Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සිංහ ලේ වංශ කතාව..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහ ලේ වංශ කතාව..!

මේ මහාවංශයේ කියැවෙන පරිදි සිංහලේ පරපුරේ සංක්ෂිප්ත කතාවයි.

ඉතා අතීතයෙහි ඉන්දියාවේ වගු රට වගු රජ නමින් රජ කෙනෙකු වාසය කෙළේය. ඔහුගේ බිසව කළිඟු රට මායාවතී නමැත්තියකි. ඒ දෙදෙනාට සිටියේ එකම එක දියණියකි. ඇගේ නම සුප්පා දේවී විය. ඇය බිළිඳු වයසේදී නක්ෂත්ර කරුවන් පවසා ඇත්තේ ඈ වැඩි විය පත්ව සිංහයෙකු සමග සංවාසය කරන බවය. මේ කුමරිය හිතුවක්කාර එකියක්ම විය. වැඩි වියට පත්ව තමා කැමැති ලෙස වාසය කරනු සඳහා ඇය වෙස් වලාගෙන රජ මාලිගයෙන් පැන ගොස් මගධ රට බලා යන ගැල් සාත්තුවක් පසුපස වැටී ගමන් කරන්නට වූවා ය.

ගැල් සාත්තුව ලාට රටට පැමිණි විට එහි වනාන්තරයක් මැද දී ගැල් සාත්තුව ඉදිරිපිටට ආවේ සිංහයෙකි. සිංහයා දැක බියපත් වූ වෙළෙන්දෝ තම කරත්ත ද අතහැර දමා හිස් ලූ ලූ අත පලා ගියෝ ය. වෙස් වලාගෙන සිටි සුප්පා දේවිය දිව ගියේ සිංහයා සිටි දිශාවටම ය. කුමරියගේ රූපශ්රීයෙන් වසඟ වූ සිංහයා කන් නවාගෙන වලිගය වනමින් ඈ සමීපයට ආවේ ය. අතීතයෙහි පේන කියන්නන් කියූ අනාවැකිය ද සිහිපත් වූ කුමරිය බිය සැක නැතිව සිංහයාගේ අඟ පසඟ අත ගා ඔහු වසඟ කර ගත්තා ය. අවසානයේ සිංහයා කුමරිය තම ලෙනට කැටුව ගියේ ය. මේ දෙදෙනාගේ වාසයෙන් ඇයට නිවුන් දරු දෙදෙනෙකු ලැබුනා ය. පිරිමි දරුවා සිංහ බාහු ලෙසත් දියණිය සිංහ සීවලී ලෙසත් නම් කෙරිණි.

කෙසේ හෝ වේවා කල් යාමේ දී සිංහ බාහු තම මෑණියන්ගෙන් ඇයගේ අතීත ප්රවෘත්තිය අසා දැන ගනී. වනවාසයෙන් ජනවාසයට යෑමට ඇති කැමැත්ත නිසා තම පියා ලෙනෙන් පිටව ගිය මොහොතක් බලා ඔහු තම මවද නැගනියද කැටිව පලා ගියේ ය. ඔව්හු තිදෙන ජනාවාස ප්රදේශයට පැමිණි කල එහිදී හමුවන සුප්පා දේවියගේ මස්සිනා කෙනෙකු වන අමර නමැති සේනාධිපතියෙකු ඔවුනට පිළිසරණ වෙයි.

මේ අතර ලෙනට ආ සිංහයා තම බිරිඳත් දරුවනුත් නොදැක වියරු වැටී ගම් බිම් පෙලමින් ඔවුන් සොයන්නට පටන් ගනී. ඉන් පීඩාවට පත් ජනතාව මේ බව රජුට පැමිණිලි කරති. සේනාධිපතියන්ද සමග සේනාවක්ම සිටියදී සිංහයා අල්ලා ගන්නට සමත් කිසිවෙකු රාජ්යයෙන් සොයා ගන්නට නොහැකි වන රජු කහවනු දහසක් ඇතෙකු පිට තබා සිංහයා අල්ලා මෙල්ල කරන කෙනෙකුට ඒ කහවනු දහස හිමි යැයි අඬ බෙර යවයි. ඊට ඉදිරිපත් වන්නට යන සිංහ බාහු ඔහුගේ මව සුප්පා දේවිය විසින් පළමුවර වළක්වනු ලබයි. දෙවන වර කහවනු දෙදහසක් ද, තුන් වන වර කහවනු තුන් දහසක් ද තෙක් ත්යාගය තෙගුණ වූ විට සිංහ බාහු මවට ද නොදන්වා රජු බැහැ දැක කටයුත්ත බාර ගනී.

