සියලු කාන්තාවනි ස්ත්‍රී දුෂකයන්ට පහර දෙන

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
සියලු කාන්තාවනි ස්ත්‍රී දුෂකයන්ට පහර දෙන

මෙය වෙබ් අඩවියකින් උපුටා ගන්න ලදී, අපේ කාන්ත පාර්ශවයට ඉතා වැදගත් වේ එනිසා හොදට කියව බල පිලි පදිත්වා!!!!

1) ස්ත්‍රී දූෂකයන් බොහෝසෙයින් දිගු වරලසක් ඇති අය කෙරේ උනන්දුවක් දක්වයි. මන්දයත් පහසුවෙන් කොන්ඩයෙන් ඇද මෙල්ල කරගතහැකි බැවිනි.

2) පහසුවෙන් උනා දැමිය හැකි ඇඳුම් දැරීමද ස්ත්‍රී දූෂකයන්ගේ ඉලක්කයක් වීමට හේතුවකි. බොහෝ විට ඔවුන් ඇඳුම් ඉවත් කිරීම සඳහාම කතුරු පිහි වැනි ආම්පන්න වලින් සන්නද්ධ වී සිට ඇත.

3) අවට පරිසරය කෙරෙහි අනවධානයෙන් පසු වන නිසාම ඇවිදින අතර ජංගම දුරකථන කෙරෙහි ඇලී සිටින්නියන්, ගමන් මලු තුල ඇති දෑ සොයමින් ඇවිදින්නියන් කෙරෙහි ස්ත්‍රී දූෂකයන් වැඩි කැමැත්තක් දක්වයි.

4‍) පොදු වැසිකිලි සහ අන් අයගේ ඇස නොගැටෙන පාලු ප්‍රදේශ මොවුන්ගේ නිරන්තර ‍"ගොදුරු බිම්" වේ.

5) ස්ත්‍රී දූෂකයන් ස්වකීය ආරක්ෂාව සඳහා ‍නිරන්තරයෙන්ම යම් තැනකින් ඩැහැගත් ස්ත්‍රියක් පළමුකොට තවත් තැනකට ගෙනයාම සිදු කරයි.

6) යම් ස්ත්‍රියක් මොනයම් හෝ අයුරකින් යලි පහරදීමක් සිදු කරයි නම්, ගතවන කාලයත් සමග ඔවුන් අන් අයට නිරාවරණය වන ප්‍රමානය වැඩි වන නිසා එම ඉලක්කය අතහැරයාමට ස්ත්‍රී දූෂකයන් පෙළඹේ.

7) ස්ත්‍රී දූෂකයන්, කුඩ වැනි දුරක සිට පහරදිය හැකි ආයුධ ලෙසින් භාවිතා කල හැකි උපකරණ දරන්නියන් ඉලක්ක නොකරන බව පවසා ඇත.

8) යතුරු වැනි උපකරණ වලින් පහරදීම සඳහා බොහෝ ආසන්නයට යෑමට සිදුවන නිසා, ගැලවී යාම සඳහා වෙනත් උපක්‍රම භාවිතා කිරීම සුදුසු වේ.

මතක තබාගන්න..........

1) යමෙක් ඔබ පසු පස එන බව වැටහේ නම් ආපසු හැරී ඔහුගේ මුහුණ දෙස බලා යමක් විමසන්න.
උදා. වෙලාව, කාලගුණය වැනි
මෙවිට ඔබ ඔහුගේ මුහුණ දුටු බව සහ ඔබට හඳුනාගතහැකි බව දන්නා බැවින්, ඔහු ඔබව බොහෝ දුරට මගහැර යා හැක.

2) යමෙකු ඔබ කෙරේ පැමිනෙයි නම් දෑත් ඉදිරියට දිගු කර නවතින්න, යන්න යැයි වැරෙන් හඬගා පවසන්න. පහසු ඉලක්ක නොවන බැවින් කෑ ගසන සහ පහර දීමට ‍පසුබට නොවනාකාරයේ කාන්තාවන් මගහැර යන බව බොහෝ ස්ත්‍රී දූෂකයන් පවසා ඇත.

3) ඔබ‍ සතුව ගම්මිරිස් විසිර විදිනයක් (pepper spray - මෙවැනි උපකරණ බටහිර රටවල බොහෝසෙයින් ආත්මාරක්ෂාව සඳහා භාවිතා වේ.) ඇතිනම් "මගේ ගාව ගම්මිරිස් spray එකක් තිබෙනවා" යැයි කෑ ගසමින් එය ඉහලට දිගු කිරීමද ස්ත්‍රී දූෂකයන් පලවාහැරීමට ප්‍රමානවත්ය.

4) ඔබව අල්ලාගෙන සිටීනම් (පිටුපසින් වුවද) ඔබ ශක්තිමත් නොවුවද සතුරාගේ වැලමිටත් කිහිල්ලත් අතර යටින් ඇති ප්‍රදේශය හෝ දනහිසත් කලවයත් අතර කකුලේ ඇතුලු ප්‍රදේශය නිය යොදා වැරෙන් කෙනිත්තීමෙන්ද සතුරා අඩපන කිරීමට යොදාගත හැක. (ඒ පිලිබඳව සැකයක් ඇත්නම් ඔබගේම කොනිත්තා බලන්න.) එම ප්‍රදේශවල ඇති අනාරක්ෂිත බව නිසා මෙවැනි ක්‍රමයකින් බේරුනු එක් කාන්තාවක ස්ත්‍රී දූෂකයාගේ මාංශ පේශී ඉරීයනතෙක් කෙනිත්තූ අවස්තාවක් වාර්ථා වේ.

5) අවස්ථාව ලද විගසම සතුරාගේ කලවා ප්‍රදේශයට (ලිංගේන්ද්‍රයටම) පහරදෙන්න. පිරිමියෙකුට දැනිය හැකි උපරීම වේදනාව එය නිසා, එය සතුරාව බොහෝසෙයින් අඩපන කරයි. කොටින්ම කිවහොත් විනාඩි ගණනකට ඔබගෙන් පළිගැනීමට සිතීමටද ඔහුට සිහියක් නොමැති වනු ඇත. ස්ත්‍රී දූෂකයන් මෙවැන්නියන්ගෙන් හැකි ඉක්මනට ඉවත්වන බවට ඔවුන් පවසා ඇත. ඔබ කරදර කරන තරමටම ඔබගෙන් ඉවත් වීමට ඔවුන් උත්සහ දරයි.

6) සතුරා දෑත් දිගු කරන විගස ඔහුගේ ඇල්ලිය හැකි පළමු ඇගිලි දෙක වැරෙන් අල්ලා නැවියහැකි දෙසට විරුද්ද දෙසට හැකි තාක් වැරෙන් තෙරපන්න. මෙයින් වැඩි බලයක් නොයොදාම එම ඇඟිලි කැඩී සතුරාව බොහෝසෙයින් අඩපන කරයි.

7) අවට පරිසරය ගැන උපරිම අවධානයෙන් සිටින්න. හැකිතාක් තනිව හැසිරීමෙන් වලකින්න. කිසිවෙකු සැක සහිත ලෙසින් හැසිරෙයි නම් එය නොතකාහැරීමෙන් වලකින්න. ඔබට සැමවිටම මෙසේ කිරීම මෝඩ වැඩක් යැයි සිතුනද ජීවිතයේ යලි නිවැරදි කල නොහැකි අනතුරක් සිදුවනවාට වඩා එය ආරක්ෂාකාරීය.

සැලකිලිමත් වන්න...........

ඔබ මෙය කියැවූ පසු මෙය සිහියේ තබාගැනීමට හැකි වුවද අවධානය පිනිස යලි යලි කියවන්න. එපමනක් නොව පසුතැවීමක් ඉතිරි නොවීමට අන් අයද දැනුවත් කරන්න.

1) Tae Kwon Do ආත්මාරක්ෂක සටන් කලාව අනුව වැලමිට කොන සිරුරේ ශක්තිමත්ම ස්ථානයයි. සතුරා ඊට බොහෝ ආසන්න නම් හැකි වැරෙන් ඉන් පහරදෙන්න.

2) New Orleansහි සංචාරක අත්පොතකට අනුව යම් මං පහරන්නෙක් ඔබේ පර්සය හෝ අත් බෑගය ඉල්ලාසිටී නම් එය අතට නොදී ඉවතට විසි කරන්න. එවිට ඔහුට ඔබටත් එම බෑගයටත් ඇති උනන්දුව අනුව ඔබට ගැලවී යාමට බොහෝසෙයින් ඉඩ ලැබෙනු ඇත. එවිට හැකි තාක් වේගයෙන් විරුද්ධ දෙසට දුවන්න.

3) සතුරෙකු ඔබව කාරයක බඩු බහාලන කොටසට ‍බලෙන් දමාගෙන යයි නම්, ඇතුලතින් පිටුපස ලාම්පු වලට ගැලවෙන සේ පරහදී එයතුලින් අත එලියට දමා වනන්න. මෙය රියතුල කිසිවෙකු නුදුටුවද පිටුපසින් එන රථ ඇතුලුව එලියේ සිටින බොහෝ දෙනාට පෙනේ. මෙම උපක්‍රමය භාවිතා කිරීම නිසා බොහෝදෙනා දිවි ගලවාගෙන ඇත.

4) තනිව මෝටර් රථ වල ගමන්කරන බොහෝ කාන්තාවන් රථ ගාල් තුලදී සිය රථයට නැග රූපලාවන්‍ය, ආහාර ගැනීම්, කිරීමට ඇති වැඩ පරීක්ෂා කිරීම් වැනි වැඩ වල නියැලීමට උනන්දුවක් දක්වයි. මෙය සතුරාට ඔබේ රථයටම නැග ඔබ පැහැරගෙනයාමට රුකුලක් විය හැක. ඔබේ රථයට නැගි වහාම රථ ගාලෙන් ඉවත් වන්න.

5) මෝටර් රථයකට ගොඩවන ඔබ පහත කරුණු කෙරෙහි අවධානයෙන් පසුවන්න.

අවධානයෙන් ඇතුල් වන්න. රථය තුල කිසිවෙක් සැඟවී සිටියහැක. ඉදිරිපස මගී අසුන මෙන්ම පිටුපස අසුනෙහි බිමද කිසිවෙකුට සැඟවී සිටියහැක. පැති වීදුරු තුලින් රථයතුල බලා ඉන්පසු අසුන්ගන්න.
ඔබ අසුන්ගන්නා රියදුරු අසුන පැත්තට වන්න වෑන් රථයක් නවතා ඇත්නම් ඉදිරිපස මගී අසුනෙන් ඔබේ රථයට ගොඩවන්න. බොහෝ අපරාධකරුවන් මෙලෙස රිය නවතා කාන්තාවන් රථයට ගොඩවන අවස්ථාවේදී රියට ඇදගනී.
ඔබේ රිය ආසන්නයේ නවතා ඇති රියෙහි ඔබ අසුන්ගන්නා රියදුරු ආසනය පැත්තට වන්නට යම් සැක කටයුතු තැනැත්තෙක් සිටී නම් තනිව නොගොස් නැවත සිටි ස්ථානයෙන් ආරක්ෂක නිලධාරියෙකු හෝ පොලිස් නිලධාරියෙකු සමග නැවත රථය කරා යන්න. යම් අනතුරක් සිදුවනවාට වඩා මදක් පමා වීම නුවනට හුරුය.

6) ගොඩනැගිල්ලක හැකිතාක් පඩිපෙලට වඩා සෝපානයම භාවිතා කරන්න. පඩිපෙල බොහෝවිට තනිවීමට දරුණු ස්තානයක් විය හැක.

7) සතුරා සතුව තුවක්කුවක් ඇත්නම්, ඔබ ඔහු ග්‍රහනයේ නොසිටී නම්, අනිවාර්යයෙන් දුවන්න! සතුරා ඔබට වෙඩිතැබීමට ඉඩ ඇත්තේ සියයට 4ක තරම් අඩු අවස්ථාවක් වන අතර එසේ කලද දරුණු ස්ථානයකට වෙඩි තැබීමට ඇත්තේද අවම අවස්ථාවකි.

8) ඔබට කව්රුන් හෝ හිරි හැර කළහොත්, ඔබට පහරදිය හැකි හොදම ස්ථානය නම්, "ඇස් දෙකයි" මිනිසාගේ අතිශයෙන්ම සියුම් වුත් සංවේදී වුත් අත්‍යවශය වුත් ඉන්ද්‍රිය ඇසයි. ඔබේ අතේ "මහපට" ඇඟිලත්, දබර ඇඟිල්ලත් (එසේත් නැතිනම් දබර අගිල්ලත් මැද ඇඟිල්ලත්) අඟල් 2 1/2 පමණ පළල කර, ශක්තිමත් කර වේගෙන් ඇස දෙකට ප්‍රහාරයක් එල්ල ක‍රන්න. ඔබට ක්ෂණයකින් බෙරිමටත්, අපරාධකරු සදාකාලිකව අන්ධයෙක් කිරීමටත් එය ප්‍රමාණවත්ය.

9) බොහෝ කාන්තාවන්ගේ කරුණාවන්ත බවෙන් ස්ත්‍රී දූෂකයන් බොහෝ පල ප්‍රයෝජන ගත් අවස්ථා ඇත. නොදන්නා දරුවෙකුට යම් තැනකට යාමට උදවු කිරීම, අන්ධයන්ට, ‍වාරු නොමැති (එලෙස හොඳින් රඟපාන්නන් ඇත) මහල්ලන්ට තම රථයට ගොඩවන්නට උදවු කිරීම වැනි දේ තුලින් කාන්තාවන් සිය ජීවිත වලින් වන්දි ගෙවූ අවස්ථා අපමන ඇත.


තවද මෙම වීඩියෝවෙන්ද ඔබට වැඩිදුර කරුණු ඉගෙනගත හැක







මෙහි සතු කරුණු අදාල වෙබ් අඩවිය සතුය, ස්පෑම් වීමක් ලෙස හදුන්වන නිසා දැමිය නොහැක...
 
Last edited:

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
මට මේක හොයද්දි හම්බ උනේ මේකට කියන්නේ ඇන්ටි රේප් කොන්ඩෝම් කියල බැදපු කට්ටියටනම් මේක පාවිච්චි කරන්න පුළුවන්

rapex-condom4.jpg


AntiRapet001web.jpg


94452-8.jpg
 
Last edited:

nathasri

Member
Mar 26, 2008
1,920
83
0
උඹල වගේ උන්ගෙන් බේරෙන්න ඔහොම එකක් දාපු එක හොඳයි..
(උඹට ගොඩක් ලිංගික ප්‍රශ්න තියනවා වගේ)
 
Last edited:

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
උඹල වගේ උන්ගෙන් බේරෙන්න ඔහොම එකක් දාපු එක හොඳයි..
(උඹට ගොඩක් ලිංගික ප්‍රශ්න තියනවා වගේ)

ඇයි බය හිතුනද :lol:
ඇත්තද මේ ට්‍රික් ටික කෙල්ල දැම්මොත් කියල


හොද වැඩේ බොට
 
Last edited:

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
මේක හොදයි කොලුකාරයන්ගෙන් බේරිමේ උපක්‍රමයක් වශයෙනුත්.
 

nathasri

Member
Mar 26, 2008
1,920
83
0
මේක හොදයි කොලුකාරයන්ගෙන් බේරිමේ උපක්‍රමයක් වශයෙනුත්.
ඇයි මිනිහෝ උඹට අත පය නැද්ද? කෙලලා දාපන්කෝ හකු ගැලවෙන්න එකපාරම.
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ඇයි මිනිහෝ උඹට අත පය නැද්ද? කෙලලා දාපන්කෝ හකු ගැලවෙන්න එකපාරම.

මම ගැන නෙවෙයි කිව්වේ. මම කිව්වේ අනෙක් එවුන් ගැනයි. කොල්ලෙක් වුන පළියට හැම එකාටම ඕහොම හකු ගැලවෙන්න ගහන්න බෑ. කෙට්ටු එවුන් ඉන්නවා ඕන තරම් ඒ වගේ එකෙක්ව තඩි මහත එකෙක් අල්ලගත්තොත් මොනවද කරන්නේ? හැමෝම වීරයෝ නෙවෙයි.
 

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
මම ගැන නෙවෙයි කිව්වේ. මම කිව්වේ අනෙක් එවුන් ගැනයි. කොල්ලෙක් වුන පළියට හැම එකාටම ඕහොම හකු ගැලවෙන්න ගහන්න බෑ. කෙට්ටු එවුන් ඉන්නවා ඕන තරම් ඒ වගේ එකෙක්ව තඩි මහත එකෙක් අල්ලගත්තොත් මොනවද කරන්නේ? හැමෝම වීරයෝ නෙවෙයි.
ගොඩක් උන් බොරුවට කෑ ගහන්නේ තමන් චන්ඩි කියල, එත් බස් එකක වෙන කෙනෙක්ට කෙල්ලෙක්ට හරි කරදරයක් වෙනවා දැක්කොත් සද්ද නෑ, බොරුවට කටින් වීරයෝ, මුන් වගේ උන් දෙන උපදෙස් වලට හිනා වෙන්නේ උන්ට වැඩ වෙන උන් නෑ කියල... එත් උනාම බලන්න තිබ්බ හකු කඩන හැටි :lol:
 

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ගොඩක් උන් බොරුවට කෑ ගහන්නේ තමන් චන්ඩි කියල, එත් බස් එකක වෙන කෙනෙක්ට කෙල්ලෙක්ට හරි කරදරයක් වෙනවා දැක්කොත් සද්ද නෑ, බොරුවට කටින් වීරයෝ, මුන් වගේ උන් දෙන උපදෙස් වලට හිනා වෙන්නේ උන්ට වැඩ වෙන උන් නෑ කියල... එත් උනාම බලන්න තිබ්බ හකු කඩන හැටි :lol:

    :yes::yes::yes:
    සහතික ඇත්ත.
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මිත්‍යාව: බලහත්කාරකම නරකම නෑ ඔබ දන්නා හෝ ආදරය කරන කෙනෙක්ගෙන් උනා නම්

    සත්‍ය : දුෂණය නිසා මානසික පීඩනය, ජීවතේ අසමතුලිතතාවය ඇති කරන අතර එම කෙනා අවිශ්වාසය හා පාවාදීමක් රැවටීමක් කල බව හැගුමෙන් පීඩා විදිනවා
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    තමන්ට එඩ්ස් වැනි සමාඡ රොගයක් පවතින බව විශ්වාස කල හැකි ආකාරයට පැවසීම
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මිත්‍යාව : ලින්ගික බලහත්කාරකමක් වාර්තා නොකිරීම දුෂණයක් වශයෙන් සලකන්නේ නෑ

    සත්‍ය: හිංසනයට ලක්වූ තැනැත්තා මෙය දුෂණයක් ලෙස වාර්තා නොකරන්නේ එහි දරුණු වදහින්සවකට ලක් නොවූ නිසාත් තමන්ව විශ්වාස නොකරයි යන බියත් නිසාය. එත් මෙමගින් දුෂණය නොවුන කියා කිව නොහැක
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ගමයා;14273514 said:
    තමන්ට එඩ්ස් වැනි සමාඡ රොගයක් පවතින බව විශ්වාස කල හැකි ආකාරයට පැවසීම

    nice one
    what about
    උස්සන් යද්දී කක්කි කලොත්?:lol:
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මිත්‍යාව : ඔබ ප්‍රති ප්‍රහාර හෝ විරුද්දත්වයක් නොපෙන්වුවොත් එය දුෂණයක් නොවන බව

    සත්‍ය : විර්ද්දත්වයක් හෝ ප්‍රතිප්‍රහාර එල්ල නොකරන හේතු ගණනාවක් තිබේ, නොහිතන වෙලාවක සිදුවීමේදී සිතේ චකිතයක් ඇති වීම, එයාලගේ ජීවිතය පිළිබද බියක් ඇති වීම, වැඩිය දගලුවොත් දුෂකයා තවත් රිදාවීයයි සිතීම, දුෂකයව රිදවීමට බියවීම, විශේෂයෙන් හොදම යාළුවා වගේ වේලාවකදී. එහෙත් අකමැත්තෙන් වූ දෙයක් සැමවිටම දුෂණයක් වේ