සිංහලේ අන්තිම රජු ?

modara

Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    අදත් නිදහස් දවසක් ...ලංකාවේ අන්තිම රජ කව්ද ?
    නායක්කාර වන්සික දෙමලා ද ?
    උත්තර ඔව් නේද ?

    එතනින් පටන්ගමු ....
    අපේ රටේ හැම මගුලම ගවේෂණ කරන උන් ,ජාතික කැක්කුම තියන උන් මේවා නිවැරදි නොකරන්නේ ඇයි ?
    රජෙක් වෙන්න ඔටුනු පලදවන්නම ඕනෙද?
    නැත්නම් කුලවාදයද ?

    1848 කැරැල්ල.... ඉංග්‍රීසින් තමන්ට ඕන විදියට බදු බර පටවමින් රිසි සේ රට කරනකොට ඔය උඩරට උන්ට නායකයෙක් හොයාගන්න බැරි උනා ,කුඩහකපොල හාමුදුරැවෝ ප්රෙමුක උඩරැටියන්ට නායකත්වය දුන්නේ ගොන්ගාලේ ගොඩ බණ්ඩා නොහොත් පෑලියගොඩ ඩේවිඩ් ...කොලොන් තොටේ කරක් ගහපු වනවාසල එකෙක් .ගොන්ගාලේ ගොඩ බණ්ඩා රාජ වංශිකයෙක් නොවුන නිසා නිල තනතුරක් වෙලා නැහැ ....මොකෙක් හරි නැති වෙලාවට නායකත්වය අරන් සටන මෙහෙයවන්න හොදා .ඉන්දියන් දෙමළු රජකරගන්න පුළුවන් ...කාගේද කුහකකම ?

    ගොන්ගාලේ ගොඩ බණ්ඩා එක්ක හරි හරියට සටන මෙහයවා ,ගොන්ගාලේ ගොඩ බණ්ඩා නැතිකළ ,සටන මෙහෙයවන්න රජෙක් නැතිකළ ,රට වෙනුවෙන් ඊළගට අබිශේක ලැබුවේ මොරටුව උයන ඉපදුන විර හැන්නදිගෙ ප්‍රන්සිස්කු ප්‍රනාන්දු නොහොත් වීර පුරන් අප්පු කන්ද උඩරට ජනතාව වලිසින්හ රජු නමින් නමින් අබිශේක ලබා අයිතිහාසික 1848 කැරැල්ල මෙහයවා තමාගේ ජීවිතය ඒ අසහාය මොරටු පුත්‍රයා මව්බිමට බිලිදුන්නේය .
    ඒ රජ කමේ නම්බු නාමය පුරන් අප්පුට නොලැබෙන්නේ ඔහු පාතරැටියෙක් නිසාද ?
    මොරටු වැල්ලේ නාගරිකයෙක් නිසාද ?

    ඒත් අදටත් සිංහලේ අන්තිම රජු කව්ද?
    පුරන් අප්පු නොවේද?

    *** විස්තර wiki වලිනුත් .ඉතිරිය මගෙන් ..

    ජයවේවා !!!!!!
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    1) අන්තිම සිංහල රජු කියල සලකන්නෙ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවො නෙමෙයි. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජ්ජුරුවො. (එයා සිංහල)
    2) රජකමට උරුමකම තිබිච්චි මුත්තු සාමි කුමාරයා හලලා දාල කන්නසාමි කුමාරයට (ශ්‍රී වික්‍රම රාජසිංහ) රජකම දෙන්න පිළිමතලාවේ නිලමෙ කටයුතු කලේ ඒ කුමාරයා පිළිමතලාවේ නිළමෙගෙ හින්ද කියල මතයක් තියනව.
    3) 1818 හෝ 1848 කැරැල්ලෙන් රටේ (උඩරට රාජධානියේ) ඉතාම සුලු කොටසක් විතරයි අල්ලගන්න පුලුවන් උනේ. (මහනුවර වත් අල්ලගන්න බැරිව ගියා) ඒ නිසා අභිෂේක කලත් රජ කෙනෙක් විදිහට සලකන්නේ නැතිව ඇති.

    කොහොමටත් ඉතිහාසය ලියවෙන්නෙ ජයග්‍රාහකයො අතින්. වැඩිය ඕන නෑ. උඩරට කැරලිවලින් පැරදුනාට පස්සෙ බ්‍රිතාන්‍ය කිරීටය විසින් කැරැල්ලට සම්බන්ධ වීම නිසා රාජද්‍රෝහීන් කියල නම් කරපු අයව හිටපු ජනාධිපති මෛත්‍රී පත්වෙනකල් නිල වශයෙන් රාජද්‍රෝහීන් විදිහට සැලකුවෙ. හිටං තුමා තමයි ගැසට් එකක් ගහල ඒ උදවිය ජාතික වීරයො කලේ.
     
    ලන්කවෙ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ කියා තම සදහන් වෙන්නේ ( ,සිංහල අන්තිම රජු ගැන නෙමේ)
    1848 කැරැල්ල නායකත්වය පුරන් අප්පුගේ .කිරුලු නොපන් රජ ..ඉතිහාසයේ සදහන් ඒත් දේශමාමකයෝ මොනවද කලේ කියන එක මගේ තර්කය .
    1948 සුද්දා නිදහස දුන්නත් අපි බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව හිටියේ 1972 සිරිමාවෝ බණ්ඩාරනායක ජනරජය කිරීමෙන් එය අහෝසි උනා එත් හිටන් තුමා ඒ රාජ ද්‍රෝහිත්වය අහෝසි කරනකන් මොකද්ද අපේ රටේ උන් කලේ .
    එංගලන්තේ කටුගෙදර අපේ ලබ්බක් තියන එකට මර හඩ දෙනවා ..අපේ දේශප්‍රේමී ..
    මේ ගැන මොනවද කලේ ?
    කවුරු හෝ කියලා හෝ හිටන් තුමා මේ දේ කරනකන් නිදහස් දින කියක් ලැබුවද ?
    1948 පස්සේ අව්රුදු 70 හෝ 1972 පස්සේ 47 යනකන් රට බේරගන්න ජිවයදුන් ජාතික වීරයාට මොනවද කලේ ..
    මේ අව්රුදු ගානට ප්‍රනාන්දු ලා කී දෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කලාද ?
    රටේ ලොකු පොඩි උන් දුමින්ද සිල්වා වෙනුවෙන් කතා කරපු තරන් වත් කතා කළද කියලා සැකයි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒකනෙ දිව්‍යලෝකෙ හිටියෙ නැති උනාට මමත් දෙවි කෙනෙක් කියන්නෙ
     
    • Haha
    Reactions: NRTG and hodakolla

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    FB_IMG_1612519662307.jpg

    ඔය ඉන්නේ අළුත් රජු