මහා වංශයේ දැක්වෙන අන්දමට රජුට අවශ්ය වූයේ සිංහයා මෙල්ල කිරීම වුවත් සිංහ බාහු වනයට යන්නේ සිංහයා නැසීම අරමුණු කරගෙන දුණු හී ආදියද රැගෙන ය. ඔහු ලෙනට ලං වූ කල සිංහයා තම පුතා දැක හඳුනා ගනී. තම පිය සිංහයා මෙල්ල කර ගැනීමට හිංසාවෙන් තොර කිසිදු වෑයමක් නොකරන සිංහ බාහු දුන්න මානා සිංහයාගේ හිස ඉලක්ක කොට ඊතලයක් විදී. මහා වංශය කියන පරිදි සිංහයා තුල වූ දාරක ස්නේහය නිසා තෙවරක්ම විදින ලද ඊ තල සිංහයාගේ හිසෙහි වැදී කිසිදු හානියක් නොකරම ආපිට හැරී සිංහ බාහුගේ දෙපා ලඟ වැටේ. සිව් වන වර වන විට තම පුත්රයාගේ කරුණා විරහිත බව නිසා සිංහයා තුල වූ ස්නේහය ලිහිල් වේ. එවිට සිංහ බාහුගේ සිව් වන ඉලක්කය සිංහයාගේ හිස සිදුරු කර ඔහු මරා දමයි.

මරා දමන ලද සිංහයාගේ හිස කපා ගෙන සිංහ බාහු නගරයට එන විට රජු මිය ගොස් ය. ඇමැතිවරු සිංහ බාහුට රජකම දෙන්නට යෝජනා කළ ද ඒ වන විට තම මව සමග වාසය කරන අනුර නම් සෙන්පතියා හට රජ කම පැවරූ සිංහ බාහු තම නිවුන් සොහොයුරිය ද රැගෙන නැවත වනයට ගොස් තම පියා වූ සිංහයා වාසය කළ බිමෙහි සිංහපුරය නමින් නව ජනපදයක් පිහිටුවයි. සිංහබාහු සහ සිංහ සීවලී දෙදෙනාගේ සංවාසයෙන් සිංහ සීවලිය සොලොස් (16) වතාවකදී නිවුන් දරුවන් තිස් දෙදෙනෙකු ලැබූ බව මහා වංශයෙහි වැඩි දුරටත් සඳහන් වේ. ඒ අනුව සිංහ බාහු තම බිසව ලෙස අඹුකමට තබා ගත්තේ අන් කිසිවෙකු නොව තමන්ගේම එක් කුස උපන් නිවුන් සහෝදරියයි.

සිංහ බාහු සහ සිංහ සීවලී යන දෙදෙනාගේ පළමු දරුවා විජය නම් විය. ඔහු විෂම චරිතයක් ඇත්තෙකි. අද අපගේ අර්ථයෙන් ගත් කළ තම පියාගේ රාජ්ය බලය අයුතු ලෙස යොදවන ජන පීඩකයෙකි. ඔහුටම සරිලන මැර පිරිසකට ඔහු නායකත්වය දෙයි. විජයගේ පීඩාවන් ඉවසා ගත නොහැකි ජනයා රජුට පැමිණිලි කළහ. රජු පුත්රයාට කිහිප විටක්ම අවවාද කළ ද ඉන් ප්රයෝජනයක් නොවූ තැන විජය සහ ඔහුගේ පිරිවර 700 ක් පිරිස අල්ලා දඬුවමක් ලෙස හිස අඩක් මුඩු කර නැවක නංවා රටින් පිටුවහල් කෙළේය.

මින් කියැවෙන්නේ විජය අකීකරු ප්රචණ්ඩ සාහසිකයෙකු බවය. ඔහුගේ සැහැසිකම් නිසා රට වැසියන් පීඩාවට පත් වූවා මෙන්ම තම පියාණන්ටවත් තව දුරටත් රටෙහි තබා ගත නොහැකි තරමේ දුර්ජනයෙකු බව ය.

අවසානයේ විජය සහ පිරිස පැමිණි නැව ලංකා දිවයිනේ තම්බපණ්නියට පැමිණේ. ඒ වන විට දිවයින ජනාවාස ය. එහිදී ඔහුට හමුවන්නේ කුවේණිය (කුවණ්නා) නම් යක්ෂ ගෝත්රික කාන්තාවකි. ඇය විජය සමග පෙමින් බැඳී ලංකා රාජ්ය ලබා ගැනීම පිණිස තම පරපුර නැසීමට විජයට උපකාර කරයි. විජය සහ ඔහුගේ පිරිවර යක්ෂ ගෝත්රිකයන් නසා ලංකා රාජ්යය අත්පත් කර ගනිති. විජය නිසා කුවේණියට දරුවන් දෙදෙනෙකු උපදී. ජීවහත්ත සහ දිසාලා (දිපෙල්ලා) යනු ඔවුන්ගේ නම්ය. මේ අතර රාජ්යය ස්ථාවර කර ගැනීමෙන් පසුව විජය රජු ලෙස රාජ්යයෙහි අභිෂේක කර ගැනීමට ඇමැතියෝ සූදානම් වෙති. එහිදී රාජ වංශයට අයත් ක්ෂත්රීය බිසවක නැතිව රජ වන්නට ඔහු සූදානම් නැති බව විජය කියයි. ඇමැතියෝ ඉන්දියාවේ පාණ්ඩ්ය රජු වෙත හසුන් පත් යවා එම රජුගේ දූ කුමරිය විජයගේ බිසව ලෙස ගෙන්වා ගැනීමට කටයුතු කරති. එය සාර්ථක වූ කල විජය කුවේණිය අමතා දරුවන් ඔහු වෙත තබා මාලිගයෙන් පිටව යන ලෙස අණ කරයි. කුවේණිය දුකට සහ කෝපයට පත්ව විජයට සහ ඔහුගේ පරපුරට ශාප කොට මාලිගයෙන් පිටව ගියා ය. කුවේණියගේ එකී ශාපය දිවි දෝශය ලෙස පුරාවෘත්තයන්හි සඳහන් ය. ඉතිරිව සිටි යක්ෂ ගෝත්රිකයන් වෙත ගිය ඇය වරිගය පාවා දුන් කතක් යැයි දෝශාරෝපනය කොට ඝාතනය කරන ලදී. දරුවන් දෙදෙන පලා ගොස් සමනල අඩවියෙහි වාසය කරන්නට පටන් ගත්තෝ ය.

ආශ්රිත ග්රන්ථ:

* මහා වංශය - ගුණපාල වීරසේකර සංස්කරණය - ප්රථම මුද්රණය - 1955 ජනවාරි - තුන්වන මුද්රණය 2011 ගොඩගේ ප්රකාශකයෝ

* වංසත්ථප්පකාසිනී - මහා වංශ ටීකාව සිංහල අනුවාදය - අකුරටියේ අමරවංශ නාහිමි, හේමචන්ද්ර දිසානායක - පළමු මුද්රණය 1994 විද්යාලංකාර මුද්රණාලය කැළනිය. - කැළනිය විශ්ව විදයාලයේ පාලි හා බෞද්ධ අධ්යයන පශ්චාත් උපාධි ආයතනයේ ප්රකාශනයකි.

source: ලංකා ඊ නිව්ස් -2016.ජන.12

[QUOTE="malith789, post: 19593955, member: 261911"] [b]සිංහ ලේ වංශ කතාව..![/b] [COLOR="DarkRed"][SIZE="5"]මේ මහාවංශයේ කියැවෙන පරිදි සිංහලේ පරපුරේ සංක්ෂිප්ත කතාවයි.[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]ඉතා අතීතයෙහි ඉන්දියාවේ වගු රට වගු රජ නමින් රජ කෙනෙකු වාසය කෙළේය. ඔහුගේ බිසව කළිඟු රට මායාවතී නමැත්තියකි. ඒ දෙදෙනාට සිටියේ එකම එක දියණියකි. ඇගේ නම සුප්පා දේවී විය. ඇය බිළිඳු වයසේදී නක්ෂත්ර කරුවන් පවසා ඇත්තේ ඈ වැඩි විය පත්ව සිංහයෙකු සමග සංවාසය කරන බවය. මේ කුමරිය හිතුවක්කාර එකියක්ම විය. වැඩි වියට පත්ව තමා කැමැති ලෙස වාසය කරනු සඳහා ඇය වෙස් වලාගෙන රජ මාලිගයෙන් පැන ගොස් මගධ රට බලා යන ගැල් සාත්තුවක් පසුපස වැටී ගමන් කරන්නට වූවා ය. ගැල් සාත්තුව ලාට රටට පැමිණි විට එහි වනාන්තරයක් මැද දී ගැල් සාත්තුව ඉදිරිපිටට ආවේ සිංහයෙකි. සිංහයා දැක බියපත් වූ වෙළෙන්දෝ තම කරත්ත ද අතහැර දමා හිස් ලූ ලූ අත පලා ගියෝ ය. වෙස් වලාගෙන සිටි සුප්පා දේවිය දිව ගියේ සිංහයා සිටි දිශාවටම ය. කුමරියගේ රූපශ්රීයෙන් වසඟ වූ සිංහයා කන් නවාගෙන වලිගය වනමින් ඈ සමීපයට ආවේ ය. අතීතයෙහි පේන කියන්නන් කියූ අනාවැකිය ද සිහිපත් වූ කුමරිය බිය සැක නැතිව සිංහයාගේ අඟ පසඟ අත ගා ඔහු වසඟ කර ගත්තා ය. අවසානයේ සිංහයා කුමරිය තම ලෙනට කැටුව ගියේ ය. මේ දෙදෙනාගේ වාසයෙන් ඇයට නිවුන් දරු දෙදෙනෙකු ලැබුනා ය. පිරිමි දරුවා සිංහ බාහු ලෙසත් දියණිය සිංහ සීවලී ලෙසත් නම් කෙරිණි. කෙසේ හෝ වේවා කල් යාමේ දී සිංහ බාහු තම මෑණියන්ගෙන් ඇයගේ අතීත ප්රවෘත්තිය අසා දැන ගනී. වනවාසයෙන් ජනවාසයට යෑමට ඇති කැමැත්ත නිසා තම පියා ලෙනෙන් පිටව ගිය මොහොතක් බලා ඔහු තම මවද නැගනියද කැටිව පලා ගියේ ය. ඔව්හු තිදෙන ජනාවාස ප්රදේශයට පැමිණි කල එහිදී හමුවන සුප්පා දේවියගේ මස්සිනා කෙනෙකු වන අමර නමැති සේනාධිපතියෙකු ඔවුනට පිළිසරණ වෙයි. මේ අතර ලෙනට ආ සිංහයා තම බිරිඳත් දරුවනුත් නොදැක වියරු වැටී ගම් බිම් පෙලමින් ඔවුන් සොයන්නට පටන් ගනී. ඉන් පීඩාවට පත් ජනතාව මේ බව රජුට පැමිණිලි කරති. සේනාධිපතියන්ද සමග සේනාවක්ම සිටියදී සිංහයා අල්ලා ගන්නට සමත් කිසිවෙකු රාජ්යයෙන් සොයා ගන්නට නොහැකි වන රජු කහවනු දහසක් ඇතෙකු පිට තබා සිංහයා අල්ලා මෙල්ල කරන කෙනෙකුට ඒ කහවනු දහස හිමි යැයි අඬ බෙර යවයි. ඊට ඉදිරිපත් වන්නට යන සිංහ බාහු ඔහුගේ මව සුප්පා දේවිය විසින් පළමුවර වළක්වනු ලබයි. දෙවන වර කහවනු දෙදහසක් ද, තුන් වන වර කහවනු තුන් දහසක් ද තෙක් ත්යාගය තෙගුණ වූ විට සිංහ බාහු මවට ද නොදන්වා රජු බැහැ දැක කටයුත්ත බාර ගනී. මහා වංශයේ දැක්වෙන අන්දමට රජුට අවශ්ය වූයේ සිංහයා මෙල්ල කිරීම වුවත් සිංහ බාහු වනයට යන්නේ සිංහයා නැසීම අරමුණු කරගෙන දුණු හී ආදියද රැගෙන ය. ඔහු ලෙනට ලං වූ කල සිංහයා තම පුතා දැක හඳුනා ගනී. තම පිය සිංහයා මෙල්ල කර ගැනීමට හිංසාවෙන් තොර කිසිදු වෑයමක් නොකරන සිංහ බාහු දුන්න මානා සිංහයාගේ හිස ඉලක්ක කොට ඊතලයක් විදී. මහා වංශය කියන පරිදි සිංහයා තුල වූ දාරක ස්නේහය නිසා තෙවරක්ම විදින ලද ඊ තල සිංහයාගේ හිසෙහි වැදී කිසිදු හානියක් නොකරම ආපිට හැරී සිංහ බාහුගේ දෙපා ලඟ වැටේ. සිව් වන වර වන විට තම පුත්රයාගේ කරුණා විරහිත බව නිසා සිංහයා තුල වූ ස්නේහය ලිහිල් වේ. එවිට සිංහ බාහුගේ සිව් වන ඉලක්කය සිංහයාගේ හිස සිදුරු කර ඔහු මරා දමයි. මරා දමන ලද සිංහයාගේ හිස කපා ගෙන සිංහ බාහු නගරයට එන විට රජු මිය ගොස් ය. ඇමැතිවරු සිංහ බාහුට රජකම දෙන්නට යෝජනා කළ ද ඒ වන විට තම මව සමග වාසය කරන අනුර නම් සෙන්පතියා හට රජ කම පැවරූ සිංහ බාහු තම නිවුන් සොහොයුරිය ද රැගෙන නැවත වනයට ගොස් තම පියා වූ සිංහයා වාසය කළ බිමෙහි සිංහපුරය නමින් නව ජනපදයක් පිහිටුවයි. සිංහබාහු සහ සිංහ සීවලී දෙදෙනාගේ සංවාසයෙන් සිංහ සීවලිය සොලොස් (16) වතාවකදී නිවුන් දරුවන් තිස් දෙදෙනෙකු ලැබූ බව මහා වංශයෙහි වැඩි දුරටත් සඳහන් වේ. ඒ අනුව සිංහ බාහු තම බිසව ලෙස අඹුකමට තබා ගත්තේ අන් කිසිවෙකු නොව තමන්ගේම එක් කුස උපන් නිවුන් සහෝදරියයි. සිංහ බාහු සහ සිංහ සීවලී යන දෙදෙනාගේ පළමු දරුවා විජය නම් විය. ඔහු විෂම චරිතයක් ඇත්තෙකි. අද අපගේ අර්ථයෙන් ගත් කළ තම පියාගේ රාජ්ය බලය අයුතු ලෙස යොදවන ජන පීඩකයෙකි. ඔහුටම සරිලන මැර පිරිසකට ඔහු නායකත්වය දෙයි. විජයගේ පීඩාවන් ඉවසා ගත නොහැකි ජනයා රජුට පැමිණිලි කළහ. රජු පුත්රයාට කිහිප විටක්ම අවවාද කළ ද ඉන් ප්රයෝජනයක් නොවූ තැන විජය සහ ඔහුගේ පිරිවර 700 ක් පිරිස අල්ලා දඬුවමක් ලෙස හිස අඩක් මුඩු කර නැවක නංවා රටින් පිටුවහල් කෙළේය. මින් කියැවෙන්නේ විජය අකීකරු ප්රචණ්ඩ සාහසිකයෙකු බවය. ඔහුගේ සැහැසිකම් නිසා රට වැසියන් පීඩාවට පත් වූවා මෙන්ම තම පියාණන්ටවත් තව දුරටත් රටෙහි තබා ගත නොහැකි තරමේ දුර්ජනයෙකු බව ය. අවසානයේ විජය සහ පිරිස පැමිණි නැව ලංකා දිවයිනේ තම්බපණ්නියට පැමිණේ. ඒ වන විට දිවයින ජනාවාස ය. එහිදී ඔහුට හමුවන්නේ කුවේණිය (කුවණ්නා) නම් යක්ෂ ගෝත්රික කාන්තාවකි. ඇය විජය සමග පෙමින් බැඳී ලංකා රාජ්ය ලබා ගැනීම පිණිස තම පරපුර නැසීමට විජයට උපකාර කරයි. විජය සහ ඔහුගේ පිරිවර යක්ෂ ගෝත්රිකයන් නසා ලංකා රාජ්යය අත්පත් කර ගනිති. විජය නිසා කුවේණියට දරුවන් දෙදෙනෙකු උපදී. ජීවහත්ත සහ දිසාලා (දිපෙල්ලා) යනු ඔවුන්ගේ නම්ය. මේ අතර රාජ්යය ස්ථාවර කර ගැනීමෙන් පසුව විජය රජු ලෙස රාජ්යයෙහි අභිෂේක කර ගැනීමට ඇමැතියෝ සූදානම් වෙති. එහිදී රාජ වංශයට අයත් ක්ෂත්රීය බිසවක නැතිව රජ වන්නට ඔහු සූදානම් නැති බව විජය කියයි. ඇමැතියෝ ඉන්දියාවේ පාණ්ඩ්ය රජු වෙත හසුන් පත් යවා එම රජුගේ දූ කුමරිය විජයගේ බිසව ලෙස ගෙන්වා ගැනීමට කටයුතු කරති. එය සාර්ථක වූ කල විජය කුවේණිය අමතා දරුවන් ඔහු වෙත තබා මාලිගයෙන් පිටව යන ලෙස අණ කරයි. කුවේණිය දුකට සහ කෝපයට පත්ව විජයට සහ ඔහුගේ පරපුරට ශාප කොට මාලිගයෙන් පිටව ගියා ය. කුවේණියගේ එකී ශාපය දිවි දෝශය ලෙස පුරාවෘත්තයන්හි සඳහන් ය. ඉතිරිව සිටි යක්ෂ ගෝත්රිකයන් වෙත ගිය ඇය වරිගය පාවා දුන් කතක් යැයි දෝශාරෝපනය කොට ඝාතනය කරන ලදී. දරුවන් දෙදෙන පලා ගොස් සමනල අඩවියෙහි වාසය කරන්නට පටන් ගත්තෝ ය. [/SIZE][/COLOR] ආශ්රිත ග්රන්ථ: * මහා වංශය - ගුණපාල වීරසේකර සංස්කරණය - ප්රථම මුද්රණය - 1955 ජනවාරි - තුන්වන මුද්රණය 2011 ගොඩගේ ප්රකාශකයෝ * වංසත්ථප්පකාසිනී - මහා වංශ ටීකාව සිංහල අනුවාදය - අකුරටියේ අමරවංශ නාහිමි, හේමචන්ද්ර දිසානායක - පළමු මුද්රණය 1994 විද්යාලංකාර මුද්රණාලය කැළනිය. - කැළනිය විශ්ව විදයාලයේ පාලි හා බෞද්ධ අධ්යයන පශ්චාත් උපාධි ආයතනයේ ප්රකාශනයකි. [COLOR="Red"][SIZE="5"]source: ලංකා ඊ නිව්ස් -2016.ජන.12[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom