සිංහලේ

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    සතන් සෙත් බිම මගේ..//
    මවුබිම ලොවේ, පිං බිම තුන් හෙළේ..//

    වසර දශ ලක්ෂයක සිට එයි මහා ජාතිය සිංහලේ !
    ලොවට සෙත සැදු දුකට පිහිටයි අමා ධර්මය මේ හෙළේ !
    ගතේ රුධිරය බලන් කකියයි මෙහෙය නැහැ අමතක කලේ
    ආ............................................................

    ලොවේ කොතැනක සිටි නම් නුබ අසාපන් සිංහල පුතේ
    පුරාණේ සිට දෙරණ රකිනට නුබේ පරපුර දිවිහලේ
    දකින සැම තැන වෙහෙර විය එය අපේකම රකිනා බලේ
    වරෙන් මිස දුටු බලය බිදලා රකින්නට තුන් සිංහලේ....//

    ලොවේ මනුසත් උයනේ මහගෙය ඉන්දු සයුරේ මුතු ඇටේ
    සිංහ ධජයේ කගඳි නරසිහ මාර සටනය බෝ මැඩේ
    එහෙව් දීපය මගේ ලංකා මව්නි දිව්රම් හද මෙසේ
    කෙළක් පරයන් මරා ගෙන හෝ දැයට පණ දෙමි සිංහලේ...//
    :love::love::love::love::love::love::love::love: :love::love::love::love::love::love::love::love: :love::love::love::love::love::love::love::love:

     
    Last edited: