සිත් පහන් වෙන - දෙගල්දොරුව රජ මහා විහාරය ☸️🙏❤️ ( Degaldoruwa Raja Maha Viharaya )

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    සිත් පහන් වෙන - දෙගල්දොරුව රජ මහා විහාරය ☸️🙏❤️ ( Degaldoruwa Raja Maha Viharaya ) - Your Choice Way
    අද අපි කතා කරන්න යන්නේ මහනුවර අම්පිටිය ග්‍රාමයේ පිහිටා ඇති සකස් කළ ගල් ලෙනක් තුළ නිර්මාණය කර ඇති විහාරයක් ගැන.ඒ නමින් දෙගල්දොරුව රජ මහා විහාරයයි..

    මේ විහාරයේ මහනුවර යුගයේ චිත්‍ර දක්නට ලැබෙනවා..

    කීර්ති ශ්‍රි රාජසිංහ රජු විසින් ඉදි කිරීම් කටයුතු ආරම්භ කළ මෙහි වැඩකටයුතු නිම කළේ ශ්‍රී රාජාධි රාජසිංහ රජු විසින් ක්‍රි.පූ. 1786 දීයී...

    එසේ ඉදිකිරීම සම්බන්ධයෙන් හේතුවූ කරුණ වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු ගල්මඬුව විහාරය කරවමින් සිටියදී එතුමන්ට අනුහස් සහිත වු මෙම ස්ථානය පිළිබඳව සැල වී ගල්මඬුව විහාර කර්මය අතර මඟ නතර කර මෙය ඇරඹු බව පැවසෙනවා...

    පසුව ශ්‍රී රාජාධි රාජසිංහ රජු විසින් වැඩ නිමකරවා මොරතොට ධම්මබුද්ධ හිමි ප්‍රමුඛ ශිෂ්‍ය පරපුරට පැවරූ බව විහාර සන්නසේ දැක්වෙනවා...

    ඒ වගේම මෙහි දහඅට රියන් පිළිමය නෙළීමට වසර 20ක් පමණ ගතව තිබෙනවා..

    මෙහි සිතුවම් ඇඳ ඇත්තේ විහාරගෙය හා මණ්ඩපය වෙන්කෙරෙන බිත්තියේ දෙපස හා විහාර ගෙයි ඇති ස්වාභාවික ගල් පියස්සේයි...

    බිත්තිය කොටස් කීපයකට බෙදා එය නැවත සමාන තීරු පහකට බෙදා ජාතක කථා සිතුවම් කොට තිබෙනවා..

    මහනුවර ගිය වෙලාවේ මේ විහාරයට යන්න අමතක කරන්න එපා..


    මෙවැනි සංචාරක ස්ථාන 200 ත් වඩා පැහැදිලිව දක්වා ඇති ලංකාවේ එකම app එක wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න.(offline ද පාවිච්චි කල හැක)

    Original Article Click Here