සිත් ඇදගත් මාලා නාටක (මම බලන ටීවී සීරීස්)
1. The Mentalist
2. Game of Thrones
පැරණි යුගයට අයත් කතාවක් ලෙස ගලා යන Game of Thrones ලොව පුරා අතිශය ජනප්‍රිය වුනා. මේ වන විට කොටස් දහය බැගින් වූ මාලා දෙකක් විකාශය අවසන් වී ඇති අතර වර්තමානයේ තෙවන කතා මාලාව විකාශය වෙනවා. තොරතුරු වලට අනුව 2014 දී සතරවන මාලාවද විකාශය වීමට නියමිතයි. Game of Thrones නිර්මාණය කර ඇත්තේ A Song of Ice and Fire ලෙසින් නම් කොට ඇති ෆැන්ටසි නවකතා මාලාවක් ආශ්‍රයෙනුයි. බලකාමී රදල පවුල් ඔවුන්ගේ බලය රැක ගැනීමට සහ වර්ධනය කරගැනීමට ගන්නා විවිධ උපක්‍රම, ඔවුන්ගේ බලලෝභය හමුවේ අසරණ වන පීඩිතයන්, යුද්ධ සහ ලේ වැගිරීම් මේ කතා මාලාව පුරාම විසිරී පවතිනවා.
තෙවන කතා මාලාව නිකුත් වීමට ආසන්නයේ Game of Thrones පිළිඹඳ උනන්දුව උන්මාදයක් මෙන් පැතිරුනා. ඉහලින් දැක්වෙන්නේ ඒ කාලයේ නිර්මාණශීලී ලාංකිකයෙකු අතින් බිහිවූ නිර්මාණයක්. මෙය උපුටාගත්තේ ෆේස්බුක් අඩවියෙන්.නිර්මාණකරු පිළිඹඳ සඳහනක් තීර්ථ යාත්‍රිකයා සතුව නැහැ.එම නිසා නිර්මාණකරු සම්බන්ධ ලින්ක් එකක් ලබා දුනහොත් එය පලකරීමට තීර්ථ යාත්‍රිකයා මැලි වෙන්නේ නැහැ.
Game of Thrones හි කැපුම් කෙටුම් වද හිංසා ආදිය බහුලව තිබෙනවා. එමෙන්ම හිස් ගසා දැමීම්, කැපීම් කෙටීම් ආදිය අතිශය තාත්වික අන්දමට නිරූපණය කර තිබෙනවා.එම නිසා එවැනි දර්ශන බැලීමට අපහසුනම් Game of Thrones ඔබ සඳහා නොවෙයි. මෙහි නිරුවත් ලිංගික දර්ශනද රාශියක් අඩංගු බව හොඳින් මතකයේ තබාගත යුතු බව තීර්ථ යාත්‍රිකයා නිර්දේශ කරනවා.
මේ පිළිඹඳ කොටස් කිහිපයකින් ලිවීමට අදහස් කරන නිසා ඉතිරිය පසුවට.......
3.Terra Nova (ටෙරා නෝවා)
ඊ.ටී (E.T. the Extra-Terrestrial) , ජුරාසික් පාක් (Jurassic Park) , ෂින්ඩර්ස් ලිස්ට් (Schindler's List) වගේ සිනමා පට බිහිකරපු ස්ටීවන් ස්පීල්බර්ග් මතකද ? ඔහුගේ දායකත්වයෙන් ගොඩනැගුන අපූරු තේමාවක් රැගත් ටීවී සීරීස් එකක් විදිහට ටෙරා නෝවා හඳුන්වන්න පුලුවන්.
විශිෂ්ඨ සිනමා නිර්මාණ කරු - ස්ටීවන් ස්පීල්බර්ග් මහතා
සාරාංශගතව කතා මාලාවේ ගලායාම ගැන කිව්වොත්, ඒ වරෂ 2149 යි, අධික ජනගහණය සහ කාර්මීකරණය නිසා පෘථිවිය කෙමෙන් කෙමෙන් මිනිස් වාසයට නුසුදුසු තත්වයට පත්වෙමින් පවතිනවා. මේ අතර විද්‍යාඥයින් සොයාගන්නවා අලුත්ම විසඳුමක්. ඒ සමාන්තර කාලරාමුවක පෘථිවියේ අතීතයට මිනිසුන් සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ක්‍රමයක්. ඒ තුලින් ඔවුන් තෝරාගත් පිරිස් යවනවා එම සමාන්තර කාලරාමුවේ පෘථිවියේ ක්‍රිටේෂියස් අවධියට ( Cretaceous ). කතාවෙ මතුපිටින් බැලූ බැල්මට පෙනෙන්නේ ඔවුන්ගේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ මිනිසුන්ට ජීවත් වීමට සුදුසු කොලනියක් එම යුගයේ තනා මනුශ්‍ය වර්ගයාගේ අනාගතය සුරක්ෂිත කිරීමට බවයි. නමුත් කතාව ගලාගන යද්දී ප්‍රධාන අරමුණ එය නොවන බවත් එහි සැඟවුන අභිප්‍රායක් තිබෙනව බවත් පෙනීයනවා. ඉතින් මේ අතීතයට යන උදවිය අතර සිටින ෂැනොන් පවුල වටා තමයි කතාව ගෙතෙන්නේ.
ටෙරා නෝවා පූර්ව ප්‍රචාරක පටයක්
අලුතින් කොලනිය ගොඩනගන්නට යන අය මුහුණ දෙන අභියෝග බොහොමයි. ක්‍රිටේෂියස් යුගය කියන්නේ ඩයිනෝසරයන්ගේ ස්වර්ණමය යුගය. ඉතින් මුහුණ දෙන අභියෝග අතරට පරිසර සාධක වගේම වෙනමම න්‍යායපත්‍ර වෙනුවෙන් එවුන උදවියත් අයත් වෙනවා.
අවාසනාවට පළවෙනි සීසන් එකෙන් පසුව මෙම කතාමාලාව විකාශය අත්හිටවුනා. Fox ආයතනය එය තවදුරටත් නිෂ්පාදනය නොකිරීමට තීරණය කර තිබෙනවා. බොහෝ දුරට ඒ අධික නිෂ්පාදනය වියදම සහ Fox ආයතනය මහා පරිමාණයේ Sci-fi නිර්මාණ තීරණය කිරීමත් එයට හේතු වන්නට ඇති. දෙවන කොටස වෙනත් නාලිකාවක් ආශ්‍රයෙන් විකාශය කිරීමට බලාපොරොත්තුවන බව නිර්මාණ කන්ඩායම පවසා ඒ සඳහා නිශ්චිත දිනයක් ඔවුන් ප්‍රකාශට පත්කර නැහැ. ඒ වගේම එම දෙවනි කතාමාලාව පළමු කතාමාලාවට වඩා අඩු නිශ්පාදනය වියදමකින් කිරීමටත් ඔවුන් තීරණය කරලා.
4. රෙවොලූෂන් Revolution
පළවෙනි සීසන් එක මේ වෙනකොට විකාශය වී හමාරයි. බොහෝ විට මෙය කියවන ඔබත් මෙය නරඹන්නට ඇති. මෙයත් Sci-Fi ගනයට අයත් වන කතාමාලාවක්. එක් වරම ලෝකයේ විදුලි බලය ඇණ හිට, ඒ වගේම සියලු යන්ත්‍ර සූත්‍ර ක්‍රියා නොකරන තත්වයට පත්වූවොත් කුමක් වේවිද ? අන්න ඒ ගැනයි මේ කතාව. මිනිත්තු කීපයක් ඇතුලත නවීන ලෝකය කරත්ත, පැරණි තුවක්කු ආදිය භාවිතා කරන තත්වයට පත්වෙනවා. රටවල් කඩා වැටෙනවා , ජන ජීවිතය අවුල් වෙනවා. මුලු ලෝකයම අවුල් ජාලාවක් බවට පත්වෙනවා. ඇමරිකාව රටවල් කීපයකට කැඩී යනවා. බොහෝ දෙනෙකු මෙයට හේතුව දන්නේ නැහැ.නමුත් කතාමාලාව ගලායාමේදී නරඹන්නන්ට තේරුම් යනවා මෙයට හේතුවත් අනවශ්‍ය මිනිස් ක්‍රියාකාරකමක් බව.
රෙවොලූෂන් පූර්ව ප්‍රාචාරක පටයක්
මෙයින් එහාට මේ ගැන විස්තර කිරීමට තීර්ථ යාත්‍රිකයා බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් බොහෝම රසවත් කතාවක්. භාගත කරගෙන බැලුවාට ඔබට පාඩුවක් නෙවේවි......
1. The Mentalist
තීර්ථ යාත්‍රිකයා නරඹා ඇති මාලා නාටක අතුරින් විශිෂ්ඨම මාලා නාටකයක් ලෙස The Mentalist හැඳින්විය හැකියි. මේ දක්වා මාලා 5 ක් විකාශය වී අවසන් . කතා මාලාවේ ගලා යාම ගැන සඳහනක් කලොත්, CBI (California Bureau of Investigation) යන කැලිෆෝනියාව පදනම් කරගත් විමර්ශන අංශයට විවිධ අපරාධ විසඳීමට උපකාර කරන පැට්‍රික් ජේන් (Patrick Jane) නම් ස්වාධීන උපදේශකයෙකු වටායි කතාව ගෙතෙන්නේ. ඔහු මිනිසුන්ගේ හැසිරීම් රටා නිරීක්ෂනය කොට ඒ ඇසුරින් තොරතුරු උකහා ගැනීමේ සමතෙක්. එමෙන්ම විවිධ ඇස්බැන්ඳුම්, මෝහනය කිරීම් සහ මිනිසුන් මැනිපියුලේට් කිරීමේ දක්ෂයෙක්. ඔහුත් සමඟ CBI ඒජන්තයන් 4 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිටිනවා. පැට්‍රික් ජේන් ((Patrick Jane) සාමාන්‍ය අපරාධ විසඳන අතරතුරේදී ඔහුගේ බිරිඳ සහ දියණියත් ඇතුලු තවත් මිනිසුන් ගණනාවක් ඝාතනය කල Red John නමැති සට කපට සීරියල් කිලර් අල්වාගැනීමේ උත්සාහයක නිරත වීම කතා මාලාව පුරාම විසිරී යනවා. කතා රචකයා මෙම Red John නැමති මිනීමරුවා නිර්මාණය කල ඇති අපූරුවමය ස්වභාවය නිසා එම චරිතය අන්තර්ජාලය තුල බෙහෙවින්ම කතාබහට ලක්වුනා. Who is the Red John ෆෝරම් අඩවියක්ද නිර්මාණය වී තිබෙන්නේ ඔහු කවුරුදැයි යනුවෙන් කතාබහට ලක්කිරීමටයි. කතා මාලාව පුරාවටම Red John චරිතය ප්‍රේක්ෂකයාට නිරාවරණය වන්නේ නැහැ. අධ්‍යක්ෂකට අනුව මීළඟට විකාශය වීමට නියමිත 6වන කතාමාලාවේදී Red John ගේ අනන්‍යතාවය නිරාවරණය වනවා. ඒ සමඟම කතාමාලාව අවසන් වනවාද නැතිද යන්න ඔහු ප්‍රකාශ කොට නැහැ.
මේ තිබෙන්නේ Red John ගේ සංකේතයයි. ඔහු මනුෂ්‍ය ඝාතනයක් කල විට ඝාතකයා ඔහු බව ලෝකයට සැල කර සිටීමට ඝාතනය වූ පුද්ගලයාගේ රුධිරයෙන් මෙම සංකේතය අඳිනු ලබයි. ගංගොඩවිල විජේරාම පටුමගේ තාප්පයකත් මෙම සංකේතය ඇඳ තිබෙනු තීර්ථ යාත්‍රිකයා දැක තිබෙනවා
. The Mentalist හි නිරුවත් දර්ශන අඩංගු නැති අතර අසභ්‍ය වචන භාවිතයද නොසැලකිය හැකි තරම් අඩු තත්වයක පවතිනවා.
