Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සිතට සුව දෙන භාවනා........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාවනාව යනු….

භාවනාව කියන්නේ අපේ මනස හසුරුවන වැඩ පිළිවෙලක්. අපේ මනස යම්කිසි ක්රමාණුකූල පිළිවෙලකට හසුරුවනවා නම් එයටයි භාවනාව කියන්නේ. මේ ක්රමානුකූල පිළිවෙළකට මනස හැසිරවීමෙන් අභ්යන්තර ජීවිතය පිරිසිදු වෙනවා. අභ්යන්තර ජීවිතය පිරිසිදු වීම නිසාම ඔබේ ජීවිතය ටික ටික සුවපත් වෙන්න පටන් ගන්නවා. ඔබ ටික ටික ධෛර්යය සම්පන්න වෙන්න පටන් ගන්නවා. ටික ටික වීර්යවන්ත වෙන්න පටන් ගන්නවා. ඔබ සතුටින් ඉන්න පුරුදු වෙනවා. ඔය හැමදේම ලැබෙනවා මනස දියුණු කිරීමෙන්.

දැන් බලන්න අපේ වයස සෑහෙන්න ගෙවිලා. නමුත් අපට බැරිවුණා මනස දියුණු කරගන්න. මේ මනස දියුණු කරගන්න බැරිවුන එක අපේ ජීවිතවලට සිදුවුන විශාල පාඩුවක්. මෙන්න මේ පාඩුවෙන් වැළකිලා මනස දියුණු කරගන්න ලැබනු අවස්ථාව අපි මේ ජීවිතේ දිගින් දිගටම ආරක්ෂා කරගෙන දියුණු කරන්නට ඕනේ.

ස්වාධීන චින්තනයක් ඇති කරගනිමු….

මේකට විශේෂයෙන් වැදගත් වෙනවා ස්වාධීනව හිතන්න පුළුවන්කමක් තිබීම. ස්වාධීනව හිතන්න පුළුවන්කම කියන්නේ, දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මම ඔබට කියා දෙන කොට ඔබට මේ කෙරෙහි පැහැදීමක් ඇතිවෙන්න ඕනේ. මේ කියා දෙන්නා වූ ධර්මය, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය, මේක මට ප්රගුණ කරන්න පුළුවන් කියලා නිසැක භාවයට පත්වෙන්න ඕනේ ශ්රද්ධාව තුළින්. අන්න ඒ තුළින් ඔබ තුළ ගොඩනැගෙන්නේ ස්වාධීන චින්තනයක්. එතකොට කවුරු හරි කිව්වොත් “නෑ… නෑ.. භාවනා කරන්න ඕනෙ නෑ. ඔය භාවනා කරලා වැඩක් නෑ. ජීවිත අවබෝධයක් අපට ඕනෙ නෑ. ඔබ ගිහි ජීවිතය ගත කරන කෙනෙක්. ඔබට ඒක අදාල නෑ” කියලා, එතකොට ඔබ කෙළින්ම පිළිගන්නවා ඒක වැරදි මතයක්, වැරදි අදහසක්, වැරදි දෘෂ්ටියක් කියල.

මේ නිසා ඔබට පුලුවන් පැහැදිලි චින්තනයක ඉන්න. ඔබේ සිතේ වටිනාකම තියෙන්නේ ඔබ තුළ. ඒ නිසා බාහිර කෙනෙකුගේ මතවාදයක් තුළින් ඔබේ මනස පිරිහෙන්න දෙන්න එපා. බාහිර කෙනෙකුගේ මතවාදයකට ඇහුම්කන් දීලා ඔබේ ජීවිතය අයාලේ යන්න දෙන්න එපා. ඒ සඳහා ඔබට කරන්න තියෙන්නේ ඔබේ ජීවිතයට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා දැඩි මතයකට පැමිණෙන්න ඕනෙ. ඒ දැඩි මතය තුළ ඔබ ශ්රද්ධාවන්ත කෙනෙක් බවට පත්වෙනවා. මෙන්න මේ ශ්රද්ධාව මුල් කරගෙන ඔබ ගෞතම බුද්ධ ශාසනයට ටිකෙන් ටික පැමිණෙනවා.

ඔබටත් අභිමානවත් චරිතයක්….

ගෞතම බුද්ධ ශාසනය තුළට ටිකෙන් ටික ඔබ පිවිසෙන විට ශ්රද්ධාව මුල් කරගෙන ඔබේ ජීවිතය ටිකෙන් ටික ශක්තිමත් වෙනවා. ඔබ ආධ්යාත්මිකව බල සම්පන්න වෙනවා. බාහිර අදහස්වලට කරුණු රහිතව බැඳෙන ගතිය නැතිවෙලා බොහොම සාධාරණව කරුණු විමසා බලලා සාධාරණ පැත්ත ගන්න පුළුවන් අභිමානවත් චරිතයක් ඔබ තුළ ගොඩනැගෙනවා. එවැනි දුර්ලභ අවස්ථාවක් ඔබට ලබා දෙන්නේ භාවනාව තුළින්. ඒ නිසා ඔබට මේ භාවනාව කරගෙන යාමට දැන් ඉගෙන ගත් කරුණු මනා පිටුවහලක් වෙනවා.

1.2. මූලික භාවනා ක්රම හඳුනාගනිමු

ජීවිතයට භාවනාවක් ප්රගුණ කර ගැනීමට ඔබතුළ තිබිය යුතු මූලික සුදුසුකම් කීපයක් පිළිබඳව මීට පෙර සාකච්ඡා කළෙමු. ඒවා නම්, නිදහස් චින්තනයක් තිබීම, මේ මනස දියුණු කර ගැනීමේ වටිනාකම ගැන ඔබ තේරුම් අරගෙන සිටීම, මේ දුර්ලභ මනුෂ්ය ජීවිතය ගෙවී යන්නට කලින් මේ දුර්ලභ මනුෂ්ය ජීවිතයෙන් ප්රයෝජන ගත යුතුයි කියලා, ඔබ මතයකට පැමිණ සිටීම, ඔබේ සිත දියුණු කිරීමේ සියලු උපදෙස් බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය තුළ තිබෙන බවට ඔබතුළ ඇති පැහැදීම. මෙන්න මේ කරුණු සැලකිල්ලට අරගෙන මීළඟට අපි ඔබට ඉගෙන ගන්න සලස්වන්නේ මූලික භාවනා ක්රම දෙක ගැනයි.

නිතර වැඩිය යුතු භාවනා….

එයින් පළමු වැනි භාවනාව තමයි ‘සමථ’ භාවනාව. ඊළඟ භාවනාව තමයි ‘විදර්ශනා’ භාවනාව. මේ භාවනා ක්රම දෙක ගැනම බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම අවධාරණයෙන් ප්රකාශ කොට වදාළා. ජීවිතාවබෝධයට අතිශයින්ම උපකාරී වෙනවා කියල.බුදුරජාණන් වහන්සේ වදාළා (සමථෝ භික්ඛවෝ භාවේතබ්බෝ) මේ සමථ භාවනාව දියුණු කරන්න ඕනෙ. ප්රගුණ කරන්න ඕනෙ. සමථ භාවනාව ප්රගුණ කිරීමෙන් සිත දියුණු වෙනවා. සිත වැඩෙනවා. (විපස්සනා භික්ඛවේ භාවේතබ්බා) පින්වත් මහණෙනි, විදර්ශනා භාවනාවත් වැඩිය යුතුයි. විදර්ශනා භාවනාව වැඞීමෙන් ප්රඥාව දියුණු වෙනවා. විදර්ශනාව කියල කියන්නේ යමක ඇත්ත විමසා බැලීම යි. ප්රඥාව කියල කියන්නේ, ඒ ඇත්ත ඒ ආකාරයෙන්ම දැකීමේ හැකියාවටයි. එසේ නම් සමථ භාවනාව දියුණු වීමෙන් ඔබේ සිතේ තිබෙන දුර්වලකම්, සිත විසිරෙන ගතිය නැතිවෙලා සිත ශක්තිමත් වෙලා, යමක් අවබෝධ කරගන්ට සුදුසු ආකාරයට සිත වැඩෙනවා. ඒකට අපි කියනවා සිත කර්මණ්ය වෙනවා කියල. ඒ කියන්නේ යමක් අවබෝධ කරගන්න සුදුසු ආකාරයට සිත සකස් වෙනවා. ඒ සකස්වීම සිදුවන්නේ සමථ භාවනාවෙන්.

භාවනා ක්රම දෙක….

විදර්ශනා භාවනාවෙන් කරන්නේ ජීවිතාවබෝධය ඇති කරල දෙන එක. ජීවිතාවබෝධය ඇති කරල දෙන්නේ ප්රඥාව තුළින්. ප්රඥාව කියල කියන්නේ යම්කිසි දෙයක ඇති ඇත්ත ස්වභාවය ඒ විදිහටම දැකීමේ හැකියාවට. මේ භාවනා ක්රම දෙක වෙන් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ජීවිතාවබෝධය ලබාගන්න කෙනෙක්, ඉස්සර වෙලා සමථ භාවනාව වඩලා, ඊට පස්සේ විදර්ශනාවට ඒක හරනවනවා. එහෙමත් නැත්නම් විදර්ශනා භාවනාව ඉස්සර වෙලා වඩලා එය සමථ භාවනාවට හරවනවා. එහෙම නැත්නම් මේ දෙකම එකට වැඩෙන අයත් ඉන්නවා. සමථය මුල්කරගෙන විදර්ශනා භාවනාව වඩන අයට කියනවා සමථ පුබ්බංගමා විපස්සනා කියල. විදර්ශනා භාවනාව මුල්කරගෙන සමථ භාවනාව වඩන අයට කියනව විපස්සනා පුබ්බංගමා සමථෝ කියල. මේ දෙකම එකට වැඩෙන අයට කියනව යුගනද්ධ කියල.

සිතේ සංසිඳීම….

එසේ නැතිව තනිකරම විදර්ශනාව විතරක් වඩපු, තනිකරම සමථය විතරක් වඩපු පිරිසක් මාර්ගඵල ලාභීන් අතර නැහැ. මේ නිසා අපි දැන් සමථ විදර්ශනා භාවනා ක්රම දෙක ගැන තවදුරටත් විස්තර වශයෙන් තේරුම් ගන්නට ඕනෙ.

එ් තමයි සමථ භාවනාවෙන් සිත දියුණු කරල දෙනව. මේ නීවරණ ධර්ම සංසිඳුවලා සිත දියුණු කරන එකට. සමථ කියල කියන්නේ සංසිඳවීම. දැන් අපේ ජීවිතවල යම්කිසි ආරවුලක්, ගැටළුවක්, ප්රශ්නයක් ඇතිවුණාම අපි කියනවා “දැන් අපි මේක සමථයකට පත් කරගනිමු.” කියලා කියන අදහසමයි සමථය කියල කියන්නෙ. මනස සමථයකට පත් කරල දීම. මනසේ අවුල්බව නැති කරල මනස සන්සුන් කරල දෙන්න පුළුවන්කම මේ සමථ භාවනාවකින් ලැබෙනවා.

අපේ සතුරන් පස් දෙනා හඳුනාගනිමු….

විශේෂයෙන්ම මේ මනස අවුල් කරන කරුණු පහක් මේ ජීවිතේ පවතින බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන අපට වදාළා. ඒ පහට කියන්නේ පංච නීවරණ කියලයි. නීවරණ කියල කියන්නේ, මේ චිත්ත දියුණුව නැති කරන, ප්රඥාවට බාධා ඇති කරන, ප්රඥාව වළක්වන සිතේ දියුණුව වෙනස් කරල දාන, තමන් නොමග යවන දේට තමයි නීවරණ කියල කියන්නේ. නීවරණ ධර්ම පහක් ඇති බව බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ තමයි,

● කාමච්ඡන්දය – තමන් ආස කරන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශවලට සිත නිතර නිතර ඇදී යන ගතිය.

● ව්යාපාදය – තමන් ගැටිච්ච අරමුණුවලට එනම් ඇහෙන් දැකපු දේ, කණෙන් අහපු දේ, නාසයෙන් ආඝ්රාණය කළ දේ, දිවෙන් රස විඳපු දේ, කයෙන් පහස ලැබූ හැටි මේවා ගැන නිතර නිතර මතක් වෙවී ගැටීමක් ඇතිවෙනවා. ඒ ස්වභාවයට කියන්නේ ව්යාපාද කියලයි.

● ථිනමිද්ධ – ඊළඟට තමන්ට මේ සිත දියුණු කරගන්නට බැරි මට්ටමට තමන් අලස (කම්මැලි) වීම, නිදිමතට පත්වීම.

● උද්ධච්ච කුක්කුච්ච – එනම් තමන් ධර්මයේ හැසිරෙන්න තියෙද්දී තමන්ගෙන් වෙච්ච අත්වැරදි ගැන, කල්පනා කර කර තමන්ගෙන් වෙච්ච අත්වැරදි ගැන හිත හිතා ඒ වගේම ශෝක කර කර, සිත විසිරෙන ආකාරයට සිත පැවැත්වීම.

● විචිකිච්ඡා – ඊළඟ එක තමයි තමන් ඉන්න ධර්ම මාර්ගය ගැන මේක දියුණු කළොත් හරියයි ද? මේක හරියයි ද? මේක දියුණු කරන්න බැරිවෙයි ද? මට බැරිවෙයි ද? කිය කිය තමන් හැම තිස්සේම පසු බහින සැකය.

මෙන්න මේවා තමයි අපේ සිතේ හැම තිස්සෙම වෙලාගෙන තිබිල අපට මානසික දියුණුවක් කරා යන්න බාධා කරන වළක්වන දේවල්.

මෙන්න මේවා සිතෙන් සම්පූර්ණයෙන් යටපත් කරලා සිත සමාධිමත් කරලා දෙන්න පුළුවන්කමක් සමථ භාවනාවට තියෙනවා. ඒ නිසා අපි සමථ භාවනාවත් අනිවාර්යයෙන්ම කළ යුතු භාවනාවක්.

ප්රඥාවේ උල්පත….

ඊළඟ භාවනාව තමයි විදර්ශනා භාවනාව. මේ විදර්ශනා භාවනාවත් අනිවාර්යයෙන්ම කළ යුතුයි. විදර්ශනා භාවනාව තමයි යමක තිබෙන මූලික ස්වභාවය, ඒ කියන්නේ යමක ඇති මූලික ලක්ෂණය උදාහරණයක් හැටියට කිව්වොත් බුදුරජාණන් වහන්සේ වදාළා හේතු නිසා හටගත්තු සියලු දේවල් අනිත්යයයි කියල. එතකොට ඒ හටගත්තු මූලික දේවල්වල ලක්ෂණය මොකක්ද? අනිත්යයයි. මෙන්න මේ අනිත්ය ලක්ෂණය හටගත්තු හැම දෙයකම තියෙනවා නම්, සකස් වෙච්ච සෑම දෙයකම තියෙනවා නම්, ඔබ තුළත් මේ අනිත්ය ලක්ෂණය තියෙනවා.

අනිත්ය දේ අනිත්යමයි…

එහෙනම් ඔබේ ජීවිතය පුරා මේ ලක්ෂණය තියෙනවා. දැන් ඔබ මේකට වසඟ වෙලා හිටියට, මේ අනිත්යයට ඔබ මුහුණ නොදී හිටියට, අනිත්ය දේ අනිත්ය වීම ඔබට වළක්වන්න බෑ. අනිත්ය දේ අනිත්ය වෙන කොට හඬා වැටෙන්නේ ඒ නිසා. නමුත් මේකට හඬා වැටෙන්නේ නැතිව, අනිත්ය දේ අනිත්ය වෙන කොට ඔබට අවබෝධයෙන් සිටින්න පුළුවන් නම් අන්න ඔබ තුළ ජීවිතය පිළිබඳව අවබෝධයක් තියෙනවා. මේ නිසාම අනිත්ය දේ අනිත්ය වශයෙන් දැකීමේ හැකියාව, දුක් දේ දුක් වශයෙන් දැකීමේ හැකියාව, අනාත්ම දේ අනාත්ම දේ වශයෙන් දැකීමේ හැකියාවට (අනාත්ම දේ යනු තම වසඟයේ පවත්වන්න බැරි, අයිතිකාරයෙක් නැති දේට) කියනවා අනිත්ය දර්ශනයයි කියල.

අභියෝග කරදර හමුවේ පෙරටම යන්න….

සිහිය මෙහෙයවලා නුවණ මෙහෙයවලා විමස විමසා බලන කොට ඔබ තුළ මේ ලක්ෂණ කෙමෙන් කෙමෙන් දියුණු වෙනවා. යමක් විනිවිද දකින්න පුළුවන් හැකියාව ලැබෙනවා. අන්න ඒ හැකියාවට තමයි ප්රඥාව කියන්නේ. ඒ ප්රඥාව ලබන්න වුවමනා කරන ආකාරයට ඒ හැකියාව දියුණු කිරීමට කියනවා විදර්ශනා කියලා.

ඔබ මේ කාරණයේදී ගොඩක් නුවණ පාවිච්චි කරන්නට ඕනෙ. කෙනෙක් ඔබට කියන්න පුළුවන් “හා…. හා…. අනිත්ය භාවනාව සිහි කරන්න එපා. ඔබ ගිහි ගෙදර ඉන්න කෙනෙක්. ඒක ඔබට අදාළ නෑ.” ඔබේ ස්වාධීන නුවණින් කල්පනා කරලා ඔබ හිතන්න මෙහෙම. “මේ කෙනා නම් අමු මිථ්යා දෘෂ්ටිකයෙක්. මේ කෙනා නම් යථාර්ථයට විරුද්ධව කල්පනාව තියෙන කෙනෙක්. මේ කෙනා නම් චිත්ත දියුණුවට බාධා කරන්න කැමති කෙනෙක්. මේ කෙනා නම් ප්රඥාව දියුණු වෙනවට අකමැති කෙනෙක්” කියල තෝරාගෙන ඒ අදහස බැහැර කරන්නට ඕනෙ.

