමයි නම් කොහොමත් ඉන්නවා..
    තැනකට ගිහින් ඉන්න පුරුදු කරලා නැති ළමයි දැක්කම මටත් පුදුම තරහක් එන්නේ..
    ළමයි හදන්න ඕනි අනිත් අයගේ personal space එකට ගරු කරන්න පුරුදු වෙන්න..
    ළමයින්ගේ නෙවෙයි වැරැද්ද දෙමව්පියෝන්ගේ.. ළමයි දන්න දෙයක් නෑනේ..
    දෙමව්පියෝන්ගේ values තමයි ඕවගෙන් පෙන්නේ..
    මොකක්හරි කරනකන් ඉඳල "අනේ ළමයි ඔහොම තමයි" කියල එකෙන් shape වෙලා ඉන්න පුරුදු වෙලා ඉන්නේ මිනිස්සු..
    තැනක් නොතැනක් නැතුව කෑගහන්නයි දඟලන්නයි, තියන දේවල් විනාස කරන්නයි ළමයි හදනවා නම් ගෙදරම තියන් ඉන්න එක තමයි හොඳ..
    ඒ වගේම ආයේ sex කරද්දී condom එකක් මතක ඇතුව දාන එකත් හොඳයි..
    පුළුවන් නම් vasectomy එකක්ම කරගන්නවා නම් තවත් හොඳයි..
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මේක මට හරියට ස්ට්‍රෙස් ගෙනාපු දෙයක්.

    අපේගෙදරට හදිසියෙම නෑදෑයො කීප දෙනෙක් ආවා එයාලගෙ ළමයි එක්ක. අවුරුදු 6 සිට එකොලහ වගෙ වයස්වල වෙන්න ඇති ඒ ළමයි.පවුල් දෙකක පිරිසක් ආවෙ.
    එනවයි කියලා කෝල් කරපු නිසාත් ඒ අතරින් කීප දෙනෙක් අපේගෙදරට එන පළවෙනි දවස නිසාත් අපිත් ඉහළින්ම එයාලව පිළිගන්න සූදානම් වෙලා හිටියා. උදේ දහය හමාරට වගේ ආවා.
    එයාලා ආවෙ ලොකු බෑග් ගොඩක් අරගෙන. අපේගෙදර ඉන්න එනවා කියලා කිව්වෙත් නෑ. ඉතින් අපිත් එහෙම බලාපොරොත්තු වුනෙත් නෑ. ඒත් අහන්නෙ බලන්නෙත් නැතිව එයාලගෙ බෑග්ස් අපේ නිදන කාමරේම තියන්න එයාලාට පුළුවන් වුනේ කොහොමද මන්දා.
    කොහොම හරි දවල්ට හොඳ කෑමවේලක් අපි සූදානම් කරලා තිබුනා.

    ඒ සියලු සංග්‍රහ අවසානය වෙද්දි හවස තුනට කිට්ටුයි. එතකොට තමයි කිව්වෙ පාසල් නිවාඩු අවසන් වෙනකම් වෙනසකටත් එක්ක ඉන්න ආවා කියලා.
    හස්බන්ඩ් වගේම මමත් හරිම නිදහසේ ඉන්න කැමති දෙන්නෙක්.
    අපිට එපා කියන්න විදිහක් නැතිකමට මොකුත් නොකියා හිටියා.
    ඉතින් ඒ වෙනකොටත් ආපු ළමයින්ගෙ රජදහනක් වෙලා ඉවරයි ගෙදර.
    හරිම ඝෝෂාකාරී විදිහට එයාලා මුලු ගෙදරම දුවන්න සහ ගෙදර ගෘහ භාණ්ඩ වලට හානි කරමින් කිසි ගාණක් නැතිව සෙල්ලම් කරනවා.
    අපි දෙන්න හරි පිළිවෙළකට ඉන්න දෙන්නෙක්. ගෙදර ඇතුලෙ වැලිකැටයකවත් තියෙනවට පොඩ්ඩක්වත් කැමති නෑ. ඉතින් අපේ ගෙදර ඇතුල හරි පිළිවෙළකට ලස්සනට තියෙනවා. හරි පරිස්සමෙන් තමයි අපි ගෙදර ඇතුල පරිහරණය කරන්නෙ. මොකද ඇහට ප්‍රියමනාප විදිහට ගේ ඇතුල දකින එක තමයි අපේ සතුට.
    එක පැයට දෙකට මුලු ගෙදරම පොඩි අය කිසිම ගාණක් නැතිව හැඩිකරනකොට එයාලගෙ අම්මලා හිනාවෙවි බලාගෙන ඉන්නවා.

    එතකොට රෑට උයන්න ඕන කියලා මම කුස්සියට ගියත් එයාලා මගේ පස්සෙන් ආවා.
    " ඔයා ඉන්න අපි උයන්නම්" කියලා කියන්නෙ නැතිවම අනවසරයෙන් එයාලා උයන්න පටන්ගත්තේ රෑට මොනවද හදන්න ඕන කියලා මගෙන් අහන්නෙත් නැතිව.
    මම ඒත් මොකුත් නොකියා හිටියෙ හිත රිදෙනවනෙ කියලා.
    එතකොට අර පොඩි ළමයි ටික කුස්සියට ආවා. අපේ කුස්සියත් පොඩියි. හැබැයි පිළිවෙළකට තියෙනවා හැමදේම.
    කිසිම ගාණක් නැතිව ෆ්‍රිජ් එක ඇරලා ඒකෙ තිබුන දේවල් කන්න පටන්ගත්තේ සෝමාලියාවට පාන් දැම්මා වගෙ කියලා මට හිතුනා.
    නගරබද ජීවිත ගෙවන ඒ පවුල්වල ළමයිට ඔහොම කෑම එක්ක ඇරියස් තියෙනවාද කියලා මට හිතුනා. මොකද අපි ඉන්නෙ නාගරික පහසුකම් නැතිව ටිකක් දුෂ්කර පැත්තක.

    මේ දවස්වල අපේගෙදර ෆ්‍රිජ් එක පිරෙන්නම පෝෂ්‍යදායක ආහාර ගොඩක් දාලා තියෙනවා.
    මට හරිම කළකිරීමක් දැනුනා මේ ළමයි මෙහෙම හැසිරෙන විදිහ ගැන. අනික පිටගෙදරකට ඇවිත් ඔහොම කරන්න පුළුවන්ද.
    එයාලගෙ අම්මලාට ඒවා වගක්වත් නැතිව මුලු කුස්සියම ජරා කරගෙන උයන්න පටන්ගෙන තිබුනෙ.
    රෑට පාර්ටියක් දාමු කියලා එයාලා කලින්ම ප්ලෑන් කරන් ඇවිත් තියෙන්නේ. අපිට නොකිව්වට.
    මමයි හස්බන්ඩ් දෙන්නා පිටගෙදරක ඉන්නවා වගෙ වචනයක් කියන්න බැරිව ඔහේ හිටියා. මොකද හස්බන්ඩ්ගේ ළගම නෑදෑයන් නිසා.
    කොහොම හරි එදා රෑ වෙනකොට අපේගෙදර සම්පූර්ණයෙන් හැඩිවෙලා ඉවරයි. ෆ්‍රිජ් එකේ පළතුරු සමහර ඒවා කාලා සමහර ඒවා නිකම් කපලා විසිකරලා. සමහර ඒවා මුලු ගේ පුරාම තැනින් තැන දාලා.

    මමත් පිටගෙදරක කෙනෙක් වගෙ නොකා බැරිකමට ටිකක් කාලා ගිහින් නිදාගත්තෙ කරන්න දෙයක් නැතිව.
    ඒත් ඒ ළමයිනෙ ඉවරයක් නැති සෙල්ලම පුදුම වදයක් වුනා මට.
    ඔය විදිහටම දවස් දෙකක් ගෙවන්න අපිට සිද්ද වුනා. පොඩි ළමයි හය දෙනෙක් හිටියා. මගේ හස්බන්ඩ් ලෝබ කෙනෙක් නෙවෙයි. ඉතින් ගෙදරට අත්‍යවශ්‍ය දේවල් ගෙනත් දැම්මෙ එයාලටත් එක්ක දැන් ඉතින් අපි ගාවට ආපු අයනෙ කියලා.
    මං මගෙ ජීවිතයට දැකලවත් නෑ එහෙම පෙරේත ළමයි වගේම වදකාරි ළමයි.
    ඒ ටිකේම ගෙදර ඌරුමස් හදපු නිසා මම බිත්තර හදාගෙන කෑවෙ. මම බිත්තර බැදගෙන බත් එක බෙදාගෙන කන්න ගන්නකොට එක ළමයෙක් ඇවිත් පිගානෙන් බිත්තර අරන් යනවා.

    මං මොනාහරි ක්න්න ගත්තොත් ඕක මට කියලා ඒක උදුරාගෙන යනවා. මම දැක්කා ෆ්‍රිජ් එක ඇරලා ඇස්ට්‍රා කප් එක අරන් ඇගිල්ල දාලා අරගෙන ලෙවකනවා. ආයෙමත් ඒ ඇගිල්ලෙන්ම අරන් කනවා. හැන්දක් යූස් කරන්න කියලා දෙන්න තරම්වත් බැරිද අඩුම තරමෙ.
    මට ඇත්තටම ශිට් කියලා හිතුනා එහෙම දේවල් නම්.
    අන්තිමට මගේ හස්බන්ඩ්ට මේවා බලන් ඉන්න බැරිමවුනා ඇත්තටම.
    මොකද අපේගෙදර සිරියාව අතුරුදන් වෙලා යන්න මහලොකු දවසක් ගියේ නෑ.
    අපේගෙදර තිබුන අලුත්ම බඩුවලට පෑන් තීන්ත හලලා මුලු බිත්ති පුරාම ඇදලා.
    කාලා බීලා ඉවර වෙලා සින්ක් එක ගාව ගොඩගහලා ඒ ආපු ගෑනු දෙන්න එළියට වෙලා ඉන්නවා.

    එක දවසක් මට බලාගෙන ඉන්න බැරිව උදෙන්ම හෝදල දැම්මා. හස්බන්ඩ් ඔය සේරම බලාගෙන ඉවසන් හිටියත් එයා අන්තිමටම ඒ ආපු අයට මූනටම කිව්වා මෙහෙම අපිට හරි කරදරයි. ඒ නිසා ඔයාලා යන්න කියලා.
    ඒම කියන්න හේතු ගොඩක් හැදුනා.
    හැබැයි එහෙම කිව්වා කියලා එයාලට ගාණක්වත් නෑ. අපෝ ළමයි ඔහොම තමයි ඔයාලට තේරෙයි ඔයාලගෙ ළමයි ලොකු වෙද්දි කියලා හිනාවෙනවා.
    ඒත් අපි හොඳටම විශ්වාස කරනවා අපේ ළමයි කවදාවත් ඔහොම හැදෙන්නෑ කියලා. මොකද අපි දෙන්න අතර නොගැලපෙන දේවල් දාහක් තියෙනවා හැබැයි පිළිවෙල සහ පිරිසිදුබව අතින් සීයට සීයක්ම ගැලපෙනවා. ඉතින් අපේ ළමයිට පේන්නෙත් අපි ඉන්න විදිහ නිසා එයාලා හැදෙන්නෙ අපි වගේ.
    ඔය ආපු සමහර ළමයි දත් මැදලා කුස්සියේ සින්ක් එකට කෙළගහනවා. එතනින් මග් එකක් අරන් කට හෝදල දානවා බාතෲම් එකේ දොර ගාව ඉදන්. හරි කැතයි වගේම අප්පිරියයි.

    කොහොම හරි එයාලා ඊයේ දවල් ගියා. ඒ යනකොට ගෙදර යුද පිටියක් වගේ.
    අපි දෙන්නම ඒ වෙලාවෙ ඉදන් රෑ වෙනකම් මහන්සි වෙලා ගෙදර අස් කරා.
    ඇත්තමයි හරි කළකිරීමක් ආවෙ ෆ්‍රිජ් එකේ තිබුන දේවල් කෑවත් කමක් නෑ විනාශ නොකර. ඩ්‍රැගන් ෆෘට් වගයක් තිබුනා. ඒවා නිකම්ම කපලා කන්නෙත් නැතිව ඔහේ දාලා ආපහු.
    අපිට ඊයේ හරි මහන්සි ඒවා අස්කරලම.
    මට අන්තිමට කියන්න තියෙන්නේ එහෙම ළමයි නම් හදන්නෙපා ඇත්තටම. කවුරු හරි හිතයි මං ළමයිට ආදරෙ නැති ලෝබ කෙනෙක් කියලා. එහෙම නෙවෙයි මං හරි ආදරෙයි පොඩි අයට.
    ලෝබත් නෑ. ඒත් ළමයි කියන්නෙ මල් වගෙ අයට. එයාලා මේ ලෝකෙ ලස්සන කරන්න පුළුවන් අය මිසක් ඔයවගෙ ටොක්සිස් විදිහට ඉන්න අය නෙවෙයි.
    එහෙම දග ළමයි වුනත් හරි ආදරෙන් වෙනස් කරන්න පුළුවන්. හැබැයි ඒ අම්මලා ඔහේ ඉන්නවා ඒ ළමයිගෙ ආච්චිට වගකීම දීලා.
    " කොල්ලො නිකම් හිටපිය " කියලා සමහර වෙලාවට දෙකක් ගහනවා ආච්චි.එහෙම වෙනකොට ඒ ළමයි තවත් හිතුවක්කාරයි
    ආච්චිටත් බැණලා නටන එකමයි කරන්නෙ.

