Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සිය දිවි නසා ගැනීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිය දිවි නසා ගැනීම බරපතළ පාපයක්

දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ කිව්වා වගේ මිනිස් ආත්මයක් ලැබීම ඉතා කලාතුරකින් සිදුවන්නක්. ඒක දුෂ්කර වෑයමක ප්‍රතිඵලයක් බව අමුතුවෙන් විස්තර කළ යුතු නැහැ. එසේ මෙලොව උපන් කෙනෙකු තමන්ට තවත් කාලයක් ජීවත්වීමට පුළුවන්කම, හැකියාව, පින තිබියදී ඒ ගැන දෙවරක් නොසිතා දැන් ජීවත් වූවා ඇති යැයි තීරණයකට එළැඹ කිසියම් අයුරකින් ජීවිතය විනාශ කරගැනීම සිය දිවි නසා ගැනීම විදිහට හඳුන්වනවා. බණ පොතේ උගන්වන්නේ සිය දිවි නසා ගැනීම ප්‍රාණඝාත අකුසල කර්මයක් හැටියටයි. එසේම දිවි නසා ගැනීමට අනුබලදීම, ඊට උපකාර කිරීම මෙන්ම මරණයේ ගුණවැනීමත් බරපතළ පාපයන් හැටියට දැක්වෙනවා.

ජීවිතය එපා වෙන්නේ ඇයි?

කෙනෙකුට ජීවිතය එපා වී පණ නසා ගැනීමට විවිධ හේතු බලපානවා. මානසික, කායික, පරිසර හේතු ඒ අතර ප්‍රධානයි. එමිල් දුර්කයිම් කියන සමය සමාජ විද්‍යාඥයා 'ද සුසයිඩ්' නමින් පොතක් ලීවා. ඔහු එහි පැහැදිලිව දක්වනවා මිනිසුන් දිවි නසා ගන්න පෙලඹෙන්නේ ඇයි කියලා. සමහරුන් දිවි නසා ගන්නේ සමාජ සාධාරණත්වය වෙනුවෙන්, පොදු අරමුණු ජය ගැනීම වෙනුවෙන්. ඒ වගේම සාරධර්ම බිඳ වැටීමත් සිය දිවි නසා ගැනීමට හේතුවනවා. සුදුසුස්සාට සුදුසු තැන නැතිවීම, හම්බ කිරීමේ පිළිවෙළක්, නීතියේ සාධාරණත්වයක් නැතිවිට කෙනෙකුට ඒ සමාජය එපා වෙන්න පුළුවන්. දෙවනුව ඔහු තීරණය කරනවා මේ සමාජය් ජීවත් වෙලා වැඩක් නැහැ කියලා. පසුව දිවි නසා ගැනීමට පෙලඹෙනවා. කලකිරීම, විසාදය වගේ ම යම් යම් මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන අයත් සිය දිවි නසා ගැනීමට පෙලඹෙනවා. අද කාලේ මත්ද්‍රව්‍යයත් මේකට හේතුවක් විදිහට දක්වන්න පුළුවන්.

ගෝදික හාමුදුරුවොත් සිය දිවි නසා ගත්තා

සියතින්ම ගෙල සිඳගෙන බවුන් වැඩූ හිමිනමක් පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වනවා. ඒ ගෝදික හාමුදුරුවෝ. උන්වහන්සේ කොතරම් ධ්‍යාන භාවනා වැඩුවත් සුළු වෙලාවකින් ඒවා පිරිහෙනවා. ඒ කලකිරීමෙන් යුතුව ධාන්‍ය භාවනාවේ යෙදෙන අතර ම සිය දිවි නසා ගත්තා. ඒ අවස්ථාවේ අරමුණ වුණේ වේදනානුපස්සනාව. එය වැඩීම නිසා අවසන් මොහොතේ උන් වහන්සේ රහත් වී පිරිනිවන් පෑවා. වියට්නාමයේ ක්වාන්ඩාක් නම් භික්ෂූන් වහන්සේ සිවුරට ගිනි තබා ගෙන සිය දිවි නසා ගත්තා. ගව ඝාතනයට එරෙහිව හිමිනමක් දළදා මැදුර ඉදිරිපිට දිවි නසා ගත්තා. හසලක ගාමිණී නම් යුද සෙබළා කොටි ත්රස්තයන්ගේ යුද ටැංකියකට පැන්නා. ධර්මානුකූලව විමසා බැලුවොත් පොදු අරමුණු වෙනුවෙන් සිය දිවි නසා ගැනීම වුව පාපයක්. අරමුණ හොඳ වුවත් සිය දිවි නසා ගැනීම හොඳ දෙයක් විදිහට අගය කරන්න බැහැ. ඒත් ඔවුන්ට හොඳ තැන්වල උපදින්න පුළුවන් වෙනවා.

දිවි නසා ගත්තොත් යළි ඉපදේද?

