සිගරට් වැඩි කිරීම

Mar 22, 2013
434
68
0
ඇඩ්රස් නෑ
සිගරට් වැඩි කිරීම

මම නෙට් එකේ මෙහෙම petitions එකක් දැක්කා:oo::baffled:

සිගරට් භාවිතයට නවකයන් පෙළඹීම අවම කිරීමටත්, භාවිතයට හසුවු අය නවත්වාගැනීමට දිරිගැන්වීමටත් ලෝකය අනුගමනය කරන ඵලදායීම ක්රියාමාර්ගය වන්නේ බදු වැඩිකිරිම තුළින් සිගරට් මිළ ඉහළ දැමීමයි.

අද වන විට අපේ රටේ එක් එක් සිගරට් වර්ග අනුව සිගරට් එකකින් ලැබෙන බදු ප්රමාණය එහි වටිනාකමෙන් 63% - 67% ත් අතර වේ.

මෙසේ අයකරගන්නා බදු සිගරට්ටුවේ මිළෙන් 90% ක් වුවහොත්,

සිගරට් බදු 10% වැඩිකිරීමෙන් සිගරට් භාවිතය 6% කින් අඩුවේ.
මිළ වැඩි අගයක තබාගැනීමෙන් සිගරට් භාවිතයට නවකයන් පෙළඹීමට ඇති අවධානම අඩුකරයි.
සිගරට් භාවිතාය අඩුවීමෙන්, රජය විසින් දැරිය යුතු දීර්ඝකාලීන සෞඛ්ය හා සමාජ සුභසාධන වියදම් අඩුවේ.
දැනටත් ලබාගත හැකි එහෙත් තවමත් ලබා නොගන්නා බදු ආදායමක් හිමිකර ගැනීමට හැකිවීමෙන් රජයේ ආදායම වැඩිවේ.
ජනාධිපතිතුමා හා සෞඛ්ය අමාත්යවාරයාගේ අත්සනින් යුතුව කැබිනට් මණ්ඩලයට දිරිපත් වූ සිගරට් බදු 90% ක් කිරීමේ යොජනාව පාට පක්ෂ භේදයකින් තොරව ජයග්රහණය කරවීම ඔබටද, රටටද, අනාගත දරු පරම්පරාවටද භාග්යක් වනු ඇති.

සිගරට් සමාගම් වල වාසිය වෙනුවෙන් කටයුතු කරන, සිගරට් සඳහා 90% ක බදු පැමිණවීමට එරෙහි, සමාගම්වල වාසිය වෙනුවෙන් කටයුතු කරන, සමාගම්වල මුදලින් යැපෙන ඒජන්තයින් පැරදවීමට අත්සන තබා ඔබේ යුතුකම ඉටු කරන්න.

http://www.ipetitions.com/petition/join-us-to-save-the-future-generations-from
 
Last edited: