ලොව පුරා විචාරක සහ ප්‍රේක්ෂක පැසසුම්වලට නොමදව පාත්‍රවුණු BBC නාළිකාවේ සහ "Netflix'හි විකාශය වුණු ‘Peaky Blinders’ ටෙලි කතා මාලාව සිනමාපටයක් විදිහට ඔබ හමුවට පැමිණීමට යුහුසුළුව මේ දිනවල කටයුතු සූදානම් වෙන බව ‘Peaky Blinders’ ටෙලි කතා මාලාවේ නිර්මාණකරුවා වන "Steven Knight" විසින් පසුගියදා නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවා. ඒ බව ඔහු ප්‍රකාශ කරනු ලැබුවේ ඔහු විසින් BBC නාළිකාව වෙනුවෙන් නිර්මාණය කළ නවතම ටෙලි කතා මාලාවක් වන “The Town"හි මුහුරත් උළෙල අතරතුරදීයි. මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ‘Peaky Blinders’ සිනමාපටයේ රූපගත කිරීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති අතර ටෙලි කතා මාලාවේ ප්‍රධාන වරිතය වන "Thomas Shelby" ගේ චරිතයට පණපෙවූ ඔස්කාර් සම්මාන ලාභී "Cillian Murphy", සිනමාපටයේදී ද නැවතත් එම චරිතයට පණ පෙවීමට නියමිතව තිබෙනවා.
Peaky Blinders synopsis (TV series)
A gangster family epic set in 1900s England, centering on a gang who sew razor blades in the peaks of their caps, and their fierce boss Tommy Shelby. Thomas Shelby and his brothers return to Birmingham after serving in the British Army during WWI.
වැඩිදුර තොරතුරු
"Thomas Shelby"(Tommy Shelby) චරිතයට පණ පෙවූ ඔස්කාර් සම්මානලාභී රංගන ශිලිපී "Cillian Murphy"
.