සිතිවිලි බලෙන් පණිවිඩ යවයි

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
සිතිවිලි බලෙන් පණිවිඩ යවයි

සැතපුම් දහස් ගණනක් ඈතින් සිටිය ද චිත්ත තරංග පමණක් භාවිතයෙන් අදහස් හුවමාරුකැර ගත හැකියැයි නවතම පර්යේෂණයකින් හෙළිවී ඇත. ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරයක සිටි ආචාර්ය මයිකල් බර්ග් මහතා සහ ඉන්දියාවේ කේරලයේ පර්යේෂණාගාරයක සිටි ස්පාඤ්ඤ ජාතික විද්‍යාඥයකු වූ ආචාර්ය ඇලියන්ද්‍රෝ රියේරා අතර මේ සන්නිවේදනය සිදුකැරිණි.
විද්‍යාඥයන් දෙදෙනාට කිසිදු සන්නිවේදන උපකරණයක් නොතිබූ අතර ඔවුන්ගේ ඇස් බැඳ දමා කන් වසා තිබිණි.
සැතපුම් 4600ක් ඈතින් පිහිටි මේ විද්‍යාගාර දෙකේ සිටි විද්‍යාඥයන් දෙදෙනා තමන සිතිවිලිවලින් අදහස් නිවැරදිව හුවමාරු කරගෙන තිබුණේ පුදුම සහගත ආකාරයෙන් බව ඒ පිළිබඳ නිකුත් කළ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වෙයි.
පර්යේෂකයන් පෙන්වා දෙන්නේ කිසිදු විද්‍යුත් උපකරණයක් භාවිතයෙන් තොරව මොළයකින් මොළයකට පණිවිඩයක් යැවිය හැකි මේ ආකාරය තවදුරටත් පරීක්ෂාවට ලක්කළ යුතු බවයි. කෙසේ වෙතත් මෙය ඉදිරි අනාගතයේ දී සන්නිවේදන විප්ලවයේ දැඩි පරිවර්ථනයකට හේතුවනු ඇතැයි ද පර්යේෂකයෝ කියති.