සරණ පැතීම මනුෂ්‍යාගේ වනචාරී සිරිතකි. ශිලාචාර භාවයට පත්ව නොසිටි කාලයේ ස්වභාව ධර්මය තේරුම් ගැනිමට පුලූවන් කමක් නොතිබු ඔව්හු නිරන්තර බියෙන් පසුවුහ. විවිධ වස්තුන් වදින්ඩ පුදන්ඩ යදින්ඩ පටන් ගැනීම ඒ බිය නැතිකර ගැනීම සදහා දැරූ උපක්රමයකි. බිය ඇතිකරන බලවේග වශයෙන් සිතු හැම දෙයක්ම මනුෂ්‍යාගේ වන්දනාට ලක්ව තිබේ. මෙ වැදිම පිදිම හා යාඥාව මනුෂ්‍යයා ශිලාචාර භාවයට පත්වෙද්දී හෝ වෙනස් වුයේ නැත. දේව වන්දනාව බිය හා යාඤාව නිසා ඇතිවුන ක්‍රියාවකි. අදත් මනුෂ්‍යයෝ බිය නිසා දෙවියන් වදිති. දෙවියන්ට කරන යාඤාවෙන් ගැලවීම ලබා ගැනීමට සිතිති.
මොන තරම් යාඤා කෙරුවත් කිසිම මිනිසෙකුට දෙවියන් දැකිමට නොහැක. දෙවියන් දුටුව කිසිම මනුෂ්‍යයෙක් ලොවෙහි නැත. දෙවියන් සමග දොඩන කපුරාලාලා කපටින් හෝ මානසික රෝගිහු වෙති. ඔවුන්ට මුළාවිම මනුෂ්‍යයා ආදි කාලයේ සිට කරගෙන එන්නකි.
වෙනත් ග්‍රහලෝක දැකීමට හැකි දුරදක්නයන් නිපදවා ඇත. මේ කිසිම දුර දක්නයකට හෝ දෙවියන්ගේ හෝඩුවාවක් ලැබි නැත. මීට පිළිතුරු සපයන පුජකවරු හා පඩිවරු දෙවියන් පිළිබදව පොතේ සදහන්ව තියෙන බව කියති. නමුත් පොත ලිව්වේ කවුද? පොත දෙවියන් දුටු මිනිසෙකුගේ ක්‍රියාවක් වෙන්නේ කොහොමද? අද මිනිහාට දෙවියන් නොපෙනේ. පුරානයේ හිටි මිනිහෙක් දෙවියන් දුටුවේයි කියන කතාව පිළිගත යුතුද?
පහුගිය මාසයේ ඉන්දියාවේ කර්ණාටක හා ආන්ද්‍ර ප්‍රාන්තයන්ට ඇද හැලූණු මහ වැහි වලින් පසුව ගංගා පිරී ඉතිරී ගොහින් පලාත් ගණනාවක ජලයෙන් යටවුනි. මේ ජල ගැලූම පිළිබදව විස්තරයක් කළ අපේ ඉන්දියානු හිතවතියක් අපුරු කතාවක් කීවාය.
"ඉන්දියාව කියන්නෙ දේව වන්දනාව මුල් බැසගත්ත රටක්. එහි තියෙන හින්දු මුස්ලිම් ක්‍රිස්තියානි කියන ප්‍රධාන ආගම් තුනෙන්ම උගන්වන්නෙ දෙවියන් වහන්සේ පිළිබදවයි. මිනිස්සු හැම දේකටම වඩා දෙවියන් වහන්සේ කෙරේ විශ්වාසය තියා කටයුතු කරනව. පහුගිය මාසෙ ගංවතුරට ක්‍රිෂ්ණා ගංගාව අසල ගමක් සම්පූර්ණයෙන්ම යටවුනා. මේ ගමේ ගැහැණු මිනිස්සු ළමයි බමයි සේරම දිවි ගලවා ගත්තෙ ගම මැද පිහිටි නුග ගහකට නැගගනයි. අතු පතර විහිදිලා ගිය මේ නුග ගහේ් සියයකට වඩා පිරිසක් දින දෙකක් ආරක්ෂා වුනා. ඔවුන්ගේ දරු පැටව් සාරිවලින් හදපු ඔලගු වල දමා නුග අතුවල එල්ලා ආරක්ෂා කරගත්ත.
මීට සමානම සිද්ධියක් පිළිබද පුවතක් දෙකාන් හෙරල්ඞ් පත්‍රයේ පළවුනා. ගමක තාන්තාවුන් විශාල පිරිසක් කොහොඹ ගහක සරණ ලැබ දිවි ගලවාගත් හැටි එම විස්තරයේ සදහන් වුනා.
මට මේ විස්තර දකිද්දි පුරාන ඉන්දියාවෙ අපේ ගම්මු බෝ ,නුග ,කොහෙඹ වාගෙ ගස් වවාගෙන ආරක්ෂා කළේ මොන කාරණාවටද කියන කාරණාව වැටහුනා. අපේ පැරැුන්නො එබදු ගස්වර්ග
ආරක්ෂා කළා. ඒවාට වැදුම් පිදුම් කළා. මෙබදු ගස්වල දෙවිවරු වාසය කරතැයි ඔවුන් අතර විශ්වාසයක් පැවතුනා.
අපේ පැරැන්නන් අතර පැවති විශ්වාසය වැරදි වෙන්නෙ කොහොමද? මා කියන ගමේ වැසියන් සියලූ දෙනාවම රැකගත්ත ගස දෙවියෙක් නොවෙයි කියන්නෙ කොහොමද? මා කියන ගමේ හැම ආගමකකටම අයත් මිනිස්සු ඉන්නව. නමුත් ඔවුන්ව ආරක්ෂා කරගත්තෙ ඔවුන් යදින දෙවියෙක් විසින් නොවෙයි. අතු පතර විදහාගත් නුග ගසයි.
එහෙත් කි දෙනාටද වාක්ෂ දෙවියාව පෙනෙන්නෙ. ගමට විදුලිය ගන්න දවසට ඔය නුග ගස කපල දමාවි. නැතිනම් පාර ලොකු කරන දිනේට නුගේ බිම හෙලාවි.
මිනිස්සු පෙනෙන දෙවිවරු නසනව. නොපෙනෙන දෙවිවරු යදිනව. නොපෙනෙන දෙවිවරුන්ගේ රුප සිමෙන්ති වලින් හදල හන්දියක් ගානෙ හිටෝනව. මේ සිමෙන්ති දෙවියෙකුගෙන් මනුෂ්‍යයෙකුට තියා කපුටෙකුටවත් ප්‍රයෝජණයක් නැහැ.
වැඩි විස්තර සදහා කොපි-පේස්ට් පාරක් දැම්මග සිරාජ්, ඉඩි අමීන්, ගසාලි වගේ අයියලා කියන්නෙ මොකද්ද බලමු.