සිංහලේ අන්තිම රජුගේ සිරකුටිය‍ මෙන්න

gepa

Well-known member
  • සිංහලේ අන්තිම රජුගේ සිරකුටිය‍ මෙන්න

    sri-wickrama-rajasingha-14.jpg


    කොළඹ නගරය කියපුවාම අපේ සිහියට එන්නේ අහස උසට තියෙන ගොඩනැගිලි වගේම කාර්යබහුලකමින් ඉහ වහ ගිය නගරයක් කියන එක. ඒත් මේ විශාල වාණිජ නගරය ඇතුළේ ඓතිහාසික අතින් වැදගත් වෙන ස්මාරක කීපයක්ම පිහිටලා තියෙන වග දන්නේ බොහෝම අතළොස්සයි. සමහර විට ඒ ගැන දැනුවත් කිරීමක් මහජනතාව අතරට ගෙනිහින් නැති නිසා මේ තත්වය ඇතිවෙලා තියෙනවා වෙන්නත් පුලුවන්. කොහොම නමුත් කොළඹ නගරයේ පිහිටලා තිබෙන ඓතිහාසික අතින් වැදගත් වෙන ස්ථානයක් ලැන තමයි මේ කියන්නේ

    පොඩි මූලාරම්භයක් ගත්තොත් බොහෝ කාලයක ඉදන් කොළඹ නගරයක වාණිජ වශයෙන් වැදගත්කමක් තිබෙන නගරයක් බවට පත්වෙලා තිබුණා. රජ කාලේ ඉදන් ඒ තත්වය පැවතුණත් රජ කාලයට අයිති වෙන ඓතිහාසික ස්මාරක නම් මේ වෙනකොට කොළඹ නගරයේ දැකගන්න ලැබෙන්නේ නැහැ. ඒත් කොළඹ මූලික කරගෙන ලංකාවේ ආදිපත්‍යය ව්‍යාප්ත කරපු පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන යුරෝපීයන් විසින් ඉදි කරපු වගේම ඔවුන් එක්ක සම්බන්ධ වෙන ඓතිහාසික ස්මාරක කීපයක්ම කොළඹ නගරයේදී දැකගන්න පුලුවන්.

    මේ අතරින් ලංකාවේ රජ පරපුරත් එක්ක සම්බන්ධ වෙන ඉංග්‍රීසීන්ගේ කාලයට අයිති වෙන නිර්මාණයක් පිළිබඳව තමා අද කතා කරන්නේ. ඒ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව සිරගත කරලා තිබුණු සිරකුටිය පිළිබඳව.

    මේ සිරකුටිය පිහිටලා තියෙන්නේ හිරියටම කිව්වොත් ලංකා බැංකු මුලස්ථානය ඉස්සරහ. අර ලෝක වෙළද මධ්‍යස්ථානය සහ කිංස්බරි හෝටලය අතර මහපාර අයිනේ මේ සිරකුටිය අදටත් දකින්න පුළුවන්.


    sri-wickrama-rajasingha-3.jpg



    sri-wickrama-rajasingha-10.jpg


    මේකේ කථාව මෙහෙමයි

    එවකට උඩරට රාජධානියේ රජතුමා වුණු රාජාධි රාජසිංහගේ ප්‍රධාන අදිකාරම්වරයා වුණු පිළිමතලව්වේගේ කුමන්ත්‍රණයක් නිසා රජුගේ ඇවෑමෙන් අවුරුදු 18 ක් වුණු කන්නසාමි 1798 දී ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් සිංහාසනයට පත් වෙනවා.

    වසර 17 ක් පමණ කාලයක් පාලනය ගෙනියපු ශ්‍රී වික්‍රම රාජසිංහගේ කෲරත්වය නිසා වගේම රදළයන්ගේ පාවාදීම් වගේම කරුණු ගණනාවක් උඩ දෙවෙනි වරට උඩරට රාජධානිය අත්පත් කරගන්න ඉංග්‍රීසීන් විසින් දියත් කරපු ආක්‍රමණය සාර්ථක වෙනවා.

    ඒ අනුව 1815 පෙබරවාරි මාසය ආරම්භ වෙද්දී ඉංග්‍රීසීන් ලේ වැගිරීමකින් තොරවම සෙංකඩගල ආසන්නයට පැමිණිලා හිටිය නිසා ශ්‍රී වික්‍රම රාජසිංහ තමන්ගේ බිසෝවරු වගේම හිතවත්ම සේවකයන් පිරිසක් එක්ක පෙබරවාරි 11 නගරය අත් හැරලා පලා යනවා. ඒ ආරංචිය ලැබීමත් එක්ක ඉංග්‍රීසීන් තමන්ගේ කටයුතු ඉක්මන් කරනවා. අන්තිමට පෙබරවාරි 14 මේජර් මොෆට්ගේ නායකත්වයෙන් යුතු ඉංග්‍රීසීන්ගේ දෙවෙනි හමුදා බල ඇණිය පාළුවට ගිහින් තිබුණු සෙංකඩගල නගරය අල්ලා ගන්නවා.

    ඒත් චෙස් ක්‍රීඩාවේ වගේ රජු අල්ලා ගන්නකම් ආක්‍රමණය සාර්ථක නොවෙන නිසා රජතුමා ඌවට පලා යන එක වළක්වන්න හමුදා සෙබළු පිටත් කරනවා වගේම රජතුමා සැඟවිලා ඉන්නවාය කියන දුම්බර ප්‍රදේශයටත් ජෝන් ඩොයිලි හා ඇහැලේපොළ මහ නිළමේගේ මූලිකත්වයෙන් පෙබරවාරි 16 වෙනිදා භට කණ්ඩායම් පිටත් කරනවා.

    මේ අතරේ රජතුමා උඩු දුම්බර ප්‍රදේශයේ තියෙන ගල් ලෙනක සැඟවෙන්න කරපු උත්සහය අසාර්ථක වුණු නිසා මහවැලි ගඟෙන් එගොඩ දියතලා කඳු පංතියේ තිබුණු ගල උඩ බලකොටුවට යන්න පිටත් වෙනවා. ඒත් රෑ බෝවීම වගේම ලොකු වැස්සකුත් පටන් ගත්තු නිසා බෝමුරේ ගල්ලැහැවත්තේ උඩුපිටියේ ආරච්චිලගේ නිවෙසට රජතුමා පැමිණෙනවා. එහි රැඳී සිටිය රජතුමාව එක්නැලිගොඩ නිළමේ ප්‍රධාන හමුදා කණ්ඩායමකින් පෙබරවාරි 18 වෙනිදා අත් අඩංගුවට ගන්නවා

    එහෙම අත් අඩංගුවට ගත්තු රජතුමා වගේම බිසෝවරු ඇතුළු රජතුමා ඥාති පිරිස ජෝන් ඩොයිලිගේ උපදෙස් මත ප්‍රධාන හමුදා නිලධාරීන් දෙදෙනෙක් සහිත පාබල හමුදා භට කණ්ඩායමක ආරක්ෂාව යටතේ රජතුමා ඇතුළු ඥාතීන්ව කොළඹට පිටත් කෙරෙනවා. මාර්තු 6 වෙනිදා කොළඹට පැමිණෙන රජතුමාව කොළඹ නගරාරක්ෂක බල ඇණියේ ප්‍රධානියා වුණු ජෙනරාල් කර් විසින් රජතුමාව පිළි අරගෙන රජතුමාට රැඳී සිටින්න සකස් කරලා තිබුණු ගාලු මුවදොර ආසන්නයේ නිවෙසට රැගෙන යනවා.

    නැවතත් ප්‍රධාන කතාවට ආවොත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රඳවා තැබුණු මේ සිර මැදිරිය අර්ධ කවාකාර හැඩයේ ගොඩනැගිල්ලක්. මේ ගොඩනැගිල්ලේ මුදුන ගෝලාකාර සකස් කරලා එහි මුදුනේ වා කවුළුවක් දමා තිබෙනවා. මේ ගෝලාකාර කොටසේ මාළුවන්ගේ පිටේ තිබෙන කොරළ ආකාරයේ මෝස්තරයක් දැක ගන්න පුලුවන්.

    ගොඩනැගිල්ලේ අර්ධ කවයේ සරල රේඛීය කොටසේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ උඩුකය ප්‍රතිමාවක් ස්ථාපනය කරලා තිබෙනවා වගේම සමරු ඵලකයකුත් පිහිටවා තිබෙනවා.

    එහි දැක්වෙන්නේ ලංකාවේ අවසන් රජතුමා වුණු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අල්ලා ගෙන මේ බිමේ තිබෙන සිර මැදිරියේ සිර කරලා තැබුවා කියලා සිහිවෙන්න සමරු ඵලකය පිහිටෙව්වා කියලා. ඒක සිංහල වගේම ඉංග්‍රීසි මාධ්‍යයෙනුත් දක්වලා තියෙනවා.

    සිර මැදිරියේ දොරටුව තියෙන්නේ පිහිටා තිබෙන අර්ධ කවාකාර කොටසට ගියාම සිර මැදිරියේ දොරටුවට වම් පසිනුත් තවත් සමරු ඵලකයක් දැකගන්න පුලුවන්. එහි දක්වන්නේත් රජතුමා අත් අඩංගුවට ගත් පුවත වගේම මේ සිර කුටියේ රඳවා තිබුණු බවත් අවසානයේදී ඉන්දියාවට පිටුවහල් කරපු රජතුමා එහිදී මරණයට පත්වුණු ආකාරයත් කියවෙන කතා පුවත. ඒක සිංහල වගේම ඉංග්‍රීසි මාධ්‍යයෙනුත් දක්වලා තියෙනවා.

    සිරමැදිරියේ දොරටුව අඩි 5 ක් පමණ වෙනවා. අභ්‍යන්තර කුටියේ උස අඩි 12 ක පමණ වෙනවා. කුටියේ දිග පළල අඩි 8 ක් සහ අඩි 5 ක් පමණ වෙනවා. සුවිශේෂී ලක්ෂණයක් තමා මේ මැදිරියේ බිත්තියක ඝණකම අඩි 2 ක් පමණ වෙන එක. මැදිරියේ දොරටුව දෙපසිනුත් වා කවුළු දෙකක් දමා තිබෙනවා.

    වර්තමානයේදී මේ මැදිරියේ බිත්තිවල සිතුවම් කීපයක් දැකගන්න පුලුවන් ඒ අතර ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සහ අග බිසව වුණු වෙන්කත රංගම්මාල් බිසවගේ සිතුවම් දෙකත් ඊට ඉහළින් මහනුවර දළදා මාලිගාව සහ නුවර වැවේ සිතුවම් දෙකත් දැකගන්න පුලුවන්.

    මැදිරියේ වම් පස බිත්තියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව සිහසුනට පත් කරපු පිළිමතලව්වේ මහාදිකාරම්ගේ සිතුවමකුත් ඊට වම් පසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා 1832 ජනවාරි 30 වෙනිදා මිය ගියාට පස්සේ දේහය ආදාහනය කරලා භෂ්මාවශේෂ තැන්පත් කරපු මුතු මණ්ඩපම් කියන ස්මාරකයේ සිතුවම දැකගන්න පුලුවන්.

    මැදිරියේ දකුණු පස බිත්තියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අල්ලා ගන්න කටයුතු කරපු එවකට ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග්ගේ සිතුවමත් ඊට දකුණු පසින් රජතුමා ඇතුළු පිරිස ඉන්දියාවට පිටුවහල් කළ පසු රැගෙන ගිය H.M.S Cornwallis නෞකාවේ සිතුවමත් දැකගන්න පුලුවන්.

    මේ සිර මැදිරිය සම්බන්ධ තිබෙන විවිධ මත පිළිබඳව කතා කළොත් සැබවින්ම මේ කුටිය රජතුමාව සිර කරලා තබන්න භාවිතා කළාද කියන ගැටලුව මතු වෙලා තිබෙනවා.

    කොළඹට රැගෙන ආ රජතුමා ඇතුළු පිරිස ගාලු මුවදොර ආසන්නයේ තිබුණු විශාල නිවසක රැදෙව්වා කියන පුවතත් එක්ක තමා මේ ගැටලුව පැන නගින්නේ. තමන් දැන් රජෙක් නොවුණත් තමන්ට ඉංග්‍රීසීන් දක්වපු කාරුණික බව ගැන රජතුමා ස්තුති කරලත් තිබෙනවා.

    ඒ වගේමයි මේ ලන්දේසි සමයේ ඉදි කෙරුණු මුර කුටියක් බවත් පසුව ඉංග්‍රීසි සමයේදීත් මෙය මුර කුටියක් වශයෙන් භාවිතා වුණා කියන අදහසත් ඉදිරිපත් වෙලා තියෙනවා.

    කෙසේ වෙතත් සියලු අදහස් එක්ක පිළිගත හැකි අදහසක් වන්නේ මේ අදහස. ඒ තමා රජතුමා ඇතුළු පිරිස ගාලු මුවදොර ආසන්නයේ තිබුණු විශාල නිවසක රඳවා තිබුණා. රජතුමා බොහෝ අවස්ථාවල බීමතින් කලහකාරී විදිහට හැසිරෙද්දී ඔහුව මේ මැදිරියට දමා තිබුණා කියන එක. රජතුමා සුරා ලෝලියෙක් වෙලා හිටිය බව 1815 ඉංග්‍රීසීන් සෙංකඩගල අල්ලා ගත්තු වෙලාවේ රජ මාළිගාවේ තිබුණු හොෆ්මන් චෙරි බ්‍රැන්ඩි බෝතල් විශාල සංඛ්‍යාවෙන් පැහැදිලියි.

    1815 මාර්තු 6 වෙනිදා ඉදන් 1816 ජනවාරි 24 වෙනිදා ඉන්දියාවට පිටුවහල් කිරීම සිදුවුණු දවස දක්වා රජතුමා මේ මැදිරියේත් ඒ අසළ තිබුණු විශාල මන්දිරයේත් වාසය කරපු බව පැහැදිලියි.

    ලාංකීය රජතුමෙක් පිළිබඳව ලංකාවේ තිබෙන අන්තිම මතක සටහන විදිහට මේ ස්මාරකය හැඳින්වුවාට වරදක් නැහැ. මේ මැදිරිය මුලින්ම වර්තමාන ශ්‍රී ලංකා මහ බැංකුව ඉදි කළ ස්ථානයේ තිබූ බවත් පසුව මේ ස්ථානයට ගෙනවිත් ඇති බව කියවුණත් ඒ බව සනාථ කරන්න පුලුවන් සාධකයක් නම් හමුවුණේ නැහැ. කෙසේ නමුත් මැදිරිය අභ්‍යන්තරයේ සිතුවම් ඇඳීම, සමරු ඵලක දෙක සවි කිරීම සහ රජතුමාගේ උඩුකය පිළිරුව තැනීම බොහෝම පසු කාලයක සිදුවුණු ඒවා හැටියටයි පෙනෙන්නේ.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ස්මාරකය කුමක්ද මෙහි තියෙන වැදගත්කම මොකක්ද කියන එක බොහෝ දෙනා දන්නේ නැහැ.

    අනෙක් අතට මේ සම්බන්ධව වග කිව යුතු බලධාරීන් එතැනට යන එන අයට මේ ගැන තොරතුරු ඉදි සඳහන් කරලා නාම පුවරුවක්වත් සකසා නොතිබීම විශාල අඩුවක්. ඉතින් ඔබටත් විවේකයක් තියෙන වෙලාවක ගාලු මුවදොර පිටියේ ඇවිදින්න එහෙම ගියොත් මේ ස්මාරකය බලන්නත් අමතක කරන්න එපා.


    uputaganeema awidimu dot com
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මම හිතුවෙම අන්තිම රජුගේ අන්තිම පඩේ ගැන මොකක්හරි කියල බන්
     
    • Like
    Reactions: gepa

    gepa

    Well-known member
  • මම හිතුවෙම අන්තිම රජුගේ අන්තිම පඩේ ගැන මොකක්හරි කියල බන්

    රජ තුමා ඔය කුටිය ඇතුලෙ පඩින්නත් ඇති නේද බන්

    පඩිනත් ඇති බන්.. රජතුමාගේ ඇරපු පඩ ගැන විස්තරයක් හොයාගන්න බැරි උනා
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පඩ මහාචාර්යතුමාගේ තවත් පට්ට ත්‍රෙඩක්..බෙදාගත්තට ස්තූතියි සහෝ 14++