සිංහල ජන විඥානය

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සිංහල ජන විඥානය

    ජාතික ගීය දෙමළෙන් ගැයීම හා සිංහල ජන විඥානය

    "මේ ලිපිය කියවන ඔබ ලංකාව යනු තවමත් සිංහලයන් වැඩියෙන් සිටින සිංහල සිරිත් විරිත් වැඩියෙන් (අවුරුදු දිනවලදී මේ රට තාමත් කාගේද කියා හොදින් බලා ගැන්මට හැක) තිබෙන රටක් බව දැන ඉන්නවා යැයි උපකල්පනය කරමි. යම් යම් ප්‍රදේශ වල වෙනත් ජාතින් වැඩි උනත් රටක් වශයෙන් මේක තාමත් සිංහලයන්ගේ රට නොවේද ? මේ ආත්මෙදි මම සිංහල. මේ ආත්මේ දෙමළ උන , මේ ආත්මේ මුස්ලිම් උන අය ඒ ඒ ජාතින් ගැන කතා කරයි නම් ඒ ඒ ජාතින් කෙරේ බැදීමක් පවතියි නම් එසේ කරන විට එය අර්ථ දක්වනුයේ එම ජාතියේ පැවැත්මට මිස ජාතිවාදය නොවේ නම්, එය සිංහලයට අදාල නොවන්නේ මන්ද ? ලොව සම තැනම ගරු කරන්නේ වැඩි දෙනාගේ කැමැත්තට නොවේද ? එසේ නොවන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදයද බොරු නොවන්නේද ? සිංහල ජාතිය රැකිය යුත්තේ මේ ආත්මයේ සිංහලයන් ලෙස ඉපිද ඇති ඔබ අප නොවන්නේද ? "


    දෙමළෙන් ජාතික ගීය ගායනා කිරීම පිළිබඳව විවිධ මත ඉදිරිපත් වෙමින් පවතී. මෙම කාරණයේ ආරම්භය සනිටුහන් කරනුයේ පසුගිය දා ජාතික සභාවේදී මනෝගනේෂන් මන්ත්‍රීවරයා ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට අනුමැතිය ඉල්ලා සිටීමත් සමගය. ඒ අවස්‌ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එයට අනුමැතිය ලබා දුන් බව එකී මන්ත්‍රීවරයා ප්‍රකාශ කෙරීය.

    මේ සිද්ධියත් සමඟ සිංහල ජන සමාජය තුළ කිසියම් කැළඹීමක්‌ ඇති වන්නට වූ අතර මේ වන විට එය විවාදාත්මක ස්‌වරූපයක්‌ ගෙන ඇත. ඒ අනුව ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම පිළිබඳව සාමාන්‍ය දෙමළ ජනතාව මුනිවත රකිද්දී සිංහල සමාජය දෙපසකට වී වාද විවාද කරති. මෙම විවාදයේදී දෙමළෙන් ජාතික ගීය ගායනා කිරීමට විරුද්ධ වන පිරිස ජාතිවාදී හා රටේ දියුණුවට බාධා පමුණුවන ගෝත්‍රික කණ්‌ඩායමක්‌ ලෙසත් එයට පක්‌ෂව කටයුතු කරන පිරිස සාමයට ලැදි සහජීවනය අගය කරන දියුණු වන ලෝකය සමඟ ඉදිරියට යා හැකි උගත් පිරිසක්‌ ලෙසත් හඳුන්වා දී ඇත. මේ දෙපිරිස අතර ඇති වන සංවාදයන්හිදී සහජීවනය අගය කරන පිරිසට අනුව මහජාතිය වූ සිංහලයා තම උරුමයන් හා අයිතීන් සුළු ජාතීන් සමඟ බෙදා හදා ගතයුතු වන අතර සුළු ජාතීන් තම අයිතීන් හා උරුමයන් වඩාත් සුරක්‌ෂිත කරගත යුතුය. මෙම සහජීවන කණ්‌ඩායම යනුද සිංහලයන් වීම ජාතියේ අවාසනාව හා ෙ€දවාචකය වන විට ඔවුන්ගේ විඥානයට එය වැටහී ඇත්තේ රටේ දියුණුව හා සාමය ඔවුන්ගේ සහජීවන න්‍යාය තුළ සුරක්‌ෂිත වනු ඇති බවයි. මෙම කණ්‌ඩායම තුළ විද්වතුන්, වෛද්‍යවරුන්, භික්‌ෂුන්, ලේඛකයන්, හමුදා නිලධාරීන්, දේශපාලඥයන්, නීතිවේදීන්, ගුරුවරුන් හා මාධ්‍යවේදීන් ඇතුළු එකී මෙකී නොකී උගතුන් යෑයි කියා ගන්නා පිරිස්‌ සිටිති. මෙම සිංහල ජන විඥානය නිර්මාණය වී ඇත්තේ සිංහලෙන් ලද බටහිර අධ්‍යාපනයේ සාපයයි. එම සාපය නූතන මෝස්‌තරය බවට පත් වී ඔවුන්ගේ මනසට කාවැදී ඇත්තේ සිංහලයා යනු ඉන්දීය උප ජාතියක්‌ බවයි. මෙම කණ්‌ඩායමේ සිටිනා අපගේ සමහර උගත් මිතුරන් ලංකාවේ ඉතිහාසය ඉගෙන ඇත්තේ රොබට්‌ නෝක්‌ස්‌ගේ එදා හෙළදිව කෘතියෙනි. ඔවුන්ගේ දැනුම් පරාසයේ පළවෙනි නාට්‍යය ආරම්භ වන්නේ ඉන්දියාවට එපා වී පිටුවහල් කළ දාමරිකයාගේ ආගමනයෙනි. එහිදී අමනුෂ්‍යවාසයක්‌ වූ ලක්‌දිව මනුෂ්‍යවාසයක්‌ බවට පත් වේ. ලොකුම විහිළුව නම් එදිනම අප බුදුන් වහන්සේ පිරිනිවන්පානා අතර විජය ඇතුළු පිරිස ආරක්‌ෂා කරන මෙන් බුදුන් වහන්සේ විෂ්ණු දෙවියන්ට බාර කිරීමයි. බුද්ධ වර්ෂ ආරම්භ වන්නේ එතැන් සිටය. දෙවන අදියරේදී ඉන්දියාවෙන් ලැබෙන මහින්දාගමනය නිසා ලංකාවට බුදු දහම ඇතුළු කලා ශිල්ප තාක්‌ෂණය හා සංස්‌කෘතිය ලැබේ. අපගේ උගත් මිතුරන් කට පාඩමෙන් ලද මේ දැනුම ඔවුන්ගේ විඥානයේ තැන්පත් කරවා ලංකාව ඉන්දියානු කොලනියක්‌ බවට පත් කරළීම මේ නිසා පුදුම විය යුතු නොවේ.

    ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම ගැටලුවක්‌ නොමැති බවට වූ තර්කයද ගෙනෙනුයේ මෙවන් උගතුන්ය. ඔවුන් විසින් ගෙන එනු ලබන තර්ක කීපයක්‌ මෙහිදී දැක්‌වීමට කැමැත්තෙමි. එක්‌තරා ප්‍රසිද්ධ භික්‌ෂුවක්‌ සඳහන් කළේ සිංහල අකුරක්‌වත් බැරි අහිංසක දෙමළ ජනයා ජාතික ගීයේ අර්ථය ඉගෙන ගැනීම ඉතා හොඳ බවය. තවත් එක්‌ මාධ්‍යවේදියෙක්‌ අන්තර්ජාලය හරහා ප්‍රශ්න කර තිබුණේ වඩා හොඳ ඊලාම් ගීයක්‌ ගයන එකද නැත්නම් තියෙන ගීතයම දෙමළෙන් ගැයීමද? යන්නයි. මේ අතරම එක්‌තරා අධ්‍යක්‌ෂවරයෙකු මගෙන් විමසා සිටියේ කදිරගාමර් වැනි දෙමළ ජාතිකයෙකු අප රටේ ජනාධිපති වුවහොත් සිංහලයාට එය ප්‍රශ්නයක්‌ වේද යන්නයි. මේ පිළිබඳව දේශපාලකයන් පවසනා දේ හා ඔවුන්ගේ අරමුණු නම් අමුතුවෙන් කිවයුතු නොවේ. පසුගියදා පාර්ලිමේන්තුවේදී ජාතික ගීය දෙමළෙන් ගැයීමට විරුද්ධ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාට ජාතිවාදියෙකු ලෙස චෝදනා කරන අයුරු අපි දුටුවෙමු. එහිදී එතුමන්ට විරුද්ධව නැගී සිටි ආකාරය දුටු විට මට හැඟුණේ පාර්ලිමේන්තුව තුළ පවා සිංහලයාට ඇති රැකවරණය කෙබඳුද යන්නයි. එහිදී අපට දුන් එකම පණිවිඩය නම් සිංහලකම ගැන කතා කිරීම තහනම් යන පණිවිඩය පමණී. තවද මාගේ උගත් මිතුරෙකු මගෙන් විමසා සිටියේ ඊළඟ ආත්මයේදී ඔබ දෙමළ වුවහොත් මොකද කියන්නේ කියාය.

