සියවසේ මහා පාවා දීම
ලසන්ත මැරුවේ හමුදාවයි! ගැලවිජ්ජාවට ගෝඨා කියයි……. රණවිරු ගායට දැන් සැපද????
සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම පිළිබඳව සැකකොට එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හා අමරිකානු ජාතික ගෝඨාභය රාජපක්ෂ ට එරෙහිව ලසන්තගේ දියණිය අහිංසා වික්‍රමතුංග විසින් කැලිෆෝනියාවේ දිසා අධිකරණය හමුවේ ගොනු කල නඩුව විභාගයට ගනු ලැබූවා.
එහිදි ගෝඨා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ ගෝඨාභය රාජපක්ෂ් නොව ලංකා රජය සහ හමුදාව බවයි.
ගෝඨාගේ පිළිතුර අනුව අනුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම රාජ්‍ය ක්‍රියාවක් වන අතර එහිදී ඔහු විසින් කරන ලද කාර්ය අයත් වන්නේ “රාජකාරි කටයුතු” ගණයටය.
එසේම එහිද් ගෝඨාගේ නීතිඥවරුන් විසින් ගෝඨාභය “විදේශ නිළධාරියෙකු” බව සඳහන් කරමින් ගෝඨාට එරෙහිව විදේශ විනිර්මුක්තිය ඉල්ලා ඇත.
මේ හරහා ගෝඨාභය නැවත නැවතත් සිය මුග්ධකම ප්‍රදර්ශනය කරමින් පවතින අතර ඕනෑම වරදක් කොට ගැලවීම සඳහා එය තවත් අයෙකු වෙත පැටවීමට ඇති හැකියාව ප්‍රදර්ශනය කරමින් පවති.
බලය ලබා ගැනීම වෙනුවෙන් ඕනෑම මජර වැඩක් කිරීමට සමත් රාජපක්ෂවරුන් යුද්ධයේ අමිහිරි චෝදනා හමුදාව පිට පැටවූ ලෙසින්ම මෙයද සිදු කොට අවසන් ය.
ගෝඨාභය ට අනුව ලසන්ත මරන්නට අණ දුන්නේ ඉහලින් ය. අපේ රටේ ආරක්ෂක ලේකම්වරයාට ඉහළින් සිටින්නේ රටේ සේනාධිනායකයාය. ගෝඨා ආරක්ෂක ලේකම් කාලයේ රටේ සේනාධිනායකයා සහ අනාගතයේ ජනාධිපති වීමට සිහින දකින ගෝඨාභයගේ රජයේ අගමැතිවරයා වන මහින්ද රාජපක්ෂය.
මහින්දට ලසන්ත මරන්න අවශ්‍ය වූයේ ඇයි? ගෝඨා කියන පරිදි ලසන්ත මැරුවේ හමුදාවෙන් නම් හමුදා සෙබලුන්ට ලසන්ත මරන්නට අවශ්‍ය වූයේ ඇයි?
අනෙක් අතට අවුරුදු දහයක් බදාගෙන තුරුල් කරගෙන කාටවත් අයිති කරගන්නට නොදුන් යුධ ජයග්‍රහණයේ අභිමානය ගෝඨාභය එදා ෂැංග්‍රිලා හෝටලයයේදි අත අරින්නේ ඇයි? පැහැදිලිව ම ජනාධිපතිවරණය හේතුවෙනි. ජනාධිපති වුනාට පසු යුද්ධය හෝ සාමය තියා රටට හෙන ගසා ගියද රාජපක්ෂවරුන්ට කම් නැත. අවශ්‍ය වන්නේ බලයයි.
ලසන්තගේ නඩුවේදී ද ගෝඨාගේ ගැලවිජ්ජාව එයයි. ලසන්නත මැරුවේ මම නෙමෙයි කියන ගෝඨාගේ ප්‍රකාශය තුළ අන්තරගත වන්නේ ‘හිටපං මම බලයට එනකම්…… නඩු කියන්න තියා අයේ මිනියවත් මිනී වලේ තියෙන්නේ නෑ’ යන්නයි.
එසේම ආරක්ෂක ලේකම් ගෝඨාට චෝදනා එල්ල වන එකම ඝාතනය ලසන්ත නොවේ, ප්‍රගීත් එක්නැලිගොඩ අතරුදන් කිරීම, මාධ්‍යවේදීන්ට පහර දීම, බොන්න වතුර ඉල්ලු රතුපස්වල ජනතාවට උණ්ඩයෙන් බැට දී මහපාරේ සිවිල් වැසියන් 4 දෙනෙකු මරාදැමීම , වැලිකඩ බන්ධනාගාරයේ කෝලහාලයක් ඇති කරව තමන්ට අවශ්‍ය සිරකරුවන් තෝර තෝරා මරා දැමීම, කටුනායක රොෂේන් චානක මරා දැමීම ඉන් කිහිපයකි.
එසේ සියල්ලට ම මේ යන විදියට ගෝඨාගේ උත්තරය වුනු ඇත්තේ මාම් කලේ ඉහළින් ආපු නියෝග පිළිපැදීම විතරයි යන්න වීමට බොහෝ ඉඩ ඇත. එසේ නම් රටේ ඝාතකයා මහින්ද රාජපක්ෂ ද? දවස ගානේ පන්සල් යන, පපුවට අත ගසා ගනිමින් අඬා දොඩන මහින්ද රාජපක්ෂ ද?
අයියා රජ වූ කාලයේ මල්ලි ලවා මිනිමැරුව නම්, මල්ලි රජ වූ පසු අයියා ලවා ඒ වැඩේ නොකරාවී යැයි රටට මේ අනුව ඇති තහවුරුව මොකද්ද? මේ යන විදියට සමහර විට හෙට අනිද්දා වන විට දෙවියන් මට සිහිනෙන් පෙනි මේ මිනිසුන් මරා දැමීමට කිවා යැයි මහින්ද පැවසීමට ඉඩ ඇත. රාජපක්ෂවරුන් යනු එවැනි අයියලා ය.
කෙසේවෙතත් රණවිරුවා වෙනුවෙන් ඇප කැප වෙන බවට ඡන්දය වෙනුවෙන් වෙදිකාවක් වේදිකාව ගානේ කියා ඇවිදින ගෝඨා සියවසේ මහා පවා දීම සිදු කොට අවසන් ය. ලෝකයේ අති භයානක ත්‍රස්තවාදය පරාජය කළ හමුදාව සිය පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් බිල්ලට දී අවසන් ය. අන්තිමේදී සියළු කුණු හමුදාවේ කර පිටය . අයියලා, මල්ලිලා සුද්දය.
රටට අවශ්‍ය වන්නේ මෙව නායකත්වයක් දැයි යලිත් විමසා සිටිමේ කාලය පැමිණ ඇත. මේ යන විදියට ගෝඨා තමන්ට අවාසි බව හැගේ නම් සිය පියා ඩී ඒ රාජපක්ෂ ද නොවන බව පවා පැවසීමට ඉඩ ඇත. එහෙව් මිනිහෙක් ට මේ රට බාර දී රටේ අනාගතය වල පල්ලට ගෙන යාමට අවශ්‍යද? ජනතාවනි, රණ විරුවණි, රාජ්‍ය සේවකයනි, මාධ්‍යවේදිනි, මේ සියල්ල සිතිය යුතු කාලය මෙයයි.