ශ්රද්ධාව ඇති කර ගනිමු

එසේ බැහැර කරලා ඔබේ ජීවිතය තුළ ඔබ හිතන්න ඕනෙ මෙහෙම. “බුදුරජාණන් වහන්සේ මහා කරුණිකයි. බුදුරජාණන් වහන්සේ ජීවිතය අවුල් වෙන කඩාකප්පල් වෙන දේවල් මේ ලෝකයට කියන්නෙ නෑ. ඒවා කියන්නේ පෘථග්ජන අය විසින්. බුදුරජාණන් වහන්සේ පෘථග්ජන කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ අරහත්වයට පත්වෙච්ච නිකෙලෙස් උත්තමයන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පෘථග්ජනභාවයෙන් එතෙර කරවන ධර්මයක්. බුදුරජාණන් වහන්සේගේ ශ්රාවක සඟරුවන පෘථග්ජන භාවයෙන් එතෙර වෙලා, අරහත්වයට පත්වෙන අරහත්වය කරා පිය නගන ශ්රාවක පිරිසක්.

මේ නිසා මම සරණ ගියපු තිසරණයටයි මේ අනිත්ය දර්ශනය අදාළ ‘ඒ නිසා යමෙක් කියනවා නම්, මේ අනිත්ය දර්ශනය ජීවිතයට වැඩක් නෑ‘ කියල, ඒ කෙනා තිසරණයෙන් බැහැර වෙච්ච මිත්යා දෘෂ්ටික, මිත්යා මත දරන අන්ධ බාල පෘතග්ජන පැත්තේ කෙනෙක්,“ කියල පැහැදිලිවම එයා හඳුනාගන්නට ඕනෙ. හඳුනාගෙන ඔබ සම්පූර්ණයෙන්ම ජීවිතය ගැන අවබෝධයකින් කටයුතු කරන්න ඕනෙ.

නොසැලී පෙරටම ගමන් කරන්න…

එසේ නම් දැන් ඔබ මතක තියාගන්න සමථ භාවනාව කියන්නේ සිත තැන්පත් කරන, පංච නීවරණ යටපත් කරන, සමාධිය දියුණු කරන වැඩපිළිවෙලකටයි. සමථ භාවනාව තුළින් දියුනු කරගන්න සමාධිය බොහෝ වේලාවක් තියාගන්න පුළුවන්කම තියෙනවා. එ්කට කියනවා ධ්යාන කියල. මේ ධ්යාන, පළවෙනි ධ්යානය, දෙවෙනි ධ්යානය, තුන්වෙනි ධ්යානය, හතරවෙනි ධ්යානය වශයෙන් දියුණු කරන්න පුළුවන්.

විදර්ශනා භාවනාව මනාකොට හැසිරවීමෙන් දියුණු වෙන්නේ ප්රඥාවයි. ප්රඥාව දියුණු වෙන්න, දියුණු වෙන්න ඒ කෙනාට මේ ජීවිතය ගැන තියෙන අනවශ්ය බැඳීම්, ජීවිතය ගැන ගොඩනගන අදාළ නැති ප්රශ්න, ජීවිතය ගැන ගොඩනගන අද්භූත ආකල්ප, ජීවිතය ගැන ගොඩනගන මිත්යා අදහස්, මේ සියල්ලම බැහැර වෙලා, යථාර්ථවාදී අවබෝධයක් කරා එයාගේ ජීවිතය සකස් වෙනවා.

එසේ නම් අපට මේ සමථ භාවනාවෙන් සිත දියුණු කරල දෙනවා. විදර්ශනා භාවනාවෙන් ප්රඥාව දියුණු කරලා දෙනවා. මේ සිතත් ප්රඥාවත් දියුණු කරන සමථ විදර්ශනා භාවනා දෙකම අපට දියුණු කරගන්න පුළුවන් හොඳ භාවනාවක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරාම තියෙනවා. ඒකට අපි කියනවා සතිපට්ඨානය කියල. මෙන්න මේ සතිපට්ඨාන භාවනාව අපේ ජීවිතයට දියුණු කරගන්න පුළුවන් ආකාරයට මින් ඉදිරියට දැනගන්න පුළුවන්. දැන් ඔබ මතක තියාගන්න සමථ විදර්ශනා කියල භාවනා දෙකක් තියෙනවා. මේ දෙකම ජීවිතයට අත්යවශ්යයි. මේ දෙකම දියුණු කරගන්න ඔබත් මහන්සි ගන්න.

1.3. සම්මා සතිය යනු කුමක්ද?

අපි මේ වන විට භාවනාවක් ජීවිතයට පුරුදු කිරීමේදී කෙනෙක් තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව ඉගෙන ගත්තා. ඊට අමතරව සමථ විදර්ශනා භාවනා ක්රම දෙක පිළිබඳව ඉගෙන ගත්තා. සමථ විදර්ශනා කියන මේ භාවනා ක්රම දෙක මේ ජීවිතයට අත්යවශ්ය එකක්. මේක ප්රගුණ කරන්න පුළුවන් කියල අපි ඉගෙන ගත්තා.

කාලයකට අයිති නොමැති අකාලිකයි සිරි සදහම්…

අද අපි ඉගෙන ගන්නේ මේ සඳහා මූලික වන බුද්ධ දේශනාවක් ගැනයි. බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය තුළ දියුණු කරන්න පුළුවන් හැම පැත්තක්ම දියුණු කරගන්න පුළුවන් ආකාරයට අපට කියා දීලා තියෙනවා. උන්වහන්සේ වදාළ ධර්මයට අපි කියනවා අකාලිකයි කියල. අකාලිකයි කියල කියන්නේ අපට බුදුරජාණන් වහන්සේ වැඩ නො සිටින මේ කාලෙත් මේ ධර්මය ප්රගුණ කරලා ප්රතිඵල ලබන්න පුළුවනි. අතීතයටත් එය සාර්ථකයි. වර්තමානයෙත් ඒ ධර්මය දියුණු කරල ප්රතිඵල ලබන්න පුළුවනි. අනාගතයේදීත් ඒ ධර්මය දියුණු කරල ප්රතිඵල ලබන්න පුළුවනි. ඒකට කියනවා අකාලිකයි කියල.

අභ්යන්තර ගැටළුවේ වෙනසක් නෑ…

මේ ධර්මය කාලයේ පහර කෑමකට හසුවෙලා අනිත් විෂයක් වගේ වෙනස් වෙන එකක් නෙවෙයි. දැන් අපි දන්නවා අනිත් විෂයන් නම් එහෙම නෙවෙයි. කලකට බොහෝම වැදගත්. කලකට සමාජයෙන් එ්ක අයින් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය එහෙම එකක් නෙවෙයි. අකාලික ධර්මයක්. මේ මනුෂ්ය වර්ගයාගේ අභ්යන්තර ජීවිත ගැටළුවේ වෙනසක් නෑ.

බුදුරජාණන් වහන්සේගේ කාලයෙයි අදයි කියල මනුෂ්යයාගේ ජීවිතවල ලොකු වෙනසක් නෑ. ඒ කාලේ යම් දුර්වලතා තිබුණාද ඒ දුර්වලතා අදත් තියෙනවා. මිනිසුන්ට එකල යම් කුසලතා තිබුණාද ඒ කුසලතා අදත් තියෙනවා. මේ නිසා කුසලතා දියුණු කරලා දුබලතා බැහැර කරන බුදුරජාණන් වහන්සේගේ ධර්මය අදටත් ගැලපෙනවා. අදටත් විද්යානුකූලයි. ජීවිතය දිහා විවෘතව බලනවා. නිදහස්ව බලනවා.

සිහි කල්පනාව වැදගත්….

ඊළඟ එක තමයි පළල් දැක්මක් ජීවිතය ගැන ලබා දෙනවා. මේ සඳහා තියෙන මූලික දැනුම ලබාදෙන්නේ සතිපට්ඨානයෙන්. සති කියන්නේ සිහිය. පට්ඨානය කියන්නේ පිහිටුවීම. සිහිය පිහිටුවනවා කියලා කියන්නේ මේ ජීවිතය දිහා හොඳ කල්පනාවෙන් අවධානයකින් බලන ක්රමයට.

සාමාන්යයෙන් ඕනෑම කෙනෙකුට ගමනක් බිමනක් යෑමට වැඩක් පලක් කරගැනීමට සිහියක් වුවමනයි. අපි පාරේ අයිනෙන් තමයි ගමන් කරන්නේ. ඒ වාහනවලට හැප්පෙන්නේ නැතිව යාමට යි. පාර පනින්නේ දෙපැත්ත බලලයි. මේ සෑම දෙයක්ම කරන්නේ සිහිකල්පනාවෙන්.

ඔබ තුළත් සම්මා සතිය තිබේද?

සිහි කල්පනාව අපට නැතිව ගියොත් අපි මේ කරන දේ දන්නෙ නෑ. මෙන්න මේ සාමාන්ය සිහියම අපි දියුණු මට්ටමට හරව ගන්නවා. මේ දියුණු මට්ටමට හරවගන්න කොට අපි ඒකට කියනවා සම්මා සතිය කියල.

සතර සතිපට්ඨානයෙන් කරන්නේ සම්මා සතිය දියුණු කරල දීම. එහෙමනම් දැන් එදිනෙදා සාමාන්ය ජීවිතයේදී තියෙන්නේ වෙන සතියක්. ඒ කියන්නේ ඒක සම්මා සතිය නෙවෙයි. ඒ සතිය තුළ අපි කොච්චර සිහි නුවණින් යුක්තව ආහාර පාන පිසගෙන කෑවත්, කොච්චර සිහි නුවණින් යුක්තව ඇඳුම් පැළඳුම් ඇන්දත්, වතුර නෑවත්, එ්ක සම්මා සතිය දක්වා වර්ධනය වුණේ නැත්නම් ජීවිතාවබෝධයකට සිත සකස් වෙන්නෙ නෑ.

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨානයේ සම්පූර්නයෙන් ම තියෙන්නේ සම්මා සතිය. සම්මා සතිය ඇතිකරන්න බෑ සම්මා දිට්ඨියෙන් තොරව. ඒ නිසා සම්මා දිට්ඨිය අපේ ජීවිතවලට අත්යවශ්ය අංගයක්.

සම්මා දිට්ඨියේ පෙර නිමිති….

සම්මා දිට්ඨිය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ මෙහෙමයි. දැන් ඔන්න රාත්රී ඝන අන්ධකාරයක් තියෙනවා. පාන්දර වෙනකොට මේ ඝන අන්ධකාරය ඉවර වෙලා නැගෙනහිර අහසේ ලා පාට එළියක් එනවා. මෙන්න මේ ලා පාට එළියට කියනවා අරුණ කියල. මේ අරුණාලෝකය එනවිට අපට ප්රත්යක්ෂ කාරණයක් තමයි ඉර පායනවා කියන එක. අරුණාලෝකය පැමිණීමත් සමඟ අපි දන්නවා දැන් ඉර පායනවා කියලා.

බුදුරජාණන් වහන්සේ වදාළා අවබෝධයක් නැති ජීවිතේ කරුවලම කරුවල එකක් කියල. මේ අන්ධකාර ජීවිතයට ඉර පායන්න පටන් ගන්නේ සම්මා දිට්ඨිය තුළින්. සම්මා දිට්ඨිය තුළින් තමයි ජීවිතයට අරුණෝදය ඇතිවන්නේ. එහෙනම් ජීවිතයට අරුණාලෝකය ඇතිවන සම්මා දිට්ඨිය අපි ඇති කරගත්තොත් අපට පුළුවනි. ඒ සම්මා දිට්ඨිය මුල්කරගෙන සතර සතිපට්ඨාන භාවනාවේ යෙදෙන්න.

සම්මා දිට්ඨිය යනු හරි දැක්මද?

මේ සම්මා දිට්ඨියට අපේ රටේ පුරුදු වෙලා තියෙනවා වචනයක් හරි දැක්ම කියලා. මේක අර්ථ පූර්ණ වචනයක් නෙවෙයි. මේක සම්මා දිට්ඨිය කියන වචනයට හිඩැසක් පුරවලා මිසක් අවබෝධයක් ඇති වචනයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය කියන වචනය පරිපූර්ණ වශයෙන් තෝරලා තියෙනවා.

උන්වහන්සේ සම්මා දිට්ඨිය කියන වචනේ පෙන්වලා තියෙන්නේ චතුරාර්ය සත්යය පිළිබඳව අවබෝධ ඤාණය සම්මා දිට්ඨිය ලෙසයි. ඒ කිව්වේ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් මේ ජීවිතේ ගැන සිතනවා.

“හේතු ඵල ධර්මයක් මේ ජීවිතේ තියෙන්නේ. ඒ හේතු නැති කිරීමෙන් ඵලය නැතිවන ස්වභාවික න්යයක් තියෙන්නේ. මේක වෙනස් කරල පූර්ණ සැපයක් ලබන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්.”

මෙන්න මේ කරුණු ජීවිතය තුළින් අවබෝධ කරගත්ත කෙනා සම්මා දිට්ඨියෙන් යුක්තයි. අන්න ඒ කෙනාට මනාකොට සිහිය හසුරුවන්න පුළුවන්. ඒකට කියනවා සතිපට්ඨානය කියල.

කරන්නන් වාගේ නොකරන්න….

ආවාට ගියාට ගහක් සිටවලා වුණත් ප්රයෝජනයක් ලබන්න බෑ. ඒ නිසා භාවනාව සම්බන්ධයෙනුත් ආවාට ගියාට කරල ප්රයෝජනයක් ලබන්න අමාරුයි. මේ නිසා, අපි භාවනා කරන්නේ මක් නිසාද, මොකක්ද ඒකේ අවශ්යතාවය, ඒකෙන් ලැබෙන ප්රතිලාභ මොනවාද, අපට මෙය දියුණු කර ගැනීමෙන් ලැබෙන්නේ මොනව ද කියල අපට තේරුම් ගන්න වුවමනා වෙනවා.

ජීවිතයට ඉඩක්….

සාමාන්යයෙන් අපේ ජීවිතේ මේ පේන දේවල් වලට තමයි සීමා වෙලා තියෙන්නේ. ඒ නිසා බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ අසනීප වලින් සුවපත් වෙන්න භාවනාව අවශ්යයි. ස්මරණය දියුණු වෙන්න භාවනාව අවශ්යයි, නීරෝගීකම ඇතිකර ගන්න භාවනාව අවශ්යයි. ක්රමානුකූල වැඩපිළිවෙලක් කරගන්න භාවනාව අවශ්යයි කියලයි. නමුත් ඒ ඔක්කොම දෙවෙනි තැනට දාන්න. පළමු තැනට දාගන්න ජීවිතය අවබෝධ කිරීමට භාවනාව අවශ්යයි කියල.

උතුම් අරමුණක්

ජීවිතය අවබෝධය කරා යන කෙනාට අර සියලුම දේවල් ලැබෙනවා. ජීවිතය අවබෝධය කරා යන කෙනා මානසික නීරෝගීකම අත් විඳින කෙනෙක් බවට පත්වෙනවා. ජීවිතය අවබෝධය කරා යන කෙනා ස්මරණය දියුණු කරන කෙනෙක් බවට පත්වෙනවා. ජීවිතය අවබෝධය කරා යන කෙනා අකම්පිත ජීවිතයකට හුරුවෙනවා.

එහෙම නම් ඔබ යම් යම් ලෞකික දේවල් ලෞකික ප්රතිලාභ භාවනාවෙන් බලාපොරොත්තු වෙනවාද ඒ සියල්ලම ජීවිතාවබෝධයේ පිරිවර හැටියට ඔබට ලැබෙනවා. ඒ නිසා ඔබ භාවනාවේ ඉලක්කය හැටියට තබාගත යුත්තේ ඔබට මතක තබාගැනීමට වුවමනයි කියන කාරණය නොවේ. ඔබට සෞඛ්ය සම්පන්න වීමට වුවමනයි කියන කාරණය නොවේ. ඔබට මානසිකව නිරෝගීකමෙන් හා සතුටින් ඉන්න ඕනෙ කියන කාරණය නොවේ. ජීවිතය අවබෝධ කළ යුතුයි කියන කරුණයි භාවනාවේ ඉලක්කය හැටියට මතක තබා ගත යුත්තේ. ඔන්න ඔය අදහසට ඔබ ආවොත් ඔබට අර සියලු දේවල් ලැබේවි. ඒ ජීවිතාවබෝධය නිසාමයි.

සම්මා සතියේ පිරිවර….

මෙන්න මේ නිසා ඔබට පුළුවන්කම තියෙනවා එය සතර සතිපට්ඨානයෙන් කරගන්නට. ඔබ දන්නවා සතිපට්ඨානය තුළ සිහිය දියුණු කරනවා කියල. මීට පෙර කීවා අපිට සිහියක් තියෙනවා. ඒ සිහිය වැඩක් නැහැ. ඒ සිහිය සාමාන්ය එකක්. ඔය සිහියට පුළුවන්කමක් නෑ ඔබේ මනසේ වේදනා නැතිකරන්න. සාමාන්ය සිහියට පුළුවන් කමක් නෑ ඔබව අවබෝධයක් කරා ගෙනියන්නට. දුක් විඳින ඔබේ දුක් කඳුළු පිස දමන්නට ඒ සිහියට බෑ. සාමාන්ය සිහියට බෑ විසිරෙන සිත තැන්පත් කරන දෙන්න. ඒ ඔක්කොම කරල දෙන්න පුළුවන් සම්මා සතියට. මේ සම්මා සතිය දියුණු වෙන්නේ සතිපට්ඨානය තුළයි.

ඔබටත් ඉලක්කයක්…..

සතිපට්ඨානය දියුණු කරන ආකාර ක්රමවේද හතරක් බුදුරජාණන් වහන්සේ වදාළා.

01. කායානුපස්සනාව (කය පිළිබඳව සිහිය පිහිටුවන ක්රම)

02. වේදනානුපස්සනාව (විඳීම පිළිබඳව සිහිය පිහිටුවන ක්රම)

03. චිත්තානුපස්සනාව (සිත ගැන සිහිය පිහිටුවීම)

04. ධම්මානුපස්සනාව (ජීවිතාවබෝධයට අදාළ කරුණු වල සිහිය පිහිටුවීම.)

සතිපට්ඨානයේ ඉලක්කය චතුරාර්ය සත්යාවබෝධයයි. ඒ කිව්වේ ජීවිතාවබෝධය යි. එහෙම නම් ජීවිතාවබෝධයට ඉලක්ක කරපු සතර සතිපට්ඨානය ගැන ඉදිරියට අප ඉගෙන ගනිමු.

http://amadamvila.net/meditation_1/

[QUOTE="hdgpure, post: 15086166, member: 56825"] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-ash3/166050_412111145562838_466266061_n.jpg[/IMG] [B][SIZE="4"]භාවනාව යනු…. භාවනාව කියන්නේ අපේ මනස හසුරුවන වැඩ පිළිවෙලක්. අපේ මනස යම්කිසි ක්රමාණුකූල පිළිවෙලකට හසුරුවනවා නම් එයටයි භාවනාව කියන්නේ. මේ ක්රමානුකූල පිළිවෙළකට මනස හැසිරවීමෙන් අභ්යන්තර ජීවිතය පිරිසිදු වෙනවා. අභ්යන්තර ජීවිතය පිරිසිදු වීම නිසාම ඔබේ ජීවිතය ටික ටික සුවපත් වෙන්න පටන් ගන්නවා. ඔබ ටික ටික ධෛර්යය සම්පන්න වෙන්න පටන් ගන්නවා. ටික ටික වීර්යවන්ත වෙන්න පටන් ගන්නවා. ඔබ සතුටින් ඉන්න පුරුදු වෙනවා. ඔය හැමදේම ලැබෙනවා මනස දියුණු කිරීමෙන්. දැන් බලන්න අපේ වයස සෑහෙන්න ගෙවිලා. නමුත් අපට බැරිවුණා මනස දියුණු කරගන්න. මේ මනස දියුණු කරගන්න බැරිවුන එක අපේ ජීවිතවලට සිදුවුන විශාල පාඩුවක්. මෙන්න මේ පාඩුවෙන් වැළකිලා මනස දියුණු කරගන්න ලැබනු අවස්ථාව අපි මේ ජීවිතේ දිගින් දිගටම ආරක්ෂා කරගෙන දියුණු කරන්නට ඕනේ. ස්වාධීන චින්තනයක් ඇති කරගනිමු…. මේකට විශේෂයෙන් වැදගත් වෙනවා ස්වාධීනව හිතන්න පුළුවන්කමක් තිබීම. ස්වාධීනව හිතන්න පුළුවන්කම කියන්නේ, දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මම ඔබට කියා දෙන කොට ඔබට මේ කෙරෙහි පැහැදීමක් ඇතිවෙන්න ඕනේ. මේ කියා දෙන්නා වූ ධර්මය, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය, මේක මට ප්රගුණ කරන්න පුළුවන් කියලා නිසැක භාවයට පත්වෙන්න ඕනේ ශ්රද්ධාව තුළින්. අන්න ඒ තුළින් ඔබ තුළ ගොඩනැගෙන්නේ ස්වාධීන චින්තනයක්. එතකොට කවුරු හරි කිව්වොත් “නෑ… නෑ.. භාවනා කරන්න ඕනෙ නෑ. ඔය භාවනා කරලා වැඩක් නෑ. ජීවිත අවබෝධයක් අපට ඕනෙ නෑ. ඔබ ගිහි ජීවිතය ගත කරන කෙනෙක්. ඔබට ඒක අදාල නෑ” කියලා, එතකොට ඔබ කෙළින්ම පිළිගන්නවා ඒක වැරදි මතයක්, වැරදි අදහසක්, වැරදි දෘෂ්ටියක් කියල. මේ නිසා ඔබට පුලුවන් පැහැදිලි චින්තනයක ඉන්න. ඔබේ සිතේ වටිනාකම තියෙන්නේ ඔබ තුළ. ඒ නිසා බාහිර කෙනෙකුගේ මතවාදයක් තුළින් ඔබේ මනස පිරිහෙන්න දෙන්න එපා. බාහිර කෙනෙකුගේ මතවාදයකට ඇහුම්කන් දීලා ඔබේ ජීවිතය අයාලේ යන්න දෙන්න එපා. ඒ සඳහා ඔබට කරන්න තියෙන්නේ ඔබේ ජීවිතයට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා දැඩි මතයකට පැමිණෙන්න ඕනෙ. ඒ දැඩි මතය තුළ ඔබ ශ්රද්ධාවන්ත කෙනෙක් බවට පත්වෙනවා. මෙන්න මේ ශ්රද්ධාව මුල් කරගෙන ඔබ ගෞතම බුද්ධ ශාසනයට ටිකෙන් ටික පැමිණෙනවා. ඔබටත් අභිමානවත් චරිතයක්…. ගෞතම බුද්ධ ශාසනය තුළට ටිකෙන් ටික ඔබ පිවිසෙන විට ශ්රද්ධාව මුල් කරගෙන ඔබේ ජීවිතය ටිකෙන් ටික ශක්තිමත් වෙනවා. ඔබ ආධ්යාත්මිකව බල සම්පන්න වෙනවා. බාහිර අදහස්වලට කරුණු රහිතව බැඳෙන ගතිය නැතිවෙලා බොහොම සාධාරණව කරුණු විමසා බලලා සාධාරණ පැත්ත ගන්න පුළුවන් අභිමානවත් චරිතයක් ඔබ තුළ ගොඩනැගෙනවා. එවැනි දුර්ලභ අවස්ථාවක් ඔබට ලබා දෙන්නේ භාවනාව තුළින්. ඒ නිසා ඔබට මේ භාවනාව කරගෙන යාමට දැන් ඉගෙන ගත් කරුණු මනා පිටුවහලක් වෙනවා. 1.2. මූලික භාවනා ක්රම හඳුනාගනිමු ජීවිතයට භාවනාවක් ප්රගුණ කර ගැනීමට ඔබතුළ තිබිය යුතු මූලික සුදුසුකම් කීපයක් පිළිබඳව මීට පෙර සාකච්ඡා කළෙමු. ඒවා නම්, නිදහස් චින්තනයක් තිබීම, මේ මනස දියුණු කර ගැනීමේ වටිනාකම ගැන ඔබ තේරුම් අරගෙන සිටීම, මේ දුර්ලභ මනුෂ්ය ජීවිතය ගෙවී යන්නට කලින් මේ දුර්ලභ මනුෂ්ය ජීවිතයෙන් ප්රයෝජන ගත යුතුයි කියලා, ඔබ මතයකට පැමිණ සිටීම, ඔබේ සිත දියුණු කිරීමේ සියලු උපදෙස් බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය තුළ තිබෙන බවට ඔබතුළ ඇති පැහැදීම. මෙන්න මේ කරුණු සැලකිල්ලට අරගෙන මීළඟට අපි ඔබට ඉගෙන ගන්න සලස්වන්නේ මූලික භාවනා ක්රම දෙක ගැනයි. නිතර වැඩිය යුතු භාවනා…. එයින් පළමු වැනි භාවනාව තමයි ‘සමථ’ භාවනාව. ඊළඟ භාවනාව තමයි ‘විදර්ශනා’ භාවනාව. මේ භාවනා ක්රම දෙක ගැනම බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම අවධාරණයෙන් ප්රකාශ කොට වදාළා. ජීවිතාවබෝධයට අතිශයින්ම උපකාරී වෙනවා කියල.බුදුරජාණන් වහන්සේ වදාළා (සමථෝ භික්ඛවෝ භාවේතබ්බෝ) මේ සමථ භාවනාව දියුණු කරන්න ඕනෙ. ප්රගුණ කරන්න ඕනෙ. සමථ භාවනාව ප්රගුණ කිරීමෙන් සිත දියුණු වෙනවා. සිත වැඩෙනවා. (විපස්සනා භික්ඛවේ භාවේතබ්බා) පින්වත් මහණෙනි, විදර්ශනා භාවනාවත් වැඩිය යුතුයි. විදර්ශනා භාවනාව වැඞීමෙන් ප්රඥාව දියුණු වෙනවා. විදර්ශනාව කියල කියන්නේ යමක ඇත්ත විමසා බැලීම යි. ප්රඥාව කියල කියන්නේ, ඒ ඇත්ත ඒ ආකාරයෙන්ම දැකීමේ හැකියාවටයි. එසේ නම් සමථ භාවනාව දියුණු වීමෙන් ඔබේ සිතේ තිබෙන දුර්වලකම්, සිත විසිරෙන ගතිය නැතිවෙලා සිත ශක්තිමත් වෙලා, යමක් අවබෝධ කරගන්ට සුදුසු ආකාරයට සිත වැඩෙනවා. ඒකට අපි කියනවා සිත කර්මණ්ය වෙනවා කියල. ඒ කියන්නේ යමක් අවබෝධ කරගන්න සුදුසු ආකාරයට සිත සකස් වෙනවා. ඒ සකස්වීම සිදුවන්නේ සමථ භාවනාවෙන්. භාවනා ක්රම දෙක…. විදර්ශනා භාවනාවෙන් කරන්නේ ජීවිතාවබෝධය ඇති කරල දෙන එක. ජීවිතාවබෝධය ඇති කරල දෙන්නේ ප්රඥාව තුළින්. ප්රඥාව කියල කියන්නේ යම්කිසි දෙයක ඇති ඇත්ත ස්වභාවය ඒ විදිහටම දැකීමේ හැකියාවට. මේ භාවනා ක්රම දෙක