. The Mentalist හි නිරුවත් දර්ශන අඩංගු නැති අතර අසභ්‍ය වචන භාවිතයද නොසැලකිය හැකි තරම් අඩු තත්වයක පවතිනවා.2. Game of Thrones
පැරණි යුගයට අයත් කතාවක් ලෙස ගලා යන Game of Thrones ලොව පුරා අතිශය ජනප්‍රිය වුනා. මේ වන විට කොටස් දහය බැගින් වූ මාලා දෙකක් විකාශය අවසන් වී ඇති අතර වර්තමානයේ තෙවන කතා මාලාව විකාශය වෙනවා. තොරතුරු වලට අනුව 2014 දී සතරවන මාලාවද විකාශය වීමට නියමිතයි. Game of Thrones නිර්මාණය කර ඇත්තේ A Song of Ice and Fire ලෙසින් නම් කොට ඇති ෆැන්ටසි නවකතා මාලාවක් ආශ්‍රයෙනුයි. බලකාමී රදල පවුල් ඔවුන්ගේ බලය රැක ගැනීමට සහ වර්ධනය කරගැනීමට ගන්නා විවිධ උපක්‍රම, ඔවුන්ගේ බලලෝභය හමුවේ අසරණ වන පීඩිතයන්, යුද්ධ සහ ලේ වැගිරීම් මේ කතා මාලාව පුරාම විසිරී පවතිනවා.
තෙවන කතා මාලාව නිකුත් වීමට ආසන්නයේ Game of Thrones පිළිඹඳ උනන්දුව උන්මාදයක් මෙන් පැතිරුනා. ඉහලින් දැක්වෙන්නේ ඒ කාලයේ නිර්මාණශීලී ලාංකිකයෙකු අතින් බිහිවූ නිර්මාණයක්. මෙය උපුටාගත්තේ ෆේස්බුක් අඩවියෙන්.නිර්මාණකරු පිළිඹඳ සඳහනක් තීර්ථ යාත්‍රිකයා සතුව නැහැ.එම නිසා නිර්මාණකරු සම්බන්ධ ලින්ක් එකක් ලබා දුනහොත් එය පලකරීමට තීර්ථ යාත්‍රිකයා මැලි වෙන්නේ නැහැ.
Game of Thrones හි කැපුම් කෙටුම් වද හිංසා ආදිය බහුලව තිබෙනවා. එමෙන්ම හිස් ගසා දැමීම්, කැපීම් කෙටීම් ආදිය අතිශය තාත්වික අන්දමට නිරූපණය කර තිබෙනවා.එම නිසා එවැනි දර්ශන බැලීමට අපහසුනම් Game of Thrones ඔබ සඳහා නොවෙයි. මෙහි නිරුවත් ලිංගික දර්ශනද රාශියක් අඩංගු බව හොඳින් මතකයේ තබාගත යුතු බව තීර්ථ යාත්‍රිකයා නිර්දේශ කරනවා.
මේ පිළිඹඳ කොටස් කිහිපයකින් ලිවීමට අදහස් කරන නිසා ඉතිරිය පසුවට.......
3.Terra Nova (ටෙරා නෝවා)
ඊ.ටී (E.T. the Extra-Terrestrial) , ජුරාසික් පාක් (Jurassic Park) , ෂින්ඩර්ස් ලිස්ට් (Schindler's List) වගේ සිනමා පට බිහිකරපු ස්ටීවන් ස්පීල්බර්ග් මතකද ? ඔහුගේ දායකත්වයෙන් ගොඩනැගුන අපූරු තේමාවක් රැගත් ටීවී සීරීස් එකක් විදිහට ටෙරා නෝවා හඳුන්වන්න පුලුවන්.
විශිෂ්ඨ සිනමා නිර්මාණ කරු - ස්ටීවන් ස්පීල්බර්ග් මහතා
සාරාංශගතව කතා මාලාවේ ගලායාම ගැන කිව්වොත්, ඒ වරෂ 2149 යි, අධික ජනගහණය සහ කාර්මීකරණය නිසා පෘථිවිය කෙමෙන් කෙමෙන් මිනිස් වාසයට නුසුදුසු තත්වයට පත්වෙමින් පවතිනවා. මේ අතර විද්‍යාඥයින් සොයාගන්නවා අලුත්ම විසඳුමක්. ඒ සමාන්තර කාලරාමුවක පෘථිවියේ අතීතයට මිනිසුන් සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ක්‍රමයක්. ඒ තුලින් ඔවුන් තෝරාගත් පිරිස් යවනවා එම සමාන්තර කාලරාමුවේ පෘථිවියේ ක්‍රිටේෂියස් අවධියට ( Cretaceous ). කතාවෙ මතුපිටින් බැලූ බැල්මට පෙනෙන්නේ ඔවුන්ගේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ මිනිසුන්ට ජීවත් වීමට සුදුසු කොලනියක් එම යුගයේ තනා මනුශ්‍ය වර්ගයාගේ අනාගතය සුරක්ෂිත කිරීමට බවයි. නමුත් කතාව ගලාගන යද්දී ප්‍රධාන අරමුණ එය නොවන බවත් එහි සැඟවුන අභිප්‍රායක් තිබෙනව බවත් පෙනීයනවා. ඉතින් මේ අතීතයට යන උදවිය අතර සිටින ෂැනොන් පවුල වටා තමයි කතාව ගෙතෙන්නේ.
