සිංහල ජන සාහිත්‍ය
සිංහල ජන සාහිත්‍ය
මෙතැන් සිට අපි අපේ සිංහල ජන සාහිත්‍ය ගැන සාකච්චා කරමු.

සියල්ලන්ටම විවෘතයි !!!!!
'ගැමි' සහ 'ජන' යන වචන පිළිබද ශබ්ද කරන අය (ශාබ්දිකයන්) අතර යම් යම් මතභේද දැකිය හැකි වුවද වර්තමානයෙහි 'ගැමි සාහිත්‍ය' සහ 'ජන සාහිත්‍ය' යන ව්‍යවහාර සමානාර්ථ දෙන පද හැටියට යොදා ගනු ලැබේ.ජනශ්රැතියෙහි එක් ප්‍රධාන අංගයක් ලෙස සැලකෙන 'වාචික සාහිත්‍යයෙහි' ලා සැලකෙන ජන සාහිත්‍යයෙහි කවි, කතා, පිරුළු, පුරාකතා, පුරාණෝක්ති, උපමා කතා, උපහාස කතා ආදී වශයෙන් ගද්‍ය පද්‍ය දෙකටම අයත් නිර්මාණ දක්ණට ලැබේ.පොදුවේ ගත් කල ජන සාහිත්‍ය මගින් සිදු කෙරෙන ප්‍රධාන කාර්යයන් හතරක් පිළිබදව ජනශ්රැති විද්‍යාඥයෝ අවධානය යොමු කරති.එයින් පළමුවැන්න වන්නේ, එහි ඇති විනෝදාස්වාදන ස්වභාවය සහ දෛනික ප්‍රශ්න වලින් පලායාමට හෝ ඒවා මොහොතකට අමතක කිරීමට ඇති හැකියාව ය.දෙවැන්න වන්නේ, යම් යම් දේ ඇති වූයේ කෙසේද යන්න පිළිබද විස්තර විවරණ ඉදිරිපත් කිරීමය.මේ මගින් සමාජ සංස්ථා සහ සමාජ චර්යා වල ව්‍යූහය ස්ථාවර කිරීමක් සිදු වන බව ද පිළිගැනේ.තෙවැනි කරුණ වන්නේ ප්‍රස්ථාව පිරුළු, උපදේශ ආදිය මගින් සමාජයේ සාරධර්ම ආරක්ෂා කිරීමය.සිවුවැනි කාර්යය වන්නේ සාරධර්ම හා උපදේශ පිළිබද කරුණු පැහැදිලි කිරීම පමණක් නොව, එවැනි යහපත් චර්යා අනුගමනය කරන අයට ගෞරව කිරීමත් එසේ නොකරන අයට සමච්චල් කිරීම හා පරිභව කිරීමත් ය.මේ හැරුණු විට සාම්ප්‍රධායික ඥානයේ කෝෂ්ඨාගාරයක් සේ සැලකෙන ජන සාහිත්‍යය ජනතාව අතර ජීවමානව පවතින්නේ එහි ඇති අර්ථවත් බව, ප්‍රයෝජනය හා මතක තබා ගැනීමේ පහසුව නිසා බව ද අමතක නොකළ යුතුය.
ජන සාහිත්‍යයෙහි විශේෂ ලක්ෂණය වන්නේ ඒවායෙහි අයිතිය පැවරිය හැකි කතුවරයෙකු හෝ නිර්මාපකයෙකු නො වීම ය.මෙම සාහිත්‍යය පහළ වන්නේ සාමාන්‍ය ජනයා අතින් බැවින් එහි ඇත්තේ පොදු අයිතියකි.එපමණක් නොව සමාජයේ සාමූහික ක්රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස නිර්මිත මෙම සාහිත්‍යය මගින් ප්‍රකට වන්නේ ද සාමූහික සම්භන්ධතා ය.පණ්ඩිත සාහිත්යයකරුවාට තිබූ අවස්ථා, පහසුකම් හා වරප්‍රසාද නොලද ජන සාහිත්‍යකරුවා එය කටවහරින්ම පාරම්පරිකව ගෙන ආවේය.ජනතාව අතර මෙමෙ සාහිත්‍යය ප්‍රචලිතව ගියේත්, නිරන්තර පරිහරණයට භාජනය වූයේත් එහි තිබූ කාර්යමය අගය නිසාය.ලූශූන් නමැති පඪිවරයා ප්‍රකාශ කොට ඇති ආකාරයට ගද්‍ය පහළ වූයේ පද්‍යට පසුවය.මිනිසුන් වැඩෙහි යෙදෙන විට තම මහන්සිය මග හරවා ගැනීමටත් දෙවි දේවතාවුන් කෙරෙහි වූ බිය නිසාත්, ඔවුන්ට යොමු කෙරුණු යාඥා ආදිය පදනම් කොට ගෙන පද්‍යය පහළ වූයේ ය.එහෙත් ගද්‍ය එසේ නොවේ.මහන්සිය මග හරවා ගැනීමට කවිය හා ගීතය යොදා ගත්තා සේම විවේකය ගත කිරීමට කතාන්දර කියන ලද්දේය.කවිය හා ගීතය ඇති වූයේ ශ්‍රමයෙහි ඵලයක් වශයෙනි.ගද්‍යය පහළ වූයේ විවේකයේ ඵලයක් වශයෙනි.
ඊළග පෝස්ටුවෙන් සිංහල ජන සාහිත්‍යයේ ඓතිහාසික වර්ධනය හා විකාශය බලාපොරොත්තු වන්න.

මූලාශ්‍ර - අපේ සංස්කෘතික උරුමය ද්විතීය කාණ්ඩය / අන්තර්ජාලය