    මේ සියල්ල විමසා බැලීමේදී සිංහල ජනවිඥානය තුළ මුල් බැස ඇති මෙවන් අදහස්‌ නූතන විලාසිතාවේ අංගෝපාංගයන් හැර වෙන කිසිවක්‌ වේද? මෙහි කිසිදු තර්කාණුකූල හෝ මානුෂීය පදනමක්‌ තිබේද? මෙය හුදෙක්‌ ගිරවුන් සේ කියන්නන්වාලේ කියා අප ජාතීවාදීන් නොවෙමු යන ජනප්‍රිය විලාසිතාව රඟ දැක්‌වීම පමණි. සිංහලයා ජාතිය ගැන කතා කරන සෑම අවස්‌ථාවකම ඔහු ජාතිවාදී ගොඩට තල්ලු කිරීම හේතුවෙන් මෙවන් බොළඳ විලාසිතාකාරයන්ට අවස්‌ථාව උදා වී ඇත. සැබෑ දේශප්‍රේමියා නිහඬව මුනිවත රැකීමට හේතුවද ඊනියා සහජීවන මෝස්‌තරකාරයන්ගේ මේ රංගනයයි. අනෙක්‌ කරුණ නම් අතලොස්‌සක්‌ ජාතිවාදී දෙමළ දේශපාලඥයන් විසින් මෙහෙයවනු ලබන සිංහලයා කුපිත කරවීමේ කුමන්ත්‍රණය තුළ මේ මෝස්‌තරකාරයන්ද අතකොළුවක්‌ වී ඇත. සිංහලයා ලවා සිංහලයාට පහර දීම ජාතිවාදී දෙමළ දේශපාලඥයන්ගේ නවතම කුමන්ත්‍රණයයි.

    ජාතික ගීය දෙමළෙන් ගැයීමට විරුද්ධ සිංහලයන්ට එරෙහිව නැගී සිටිනා සිංහලයන්ගේ මතය කුමක්‌දැයි විමසා බැලූ විට පෙනී යනුයේ දෙමළ ජනතාවට ජාතික ගීය තේරුම් ගත නොහැකි නිසා එය දෙමළෙන් ගායනා කිරීම සාධාරණ බවත් එයින් දෙමළ ජාතීන්ට අභිමානයක්‌ ඇති වන නිසා වාර්ගික ප්‍රශ්නයට ඉන් පිළිතුරක්‌ ලැබෙන බවකි.

    ඒ අනුව ජාතික ගීය සිංහලෙන් ගායනා කිරීම ඔවුන්ගේ අභිමානයට කැළලක්‌ වන්නේ නම් එය ජාතිවාදය නොවේ දැයි අපට ප්‍රශ්න කළ හැක. අනික කිසි දිනෙක අප රටේ ජනවාර්ගික ප්‍රශ්නයක්‌ තිබුණේ නැත. දෙමළ සිංහල මුස්‌ලිම් සාමාන්‍ය ජනතාව සාමකාමීව සැබෑ සහජීවනයෙන් මෙරට ජීවත් වූහ. තිබුණේ අන්තවාදී දේශපාලනඥයන් තම පෞද්ගලික අරමුණු මුදුන් පමුණුවා ගැනීම උදෙසා ත්‍රස්‌තවාදීන්ට උඩගෙඩි දීම පමණි. අද සිද්ධවන මේ සිදුවීම තුළද ඇත්තේ ඔවුන්ගේ එම භූමිකාවයි. පසුගිය කාලයේ මහා හෙළයන් සේ පෙනී සිටි අය මේ වන විට හික්‌ මීයන්සේ නිහඬව සිටිනුයේද එය තම නව දේශපාලන මතයට අවාසියක්‌ වේයෑයි යන සිතුවිල්ලෙන්ය. ලංකාවේ දෙමළ හා මුස්‌ලිම් පක්‌ෂ සියල්ල පාහේ ඔවුන්ගේ පක්‌ෂයේ නමට දෙමළ හෝ මුස්‌ලිම් යන වචන එක්‌ කර ඇත. යම් හෙයකින් සිංහල ජනතා පක්‌ෂය හෝ ඒ ආකාරයේ පක්‌ෂයක්‌ සිංහල සමාජයෙන් බිහිවුවහොත් එය ජාතිවාදී පක්‌ෂයක්‌ ලෙස හංවඩු නොගසන්නේද? ඒ අනුව ජාතිය ගැන කතා කිරීම තහනම්ව ඇත්තේ සිංහලයාට පමණක්‌ නොවේද? සිංහල සහජීවන මෝස්‌තරකාරයන් සිංහලයාට ජාතිවාදියා යෑයි ඇඟිල්ල දිගු කරන අතරතුර අන් ජාතිවාදීන් ගැනද සොයා බැලිය යුතුය.

    මේ සියල්ල කෙසේ වුවද රටට තිබිය යුත්තේ එක්‌ ජාතික ගීයක්‌ බවට සිංහල දෙමළ මුස්‌ලිම් සියලු හදවත් තුළ ගිනි පුලිඟුවක්‌ සේ තැන්පත්ව ඇත. ඒ හරහා හමා යන සැබෑ ජාතිවාදී සැඩසුළංවලට එරෙහිව ඒ හදවත් තුළින්ම ප්‍රශ්නාර්ථයක්‌ උපදිනවා ඇත. සාමාන්‍ය දෙමළ ජනතාවගේ හදවත්වලින් අවංකව විමසා බැලුවහොත් එවන් අවශ්‍යතාවයක්‌ සැබෑවටම ඇත්තේ දෙමළ ජාතිවාදීන්ට හා සිංහල සහජීවන මෝස්‌තරකාරයන්ට බව වැටහෙනු ඇත. යම් හෙයකින් සාමාන්‍ය දෙමළ ජනතාවට මෙම අවශ්‍යතාව ඇත්නම් ලංකාවට පෙර ලංකාවට වඩා වැඩි පිරිසක්‌ දෙමළ ජාතීන් ජීවත්වන තමිල්නාඩුවෙන් මෙම ඉල්ලීම ඉන්දීය රජයට එල්ල වනු ඇත. තවද විවිධ භාෂා රාශියක්‌ භාවිත කරන ඉන්දියාවේ සියල්ලන් එක්‌ව සියල්ලන්ටම නොතේරුණද බෙංගාලි බසින් ජාතික ගීය ගයද්දී ඉන්දියාවට වඩා ඉතා කුඩා රටක්‌ වූ ලංකාවේ මෙවන් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීම විහිලුවට කරුණක්‌ බව සියලු දෙනා අවබෝධ කර ගත යුතුය.

    උපුටා ගැනීම දිවයින - චම්පා වෛද්‍යතිලක
     
    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    එක එකාට කඩේ යන එවුන්ට මේව වහ කදුරුවගේ බන්. ඕව කියවන්නෙවත් නෑ.
    "සිංහලයා ජාතිය ගැන කතා කරන සෑම අවස්‌ථාවකම ඔහු ජාතිවාදී ගොඩට තල්ලු කිරීම හේතුවෙන් මෙවන් බොළඳ විලාසිතාකාරයන්ට අවස්‌ථාව උදා වී ඇත. සැබෑ දේශප්‍රේමියා නිහඬව මුනිවත රැකීමට හේතුවද ඊනියා සහජීවන මෝස්‌තරකාරයන්ගේ මේ රංගනයයි."

    මේකෙත් ඔය විලාසිතාකාරයො හතර පස්දෙනෙක් ඉන්නව. උන් කතා කරන්නෙ මහින්දගෙ ගොටාබයගෙ පෙන හලු කාල ඉල ඇට සූප්පු කරන්න. හිතාගත්තැහැකි නේද මේ සහජීවන විලාසිතාකාරයො කාගෙ අතකොලු ද කියල:lol::lol:
     
    Last edited:

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    රඹා;18166430 said:
    එක එකාට කඩේ යන එවුන්ට මේව වහ කදුරුවගේ බන්. ඕව කියවන්නෙවත් නෑ.
    "සිංහලයා ජාතිය ගැන කතා කරන සෑම අවස්‌ථාවකම ඔහු ජාතිවාදී ගොඩට තල්ලු කිරීම හේතුවෙන් මෙවන් බොළඳ විලාසිතාකාරයන්ට අවස්‌ථාව උදා වී ඇත. සැබෑ දේශප්‍රේමියා නිහඬව මුනිවත රැකීමට හේතුවද ඊනියා සහජීවන මෝස්‌තරකාරයන්ගේ මේ රංගනයයි."

    මේකෙත් ඔය විලාසිතාකාරයො හතර පස්දෙනෙක් ඉන්නව. උන් කතා කරන්නෙ මහින්දගෙ ගොටාබයගෙ පෙන හලු කාල ඉල ඇට සූප්පු කරන්න. හිතාගත්තැහැකි නේද මේ සහජීවන විලාසිතාකාරයො කාගෙ අතකොලු ද කියල:lol::lol:

    :yes::yes:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    එලකිරිය වගේ සිංහළුන් ගැන වැඩියෙන් කථා කරන තැනකත් සිංහළුන් ඉන්නේ 2නාද බොලව් ?

    [දේශපාලන පක්ෂේ පොඩ්ඩක් පැත්තකින් තියලා වරෙව්]
     

    Similar threads