සියලු ප්‍රහාරවල වගකීම ISIS භාරගනී

sumithykk

Well-known member
  • May 11, 2012
    583
    549
    93
    සියලු ප්‍රහාරවල වගකීම ISIS භාරගනී

    isis.jpg

    පසුගිය ඉරිදා දිවයිනේ ප්‍රදේශ කිහිපයක එල්ල කල ප්‍රහාරය ISIS සංවිධානය විසින් භාරගෙන තිබෙනවා.
    මේ අනුව ඔවුන්ගේ නිල මාධ්‍ය ඒකකය වන අමාක් ප්‍රවෘත්ති ඒජන්සිය විසින් මෙලෙස ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බවයි වාර්තාකරන්නේ.
    ඔවුන්ගේ නිල පුවත් සේවය විශේෂ ප්‍රකාශයක් පළකරමින් පසුගිය ඉරිදා දිවයිනේ ප්‍රදේශ කිහිපයකට එල්ලවූ ප්‍රහාර තම සංවිධානය විසින් සිදුකල බවට තහවුරු කර තිබෙනවා.
    මේ අතර විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ISIS ආධාරකරුවන් මෙම ප්‍රහාර මාලාව පිලිබඳ සතුට ප්‍රකාශ කරන බවයි.
    පසුගිය ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන අයි.එස් ප්‍රහාර හමුවේ ශ්‍රී ලාංකිකයින් 321කගේ දිවි අහිමි වූ අතර 500 කට පමණ තුවාල සිදුවුනා.
    එලෙස මියගිය පිරිස අතරින් මීගමුවේ කටුවාපිටිය දේවස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බයෙන් මියගිය බොහෝ පිරිසකගේ අවසන් කටයුතු අද සිදුකෙරුනා.
     

    Similar threads