සිතල තැනිතලාවේ සොඳුරු නවාතැන
හෝර්ටන් තැන්න ශ්‍රීලංකාවේ ( Sri lanka ) පිහිටි අති සුන්දරම වූ භූමිභාගයක් වේ. මුහුදු මට්ටමට වඩා අඩි 2000ක් උසින් පිහිටා ඇති හෝර්ටන් තැන්න සුප්‍රසිද්ධ ලෝක උරුමයකි. දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයක් වූ මෙම හෝර්ටන් තැන්න එකල ” මහා එළිය ” , මහා එළි තැන්න ” , සහ ” මැණික් පොකුණ ” යන නම් වලින් හඳුන්වනු ලැබිය. 1936 වසරේදී හෝර්ටන් නම් ආණ්ඩුකාරවරයා මෙහි කල සංචාරයකින් පසුව මෙය හෝර්ටන් තැන්න යනුවෙන් නම් කර ඇත. පුරාණයේ පැවතුනු ” මහා එළිය ” , මහා එලි තැන්න ” , ” මැණික් තැන්න ” යනුවෙන් හඳුන්වා ඇත්තේ සුවිශේෂී හේතුවක් නිසාවෙන් සහ මෙතෙක් එය අභිරහසක්ව පවතින කරුණක් බව බොහෝ දෙනා පවසයි.
ශ්‍රී ලංකාවේ ( Sri lanka ) පිහිටි උසම සානුව
ශ්‍රී ලංකාවේ පිහිටි උසම සානුව හෝටන් පට්ටිපොළ සානුවට හෝටන් තැන්න අයත් වේ. 1968 දෙසැම්බර් මස 5 වන දින ස්වභාවික රක්ෂිත භූමියක් ලෙස ප්‍රකාශයට පත් කළේය.පසුව 1988 මාර්තු මස 18 වන දින හෙක්ටයාර 3868 කින් යුත් භූමියක් වන මෙය ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කරන ලදී .ඌව පළාතට හා මධ්‍යම පළාතට මෙය අයත් වේ.
හෝර්ටන් තැන්නට ලගාවිය හැකි ගමන් මාර්ග
හෝර්ටන් තැන්නට ලගාවිය හැකි ගමන් ආකාර කිහිපයකි. මහා කදුසිසාරා සෑදුනු බිංගෙවල් තුලින් ඇදෙන දුම්රිය කවුලුවකින් ඈත පෙනෙන නිසංසල තේයායක සුන්දරත්වය විදිමින් යාහැකි දුම්රිය ගමන මින් වඩාත් රසවත්යැයි මට සිතේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බදුල්ල බලා යන දුම්රියට ගොඩවී පට්ටිපොල දුම්රිය ස්ථානයට හෝ ඔහිය දුම්රිය ස්ථානයට හෝ ගොස් එතැන් පටන් කිලෝමීටර් 14 ක පමණ දුරක් ගියවිට සුන්දර හෝර්ටන් තැන්න ජාතික වන උද්‍යානය හමුවේ. වාහනයකින් ගමන් ගන්නේ නම් නුවරඑළිය නගරයේ සිට ලගාවිය හැකිය. මෙයින් අප තෝරාගත්තේ දුම්රියෙන් පට්ටිපොල දුම්රිය ස්ථානයට ලගාවී එතැන් පටන් වාහනයකින් ගමන් කිරීමයි.
ශ්‍රී ලංකාවේ ( Sri lanka ) මධ්‍යම පළාතේ, නුවර එළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති හෙක්ටෙයාර 3160 ක පමණ භූමිභාගයකින් සමන්විත තෙත් කලාපීය සදාහරිත වනාන්තරයක් වූ හෝර්ටන් තැන්න මුහුදු මට්ටමේ සිට මීටර් 2,100 – 2,300 අතර උසකින් පිහිටා තිබේ. මේ හේතුකොටගෙන තුරුමුදුන් සහිත කදුසිඛරයන් නිරන්තර මිහිදුම් සලුවෙන් වැසී ඇති.
ශ්‍රී ලංකාවේ ( Sri Lanka ) ප්‍රධානම ජල රක්ෂිතය
හෝටන් තැන්න ශ්‍රී ලංකාව තුල පැවති ප්‍රධානතම ජල රක්ෂිතය වේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා වන මහවැලි කැළණි ගංගාවල ජල පෝෂක ප්‍රදේශ වනුයේ හෝටන් තැන්න ආශ්‍රිතව ඇති ලංකාවේ ප්‍රධාන කදු වන කිරිගල් පොත්ත හා තොටුපල කන්ද වැනි කදු ප්‍රදේශ වේ. එය රටේ ප්‍රධාන ගංගා කිහිපයකටම ජලයෙන් පෝෂණය සපයන ගංගාධර ජලජ පරිසර පද්ධතියක් නිර්මාණය කරයි. මහවැලි, කැළණි හා වළවේ යන ප්‍රධාන ගංගා තුනට අවශ්‍ය ජලපෝෂක ප්‍රදේශයක් වන හොර්ටන් තැන්නෙන් බෙලිහුල් ඔය, කිරිකැටි ඔය, උමා ඔය මෙන්ම බගවන්තලාව ඔයවල් සදහා වූ ජල පෝෂණයද ලබාදේ.
සාමාන්‍යයෙන් වසරේ වැඩි කලක් වැසි ලැබෙන ප්‍රදේශයක් වන හොර්ටන් තැන්නට පොදුවේ ගත්කල ජනවාරි සිට මාර්තු දක්වා කාලය තරමක් වියළිබව පැවසේ. මැයි මස මුල සතියක් වූ මේකාලයේ, අප එහි ලගාවන විටත් වැස්සේ අඩුවක් නම් අපි නිරීක්ෂණය නොකළෙමු. දසතම සිසිල් වූ පරිසරයක ගතට දැනෙන සිසිලස මදකට නිවාලමින් ක්ෂණයකින් හිරුඑළිය වැටෙන අවස්ථාද එමටයි. සාමාන්‍යයෙන් මෙහි වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 12 – 13 ක පමණ අගයක් ගන්නා බව පැවසෙන අතර, එය රාත්‍රී කාලයේදී සෙල්සියස් අංශක 5 දක්වා පමණවූ අගයකට පහත වැටෙන බවද පැවසේ.
හෝර්ටන් තැන්න ඔබ නිරීක්ෂණය කළහොත් ඔබට නැරඹිය හැකි සොදුරු ස්ථාන කිහිපයකි. හෝර්ටන් තැන්න උද්‍යානයේ දකුණු කෙලවරට වන්නට පිහිටි ලෝකාන්තය ඉන් ප්‍රධාන තැනක් ගන්න අතර, එයට කලින් හමුවන කුඩා ලෝකාන්තයත්, සුන්දර බෙලිහුල් ඔයේ පහස ලබන බේකර්ගේ ඇල්ලත් දෙස් විදෙස් සංචාරකයන්ගේ සොදුරු පාරාදීසයන් වේ.
source http://thewoman.lk/sri-lanka-horton-plains/
සිතල තැනිතලාවේ සොඳුරු නවාතැන හෝර්ටන් තැන්න