වෙන් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ජීවිතාවබෝධය ලබාගන්න කෙනෙක්, ඉස්සර වෙලා සමථ භාවනාව වඩලා, ඊට පස්සේ විදර්ශනාවට ඒක හරනවනවා. එහෙමත් නැත්නම් විදර්ශනා භාවනාව ඉස්සර වෙලා වඩලා එය සමථ භාවනාවට හරවනවා. එහෙම නැත්නම් මේ දෙකම එකට වැඩෙන අයත් ඉන්නවා. සමථය මුල්කරගෙන විදර්ශනා භාවනාව වඩන අයට කියනවා සමථ පුබ්බංගමා විපස්සනා කියල. විදර්ශනා භාවනාව මුල්කරගෙන සමථ භාවනාව වඩන අයට කියනව විපස්සනා පුබ්බංගමා සමථෝ කියල. මේ දෙකම එකට වැඩෙන අයට කියනව යුගනද්ධ කියල. සිතේ සංසිඳීම…. එසේ නැතිව තනිකරම විදර්ශනාව විතරක් වඩපු, තනිකරම සමථය විතරක් වඩපු පිරිසක් මාර්ගඵල ලාභීන් අතර නැහැ. මේ නිසා අපි දැන් සමථ විදර්ශනා භාවනා ක්රම දෙක ගැන තවදුරටත් විස්තර වශයෙන් තේරුම් ගන්නට ඕනෙ. එ් තමයි සමථ භාවනාවෙන් සිත දියුණු කරල දෙනව. මේ නීවරණ ධර්ම සංසිඳුවලා සිත දියුණු කරන එකට. සමථ කියල කියන්නේ සංසිඳවීම. දැන් අපේ ජීවිතවල යම්කිසි ආරවුලක්, ගැටළුවක්, ප්රශ්නයක් ඇතිවුණාම අපි කියනවා “දැන් අපි මේක සමථයකට පත් කරගනිමු.” කියලා කියන අදහසමයි සමථය කියල කියන්නෙ. මනස සමථයකට පත් කරල දීම. මනසේ අවුල්බව නැති කරල මනස සන්සුන් කරල දෙන්න පුළුවන්කම මේ සමථ භාවනාවකින් ලැබෙනවා. අපේ සතුරන් පස් දෙනා හඳුනාගනිමු…. විශේෂයෙන්ම මේ මනස අවුල් කරන කරුණු පහක් මේ ජීවිතේ පවතින බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන අපට වදාළා. ඒ පහට කියන්නේ පංච නීවරණ කියලයි. නීවරණ කියල කියන්නේ, මේ චිත්ත දියුණුව නැති කරන, ප්රඥාවට බාධා ඇති කරන, ප්රඥාව වළක්වන සිතේ දියුණුව වෙනස් කරල දාන, තමන් නොමග යවන දේට තමයි නීවරණ කියල කියන්නේ. නීවරණ ධර්ම පහක් ඇති බව බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ තමයි, ● කාමච්ඡන්දය – තමන් ආස කරන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශවලට සිත නිතර නිතර ඇදී යන ගතිය. ● ව්යාපාදය – තමන් ගැටිච්ච අරමුණුවලට එනම් ඇහෙන් දැකපු දේ, කණෙන් අහපු දේ, නාසයෙන් ආඝ්රාණය කළ දේ, දිවෙන් රස විඳපු දේ, කයෙන් පහස ලැබූ හැටි මේවා ගැන නිතර නිතර මතක් වෙවී ගැටීමක් ඇතිවෙනවා. ඒ ස්වභාවයට කියන්නේ ව්යාපාද කියලයි. ● ථිනමිද්ධ – ඊළඟට තමන්ට මේ සිත දියුණු කරගන්නට බැරි මට්ටමට තමන් අලස (කම්මැලි) වීම, නිදිමතට පත්වීම. ● උද්ධච්ච කුක්කුච්ච – එනම් තමන් ධර්මයේ හැසිරෙන්න තියෙද්දී තමන්ගෙන් වෙච්ච අත්වැරදි ගැන, කල්පනා කර කර තමන්ගෙන් වෙච්ච අත්වැරදි ගැන හිත හිතා ඒ වගේම ශෝක කර කර, සිත විසිරෙන ආකාරයට සිත පැවැත්වීම. ● විචිකිච්ඡා – ඊළඟ එක තමයි තමන් ඉන්න ධර්ම මාර්ගය ගැන මේක දියුණු කළොත් හරියයි ද? මේක හරියයි ද? මේක දියුණු කරන්න බැරිවෙයි ද? මට බැරිවෙයි ද? කිය කිය තමන් හැම තිස්සේම පසු බහින සැකය. මෙන්න මේවා තමයි අපේ සිතේ හැම තිස්සෙම වෙලාගෙන තිබිල අපට මානසික දියුණුවක් කරා යන්න බාධා කරන වළක්වන දේවල්. මෙන්න මේවා සිතෙන් සම්පූර්ණයෙන් යටපත් කරලා සිත සමාධිමත් කරලා දෙන්න පුළුවන්කමක් සමථ භාවනාවට තියෙනවා. ඒ නිසා අපි සමථ භාවනාවත් අනිවාර්යයෙන්ම කළ යුතු භාවනාවක්. ප්රඥාවේ උල්පත…. ඊළඟ භාවනාව තමයි විදර්ශනා භාවනාව. මේ විදර්ශනා භාවනාවත් අනිවාර්යයෙන්ම කළ යුතුයි. විදර්ශනා භාවනාව තමයි යමක තිබෙන මූලික ස්වභාවය, ඒ කියන්නේ යමක ඇති මූලික ලක්ෂණය උදාහරණයක් හැටියට කිව්වොත් බුදුරජාණන් වහන්සේ වදාළා හේතු නිසා හටගත්තු සියලු දේවල් අනිත්යයයි කියල. එතකොට ඒ හටගත්තු මූලික දේවල්වල ලක්ෂණය මොකක්ද? අනිත්යයයි. මෙන්න මේ අනිත්ය ලක්ෂණය හටගත්තු හැම දෙයකම තියෙනවා නම්, සකස් වෙච්ච සෑම දෙයකම තියෙනවා නම්, ඔබ තුළත් මේ අනිත්ය ලක්ෂණය තියෙනවා. අනිත්ය දේ අනිත්යමයි… එහෙනම් ඔබේ ජීවිතය පුරා මේ ලක්ෂණය තියෙනවා. දැන් ඔබ මේකට වසඟ වෙලා හිටියට, මේ අනිත්යයට ඔබ මුහුණ නොදී හිටියට, අනිත්ය දේ අනිත්ය වීම ඔබට වළක්වන්න බෑ. අනිත්ය දේ අනිත්ය වෙන කොට හඬා වැටෙන්නේ ඒ නිසා. නමුත් මේකට හඬා වැටෙන්නේ නැතිව, අනිත්ය දේ අනිත්ය වෙන කොට ඔබට අවබෝධයෙන් සිටින්න පුළුවන් නම් අන්න ඔබ තුළ ජීවිතය පිළිබඳව අවබෝධයක් තියෙනවා. මේ නිසාම අනිත්ය දේ අනිත්ය වශයෙන් දැකීමේ හැකියාව, දුක් දේ දුක් වශයෙන් දැකීමේ හැකියාව, අනාත්ම දේ අනාත්ම දේ වශයෙන් දැකීමේ හැකියාවට (අනාත්ම දේ යනු තම වසඟයේ පවත්වන්න බැරි, අයිතිකාරයෙක් නැති දේට) කියනවා අනිත්ය දර්ශනයයි කියල. අභියෝග කරදර හමුවේ පෙරටම යන්න…. සිහිය මෙහෙයවලා නුවණ මෙහෙයවලා විමස විමසා බලන කොට ඔබ තුළ මේ ලක්ෂණ කෙමෙන් කෙමෙන් දියුණු වෙනවා. යමක් විනිවිද දකින්න පුළුවන් හැකියාව ලැබෙනවා. අන්න ඒ හැකියාවට තමයි ප්රඥාව කියන්නේ. ඒ ප්රඥාව ලබන්න වුවමනා කරන ආකාරයට ඒ හැකියාව දියුණු කිරීමට කියනවා විදර්ශනා කියලා. ඔබ මේ කාරණයේදී ගොඩක් නුවණ පාවිච්චි කරන්නට ඕනෙ. කෙනෙක් ඔබට කියන්න පුළුවන් “හා…. හා…. අනිත්ය භාවනාව සිහි කරන්න එපා. ඔබ ගිහි ගෙදර ඉන්න කෙනෙක්. ඒක ඔබට අදාළ නෑ.” ඔබේ ස්වාධීන නුවණින් කල්පනා කරලා ඔබ හිතන්න මෙහෙම. “මේ කෙනා නම් අමු මිථ්යා දෘෂ්ටිකයෙක්. මේ කෙනා නම් යථාර්ථයට විරුද්ධව කල්පනාව තියෙන කෙනෙක්. මේ කෙනා නම් චිත්ත දියුණුවට බාධා කරන්න කැමති කෙනෙක්. මේ කෙනා නම් ප්රඥාව දියුණු වෙනවට අකමැති කෙනෙක්” කියල තෝරාගෙන ඒ අදහස බැහැර කරන්නට ඕනෙ. ශ්රද්ධාව ඇති කර ගනිමු එසේ බැහැර කරලා ඔබේ ජීවිතය තුළ ඔබ හිතන්න ඕනෙ මෙහෙම. “බුදුරජාණන් වහන්සේ මහා කරුණිකයි. බුදුරජාණන් වහන්සේ ජීවිතය අවුල් වෙන කඩාකප්පල් වෙන දේවල් මේ ලෝකයට කියන්නෙ නෑ. ඒවා කියන්නේ පෘථග්ජන අය විසින්. බුදුරජාණන් වහන්සේ පෘථග්ජන කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ අරහත්වයට පත්වෙච්ච නිකෙලෙස් උත්තමයන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පෘථග්ජනභාවයෙන් එතෙර කරවන ධර්මයක්. බුදුරජාණන් වහන්සේගේ ශ්රාවක සඟරුවන පෘථග්ජන භාවයෙන් එතෙර වෙලා, අරහත්වයට පත්වෙන අරහත්වය කරා පිය නගන ශ්රාවක පිරිසක්. මේ නිසා මම සරණ ගියපු තිසරණයටයි මේ අනිත්ය දර්ශනය අදාළ ‘ඒ නිසා යමෙක් කියනවා නම්, මේ අනිත්ය දර්ශනය ජීවිතයට වැඩක් නෑ‘ කියල, ඒ කෙනා තිසරණයෙන් බැහැර වෙච්ච මිත්යා දෘෂ්ටික, මිත්යා මත දරන අන්ධ බාල පෘතග්ජන පැත්තේ කෙනෙක්,“ කියල පැහැදිලිවම එයා හඳුනාගන්නට ඕනෙ. හඳුනාගෙන ඔබ සම්පූර්ණයෙන්ම ජීවිතය ගැන අවබෝධයකින් කටයුතු කරන්න ඕනෙ. නොසැලී පෙරටම ගමන් කරන්න… එසේ නම් දැන් ඔබ මතක තියාගන්න සමථ භාවනාව කියන්නේ සිත තැන්පත් කරන, පංච නීවරණ යටපත් කරන, සමාධිය දියුණු කරන වැඩපිළිවෙලකටයි. සමථ භාවනාව තුළින් දියුනු කරගන්න සමාධිය බොහෝ වේලාවක් තියාගන්න පුළුවන්කම තියෙනවා. එ්කට කියනවා ධ්යාන කියල. මේ ධ්යාන, පළවෙනි ධ්යානය, දෙවෙනි ධ්යානය, තුන්වෙනි ධ්යානය, හතරවෙනි ධ්යානය වශයෙන් දියුණු කරන්න පුළුවන්. විදර්ශනා භාවනාව මනාකොට හැසිරවීමෙන් දියුණු වෙන්නේ ප්රඥාවයි. ප්රඥාව දියුණු වෙන්න, දියුණු වෙන්න ඒ කෙනාට මේ ජීවිතය ගැන තියෙන අනවශ්ය බැඳීම්, ජීවිතය ගැන ගොඩනගන අදාළ නැති ප්රශ්න, ජීවිතය ගැන ගොඩනගන අද්භූත ආකල්ප, ජීවිතය ගැන ගොඩනගන මිත්යා අදහස්, මේ සියල්ලම බැහැර වෙලා, යථාර්ථවාදී අවබෝධයක් කරා එයාගේ ජීවිතය සකස් වෙනවා. එසේ නම් අපට මේ සමථ භාවනාවෙන් සිත දියුණු කරල දෙනවා. විදර්ශනා භාවනාවෙන් ප්රඥාව දියුණු කරලා දෙනවා. මේ සිතත් ප්රඥාවත් දියුණු කරන සමථ විදර්ශනා භාවනා දෙකම අපට දියුණු කරගන්න පුළුවන් හොඳ භාවනාවක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරාම තියෙනවා. ඒකට අපි කියනවා සතිපට්ඨානය කියල. මෙන්න මේ සතිපට්ඨාන භාවනාව අපේ ජීවිතයට දියුණු කරගන්න පුළුවන් ආකාරයට මින් ඉදිරියට දැනගන්න පුළුවන්. දැන් ඔබ මතක තියාගන්න සමථ විදර්ශනා කියල භාවනා දෙකක් තියෙනවා. මේ දෙකම ජීවිතයට අත්යවශ්යයි. මේ දෙකම දියුණු කරගන්න ඔබත් මහන්සි ගන්න. 1.3. සම්මා සතිය යනු කුමක්ද? අපි මේ වන විට භාවනාවක් ජීවිතයට පුරුදු කිරීමේදී කෙනෙක් තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව ඉගෙන ගත්තා. ඊට අමතරව සමථ විදර්ශනා භාවනා ක්රම දෙක පිළිබඳව ඉගෙන ගත්තා. සමථ විදර්ශනා කියන මේ භාවනා ක්රම දෙක මේ ජීවිතයට අත්යවශ්ය එකක්. මේක ප්රගුණ කරන්න පුළුවන් කියල අපි ඉගෙන ගත්තා. කාලයකට අයිති නොමැති අකාලිකයි සිරි සදහම්… අද අපි ඉගෙන ගන්නේ මේ සඳහා මූලික වන බුද්ධ දේශනාවක් ගැනයි. බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය තුළ දියුණු කරන්න පුළුවන් හැම පැත්තක්ම දියුණු කරගන්න පුළුවන් ආකාරයට අපට කියා දීලා තියෙනවා. උන්වහන්සේ වදාළ ධර්මයට අපි කියනවා අකාලිකයි කියල. අකාලිකයි කියල කියන්නේ අපට බුදුරජාණන් වහන්සේ වැඩ නො සිටින මේ කාලෙත් මේ ධර්මය ප්රගුණ කරලා ප්රතිඵල ලබන්න පුළුවනි. අතීතයටත් එය සාර්ථකයි. වර්තමානයෙත් ඒ ධර්මය දියුණු කරල ප්රතිඵල ලබන්න පුළුවනි. අනාගතයේදීත් ඒ ධර්මය දියුණු කරල ප්රතිඵල ලබන්න පුළුවනි. ඒකට කියනවා අකාලිකයි කියල. අභ්යන්තර ගැටළුවේ වෙනසක් නෑ… මේ ධර්මය කාලයේ පහර කෑමකට හසුවෙලා අනිත් විෂයක් වගේ වෙනස් වෙන එකක් නෙවෙයි. දැන් අපි දන්නවා අනිත් විෂයන් නම් එහෙම නෙවෙයි. කලකට බොහෝම වැදගත්. කලකට සමාජයෙන් එ්ක අයින් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය එහෙම එකක් නෙවෙයි. අකාලික ධර්මයක්. මේ මනුෂ්ය වර්ගයාගේ අභ්යන්තර ජීවිත ගැටළුවේ වෙනසක් නෑ. බුදුරජාණන් වහන්සේගේ කාලයෙයි අදයි කියල මනුෂ්යයාගේ ජීවිතවල ලොකු වෙනසක් නෑ. ඒ කාලේ යම් දුර්වලතා තිබුණාද ඒ දුර්වලතා අදත් තියෙනවා. මිනිසුන්ට එකල යම් කුසලතා තිබුණාද ඒ කුසලතා අදත් තියෙනවා. මේ නිසා කුසලතා දියුණු කරලා දුබලතා බැහැර කරන බුදුරජාණන් වහන්සේගේ ධර්මය අදටත් ගැලපෙනවා. අදටත් විද්යානුකූලයි. ජීවිතය දිහා විවෘතව බලනවා. නිදහස්ව බලනවා. සිහි කල්පනාව වැදගත්…. ඊළඟ එක තමයි පළල් දැක්මක් ජීවිතය ගැන ලබා දෙනවා. මේ සඳහා තියෙන මූලික දැනුම ලබාදෙන්නේ සතිපට්ඨානයෙන්. සති කියන්නේ සිහිය. පට්ඨානය කියන්නේ පිහිටුවීම. සිහිය පිහිටුවනවා කියලා කියන්නේ මේ ජීවිතය දිහා හොඳ කල්පනාවෙන් අවධානයකින් බලන ක්රමයට. සාමාන්යයෙන් ඕනෑම කෙනෙකුට ගමනක් බිමනක් යෑමට වැඩක් පලක් කරගැනීමට සිහියක් වුවමනයි. අපි පාරේ අයිනෙන් තමයි ගමන් කරන්නේ. ඒ වාහනවලට හැප්පෙන්නේ නැතිව යාමට යි. පාර පනින්නේ දෙපැත්ත බලලයි. මේ සෑම දෙයක්ම කරන්නේ සිහිකල්පනාවෙන්. ඔබ තුළත් සම්මා සතිය තිබේද? සිහි කල්පනාව අපට නැතිව ගියොත් අපි මේ කරන දේ දන්නෙ නෑ. මෙන්න මේ සාමාන්ය සිහියම අපි දියුණු මට්ටමට හරව ගන්නවා. මේ දියුණු මට්ටමට හරවගන්න කොට අපි ඒකට කියනවා සම්මා සතිය කියල. සතර සතිපට්ඨානයෙන් කරන්නේ සම්මා සතිය දියුණු කරල දීම. එහෙමනම් දැන් එදිනෙදා සාමාන්ය ජීවිතයේදී තියෙන්නේ වෙන සතියක්. ඒ කියන්නේ ඒක සම්මා සතිය නෙවෙයි. ඒ සතිය තුළ අපි කොච්චර සිහි නුවණින් යුක්තව ආහාර පාන පිසගෙන කෑවත්, කොච්චර සිහි නුවණින් යුක්තව ඇඳුම් පැළඳුම් ඇන්දත්, වතුර නෑවත්, එ්ක සම්මා සතිය දක්වා වර්ධනය වුණේ නැත්නම් ජීවිතාවබෝධයකට සිත සකස් වෙන්නෙ නෑ. බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨානයේ සම්පූර්නයෙන් ම තියෙන්නේ සම්මා සතිය. සම්මා සතිය ඇතිකරන්න බෑ සම්මා දිට්ඨියෙන් තොරව. ඒ නිසා සම්මා දිට්ඨිය අපේ ජීවිතවලට අත්යවශ්ය අංගයක්. සම්මා දිට්ඨියේ පෙර නිමිති…. සම්මා දිට්ඨිය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ මෙහෙමයි. දැන් ඔන්න රාත්රී ඝන අන්ධකාරයක් තියෙනවා. පාන්දර වෙනකොට මේ ඝන අන්ධකාරය ඉවර වෙලා නැගෙනහිර අහසේ ලා පාට එළියක් එනවා. මෙන්න මේ ලා පාට එළියට කියනවා අරුණ කියල. මේ අරුණාලෝකය එනවිට අපට ප්රත්යක්ෂ කාරණයක් තමයි ඉර පායනවා කියන එක. අරුණාලෝකය පැමිණීමත් සමඟ අපි දන්නවා දැන් ඉර පායනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා අවබෝධයක් නැති ජීවිතේ කරුවලම කරුවල එකක් කියල. මේ අන්ධකාර ජීවිතයට ඉර පායන්න පටන් ගන්නේ සම්මා දිට්ඨිය තුළින්. සම්මා දිට්ඨිය තුළින් තමයි ජීවිතයට අරුණෝදය ඇතිවන්නේ. එහෙනම් ජීවිතයට අරුණාලෝකය ඇතිවන සම්මා දිට්ඨිය අපි ඇති කරගත්තොත් අපට පුළුවනි. ඒ සම්මා දිට්ඨිය මුල්කරගෙන සතර සතිපට්ඨාන භාවනාවේ යෙදෙන්න. සම්මා දිට්ඨිය යනු හරි දැක්මද? මේ සම්මා දිට්ඨියට අපේ රටේ පුරුදු වෙලා තියෙනවා වචනයක් හරි දැක්ම කියලා. මේක අර්ථ පූර්ණ වචනයක් නෙවෙයි. මේක සම්මා දිට්ඨිය කියන වචනයට හිඩැසක් පුරවලා මිසක් අවබෝධයක් ඇති වචනයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය කියන වචනය පරිපූර්ණ වශයෙන් තෝරලා තියෙනවා. උන්වහන්සේ සම්මා දිට්ඨිය කියන වචනේ පෙන්වලා තියෙන්නේ චතුරාර්ය සත්යය පිළිබඳව අවබෝධ ඤාණය සම්මා දිට්ඨිය ලෙසයි. ඒ කිව්වේ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් මේ ජීවිතේ ගැන සිතනවා. “හේතු ඵල ධර්මයක් මේ ජීවිතේ තියෙන්නේ. ඒ හේතු නැති කිරීමෙන් ඵලය නැතිවන ස්වභාවික න්යයක් තියෙන්නේ. මේක වෙනස් කරල පූර්ණ සැපයක් ලබන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්.” මෙන්න මේ කරුණු ජීවිතය තුළින් අවබෝධ කරගත්ත කෙනා සම්මා දිට්ඨියෙන් යුක්තයි. අන්න ඒ කෙනාට මනාකොට සිහිය හසුරුවන්න පුළුවන්. ඒකට කියනවා සතිපට්ඨානය කියල. කරන්නන් වාගේ නොකරන්න…. ආවාට ගියාට ගහක් සිටවලා වුණත් ප්රයෝජනයක් ලබන්න බෑ. ඒ නිසා භාවනාව සම්බන්ධයෙනුත් ආවාට ගියාට කරල ප්රයෝජනයක් ලබන්න අමාරුයි. මේ නිසා, අපි භාවනා කරන්නේ මක් නිසාද, මොකක්ද ඒකේ අවශ්යතාවය, ඒකෙන් ලැබෙන ප්රතිලාභ මොනවාද, අපට මෙය දියුණු කර ගැනීමෙන් ලැබෙන්නේ මොනව ද කියල අපට තේරුම් ගන්න වුවමනා වෙනවා. ජීවිතයට ඉඩක්…. සාමාන්යයෙන් අපේ ජීවිතේ මේ පේන දේවල් වලට තමයි සීමා වෙලා තියෙන්නේ. ඒ නිසා බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ අසනීප වලින් සුවපත් වෙන්න භාවනාව අවශ්යයි. ස්මරණය දියුණු වෙන්න භාවනාව අවශ්යයි, නීරෝගීකම ඇතිකර ගන්න භාවනාව අවශ්යයි. ක්රමානුකූල වැඩපිළිවෙලක් කරගන්න භාවනාව අවශ්යයි කියලයි. නමුත් ඒ ඔක්කොම දෙවෙනි තැනට දාන්න. පළමු තැනට දාගන්න ජීවිතය අවබෝධ කිරීමට භාවනාව අවශ්යයි කියල. උතුම් අරමුණක් ජීවිතය අවබෝධය කරා යන කෙනාට අර සියලුම දේවල් ලැබෙනවා. ජීවිතය අවබෝධය කරා යන කෙනා මානසික නීරෝගීකම අත් විඳින කෙනෙක් බවට පත්වෙනවා. ජීවිතය අවබෝධය කරා යන කෙනා ස්මරණය දියුණු කරන කෙනෙක් බවට පත්වෙනවා. ජීවිතය අවබෝධය කරා යන කෙනා අකම්පිත ජීවිතයකට හුරුවෙනවා. එහෙම නම් ඔබ යම් යම් ලෞකික දේවල් ලෞකික ප්රතිලාභ භාවනාවෙන් බලාපොරොත්තු වෙනවාද ඒ සියල්ලම ජීවිතාවබෝධයේ පිරිවර හැටියට ඔබට ලැබෙනවා. ඒ නිසා ඔබ භාවනාවේ ඉලක්කය හැටියට තබාගත යුත්තේ ඔබට මතක තබාගැනීමට වුවමනයි කියන කාරණය නොවේ. ඔබට සෞඛ්ය සම්පන්න වීමට වුවමනයි කියන කාරණය නොවේ. ඔබට මානසිකව නිරෝගීකමෙන් හා සතුටින් ඉන්න ඕනෙ කියන කාරණය නොවේ. ජීවිතය අවබෝධ කළ යුතුයි කියන කරුණයි භාවනාවේ ඉලක්කය හැටියට මතක තබා ගත යුත්තේ. ඔන්න ඔය අදහසට ඔබ ආවොත් ඔබට අර සියලු දේවල් ලැබේවි. ඒ ජීවිතාවබෝධය නිසාමයි. සම්මා සතියේ පිරිවර…. මෙන්න මේ නිසා ඔබට පුළුවන්කම තියෙනවා එය සතර සතිපට්ඨානයෙන් කරගන්නට. ඔබ දන්නවා සතිපට්ඨානය තුළ සිහිය දියුණු කරනවා කියල. මීට පෙර කීවා අපිට සිහියක් තියෙනවා. ඒ සිහිය වැඩක් නැහැ. ඒ සිහිය සාමාන්ය එකක්. ඔය සිහියට පුළුවන්කමක් නෑ ඔබේ මනසේ වේදනා නැතිකරන්න. සාමාන්ය සිහියට පුළුවන් කමක් නෑ ඔබව අවබෝධයක් කරා ගෙනියන්නට. දුක් විඳින ඔබේ දුක් කඳුළු පිස දමන්නට ඒ සිහියට බෑ. සාමාන්ය සිහියට බෑ විසිරෙන සිත තැන්පත් කරන දෙන්න. ඒ ඔක්කොම කරල දෙන්න පුළුවන් සම්මා සතියට. මේ සම්මා සතිය දියුණු වෙන්නේ සතිපට්ඨානය තුළයි. ඔබටත් ඉලක්කයක්….. සතිපට්ඨානය දියුණු කරන ආකාර ක්රමවේද හතරක් බුදුරජාණන් වහන්සේ වදාළා. 01. කායානුපස්සනාව (කය පිළිබඳව සිහිය පිහිටුවන ක්රම) 02. වේදනානුපස්සනාව (විඳීම පිළිබඳව සිහිය පිහිටුවන ක්රම) 03. චිත්තානුපස්සනාව (සිත ගැන සිහිය පිහිටුවීම) 04. ධම්මානුපස්සනාව (ජීවිතාවබෝධයට අදාළ කරුණු වල සිහිය පිහිටුවීම.) සතිපට්ඨානයේ ඉලක්කය චතුරාර්ය සත්යාවබෝධයයි. ඒ කිව්වේ ජීවිතාවබෝධය යි. එහෙම නම් ජීවිතාවබෝධයට ඉලක්ක කරපු සතර සතිපට්ඨානය ගැන ඉදිරියට අප ඉගෙන ගනිමු.[/SIZE][/B] [url]http://amadamvila.net/meditation_1/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom