සිතන්න යමක්..

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,712
    7,911
    113
    මෙන්න මෙතන...
    බැලුන් විකිණීමේ යෙදුණු වෙළෙන්දෙක් සතුව රතු, කහ, කොළ සහ නිල් යන වර්ණ වලින් තිබුණු අතර ඔහු මේවා විකිණීම සිදු කරන ලද්දේ විනෝද සැණකෙලි ආශ්‍රිතව සහ ළමා උද්‍යාන වලදීය.

    මොහුට එම ස්ථාන වල ළමුන් වැඩි වශයෙන් ගැවසීම නිසා හොඳ වෙළඳාමක්ද පැවතිණි. ළමුන් බැලුන් මිළදී ගැනීම අඩුවන මොහොතේදී ඔහු කරන ලද්දේ හීලියම් පිරවූ එක් බැලුනයක් අහසට මුදා හැරීමයි. එවිට එය දකින ළමුන් නැවතත් ඔහු අසළට පැමිණ බැලුන් මිළදී ගැනීම සිදු කරන අතර නැවතත් ඔහුගේ වෙළඳාම ඉහළ යයි.

    ඔහු මෙසේ වෙළඳාමේ යෙදුනු එක් දිනයක ඔහුගේ කෝට් සාක්කුවෙන් කවුදෝ අදිනු දැනී ඔහු හැරී බලන විට දුටුවේ අහිංසක කුඩා ළමයෙකු ඔහු පිටු පසට වී සිටින අයුරුයි.

    ''ඇයි පුතා, පුතාටත් බැලුනයක් ඕනද?''

    ''නෑ මාමේ, මට කියන්න කලු පාට බැලුනයක් උඩ යැව්වොත් ඒකත් අනිත් පාට බැලුන් වගේම අහසට යාවිද?''

    ''''පුතේ, මේ බැලූන් වල පිටත පාට නිසා නෙවෙයි ඒවා උඩ යන්නේ. ඒවායේ ඇතුළත ඇති දේ නිසා''

    ඉතිං යාලුවනේ මේ දේ අපේ ජීවිතේටත් බොහෝම අනුරූපයි නේද? අපේ ජීවිතේ පිටින් තියෙන දේට වඩා ඇතුළතින් ඇති දේ තමයි වටිණාකම රැඳී පවතින්නේ. අපි පිටතින් කොතරම් අපූරුවට ලස්සනට ඉන්න උත්සාහ කරත් වැඩක් නෑ..

    අවසානයේ අපි ඇතුළත ඇති ආකල්ප තමයි අපිව ඉහළට ඔසවා තබන්නේ.​
     
    Last edited: