සිය දිවි නසා ගැනීම කර්ම ඵලයක්‌මද?

Mr.Krishan

Active member
  • Jan 1, 2014
    223
    26
    28
    33
    දෙහිවල
    සිය දිවි නසා ගැනීම කර්ම ඵලයක්‌මද?

    උපතකදී සතුටු වන සාද පවත්වන අපි මරණයේදී හඬමු. දුක්‌වෙමු. ජීවිතය අනියත බව අපට බොහෝ විට සිහි වන්නේ ද මරණය සමගය. බොදුනුවකුගේ පැතුම කුමක්‌ද යන පැනයට නිවැරැදිම දාර්ශනික පිළිතුර ඔබ දන්නෙහිද? ඒ පිළිතුර අපට ලබාදෙන්නේ කරණීය මෙත්ත සූත්‍රයයි. 'නහි ජාතු ගබ්භසෙයHං පුනරේතීති' (මම නැවත මවු කුසක පිළිසිඳ ගැනීමක්‌ ප්‍රාර්ථනා නොකරමි. ) එහෙත් එය ගිහිව සිටිනා අපට කෙතරම් දුෂ්කරදැයි අමුතුවෙන් නොකිව මනාය.

    ජීවිතය හා මරණය පිළිබඳ ඒ සනාථන දහම කුමක්‌ වුවද පුහුදුන් අපි නිබඳවම ජීවිතයට පෙම් බැඳීමටත්, එයට ආලයෙන් පසුවීමටත් හුරුව සිටිමු. ගිහිව සිට ඒ ජීවිතය ජයගත හැකි බොදු මඟක්‌ද බුදුහු වදාළහ. එනිසා බොදු පිළිවෙත යනු කිසිසේත්ම ජීවිතය ගැන කලකිරීමෙන් උකටලීව ජීවත්වීම හෝ ගිහිගෙය හැර පැවිදි ජීවිතයට ඇතුළුවීම නොවන බව ද කිව යුතුය.

    නියම බෞද්ධයා මේ යථාර්ථ ඥානයෙන් යුතුය. ඔහු සිය ජීවිත යාත්‍රාව පදවන්නේ දැහැමි මාවතක්‌ ඔස්‌සේය. එමඟ කෙබඳු හිරිහැර බාධක, අවහිර තිබුණත් නියම බෞද්ධයා තම ජීවිතය අත් නොහරින්නේමය. එහෙත් අවාසනාවකට මෙන් සිය ජීවිතය විනාශ කරගන්නා නොහොත් සියදිවි හානි කරගන්නා අය ද වෙති.

    මේ බොහෝ දෙනෙක්‌ කිසියම් මානසික අර්බුදයක්‌ නිසා හෝ ජීවිතය පිළිබඳ ඇතිවන කලකිරීමක්‌ නිසා හෝ එලෙස සිය දිවි නසා ගනිති. අපේක්‌ෂා භංගත්වය හෝ කලකිරීම නිසා පුද්ගලයකු පත්වන මානසික ආතතිය දරා ගැනීමට අපොහොසත් වන අය සිය දිවි නසා ගැනීම එකම මාර්ගය ලෙස තෝරා ගනිතියි මනෝවිද්‍යාඥයෝ ද දක්‌වති.

    හදිසි අනතුරකින් හෝ වෙනත් අසාධ්‍ය රෝගයකින් හෝ කිසිවකු මියයැම දැඩි වේදනාවකි. එහෙත් එය වළක්‌වාලිය නොහැක. ඔබ දන්නා අපූර්ව කතා පුවතක්‌ මෙහි ලා දක්‌වමු. ඔබට මතක ඇති එක්‌තරා පෙහෙකාර දැරියක්‌ හදිසි අනතුරකින් මරණයට පත්වන බව දුටු බුදුන් වහන්සේ ඒ දැරිය සොයා ඒ ගමටම ගොස්‌ දහම් දෙසූ පුවත. ඒ දැරිය එලෙස මරණයට පත්වූයේ කර්ම විපාකයක්‌ නිසා බවද සඳහන් වේ.

    මේ හැර එබඳු කර්ම විපාක ලද අය පිළිබඳ නොයෙක්‌ කතා අපි දනිමු. මුගලන් මහ තෙරුන් වහන්සේට ද පෙර කළ අකුසලයක්‌ ඵල දුන් වග බෞද්ධයෝ දනිති. එහෙත් ඇතැම් විට එලෙස කර්ම විපාක නුදුන් අවස්‌ථාද තිබේ. අංගුලිමාල මහතෙරුන්ගේ කතාව එයට හොඳම නිදසුනකි.

    අප මේවා සැකෙවින් හෝ සඳහන් කළේ අද බොහෝ විට ඇසෙන සියදිවි නසා ගැනීම් පිළිබඳ පුවත්වලින් ලද කම්පනය නිසාය. නොබෝදා කුරුණෑගල ප්‍රදේශයේ පාසල් සිසුවියක්‌ සියදිවි හානි කරගත් පුවතක්‌ ඇසීමු.

    මේ දැරිය එසේ සිය දිවි නසාගෙන ඇත්තේ ඇය ඉගෙන ගත් පාසලේම විදුහල්පතිවරයකු විසින් කරන ලද දොaෂාරෝපණයක්‌ නිසා බවද කියනු ඇසිණි. දෙමවුපිය අවවාද නොඉවසා එලෙස දිවි නසා ගත් දරුවන් පිළිබඳ පුවත්ද තිබේ.

    මෙය අද දවසේ අප මුහුණදී සිටින බරපතළ සමාජ ෙ€දවාචකයකි. මේ සමනල ජීවිත මෙලෙස අකලට වැනසී යැම කෙතරම් දුක්‌බරද? ඇයි අපට ආදරයෙන් ඔවුන් දෙස බලා උපදෙසක්‌ දීමට බැරි?

    මේ දැරිය විසින් අවසන් වරට ලියන ලද ලිපියේ හරය වූයේ අකාරුණික වදන් නිසා ඇතිවූ සිත් වේදනාව තමන්ට දරාගත නොහැකි වූ බවය. මෙබඳු අස්‌ථාන චෝදනා, රළුපරළු වදන් යළි කිසිවකුට අසන්නට නොලැබේවා යනු ද ඇගේ පැතුම විය.

    බලන්න මොන තරම් අපරාධයක්‌ද සිදුව ඇත්තේ. ආදරය, දයාව තොර තැනක ජීවත්වීමට වඩා මරණය යහපත් බව ඒ දැරියගේ අදහස විය. එසේ නම් එයට වගකිවයුත්තේ කවරහුද? සිත් පිත් නැති ළතෙක්‌ බවක්‌ නැති, ප්‍රචණ්‌ඩ මනසක්‌ නොවේද ඒ අපරාධයට වගකිව යුත්තේ? ඒ මනස අයත් හදවතක්‌ නැති මිනිසකු නොවේද ඒ ෙ€දවාචකයට ඒ දැරිය ඇද දමා ඇත්තේ?

    කෙනකුගේ සිතට දැනෙන දුක, සෝකය, අසහනය, පීඩනය බෙදා හදා ගැනීම අපගේ වගකීමය. දෙමවුපියෝද ගුරුවරු ද වැඩිහිටියෝ ද ඒ යහපත් සම්මතයෙහි පිහිටා ක්‍රියාකළ යුත්තෝය. එසේ නොකර එබඳු විපතකට පත්වන අය වෙනුවෙන් හැŽම, වැළපීම යනු නිෂ්ඵල ක්‍රියාවකි. යහපත යනු අයහපතින් මිදීමත් මුදවා ගැනීමත් යන කරුණු දෙකටම අයත් වූවකි. මනුෂ්‍යත්වයේ පරිපූර්ණත්වය වෙත කෙනකු යොමු කළ හැක්‌කේ ද එබඳු යහපත් මනසක්‌ සහිත උත්තමයන්ට පමණි.

    උපුටා ගැනීම - බුදු මග පුවත් පතින්
     
    • Like
    Reactions: counter dr