සිනමා විචාර සහ අධ්‍යක්ෂණය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    දේශපාලන කතාවක් නෙවෙයි...

    වෘත්තිමය සිනමා විචාරකයො දැකලා තියෙනවද?....රස්සාවක් හැටියට සිනමා විචාරය කරන අය.... එයාලගෙන් සමහර අය "ෆිල්ම් ස්ටඩීස්" එහෙම කරලා, සිනමා විචාරයක් වෘත්තිමය විදියට කරන්නෙ කොහොමද කියලා ඉගෙන ගත්තු අය....ඒ ගොල්ල සිනමා විචාරය කරනවට ලෝක ප්‍රකට මාධ්‍ය ජාල, සමාගම් සහ ඔය රොට්න් ටොමෑටෝස් වගේ රිවීව් එකතු කරන රේටින් ගෘප්ස් එයාලට සල්ලි ගෙවනවා....
    ඉතින් මේ විචාරකයො අතරෙ ඉතාම ජනප්‍රියම අය ඉන්නවා.... ඔවුන්ගේ චිත්‍රපටි විචාරයන් කියවන්න ලක්ෂ ගණනක් පුල පුලා බලා ඉන්නවා... කොටින්ම සිනමාවේ නළු නිළියන්ට, අධ්‍යක්ෂක වරුන්ට සහ වරියන්ට වගේම ලොකු ෆෑන් බේස් මේ අයට ඉන්නවා....
    ඇමරිකාවේ හිටපු සිනමා විචාරකයන්ගෙන් ජනප්‍රියම කෙනෙක් තමයි රොජර් ඊබර්ට් කියන්නෙ... මේ රොජර් ඊබර්ට්ගෙන් වතාවක් මාධ්‍යවේදිනියක් ඇහුවලු "සිනමාව සම්බන්ධ ඔබේ මේ වෘත්තියේ අනාගතය ගැන හිතුවොත්, ඔබට තියෙන ලොකුම බිය කුමක්ද?" කියලා...
    ඊබර්ට් ගත් කටටම කිව්වලු "මම සමහර සිනමා පටවල ෂූටින් කෙරීගෙන යද්දි, ඒ "සෙට්" වලටත් යනවා... ඒ යන වෙලාවට එතන ඉන්න අධ්‍යක්ෂකවරයා නැගිටලා, "ආ ඊබර්ට් මහත්තයා දැන් උඹ මේක කරපන් ! " කියලා මට බාර දෙන එක තමයි මගේ තියෙන ලොකුම බය " කියලා.....
    මොකද කිව්වොත් විචාරකයා වීරයෙක් හරි පොරක් හරි වෙන්නෙ විචාරය දිගටම කරගෙන ඉන්න ලැබෙන කල් විතරයි....
    "අම්මෝ මේ අදහස්...!...මේ වගේ අයනෙ අධ්‍යක්ෂකවරු වෙන්න ඕන... මේ වගේ අයගෙ අදහස් උඩනෙ දෙයියනේ ෆිල්ම්ස් හැදෙන්න ඕන...!....මෙච්චර දැක්මක් තියෙන අධ්‍යක්ෂකලා ඉන්දෙද්දි අපි මොක්කුන්ටද මේ ෆිල්ම්ස් හදන්න බාර දෙන්නෙ?" කිය කියා මිනිස්සු එයාලාගේ විචාර කියවන්නෙ, ඒ අය විචාරකයාගේ භූමිකාවේ ඉන්නකල් විතරයි....!.....කවදා හෝ "අදහස සහ තිර රචනය" හරි "අධ්‍යක්ෂණය" හරි කරන්න බාරදුන්නු දාට කලාස්....!.....
    ☺


    Damith Kethaka

     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    මයික් පලන්නනම් හැමෝටම පුලුවන්. හොද විචාරයක් දේන්න තිබ්බා. මේක හන්දා මොකුත් නොකියා ඉන්නවා. :lol: :lol::lol:

    දේශපාලන කතාවක් නෙවෙයි...