සිදුහත් කුමාර උත්පත්තිය පිළිබඳ පැවති මතභ
සිදුහත් කුමාර උත්පත්තිය පිළිබඳ මෙතෙක් පැවති මතභේද දැන් අවසන් වන බව පුරාවිද්‍යාඥයින් පවසනවා. ඒ, ලෝකයේ මෙතෙක් සොයා ගැනුණු පැරණිම බෞද්ධ විහාරය බවට අනුමාන කෙරෙන ඉදිකිරීමක් නේපාලයේ ලූම්බිණි සල් උයනෙන් සොයා ගැනීමත් සමගයි. සිදුහත් කුමරුගේ උපත සිදුවුයේ ද ලූම්බිණි සල් උයනේදි බවයි බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන්නේ.
ලූම්බිණි සල් උයනේ පිහිටා ඇති මහාමායා දේවි විහාරය අසල සිදුකළ කැණිම්වලින් මෙම ඉදිකිරීම සොයාගත් බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. සිදුහත් කුමරුගේ උපත සිදුවන අවස්ථාවේ මහාමායා දේවිය විසින් අල්ලාගෙන සිටි බව කියන සල්ගස වටා මෙම ඉදිකිරීම සිදුකර තිබුණා. එය බුද්ධ වර්ෂ 06වන සියවසේ දී පමණ ඉදිකර ඇතැයි සඳහන්. එහි පියස්සක් නොමැති වීමෙන් එය සල්ගස ආවරණය කළ සැකිල්ල බවට ද විශ්වාස කෙරෙනවා.
සිද්ධාර්ථ කුමාර උත්පත්තිය සිදු වූ ස්ථානය පිලිබඳ පසුගිය සමයේ විවිධ මතභේද හටගෙන තිබුණා. එහෙත්, ජාත්‍යන්තර පුරාවිද්‍යාඥයින් පවසන්නේ මෙම සොයා ගැනීමත් සමග සියලූ මතගැටුම් අවසන් වන බවයි.
source: http://www.nethfm.com/site/සිදුහත්_කුමාර_උත්පත්තිය_පිළිබඳ_පැවති_මතභේද_අවසන්-1--25531.html