සිගරට් බොන්නැති අයට හැදෙන ලෙඩ
අක්‍රීය දුම් පානය නොහොත් පැසිව් ස්මෝකින් (passive smoking)......
අද මේ මාතෘකාව ගැන පොඩ්ඩක් කියන්න කියලා හිතුවේ අපේ සම"හරක්" සිගරට් බොන අය හිතනවා එයාලාම සිගරට් බීලා, එයාලාම මැරෙනවා නම් නොබොන අයට ඒක ගැන තියෙන අමාරුව මොකක්ද කියලා.
ඒක නිසා අපි අද කියන්න යන්නේ අන්න ඒ අමාරුව මොකක්ද කියලා.
බොන එක හොඳ නැති බව ගැන අමුතුවෙන් ලියන්න දෙයක් නැහැනේ. ඒක ගැන නොදන්න කෙනෙක් නැති තරම්. දැන් කියන්න යන්නේ සිගරට් බොන අය නිසා නොබොන අයට අත් විදින්න වෙන විපාක ගැන.
කාටත් තේරුම් ගන්න පුළුවන් විදිහට කිව්වෝත් අක්‍රීය දුම් පානය ලෙස හැඳින්වන්නේ "සිගරට් නොබොන කෙනෙක් සිගරට් බොන කෙනෙක් ලග ඉදීමෙන් ඒ දුම් උරන්නා පිට කරන දුම ආග්‍රාහන කර එහි අඩංගු විෂ ද්‍රව්‍ය සිගරැට් නොඋරන්නාගේ පෙනහළු සහ හදවතට හානි සිදු වීම. "
මේ ආකාරයෙන් දුම් උරන්නෙකු දුම් නොඋරන ජනතාවට සිදු කරන හානිය අතිවිශාලය. අක්‍රීය දුම්පානයට ලක්වීමෙන් මරණ , ලෙඩරෝග වගේම ලිංගික බෙලහීනතා ඇති කරනවා.
•ලෝකයේ ජිවත්වන දරුවන්ගෙන් හරිඅඩක් පමණ දුම්වැටි දුමෙන් දූෂණය වූ වාතය ආඝ්‍රාණය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
•අක්‍රීය දුම්පානයට ලක්වන ළදරුවන් හා කුඩාදරුවන් බ්රොන්කයිටිස් සහ නිව්මෝනියාව වැනි ශ්වසන පද්ධතියට අයත් ආසාදන සහ කන්වල ආසාදනවලට වැඩියෙන් ගොදුරු වෙනවා.
•ඇදුම වැනි දරුණු ශ්වසන රෝග, පෙනහළු වර්ධනය අඩුවීම අක්‍රීය දුම්පානයේ තවත් දරුණු පැතිකඩක්.
•දුම් පානය කිරීමෙන් උදරය නෙරා එන බ්බව බොහෝ දෙනා නොදන්නා කරුනක් ඒ වගේම අක්‍රීය දුම් පානයට අසුවන කාන්තාවන්ගේද උදරය නෙරා ඒමේ හැකියාව තියෙනවා (තමන්ගේ සිරුරේ හැඩය ගැන හිතන කෙල්ලනේ සිගරට් බොන කෙනෙක් පැත්ත පලාතකවත් ඉන්න එපා ඔන්න අද ඉදලා )
•ඒ වගේමයි දුම් පානය කරන පිය වරුන්ගේ දරුවන්ට ඇදුම රෝගය සැදීමට තිබෙන ඉඩකඩත් ගොඩාක් වැඩී. තමන්ගේ දරුවන්ට ආදරේ කරන පියවරුනි ඔබ දුම් පානය කරනවානම් අද සිට හෝ දුම් පානයෙන් ඈත් වන්න. තමන් තමන්ගේ ජීවිතයට ආදරේ නැති වෙන්න පුලුවන් ඒත් ඔබ ඔබේ දරුවාට ආදරේ නම් ඔබ දුම් පානයෙන් ඈත් වන්න.
•ගැබිණි මාතාවණි, ඔබේ ආදරණීය සැමියා දුම් පානය කරන විට ඔබ විෂ රසායන හාරදාහක් පමණ ආශ්වාස කරනවා. තාර, කාබන් මොනොක්සයිඩ්, බෙන්සීන්, ඇමෝනියා, ෆෝමැල්ඩිහයිඩ්, හයිඩ්රජන් සයනයිඩ් මේ උග්‍ර විෂ රසායන අතරින් ස්වල්පයක්. ඔබට වගේම ඔබේ නූපන් දරුවාට මේ දුම ඉතා අහිතකරයි. දරුවකුගේ ජාන විකෘති කරන එක් ප්‍රදාන සාධකයක් තමයි සිගරට් දුම.
දුම් බොන සැමියෙකු ගැබිණි මවක් වෙත නොයා සිටින තරමට එය මවටත් දරුවාටත් සැබවින්ම හිතකරයි.
කෙනෙක් කියන්න පුළුවන් "මට මේ නරක පුරුද්ද නවත්තන්න ඕන ඒත් දැන් පරක්කු වැඩී නවත්තන්න අමාරුයි" කියලා. ඒක බොරු කතාවක් තමන්ට උවමනාව තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ.
නිකමට හිතන්න අපි පොඩි කාලේ ඉදන්ම පාඩම් කරනවා. ඒත් අපි පාඩම් කරන එකට ඇබ්බැහි වෙලාද? නැහැ නේද? ඒත් දවසක් දෙකක් සිගරට් බීලා අපි ඒකට ඇබ්බැහි වෙලාලු. කොච්චර බොරුවක්ද බලන්න එක වසරේ ඉදන් පාඩම් කරලත් ඒකට ඇබ්බැහි නොවුන අපි, දවසක් දෙකක් නැත්නම් අවුරුද්දක් සිගරට් බීලා එකට ඇබ්බැහි වෙලා නවත්ත ගන්න බෑ කියන්නේ කොහොමද? තමන්ගේ හිත පාලනය කර ගත්තොත් කරන්න බැරි දෙයක් නෑ.
දුම් බොන්නෙකු කියන්න පුළුවන් තමන්ට දුම් පානය සදහා අයිතියක් තියනවා කියලා. ඔව් අනිවාර්යයෙන්ම ඔබට ඒ සදහා අයිතිවාසිකම තියෙනවා... නමුත් මතක තබා ගන්න ඔබට අක්‍රීය දුම් පානය හරහා අන්‍යයන් හට රෝග ඇති කිරීමට අයිතිවාසිකමක් නැහැ.
එබැවින් හැකිනම් ඔබගේත් ඔබගේ සොදුරු හිතවතුන්ගේත් සුව පිණිස දුම් පානය අත හරින්න. එය අත හැරීමට නොහැකිම නම් අන් අය නොගැවසෙන තැනකදී දුම් පානය කරන්න.....
හොඳනම් කැමති එකක් දීල යන්නකෝ