සියක් දහසක් ඇවිත් යන්නැති
සොඳුරියේ අප දෙස බලා
වැවේ දියකඳ දන්නවා ඇති
දියවරේ හැන්ගුනු කතා
ඉසුරු කුමටද සඳළුතලයක
සැපකි මට මේ පවුර පාමුල
නුඹම පමණයි එකම ගැහැණිය
කළු ගලක හද ගැස්ම හඳුනන
අනෝරා වැහි ඇද හැලෙන විට
පපුතුරේ උණුහුම රකින ඔබ
සෙල් රුවක් වී උන් නිසාමද
නොගියේ මා මෙහි අතරමන්කොට