ටෙරා නෝවා පූර්ව ප්‍රචාරක පටයක්
අලුතින් කොලනිය ගොඩනගන්නට යන අය මුහුණ දෙන අභියෝග බොහොමයි. ක්‍රිටේෂියස් යුගය කියන්නේ ඩයිනෝසරයන්ගේ ස්වර්ණමය යුගය. ඉතින් මුහුණ දෙන අභියෝග අතරට පරිසර සාධක වගේම වෙනමම න්‍යායපත්‍ර වෙනුවෙන් එවුන උදවියත් අයත් වෙනවා.
අවාසනාවට පළවෙනි සීසන් එකෙන් පසුව මෙම කතාමාලාව විකාශය අත්හිටවුනා. Fox ආයතනය එය තවදුරටත් නිෂ්පාදනය නොකිරීමට තීරණය කර තිබෙනවා. බොහෝ දුරට ඒ අධික නිෂ්පාදනය වියදම සහ Fox ආයතනය මහා පරිමාණයේ Sci-fi නිර්මාණ තීරණය කිරීමත් එයට හේතු වන්නට ඇති. දෙවන කොටස වෙනත් නාලිකාවක් ආශ්‍රයෙන් විකාශය කිරීමට බලාපොරොත්තුවන බව නිර්මාණ කන්ඩායම පවසා ඒ සඳහා නිශ්චිත දිනයක් ඔවුන් ප්‍රකාශට පත්කර නැහැ. ඒ වගේම එම දෙවනි කතාමාලාව පළමු කතාමාලාවට වඩා අඩු නිශ්පාදනය වියදමකින් කිරීමටත් ඔවුන් තීරණය කරලා.
4. රෙවොලූෂන් Revolution
පළවෙනි සීසන් එක මේ වෙනකොට විකාශය වී හමාරයි. බොහෝ විට මෙය කියවන ඔබත් මෙය නරඹන්නට ඇති. මෙයත් Sci-Fi ගනයට අයත් වන කතාමාලාවක්. එක් වරම ලෝකයේ විදුලි බලය ඇණ හිට, ඒ වගේම සියලු යන්ත්‍ර සූත්‍ර ක්‍රියා නොකරන තත්වයට පත්වූවොත් කුමක් වේවිද ? අන්න ඒ ගැනයි මේ කතාව. මිනිත්තු කීපයක් ඇතුලත නවීන ලෝකය කරත්ත, පැරණි තුවක්කු ආදිය භාවිතා කරන තත්වයට පත්වෙනවා. රටවල් කඩා වැටෙනවා , ජන ජීවිතය අවුල් වෙනවා. මුලු ලෝකයම අවුල් ජාලාවක් බවට පත්වෙනවා. ඇමරිකාව රටවල් කීපයකට කැඩී යනවා. බොහෝ දෙනෙකු මෙයට හේතුව දන්නේ නැහැ.නමුත් කතාමාලාව ගලායාමේදී නරඹන්නන්ට තේරුම් යනවා මෙයට හේතුවත් අනවශ්‍ය මිනිස් ක්‍රියාකාරකමක් බව.
රෙවොලූෂන් පූර්ව ප්‍රාචාරක පටයක්
මෙයින් එහාට මේ ගැන විස්තර කිරීමට තීර්ථ යාත්‍රිකයා බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් බොහෝම රසවත් කතාවක්. භාගත කරගෙන බැලුවාට ඔබට පාඩුවක් නෙවේවි......
උපුටා ගත්තේ තීර්ථ යාත්‍රාව වෙබ් අඩවියනි