සිංහලේ අභිමානය !!
ඇහැළේපොල අදිකාරම් තුමා සෙවූ සිංහලේ අභිමානය සොයාගත් වගයි
එදා බ්‍රිතාන්‍යයයන් විසින් මුරිසි දිවයිනට පිටුවහල් කළ ඇහැළේපොල අදිකාරම් තුමා සිරිත් පරිදි සවස් කාළයේ දෙඅත පිටුපසට බැඳගෙන බිමට නැමුණු හිසින් ඒ මේ අත සක්මන් කරනු දුටු රැකවලට සිටි ප්‍රංශ ජාතික සුද්දා උපහාසයට මෙන් ඇසුවේ ‘ඇයි අදිකාරම් මෙතන වැටී නැතිවූ යමක් සොයනවාද?’ යන්නය. ඊට අදිකාරම්ගේ ක්ෂණික පිළිතුර වූයේ ‘ඔව් මිත්‍රයා මම සොයන්නේ අපට නැතිවුණු සිංහලේ අභිමානයයි’ යන්නය. මේ කථාව අපට දැනගන්නට සැලැස්වූ ප්‍රංස ජාතික රැකවලාට අපි කෘතඤ විය යුතු වෙමු.
කළගුණ නොදත් කපටි සුද්දා විශ්වාස කර උදව් ගැනීමට ගොස් තම දරුපවුලත්, උපන් රටත් අහිමිව අමාරුවේ වැටුණු ඇහැළේපොල අදිකාරම් තුමා සමහරු ජාති ද්‍රෝහියකු ලෙසද හදුන්වති.
නමුත් සිංහලේ වූ වඩුග රජ පරපුර වෙනුවට නැවත නියම සිංහල බෞද්ධ රජ පරපුරක් බිහිකරගෙන සිංහලේ අභිමානය යථා පරිදි නගා සිටුවීමට ඔහුගේ අභිලාශයක් වූ බව ඔහුගේ ක්‍රියාකලාපයෙන් ද එදා මුරිසි දිවයිනේ සිද්ධියෙන් ද මතු කර ගත හැක. නොඑසේ නම් එතුමාට නැතිවූ අභිමානයක් ගැන පසුතැවිලි වීමට කිසිම වුවමනාවක් නැත.
ඇහැළේපොල අදිකාරම් තුමා පිළිබඳ දැනට වසර 180 කට ඉහතදී සිදුවූ සිද්ධියෙන් එවකට පරාධීන ජාතියක්ව සිටින අපට ඉතා වැදගත් පණිවිඩයක් ලැබුණබව කිවහැක. එනම් “අප සැම විසින් සිංහලේ අභිමානය වහා සොයා දරාගතයුතු” බවය. එසේ අප සැම විසින් සිංහලේ අභිමානය සොයා දරාගතහොත් පරගැතිබවින් මිදී එකමුතුව ක්‍රියා කර නැවතත් නිදහස්, නිවහල්, ශ‍්‍රේෂ්ඨ ජාතියක් වශයෙන් ලොව නැගී සිටීමට හැකියාව අපට ඇත. සුද්දාගෙන් නිදහස ලබා 68 වසරක් ගත වු අද දවසේදීවත් අපි එතුමාගේ පණිවිඩයෙන් කියවෙන අභිමානය සොයා දරා ගත්තාදැයි විමසා බලමු.
දේශයක් හෝ ජාතියක් පිළිබඳව අභිමානවත් වීමට හැකිවීම ඵම දේශයේ හෝ ජාතියේ නිවහල් භාවයට, දියුණුවට පමණක් නොව මානව සංහතියේ ද දියුණුවට විශාල පිටුවහලක් වේ. යම් ජාතියක් පිළිබඳව අභිමානයක් ඇතිවීමට එම ජාතියට අගය කළ හැකි ඉතිහාසයක් සහ ජීවමාන සංස්කෘතියක් තිබිය යුතුය. සිංහලයාට එවැනි දීර්ඝ ඉතිහාසයක් සාක්ෂි සහ සාධක සහිතව හිමිව තිබේ. එසේම සජීවී දීර්ඝ බෞද්ධ සංස්කෘතියක්ද හිමිය. අභිමානය ඇතිවීමට නම් මේවා හදාරමින් අගය කරමින් විමසිය යුතුය. එසේ වුයේ නම් නිදහස් නිවහල් රටක ජීවත්වන සිංහලයා තම ජාතිය පිළිබඳව අභිමානවත් විය යුතුය. නමුත් අද යම් අවුලක් ඇති බව පෙනේ.
අද අපේ අභිමානයේ තරම
සිංහල බෞද්ධ රට වශයෙන් හැදින්විය හැකි, හැදින්විය යුතු මෙරට 80 දශකයේ සිට බහු ජාතික, බහු ආගමික රටක් වශයෙන් පාලකයන් විසින්ම නම්කරන විට බහුතර සිංහලයාට ඊට විරුද්ධ වන්නට නොහැකිවීමෙන්ම සිංහලේ ජනතාවගේ අභිමානයේ පිරිහුණු තරම පෙන්නුම් කරයි.
අපේ පාලකයන්ගේ අභිමානයේ අද දක්වා වූ පිරිහීම ඔවුන් අපේ රණවිරුන්ට දක්වන ප්‍රතිචාර ඔස්සේ දැකගත හැක. අපට උපදෙස් දෙන ඇමරිකාව, බ්‍රිතාන්‍යය ආදී රටවල් පවා තම රණ විරුවන්ට එරෙහිව තම නීතිය ක්‍රියාත්මක නොකරන අවස්ථාවක ඒ රටවල් සැනසීම සදහා ජාතිවාදී, බෙදුම්වාදී ම්ලේඡ්ඡ දෙමළ ත්‍රස්තවාදය ගෙන ගිය තිස් අවුරුදු යුද්ධය දිවිපුදා ජයගෙන රටටම සාමය උදාකළ සිංහලේ රණ විරුවන්ට එරෙහිව නීතිය යොදවන්නට පාලකයෝ පෙළ ගැසී සිටිති. රණ විරුවන්ගේ ඔද තෙද බිඳ ඇත. අනිත් අතට ලෝකයේ නිවහල් රටක් කිසිදා තම ජනතා බහුතරයේ අභිලාෂයන් සහ ඕනෑඑපාකම් අමතක කොට සුළු ජනවර්ගයක හෝ සුළු ආගමික පිරිසකගේ අභිලාෂයන් සහ ඕනෑඑපාකම් ඉටුකිරීමට බැඳී නැති බව ඈත මෙන්ම මෑත අතීතයේ ලෝක සිදුවීම් තුලින් මනාව ඔප්පුවේ. එමෙන්ම නිවහල් රටක් කිසිදා අනෙකුත් රටවල නීති රීති සහ ඕනෑඑපාකම් වලට යටත් වීමට බැඳී නැති බවද අද බලවත් යයි කියාගන්නා රටවල ක්‍රියාකලාපය ඔස්සේම තේරුම් ගත යුතුය. නමුත් අප රට තුල සිදුවන්නේ ඒ සිදුවිය නොයුතු දේමය.
රට තුල ජීවත්වන අනෙකුත් ජන වාර්ගිකයන්ට අන්‍යාගමිකයන්ට සෙත සලසන ඔවුන්ගේ නායකයින් සිටියත් සිංහල බෞද්ධයන්ට සිටින්නේ පක්ෂ දේශපාලනයෙන් බෙදුණු, බලලෝභය නිසා අසිංහලයින්ට වූ පොරොන්දු ඉටුකරමින්, වරදාන දෙමින් එම අනෙකුත් ජන වර්ගයන්ටම සෙත සලසන නායකයින්ය. සිංහල ජනතාව තම රටට පාලකයින් පත්කරගන්නේ කුමන අරමුණකින්ද, කුමන සෙතක් තම ජාතියට ලබාගැනීමටද යන්නට පිළිතුරක් කිසිවෙකුට දියහැකිද?
සිංහල බෞද්ධයන් විශාල පිරිසකට අද යම් තරමකින් ජාතිය පිළිබද අභිමානයක් තිබුනද අප සිංහල ජාතිය මුහුණපා සිටින අභියෝග ජයගැනීමට එයට හැකියාවක් නැතිබව පැහැදිළිව පෙනේ.
මේ තරමට නිහීන වූ සිංහල ජාතිය නගාසිටුවීමටනම් සිංහල දේශපාලකයන්ටත්, ඔවුන් තම ඡන්දයෙන් පත්කරගන්නා සිංහලේ ජනතාවටත් අපට හිමි අභිමානය ලබාදීම අද නොපමාව කළ යුතු ප්‍රධාන කටයුත්ත සේ සැළකිය යුතුව ඇත. එවිට අභිමානවත්වූ සිංහල ජාතිය සමගිමත් වී ශක්තිමත් වී දියුණුවීමෙන් අන් සුලු ජනවර්ගයන් සමග ඇති සහජීවනය ද රටේ සාමය ද වර්ධනය වනවා ඇත. අපට හිමි අභිමානය නැවත ලබාගතහොත් අපට විසදිය යුතුව ඇති බරපතල ජාතික හෝ ජනවාර්ගික ප්‍රශ්න තිබේ නම් ඒවා මොනවාද යන්න තේරුම් ගැනීමත් ඒවාට දියයුතු විසදුම් මොනවාද යන්නත් සොයා බැලීමටත් අවස්ථාවක් උදාවෙනවා ඇත.
සිංහලේ අභිමානය නැවතත් මතුකර ගැනීම
සිංහලේ අභිමානය නැවත අප තුල මතු කර ගැනීමට අවශ්‍ය පාඩම් අපට අන් කිසිවෙකුගෙන් නොව අපේ ඉතිහාසය තුලින්ම ලැබේ. වැටී සිටින සිංහලයාගේ අභිමානය නගා සිටුවීමට අතීතයේ තරුණ ගැමුණු කුමාරයාද, පසු කලෙක අනගාරික ධර්මපාල තුමාද මෑත කාලයේ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් ද ආදී අපේ ජාතික වීරයන් ක්‍රියා කළ ප්‍රශංසනීය ආකාරය විමසිය යුතුය.
මෙම කාර්යයේ බැරෑරුම් බව තේරුම් ගැනීමට සිංහලයා එම වීරයන්ට දැක්වූ ප්‍රතිචාරයන්ද විමසීම වටී. ගැමුණු කුමාරයා සිංහලේ රාජ්‍යය ලබාගැනීමට කළ යුද්ධයේදී දිවි පරදුවට තබා පෙරට ආ එඩිතර සිංහලයා පිරිහී ගොස් ධර්මපාල තුමාට මේ දිවයින එපාවන තැනට කටයුතු කළේය. සුද්දා යටතේ ඒ දක්වා පිරිහී ගිය සිංහලයා නිදහසින් පසුව පූජ්‍ය සෝම හිමියන්ගෙන් යම් තරමකට අභිමානවත් වූවේය. උන්වහන්සේට දීර්ඝ ගමනක් යාමට තිබුණි. නමුත් ජාතියේ අවාසනාවටදෝ යම් පිරිසක් උපක්‍රමශීලීව උන්වහන්සේ අපවත් කළේ හරි හැටි පිළිගතහැකි මරණ පරීක්ෂණයක්වත් සිංහලයාගෙන් නොලැබෙන පරිදිය. අද අභිමානවත් සිංහලයාගේ අංක එකේ ආරක්ෂක කටයුත්ත වී ඇත්තේ අභිමානයෙන් තොරවූ පරගැති සිංහලයන්ගෙන්ම ප්‍රවේසම් වීමය.
ඇහැළේපොල අදිකාරම් තුමා ජාතික වීරයෙකු නොවූවත් එතුමාගේ පණිවිඩයෙන් කියන්නේ අපට අපේ අභිමානය නැවත සොයා දරා ගන්නට යන්නයි. නමුත් අපි ඊට අනුව මේ දක්වාම බුද්ධිමත්ව ක්‍රියාත්මක නොවු බව නම් ඉතා පැහැදිළිය. දැන් අප මේ ගතකරන්නේ නැවතත් අපේ අභිමානය සොයා දරා ගතයුතු අන්තිම මොහොතේය. නැතිනම් අප සැම සිංහල ජාතියේ මළගමට සුදානම් වීම යෙහෙකි. සිංහල ජාතිය ලෝකයේ වඳවී යන ජාතීන් අතර සයවැනි තැන ගන්නා බවක් පළවේ. අනෙකුත් සුලුජනවර්ගිකයන්ටත්, විදේශිකයන්ටත් අවනතවීම හැර අපට වෙන කිසිවක් කරකියා ගත නොහැකි දවස ක්‍රමයෙන් ළඟදීම උදාවුවිට සිදුවන්නේ ඇහැළේපොල අදිකාරම් තුමාට මෙන් සිංහල ජාතියේ අභිමානය නැතිවීම ගැන ලත වෙමින් සුසුම්ලෑමට පමණි. ඇහැළේපොල අදිකාරම් තුමාගේ පණිවිඩය අවධාරණය කර දැන්වත් අපි අපේ අභිමානය සොයා ගනිමු.
ජාතියක් වශයෙන් ඉතිහාසය සහ සංස්කෘතිය ඔස්සේ සිංහලයාගේ අභිමානයට සාධක සහ සාක්‌ෂි රාවණා පුරාණයෙන්ද ඔබ්බට ගමන් කරණවා ඇත. එවැනි අභිමානයක් ලොව තවත් ජාතීන් කීපයකට පමණක් හිමිව ඇත. නමුත් සිංහලයාට තවමත් අයිතිව පවතින සුවිශේෂී වූ අභිමානයක් ද ඇත්තේය. එවැන්නක් අපට ඇත්දැයි කෙනෙකු විමතියට පත්වනු ඇත. මෙම අභිමානය ගැන දැනගැනීමේත්, එය වටහා ගැනීමේත්, එය රැක ගැනීමේත් ඕනෑකම සෑම සිංහලයකු තුලම විය යුතුය.
අපට විශේෂිත වූ අභිමානයත් ඒ නිසාම අපට හිමිවන ප්‍රෞඩත්වයත් පිළිබඳව විමසීමේදී අප ඉතිහාසයේ විශේෂ සිදුවීම් සොයා බැලිය යුතුය. එම සිදුවීම් මතුපිටින් නොව ගැඹුරින්ම විමසිය යුතුය. අද බොහෝ ගිහි පැවිදි වියතුන් ඉතිහාසය සහ සංස්කෘතිය ඔස්සේ අපේ අභිමානය වෙත ජාතිය යොමු කරවීමට ඉදිරිපත්වීම දැකීම සතුටට කරුණකි.
මහින්දාගමනය – අපට බුදු සසුන ලැබීම
මෙහිදී මුලින්ම අපට සිංහලේ ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් වන මහින්දාගමනය ඉතා විශේෂිතය. මිනිසාගේ සිතීමේ නිදහසට, ගුණවත්කමට, නැණවත්කමට මෙන්ම ප්‍රඥාවටද මුල් තැන දෙන බුදු දහම, බුදු සසුන සිංහලේට ලැබුනේ මහින්දාගමනයෙනි.
මිහිඳු හිමියන් ඇසූ අඹ ප්‍රශ්නය, ඥාති ප්‍රශ්නය ලොව වාර්තාවන මුල්ම බුද්ධි පරීක්ෂණය වන බව ප්‍රකට කරුණකි. නමුත් අභිඤ්ඤාලාභී රහත් උතුමකුවන මිහිඳු හිමියන්ට දෙවනපෑතිස් රජුගේ බුද්ධිය සහ හැකියාව මැන බැලීමට මෙවන් ප්‍රශ්න කිරීමක් සැබැවින්ම අවශ්‍යව තිබිය නොහැක. උන්වහන්සේ මහළු මුටසීව රජතුමාගේ ඇවෑමෙන් දෙවනපෑතිස් රජ දවස උදාවනතුරු මෙම ගමනට කල් ගත්තේද ඔහු ගැන හොඳින් දැන සිට සැලසුම් සහිතවමය.
එසේ නම් මෙම ප්‍රශ්න කිරීමේ අරමුණ කවරේද? මෙහිදී සිදුවූයේ තමාගෙන් මෙවැනි බුද්ධිමත්බව පිරික්සන ප්‍රශ්න අසන ආගන්තුක මිහිඳු හිමියන්ගේද එම ප්‍රශ්න වලට සාර්ථක පිළිතුරු සපයන තමාගේද බුද්ධිය කොතරම් ඉහල දැයි රජතුමාට මැනවින් අවබෝධ වීමයි.
මේ නිසාම මිහිඳු හිමියන් රැගෙන ආ ප්‍රඥාව උපදවන ශ‍්‍රේෂ්ඨ බුදු දහම අවිවාදයෙන් පිළිගැනීමත් එය රට තුල පැතිරවීමටත් සියලු රාජ්‍ය අනුග්‍රහය දෙමින් ඉදිරිපත්වීමත් සිදුවිය. රජතුමාගේ මෙම තීරණය රට වැසියාගේද තීරණය විය. රාජ්‍ය අනුග්‍රය ලත් බුදු දහම ටික කාළයකදීම ව්‍යාප්ත වී සිංහල භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකාවන් ඇතුලු සිව්වනක් පිරිසද, මගඵල ලාභීන්ද බිහිවීමෙන් රජතුමාගේ තීරණය නිවැරදි බවත් ප්‍රඥාවන්ත දහමක් වූ බුදු දහම ලැබීම රටවැසියාගේ බුද්ධි මහිමයත්, පුණ්‍ය මහිමයත් මොනවට විදහා දක්වයි.
ආගම් අතර බුදුදහමේ ශ‍්‍රේෂ්ඨත්ත්වය පිළිබඳ පවතින සත්‍යය කිසිවිට වසාලිය නොහැක. ජිනීවා නගරයේ පිහිටා ඇති අධ්‍යාත්මය සහ ආගම් ප්‍රවර්ධන සංවිධානය (ICARUS) විසින් 2009 වර්ෂයේදී, බුදු දහම ලෝකයේ හොඳම ආගම ලෙස, එම සංවිධානය විසින් පළකරනු ලබන පුවත්පතේ සදහන් කර ඇත. මේ ස්ථානය හිමිවුයේ අද ලෝකයේ තිබෙන ප්‍රධාන ආගම් 37ක් අතුරින් වන අතර, වෙනත් ආගම් නියෝජනය කළ පිරිස් වලද වැඩි චන්දය බුදුදහම වෙනුවෙන් ලබමිනි.
අපට මෙය කිසිසේත්ම පුදුමයට කරුණක් නම් නොවේ. පුදුමය නම් පරදේශින් නිසා බුදුදහම අත්හැරිය සිංහලයන්ටත්, අවුරුදු 250ක පමණ කාලයක සිට බෞද්ධයන් සමඟම ජීවත්වන වෙනත් ආගම අදහන මෙරට සුලුජාතින්ටත්, මුස්ලිම් ආදී අන්‍යාගමිකයන්ටත් නිදහසේ විමසීමට, සිතීමට මෙරටේ මෙතරම් නිදහස තිබියදීත් බුදුදහමේ වටිනාකම තවමත් නොතේරීමයි.
සිංහල ද්වීපයට සුවිශේෂ තැනක්
බුදු දහම යනු ලොව ඇති තතු නොදැනීම නිසා මතුවන බිය හා සැක මැඩීමට ඇතිකරගන්නා කල්පිත මැවුම්කාර විශ්වාසයක් මත පදනම් වූවක් නොව නිවැරදි දැකීම නිසා ඇතිවන අවබෝධය මත පිළිගත හැකි ලොව ඇති තතු සත්‍ය ලෙස පෙන්වාදෙන, එමගින් ප්‍රඥාව මතුකරදෙන දහමකි. එවන් බුදු දහමින් හික්මණු, ගුණවත් හා නැණවත් වූ ධාර්මික ජාතියක් බවට සිංහලේ පත්වූයේ මහින්දාගමනයත් සමඟය. එපමණක් නොව බුදු දහම සුරක්ෂිතව චිරාත් කාළයක් (වසර පන්දහසක් යයිද කියැවේ) පවතින්නේ අප සිංහල ද්වීපයේ බවද අප දැනගන්නේ මිහිඳු හිමියන් ඇතුලු ගරුතර සංඝරත්නයෙනි. ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජ්‍යයා තම ධර්ම ප්‍රචාරයේදී සිංහල ද්වීපයට සුවිශේෂ තැනක් ලබාදුන්නේද ඒසා දීර්ඝ කාලයක් බුදුදහම සුරක්ෂිතව පවත්වාගෙන යන්නේ සිංහලේ වැසියන් බැවිනි.
‘සිංහල දීපය’ උතුම් සංඝරත්නය හමුවේ සම්බුද්ධ ශාසනයට නම වතාවක් පූජාකිරීම
මීලඟට අප ඉතිහාසයේ සුවිශේෂී සිද්ධීන් ලෙස සැලකිය යුතු අවස්ථා කීපයක් ඇත. එම අවස්ථාවන් ගණනින් නවයකි. එහිදී සිදුවුයේ බුදු දහම සුරක්ෂිතව පවතින්නේ මෙම දිවයිනේ බව දන්නා අපේ රජවරු කීපදෙනෙක් ඔවුන්ගේ අල්පේඡ්ඡතාව, නිහතමානී බව, සද්ධාවන්ත බව, ත්‍යාගශීලී බව, සහ ශ්‍රේෂ්ඨ පූජා බුද්ධිය විදහා දක්වමින් වරින් වර නම වතාවක්ම මෙම ‘සිංහල දීපය’ උතුම් සංඝරත්නය හමුවේ සම්බුද්ධ ශාසනයට පූජා කිරීමය. ඒ සෑම වාරයකදීම ගරුතර සංඝරත්නය මෙම දිවයින සහිත රාජ්‍යය නැවත නැවතත් රජතුමාට භාර කළේ ශාසනය වෙනුවෙන් ආරක්ෂා කරගෙන පාලනය කරගෙන යාමටය. මෙහි විස්තර වංශ කථා වලත්, ධර්ම ග්‍රන්ථ වලත්, ජනප්‍රවාදයේත් සඳහන්වේ.
සෑම සිංහලයෙක්ම රට, ජාතිය, ආගම පමණක් නොව තමාගේත් අනාගත පැවැත්ම උදෙසා මෙම ඓතිහාසික අවස්ථා කීපය හැදෑරීම යෙහෙකි. සිංහලේ නම්වූ අප දේශයේත්, සිංහල ජාතියේත්, සම්බුද්ධ ශාසනයේත් ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන් අප සැම දෙනාම මෙම අවස්ථාවන් සියල්ල සමස්ථයක් ලෙස ගෙන තරයේම අවධාරණය කළයුතුය. මීට වඩා ආරක්ෂාවක්, පිහිටක්, සරණක් අපට නැත්තේය.
බුදු සුසුනේ පැවැත්ම වෙනුවෙන් රජතුමා රටේ භාරකාරත්වය දැරීම
මෙම පූජා කිරීම් වලට අනතුරුව සිදුවූයේ බුදු සුසුනේ පැවැත්ම සදහා රජතුමා රටේ අයිතියක් වෙනුවට භාරකාරත්වය දැරීම පමණි. රජතුමා සංඝරත්නයේ අවවාද අනුශාසනා ද අනුව රාජ්‍ය විචාරීම කළේ ය. රජු රට රැක්කේම පාලනය කළේම බුද්ධ ශාසනය වෙනුවෙනි. බුද්ධ ශාසනය රැකීමේ වගකීමත් ඒ සඳහාම රට රැකීමේත්, පාලනය කිරීමේත් අයිතිවාසිකම රජුට ලැබෙන්නෙ මේ ආකාරයෙනි. විටින් විට මෙය නව වතාවක්ම මෙසේ සිදුවීමෙන් ඉතා පිරිසිදු ලෙස, ස්ථිරසාර ලෙසම මෙම සමස්ත දිවයිනම බුදු සසුනට පූජා කළ පුණ්‍ය භුමියක් බවට පත්වන්නේය. අප රටට “ධර්ම ද්වීපය” යන විරුදාවලිය ලැබීමටත් “ගෞතම බුද්ධ රාජ්‍යය” සහ “බුදුන්ගේ දේශය” යනුවෙන් හැඳින්වීමටත් සුදුසු වන්නේ එහෙයිනි.
සිංහලේ රජුට රට රැකීමේ මෙම අයිතිවාසිකම ලොව අපටම විශේෂිත වූවක් බව මෙයින් හඳුනාගත යුතුය. සිංහලේ රජු නැති කළ මෙම භාරකාරත්වයේ අයිතිවාසිකම ලැබෙන්නේ මුලු මහත් සිංහල ජාතියටය. මෙම අයිතිවාසිකමට අභියෝග කිරීමට මිහිපිට කිසිවෙකුටත් නොහැකිය. මේ අනුව මෙරට වාසී සියලුම ජනතාව මෙම ඵෛතිහාසික සත්‍යය නොබියව එකහෙලා පිළිගත යුතුය. ඒ ගැන කතාකළ යුතුය. නොදන්නා කෙනෙකුට පැහැදිලිකරදිය යුතුය. සිංහල ජාතිය සතු මෙම දිවයිනේ භාරකාරත්වයට විරුද්ධ වන්නකු වේ නම් ඒ පරගැතියෙකු හෝ උන්මත්තකයෙකු විය යුතුය. නැත්නම් ආත්ම ගරුත්වය මුදලකට විකුණුනු ජාති බ්‍රෂ්ටයකු වියහැක.
සිංහලයාට ලැබුණු විශේෂ අභිමානය
සම්බුද්ධ ශාසනය රැකීමට ද ඒ වෙනුවෙන් මේ දිවයිනෙහි භාරකාරත්වය දරමින් එය රැක පාලනය කිරීමේ ශුද්ධ වූ අයිතිවාසිකම, වගකීම සහ යුතුකම දැරීමට ද ලැබීම ජාතියක් වශයෙන් සිංහලයාට “විශේෂ අභිමානයක්” ගෙනදෙන්නකි. නුතන ව්‍යවස්ථා සම්පාදනයේදී යොදාගන්නා “ජනතා පරමාධිපත්‍ය” අවුරුදු දෙදහසකටත් පෙර ඉතා ගෞරවනීය අන්දමින් සිංහලයාට හිමිවන්නේ ඉහතකී “අයිතිවාසිකම සහ වගකීම” මහින්දාගමනට අනතුරුව සිට අපට දරන්නට ලැබීමෙනි. අද රටත්, සිංහල බෞද්ධයාත් මුහුණපා සිටින කෙනහිලි, ගැටළු, ප්‍රශ්න සහ අභියෝග සියල්ල ජයගැනීමට අප යොදා ගත යුත්තේ මෙම සත්‍යයයි. අප අවබෝධයෙන් යුක්තවම වහා දරාගත යුත්තේ මෙම විශේෂ අභිමානයයි.
පරමසත්‍යයට, ප්‍රඥාවට මුල්තැන දෙන ලෝක සත්ත්වයාට උතුම් නිවන සාදා දෙන ශ‍්‍රේෂ්ඨ බුද්ධශාසනය වසර පන්දහසක් කල් සුරැකීමට ඇති අයිතිවාසිකම, වගකීම සහ යුතුකම දැරීමෙන් ලැබුණු මෙම විශේෂ අභිමානය නිසා සිංහලයා අන්තවාදී වීමක් හෝ ජාතිවාදීවීමක් හෝ ආගම්වාදීවීමක් හෝ නොවන බව බුද්ධියෙන් විමසා දතහැක.
ජාතියේ මුරදේවතාවූන් වන ගරුතර සංඝරත්නයේ කාර්ය භාරය
අපේ අභිමානය මෙසේ අවුරුදු 180 ටත් වඩා ගතවී සොයා ගනිද්දී සිංහල බෞද්ධයාගේ අභිමානය දන්නා නමුත් ඉතා නිහඬව, නිහතමානීව එදා මෙන්ම අදත් වගකීමෙන් දරාගෙන තම යුතුකම, වගකීම ඉටු කරමින් ඒ සඳහා සිංහල බෞද්ධයා පොළඹවන ඉතා ශ‍්‍රේෂ්ඨ පිරිසක් මෙම සිංහලේ වැඩ වාසය කරති. අවසර, ඒ අපේ ගරුතර සංඝරත්නයයි.
නම වතාවක්ම බුදුසසුනට පූජා කළ සිංහල දිවීපයේ අයිතිය සසුන වෙනුවෙන් ගරුතර සංඝරත්නය දැරිය යුතු වුවද එදා පිට පිට නව වතාවක්ම නැවත නැවතත් සිංහලේ රජු වෙත රැක පාලනය කිරීමට භාර කළ උන්වහන්සේලා කිසි විටකත් තම යුතුකම හා වගකීම ඉටුකරනු මිස අයිතිවාසිකමක් ගැන කථා නොකළහ. ඒ පිළිබඳ අදටත් කථා නොකරති. තම ජාතිය සතු අභිමානයක් හෝ වැදගත්කමක් ගැන නොදන්නා ජනතාවකට මෙම අයිතිවාසිකම ගැන කෙලින් කථා කළා නම් අප ඊනියා සිංහල බෞද්ධ පිරිස උන්වහන්සේලා උන්මත්තකයින් පිරිසක් යයි හංවඩු ගසනු නොඅනුමානය. කෙසේ වුවද සම්බුදු සසුන වෙනුවෙන් මෙම අයිතිවාසිකම අදටත් දරණුයේ උන්වහන්සේලාමය. මෙම ලිපියේ ඉහත කළ විස්තරය අනුව එය ඉතා පැහැදිලිය යයි සිතමි.
බුදු සසුනට පිදූ මේ පින් බිම විදේශ ආක්‍රමණයන්ට ගොදුරු වූ හැම විටකමත්, රට අරාජික වූ හැම විටකමත් සුදුස්සන් ඉදිරිපත් කොට, උනන්දු කොට නැවත මුදාගෙන රට භාරදී ආරක්ෂා කිරීමට පෙරමුණ ගත්තේද නිරතුරු අනුශාසනා කළේද අප ගරුතර සංඝරත්නයයි. උන්වහන්සේගේ මේ කැප කිරීම ඉතිහාසය තුලින්ද වර්තමාන භික්ෂුවගේ අභීත ක්‍රියාකාරිත්වය තුලින්ද විදහා දක්වා ඇත්තාහ. උන්වහන්සේලා අප ජාතියේ මුර දේවතාවන් වහන්සේලා වන්නේ එහෙයිනි.
මෑත අතීතයේදී අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ නාහිමියන්, පූජ්‍ය සෝම හිමියන් ආදී අපවත්වූ හිමිවරු රට, ජාතිය සහ ආගම වෙනුවෙන් කළ සේවාව සහ නිකුත්කළ ප්‍රකාශන බෙහෙවින් උදාරය.
ජාතික සංඝ සම්මේලනය සංවිධානයකර 2003 මාර්තු 22 දින විහාරමහා දේවී උද්‍යානයේ පැවැත්වූ මහා සංඝ සමුලුවේ දී එහි සභාපති ධුරන්දර පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් පැවසුවේ “නම වාරයක් බුදු රජුන්ට පූජා කළ රට ආරක්ෂා කිරීම සඳහා සංඝරත්නය පෙරමුණ ගත යුතුය යන්නය.” මෙහිදී ජාතික සංඝ සම්මේලනය ඉදිරිපත්කල බෞද්ධ රාජ්‍යයක් උදෙසා වන සංඝ ආඥාවද එහි අඩංගු යෝජනා හතද ඉදිරියේදී එලි දක්වන නව ව්‍යවස්ථාවට ඇතුලු කිරීමට අප ජාතික සංඝ සම්මේලනය කටයුතු කරණු ඇතැයි සිතමු.
එසේම 2016 ජුනි 23 දා ‘යුතුකම සංවාද කවය’ විසින් කොළඔ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති ‘පෙඩරල් සංහිඳියාව’ නම්වූ සම්මන්ත්‍රණයේදී පූජ්‍ය ඇල්ලේ ගුණවංහ හිමියන් වැදගත් ප්‍රකාශයක් කළෝය. එනම්, “රටේ අයිතිකාරයන් වශයෙන් සිටිය යුතු හාමුදුරුවරු අද බෝඩින්කාරයෝ වෙලා” යනුවෙනි. එහිදීත් උන්වහන්සේ ඉතා නිහතමානීව තමන් රටේ අයිතිකාරයින් වන්නේ කෙසේද යන්න ප්‍රකාශ නොකිරීමට ප්‍රවේසම් වූහ. නමුත් අප බුද්ධිමත් නම් සිංහල බෞද්ධයන් වශයෙන් උන්වහන්සේගේ ප්‍රකාශය තේරුම් ගැනීමට පොහොසත් විය යුතුය. එය එසේ වූවා ද?
පසුගිය සැප්තැම්බර් මස මහනුවරදී පැවති අනගාරික ධර්මපාල තුමාගේ ගුණසමරුවකදී අග්ග මහා පණ්ඩිත පූජ්‍ය අලුත්ගම ධම්මානන්ද හිමියන් පැවසුවේ “සිංහල ජාතිය අවදි නොවුනහොත් විසදිය නොහැකි බරපතල අර්බුදයක් ඉදිරියේදී මතුවිය හැකි බවය”. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පසුගියදා දිවයින පුවත්පතට ලිපියක් ලියමින් “සිංහලයිනි සමගි වව්,
ජාතික සමගියට පදනම දමව්” යනුවෙන් විශේෂයෙන්ම පක්ෂ භේදයෙන් බෙදුණු සිංහලයාගේ සමගියට වැදගත් උපදෙස් පළකළහ.
පූජ්‍ය කැටවල හේමාලෝක හිමියෝ “බුදුසසුන රැකීමට නම් සිංහල ජාතිය රැකගත යුතුයයි ද, ඒ සදහා වැඩි වැඩියෙන් දරුවන් හැදියයුතුය” යයිද මෑතදී දේශනාකළහ. එසේම වරින් වර ජාතියට පණ පොවන්නට උත්සාහවන අනෙකුත් සියලුම හිමිවරුන්ට ද ජාතියේ ප්‍රණාමය පිදේ.
මෙසේ වරින් වර සිංහලයා සතු වගකීම, යුතුකම සහ අයිතිවාසිකම සිහිකර දෙන ගරුතර සංඝරත්නය, බොදුබල සේනාව, සිහල රාවය, රාවණා බලය, යුතුකම සංවාද කවය, සිංහලේ ජාතික සංවිධානය ආදී වූ මෙහි නම් සදහන් කළ සහ නොකළ විවිධ සංවිධාන හරහා පෙරමුණ ගනිමින්, ලිපි ලේඛන, මාධ්‍ය රැස්වීම්, සාකච්චා, සම්මන්ත්‍රණ ජනරැලි, විරෝධතා ව්‍යාපාර පමණක් නොව අන්තර්ජාල හා සමාජ වෙබ් අඩවි වැනි විද්‍යුත් මාධ්‍ය ඔස්සේ තම කැප කිරීම මනාව ඉටුකරණ විටදී එය තේරුම්ගෙන අගය කරනු, අනුමත කරනු මිස උන්වහන්සේලා පිටුපස සිටින්නේ කවුදෑයි පටු දේශපාලන දෘෂ්ටියෙන් විපරම් කිරීම අභිමානවත් සිංහලයෙකුට කිසිසේත්ම නොවටී. අද ජාතිය පත්ව සිටින බරපතල තත්ත්වය හෝ ජාතියේ අභිමානය ගැන හෝ නොදන්නාවුත් නැතහොත් නොසලකන්නාවුත් අප සමහර බෞද්ධයන් අපට විනකරන සුලුජනවාර්ගික පිරිස්වල පැත්තම ගනිමින් ගරු ස්වාමීන්වහන්සේලාගේ වාග් විලාශයත්, සමහරවිට ශිලයත් විවේචනය කරමින් උන්වහන්සේලාගේ කැපවීම අවතක්සේරු කිරීමත්, තම වගකීමෙන් මඟහැරීමත් යොදාගැනීම කනගාටුවට කරුණකි. “තමා අකමැති පණිවිඩය ගෙන ආ පමණින් පණිවිඩකරුවා මැරිය නොයුතුය” යයි කියමනක් ඇත. (Do not kill the messenger)
අප විසින් සොයාබැලිය යුත්තේ උන්වහන්සේලා පෙරටු කරගෙන සිටින උතුම් අභිමතාර්ථයන් දෙසය. එසේම උන්වහන්සේලාගේ අනුශාසනා ඔස්සේ ක්‍රියාත්මක වියයුත්තේ සසුන රැකීමේ වගකීම දරණ සිංහල බෞද්ධ ජනතාව වන ගිහි අපය.
මෙහිදී ගරුතර සංඝයාවහන්සේලාගේ කාර්ය භාරය වන්නේ තමන්වහන්සේලා සතු සිංහලේ අයිතිය පැහැදිළි කර ගැනීම ද, උන්වහන්සේලා වෙනුවෙන් රටේ භාරකාරිත්වය දරමින් රට රැක පාලනය කිරීමේ අයිතිය සහ වගකීම සිංහල ජාතිය සතු බව ජනතාවට පැහැදිළිකර දීම ද, සිංහල ජාතිය වෙනුවෙන් රට භාරගෙන රැක පාලනය කරන පාලකයින් ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් එය හරි හැටි කරගෙනයාමට අවශ්‍ය අවවාද අනුශාසනා කිරීම ද වේ. සිංහල ජාතියට අද අපේ සංඝයාවහන්සේලාගෙන් මෙම ජාතික මෙහෙවර අවශ්‍යම වෙලාවයි.