සියලු දෙනාටම ආයුබෝවන්.

සියලු දෙනාටම ආයුබෝවන්.

සියලු දෙනාටම ආයුබෝවන්..
මම මේ වෙබ්ස්යිට් එකට ආවේ..බොරුකියන්ඩ ඕනෙ නෑ මම කම්පියුටර් දන්නේ නෑ.මම ගාව මෙතන වැඩ කරන තරුණ මහත්මයෙක් ලව්ව තමයි මම මේ වචන ටික ලියවන්නේ.අපේ කාලේ කොම්පියුටර් තිබ්බේ නෑ.දැන් ඉතින් මේව මේක ඔබපන් දැන් මේක ඔබපන් කිව්වට තේරුම් ගනීමට ටිකක් අපහසුයි.ඒ අතින් තමුන්නාන්සේලා ඉතාමත් වාසනවන්තයි.ඒ වුනත් මාසෙකට පාරක් හරි තමුන්නාන්සේලා හමුවට ඇවිල්ලා කොහොමද කියල අහන්ඩ මම අමතක කරන්නේ නෑ.

මෙතන හිනාමුසු මුහුනෙන් මගෙන් අඩෝ,මචන් කියල ප්‍රශ්න අහල තියෙන මම දැක්ක.ඒ සියලු දෙනාටම හලෝ මචන් කියල මම පිලිගන්නව.මමත් හොඳට මිතුරු කමට බර මිනිහෙක්.හැබැයි ඒ ඕනෙ විදිහට උත්තර දෙන්ඩ මම දන්නව.එම නිසා සියලු දෙනාටම අද දවස සුබ වෙන්ඩ කියල මම ප්‍රාර්තනා කරනව.බොහොම ස්තූතියි....
.