    මට හිතුනා ඒ ළමයි ඉන්නෙ ඇරියස් වලින්. ආදරෙ අඩුපාඩු ආසා දේවල් කන්න නැති අඩුව වගෙ දේවල් වෙන්න ඇති.
    ළමයි හදන්න ඕන කාටවත් කරදරයක් නොවෙන්න. අපි හදන ළමයි කියන්නෙ අපේ වගකීමක් මිසක් ලෝකෙ අනික් මිනිස්සුන්ගෙ වගකීමක් නෙවෙයිනේ.
    හරි කළකිරීමක් දැනුනේ මටනම් ඇත්තටම.
    එහෙම ළමයි හදලා සමාජගත නොකිරීම දෙමව්පියන්ගෙ වගකීමක්.
    වයස හරිගියාම ළමයි හදන එකම ලොකු උපාධියක් ගත්ත වගෙ ඉන්න දෙන්නෙක් තමයි ඒ ළමයිගෙ අම්මලා. අපි දෙන්නගෙ වයසට අනුව දැන් ටිකක් ලොකු ළමයි ඉන්න ඕන කියලා මටත් උපදෙස් දුන්නා.

    මං ඉතින් සද්ද නැතිව හිටියා. එහෙම හැදුවා නම් අපෙත් ළමයි ඔහොම අනුන්ගෙ දේවල්වලට ආසා වෙලා ඉදී කියලා කියන්න හිතුනත් හිනාවෙලා නිකම් හිටියා.
    අපි දෙන්නගෙම අරමුණ ඇරියස් නැති දරුවෙක් හදන එක මිසක් අපි වයසට ගියාම සැලකුම් ගන්න දරුවො හදන්න නෙවෙයි.
    ඉතින් අපි අපේ ජීවිත දැන් හදාගෙන ඉවරයි.
    දරුවෙක්ගෙ අනාගතයක් වෙනුවෙන් වෙන්න ඕන හැමදේම කරගෙන ඉන්නෙත්.
    අපි හිතනවා අපේ දරුවා සතුටින් ඉදීවි.
    අන්තිමටමත් මට කියන්න තියෙන්නේ ඔහොම හිතුවක්කාර දග ළමයි ඉන්නවා නම් ඇත්තටමයි පිටගෙදරකට එක්කන් යන්න එපා. ඒක ඒ ගෙදර මිනිස්සුන්ට බරක්.
    මට මාර ස්ට්‍රෙස් එකක් තියෙන්නේ ඒ දවස් කීපය ගැන ඇත්තටම.

    Copied from Facebook.
    Over exaggerated
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    කියන්නෙ නැතුව ඉන්න එනව කියන්නෙ, ගෙදර උන්ගෙ පොන්න කම. පොන්නයො වගේ ජීවත් වෙද්දි ඔහොම තමා.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,014
    15,491
    113
    New Zealand
    ඔහොම උන් ඉන්නවා බන්. අම්මලා තාත්තලා වගේම තමයි ළමයි හැදෙන්නෙත්. ගෙදරදි නිදහස නැත්නම්, හොදට කන්න බොන්න දෙන්නෙ නැත්නම් ඒ ළමයි පිට ගෙදරකට ගියාම එහෙම හැසිරෙනවා. ළමයිට ගහලා හරි කමක් නෑ ඩිසිප්ලීන් හදන්න ඕනි. නැත්නම් ඕකුන් ටික සමාජෙට ආවම පට්ට වාතයක් වෙනවා. අනිත් දේ තමයි මේ කාලේ හැමෝම ජීවත් වෙන්නෙ අමාරුවෙන්. දවස් ගණන් ගිහින් වෙන එක්කෙට වාතයක් වෙන එක නම් හොදදෙයක් නෙමෙයි. ගෙදරකටගිහින් තේ එකක් බීලා , කෑම ටීකක් කාලා එන එක වෙන දෙයක්. ඒත් දවස්ගණන් නැවතෙන එක නම් හොද දෙයක් නෙමෙයි. අනිත් දේ තමයි කිසිම ගෙදරකට ගිහිනේ ඒ ගෙදර බෙඩ් රූම්, කුස්සිය වගේ තැන්වලට යන එකත් හොද දෙයක් නෙමෙයි
     
    Last edited: