සිංහල_ජාතිය

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0

සිංහල රාවය ජාතික සංවිධානය විසින් ගව ඝාතනයට හා අන්‍යාගම්කරණයට එරෙහිව සංවිධානය කරනු ලැබූ අධිෂ්ඨානයේ පුනරාගමනයේ පාගමනෙහි අවසන් දිනය අදයි. එහෙත් අද උදෑසනම එම පා ගමන තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් මහාධිකරණයෙන් අධිකරණ නියෝගයක් නිකුත් කොට තිබේ.
ඔවුන් පවසනුයේ මෙම පා ගමනින් සාමාන්‍ය ජන ජීවිතයට බාධා සිදු වන බවය.
බේබිලාගේ කාර් රේස් පදින්නට කොළඹ පාරවල් දින ගනන් වසා තබන විට සාමාන්‍ය ජන ජීවිතයට සිදු නොවන බාධාව ජාතියත් ආගමත් අවිහිංසාවාදයත් වෙනුවෙන් සාමකාමී පාගමනක් යද්දී සිදු වන්නේ කෙසේදැයි අපි නොදනිමු.
කෙසේ වෙතත් සිංහල බෞද්ධයාගේ අත පය බැද දමා කරන මේ ආක්‍රමණයටද, ආක්‍රමණයට එරෙහිව නැගිටින්නට ඉඩ නොදී මේ කරන මර්ධනයටද මින් පසුව නිහඩව සිටීමට නම් නොහැකිය.
එබැවින් මේ වන විටත් උසාවි නියෝගයද නොතකා පොලිස් විශේෂ කාර්ය හා කැරලි මර්ධන කණ්ඩායම් මැදම සිංහල රාවය ජාතික සංවිධානයේ හිමි වරුන් සහ සාමාජිකයින් සංවිධානය කරගත් පරිදිම පා ගමන යමින් සිටිති.
මේ සියල්ලෙන් සිංහල බෞද්ධ අපට හිමි තැන ගැන අපගේ දෙනෙත් විවර විය යුතුමය.
එසේම අපට එරෙහිව යොදන බලය පාලනය කිරීමේ ශක්තිය ඇත්තේද සිංහල බෞද්ධ බහුතරය වන අප අතම බව අමතක කළ යුතු නැත.
ඒ බලය ජාතියත් ආගමත් රකින්නට යොදනු වස් අප ඒකරාශී විය යුතුමය.

1898200_456526537807063_2011039769_n.jpg


:P:P:P:P:P:P:lol::lol::lol::lol::lol::lol: