සින්හල_ගණන්

kavindagk

Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    58106665101400181987193.jpg


    සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් වැනි සංකල්ප ගැන කතා කළ සිංහලයන්ට එම අදහස් ප්‍රකාශ කිරීමට සංඛ්‍යා ද අවශ්‍ය විය. මේ නිසා සිංහලයාට තමන්ගේම ගණන් ක්‍රමයක් තිබිණි. මේ ගැන පූජාවලියෙහි (පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල හිමියන්ගේ සංස්කරණයෙහි) 48 වැනි පිටුවෙහි සඳහන් වන්නේ මේ ආකාරයට ය.

    "දස දහයෙක් නම් සියයෙක, දස සියයෙක නම් දහසෙක, සියක් දහසෙක් නම් ලක්ෂයෙක, සියක් ලක්ෂයෙක නම් කෝටියෙක. කෝටිකෝටියෙක් නම් ප්‍රකෝටියෙක, ප්‍රකෝටිකෝටියෙක් නම් කෝටිප්‍රකෝටියෙක, කෝටිප්‍රකෝටි කෝටියෙක් නම් නහුතයෙක, නහුත කෝටියෙක් නම් නින්නහුතයෙක, නින්නහුත කෝටි‍ෙයක් නම් හුත නහුතයෙක, හුත නහුත කෝටියෙක් නම් කම්භයෙක, කම්භ කෝටියෙක් නම් විස්කම්භයෙක, විස්කම්භ කෝටියෙක් නම් අහහයෙක, අහහ කෝටියෙක් නම් අබබයෙක, අබබ කෝටියක් නම් අටටයෙක, අටට කෝ‍ටියෙක් නම් සොගන්ධියෙක,සොගන්ධික කෝටියෙක් නම් උප්පලයෙක, උප්පල කෝටියක් නම් කුමුදයෙක, කුමුදකෝටියෙක් නම්, පුණ්ඩරීකයෙක. පුණ්ඩරීක කෝටියෙක්නම් පදුමයෙක, පදුම කෝටි‍ෙයක් නම් කථානයෙක, කථාන කෝටියෙක් නම් මහා කථානයෙක, මහා කථාන කෝටියෙක් නම් අසඬ්ඛ්‍යයක් නමි."



    FB එකෙන් ගත්තේ :yes::yes::yes: