සිනා පිපෙනා මේ වසන්තය

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    මේ Lyrics වල තේරුම මොකක් ද?

    සිනා පිපෙනා මේ වසන්තය
    නෙලා දෝතින් මලක් සේ
    මඟේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
    සිනාසී ඔබයි ගෙන ආවේ
    වසන්තය මලක් සේ...

    නිබඳ සුවඳයි ඔබ නිසා මට
    ගම මැදින් හමනා පවන සිහිලැල්
    ගම් දොරින් පිටමං නොවේවා
    නැවුම් සුහුඹුල් යෞවනේ හසරැල්...

    සිනා පිපෙනා…

    නිසල සිතුවිලි සසල තුරුලිය
    අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
    අහස සමුදුර වැළඳ සැනසෙමි තැනක
    සඟවමි හද සෙනේ සුසුමින්...

    සිනා පිපෙනා…

    Artist : Samitha Mudunkotuwa & Lakshman Wijesekara

     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේ ප්‍රථම වසන්තයයි
    දිවි අ‍රනේ මදු මල් පිපෙනා
    බිගු රැව් නැගෙනා...
    මේ ප්‍රථම වසන්තයයි

    තරු මැවෙන තුරා නිදිබර අඹරේ
    සඳු නැගෙන තුරා සිටියදි අදුරේ
    ඔබ සුසුම් සදක් සේ පායා
    පහන් රැයක් වී ආවේ...

    මේ ප්‍රථම වසන්තයයි...//

    සිත පවස දරා මිරිගුව අතරේ
    දිය පහස පතා සිටියද කතරේ
    ඔබ සිහිල් දොලක් සේ පාවී
    වසන්තයක් වී ආවේ

    මේ ප්‍රථම වසන්තයයි...//

    ගායනය - සනත් නන්දසිරි
    පදරචනය - කුලරත්න ආරියවංශ
    සංගීතය - රෝහණ වීරසිංහ
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    චමත්කාරජනක ගීතයක්, ඒත් පදරචනයෙ එච්චර දුරට හිතන්න තරම් ගැඹුරක් නෑ, වසන්තය කියන්නෙ කෙනෙක්ගෙ ජීවිතේ හොඳම කාලය, එතනින් එහාට පදවැල් ටික සරලයි. අන්තරා කොටස් සමහරවිට රූපරචනයට අදාල වෙන්න හදලා වෙන්නත් බැරි නෑ.
    සංගීතය ලක්ෂ්මන් විජේසේකර, ගේයපද කුමාරදාස සපුතන්ත්‍රි.