
අද අපි කතා කරන්න යන්නේ අප්‍රකට පුදසුනක් ගැන.ඒ නමින් කිතුල්පේ රජමහා විහාරයයි..
කිතුල්පේ විහාරය වැදගත් වන්නේ දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටීමෙන් පූජනීයත්වයට පත් ස්ථානයක් ලෙසයි..
කිතුල්පේ විහාරය වටේම කදු වලල්ලකින් වටවෙලා තමා තියෙන්නේ..
අතීතයේ ඉංග්‍රීසින්ගෙන් උඩරටට එල්ලවන තර්ජන හමුවේ දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ අවස්ථාවල සඟවා තැබුණා...
මෙරට අවසාන රජු වූ ශ්‍රී‍් වික්‍රම රාජසිංහ සමයේ එලෙස දළදාව සඟවා තැබූ ස්ථානයක් ලෙස කිතුල්පේ රජමහා විහාරය හදුන්වනවා..
සසුව දළදාව යුද බිය තුරන් වූ පසු මහ පෙරහරින් කුණ්ඩසාලේ විහාරයට ද එතැනින් 1803 පොසොන් මාසයේ දී මහනුවර දළදා මාලිගයට ද රැගෙන ගොස් ඇති බව සදහන් වෙනවා...
පිහිටීම අනුව කෙත් යායක් අද්දර උස් බිමෙහි කිතුල්පේ රන්පත් ගේ විහාරය පිහිටා තිබෙනවා..
විහාර බිමට පිවිසි විටම පුරාණ බෝධි වෘක්ෂය සහ ඒ අසල ඇති පැරණි ප්‍රතිමා මන්දිරය නෙත ගැටෙනවා..
ප්‍රතිමා මන්දිරය ඉදිරිපසින් ඝණ්ඨාකාර හැඩැති කුඩා දාගැබක් තියෙනවා..
ප්‍රතිමා මන්දිරයට දකුණු පසින් පෝය සීමා ගෙය තිබෙනවා..
මෙම අප්‍රකට පුදසුන වෙත හඟුරන්කෙත සිට මාර්ග දෙකක් ඔස්සේ පැමිණීමට පුළුවන්...
හඟුරන්කෙත සිට රිල්ලගස්කඩට පැමිණ පොරමඩුල්ල හරහා මේ වෙත දුර කි.මී. 15 කින්ද,
හගුරන්කෙත උනන්තැන්න හරහා කිතුල්පේ වෙත දුර කි.මී. 9කින්ද මේ පුදබිමට යන්න පුලුවන්...
ඉතින් ඔබත් මේ පුදබිමට ගොස් ආශිර්වාදය ලබාගන්න
මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න
Original Article Click Here