සිංහල අවුරුදු චාරිත‍්‍ර කියා දීම

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
සිංහල අවුරුදු චාරිත‍්‍ර කියා දීම

කොට්ටා පොරයට ආ දෙදෙනා බිමට පැන අතින් පයින් ගහගෙන
සිංහල අවුරුදු චාරිත‍්‍ර කියා දීම සඳහා කන්ද උඩරට ප‍්‍රදේශයේ පැවැති උත්සවයකි. සියලූ චාරිත‍්‍ර විධි අකුරටම කි‍්‍රයාත්මක වූ අතර කොට්ටා පොර තරගය එහි ජනපි‍්‍රයම අංගය විය.

එහි අවසාන වටයට තේරී ආ තරුණයන් දෙදෙනා කරට කර තරගය පවත්වා ගෙන යන අතර තුර එක් අයකුගේ ප‍්‍රහාරක කොට්ටය පටලැවී දෙදෙනාම බිම පතිත වූහ.

එහෙත් බිම සිටගෙනත් නොනැවතී එකිනෙකාට පහර දෙනු දුටු සංවිධායකයෝ ඔවුන් ගෙන් කොට්ටා දෙක උදුරා ගත්තත් පසුව අතින් පයින් පහරදීමට පටන් ගැනීම නිසා මහා කලබලයක් වූයෙන් ඔවුන් කී‍්‍රඩා භූමියෙන් ඉවත්කළහ.

කොට්ටා පොර තරගය ගුටි කෙළියක් බවට පත්වීම මෙයින් නතර වුවත් ත්‍යාග ප‍්‍රදානෝත්සවයේදී එකිනෙකා ජයගත් බව පවසමින් නැවත අරගලයකට සූදානම් වුණාලූ. තොරතුරු සෙවීමේදී අනාවරණය වූයේ මේ දෙදෙනා කලක පටන්ම සතුරන් බවට පත්වී සිටි බවක්ලූ.