සත්ත්වයා සංසාරේ උපදින්නේ තමන් කළා වූ කර්මය අනුවයි. ඇතැමෙක් උපදින්නටත් පළමුව මහ ධනවතෙකු වෙනවා. ඇතැමෙක් දුගී පැලක උපත ලබනවා. උපතින් ධනවත් වුවත් වැඩ කරන පිළිවෙළ අනුව දුගී වන අය මෙන්ම දුප්පත්ව ඉපිද පසුව පොහොසත්වන අයත් සමාජයේ දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් බුදුදහම අනුව යමක් තීරණය වන්නේ චේතනාව අනුවයි. සිය දිවි හානි කරගැනීම හා සම්බන්ධ මරණයකට වුවත් මෙය වෙනසක් වන්නේ නැහැ. සිය දිවි හානි කර ගන්නා අය නැවත උපත ලබන්නේ නැතය යන්න මිථ්‍යාවක්. එවැනි දේ ඇතැම් විට අප සමාජයේ මුල් බැස ගෙන ඇති. එය ධර්මය වැරැදි ලෙස වටහා ගැනීමක් ලෙස හඳුන්වා දිය හැකියි.

වස බී මළොත් උදරාබාධ

සිය දිවි නසා ගැනීම වරදක් බව අප මුලිනුත් පැවසුවා. එවිට ඔහුට ප්‍රාණඝාත අකුසල කර්මයක් කළ විපාක ලැබෙනවා. නැවතත් උපතක් නැති බවක් ඉන් කියැවෙන්නේ නැහැ. එම අකුසලය නැවත උත්පත්තියක් නොලැබීමට හේතු නොවන අතර ඔවුන් සසරේ නැවත නැවතත් අඩු වයසෙන් මරණයට පත්වන්න තියෙන ඉඩකඩ වැඩියි. එසේම ඒ උත්පත්තිවල යම් විකෘතිතාත් දකින්න පුළුවන්. ගෙල වැලලාගෙන මියගිය අයෙකු නම් බෙල්ලේ යම් ආබාධ තත්ත්වයක් හෝ ඇද වීමක් හෝ ඇතිව යළි උපදින්න පුළුවන්. වස විෂ පානයෙන් මළ අයකුට ඊළඟ භවයේ දී උදරාබාධ ඇති වන්න ඉඩ තිබෙනවා. ආහාර ගැනීමේ අපහසුතා, පෙණහලු ආශ්රිත රෝගාබාධ ඇතිවන්න පුළුවන්. ඉහළකින් පැන සිය දිවි හානි කරගත් අයකු නම් උත්පත්තියෙන් ම තුනටියේ ආබාධවලින් යුක්ත විය හැකියි. බෙහෙත් හේත්වලින් සුව කළ නොහැකි අස්ථි ආබාධවලට ලක්විය හැකියි.

දියේ ගිලී මළත් යළි උපදිනවා

දියේ ගිලී මියගිය පසු යළි උපතක් නැතැයි සමාජයේ ඇතැමුන් විශ්වාස කරනවා. එහි ඇත්තක් නැහැ.

පුනරුත්පත්තිය සම්බන්ධයෙන් කළ පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ ක්ෂණික මරණවලට ලක් වූ වැඩිදෙනාට පෙර ආත්මය කියන්නට තරම් මතක ශක්තියක් තිබුණු බවයි. අහඹු ලෙස මරණයට පත්වූවන් අතර ද මෙය දැකිය හැකි වුණා. පුද්ගලයා කෙලෙස් සියල්ල තමන් විසින්ම දුරු කරන තුරු ඔහුට නැවත නැවත උත්පත්තිය ලැබීමට ඇති හැකියාව වෙනස් කරන්නට කිසිම අයෙකුට හැකියාවක් ඇත්තේ නැහැ. එසේම කළ පින්කම් මිසක් උත්පත්තිය තීරණය වීමට වෙනත් කිසිම හේතුවක් මූලික නොවන බව සිහි තබා ගන්න.

වටින්නේ කරපු පින්කම්

යම්කිසි පුද්ගලයකුට උපතක් නොලැබේ නම් බුදු දහම එය යහපත් දෙයක් ලෙස සලකනවා. ඒත් එම තත්ත්වයට පත්වන්න හැකියාව ඇත්තේ මහ රහතුන් වහන්සේට පමණයි. තමා කළ අකුසල විපාක දෙන්න නම් අනිවාර්යයෙන් ම නැවත උපතක් ලබන්න ම වෙනවා. සත්ත්වයා කෙලෙස් ප්‍රහීන කොට නිරූපධිශේෂ නිර්වාණයෙන් පිරිනිවන් පානා තුරු සංසාරයේ කොතනක හෝ උපත ලබනවා. සිය දිවි නසා ගත් අයකුට වුවත් නැවත ඉපිද රහත්වීම දක්වා වූ උත්තරීතර තත්ත්වයට පත්වීමේ හැකියාව ඇති බව ධර්මයේ දැක්වෙනවා.

[QUOTE="NushenD, post: 27309037, member: 578839"] [HEADING=2]සිය දිවි නසා ගැනීම බරපතළ පාපයක්[/HEADING] දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ කිව්වා වගේ මිනිස් ආත්මයක් ලැබීම ඉතා කලාතුරකින් සිදුවන්නක්. ඒක දුෂ්කර වෑයමක ප්‍රතිඵලයක් බව අමුතුවෙන් විස්තර කළ යුතු නැහැ. එසේ මෙලොව උපන් කෙනෙකු තමන්ට තවත් කාලයක් ජීවත්වීමට පුළුවන්කම, හැකියාව, පින තිබියදී ඒ ගැන දෙවරක් නොසිතා දැන් ජීවත් වූවා ඇති යැයි තීරණයකට එළැඹ කිසියම් අයුරකින් ජීවිතය විනාශ කරගැනීම සිය දිවි නසා ගැනීම විදිහට හඳුන්වනවා. බණ පොතේ උගන්වන්නේ සිය දිවි නසා ගැනීම ප්‍රාණඝාත අකුසල කර්මයක් හැටියටයි. එසේම දිවි නසා ගැනීමට අනුබලදීම, ඊට උපකාර කිරීම මෙන්ම මරණයේ ගුණවැනීමත් බරපතළ පාපයන් හැටියට දැක්වෙනවා. [B]ජීවිතය එපා වෙන්නේ ඇයි?[/B] කෙනෙකුට ජීවිතය එපා වී පණ නසා ගැනීමට විවිධ හේතු බලපානවා. මානසික, කායික, පරිසර හේතු ඒ අතර ප්‍රධානයි. එමිල් දුර්කයිම් කියන සමය සමාජ විද්‍යාඥයා 'ද සුසයිඩ්' නමින් පොතක් ලීවා. ඔහු එහි පැහැදිලිව දක්වනවා මිනිසුන් දිවි නසා ගන්න පෙලඹෙන්නේ ඇයි කියලා. සමහරුන් දිවි නසා ගන්නේ සමාජ සාධාරණත්වය වෙනුවෙන්, පොදු අරමුණු ජය ගැනීම වෙනුවෙන්. ඒ වගේම සාරධර්ම බිඳ වැටීමත් සිය දිවි නසා ගැනීමට හේතුවනවා. සුදුසුස්සාට සුදුසු තැන නැතිවීම, හම්බ කිරීමේ පිළිවෙළක්, නීතියේ සාධාරණත්වයක් නැතිවිට කෙනෙකුට ඒ සමාජය එපා වෙන්න පුළුවන්. දෙවනුව ඔහු තීරණය කරනවා මේ සමාජය් ජීවත් වෙලා වැඩක් නැහැ කියලා. පසුව දිවි නසා ගැනීමට පෙලඹෙනවා. කලකිරීම, විසාදය වගේ ම යම් යම් මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන අයත් සිය දිවි නසා ගැනීමට පෙලඹෙනවා. අද කාලේ මත්ද්‍රව්‍යයත් මේකට හේතුවක් විදිහට දක්වන්න පුළුවන්. [B]ගෝදික හාමුදුරුවොත් සිය දිවි නසා ගත්තා[/B] සියතින්ම ගෙල සිඳගෙන බවුන් වැඩූ හිමිනමක් පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වනවා. ඒ ගෝදික හාමුදුරුවෝ. උන්වහන්සේ කොතරම් ධ්‍යාන භාවනා වැඩුවත් සුළු වෙලාවකින් ඒවා පිරිහෙනවා. ඒ කලකිරීමෙන් යුතුව ධාන්‍ය භාවනාවේ යෙදෙන අතර ම සිය දිවි නසා ගත්තා. ඒ අවස්ථාවේ අරමුණ වුණේ වේදනානුපස්සනාව. එය වැඩීම නිසා අවසන් මොහොතේ උන් වහන්සේ රහත් වී පිරිනිවන් පෑවා. වියට්නාමයේ ක්වාන්ඩාක් නම් භික්ෂූන් වහන්සේ සිවුරට ගිනි තබා ගෙන සිය දිවි නසා ගත්තා. ගව ඝාතනයට එරෙහිව හිමිනමක් දළදා මැදුර ඉදිරිපිට දිවි නසා ගත්තා. හසලක ගාමිණී නම් යුද සෙබළා කොටි ත්රස්තයන්ගේ යුද ටැංකියකට පැන්නා. ධර්මානුකූලව විමසා බැලුවොත් පොදු අරමුණු වෙනුවෙන් සිය දිවි නසා ගැනීම වුව පාපයක්. අරමුණ හොඳ වුවත් සිය දිවි නසා ගැනීම හොඳ දෙයක් විදිහට අගය කරන්න බැහැ. ඒත් ඔවුන්ට හොඳ තැන්වල උපදින්න පුළුවන් වෙනවා. [B]දිවි නසා ගත්තොත් යළි ඉපදේද?[/B] සත්ත්වයා සංසාරේ උපදින්නේ තමන් කළා වූ කර්මය අනුවයි. ඇතැමෙක් උපදින්නටත් පළමුව මහ ධනවතෙකු වෙනවා. ඇතැමෙක් දුගී පැලක උපත ලබනවා. උපතින් ධනවත් වුවත් වැඩ කරන පිළිවෙළ අනුව දුගී වන අය මෙන්ම දුප්පත්ව ඉපිද පසුව පොහොසත්වන අයත් සමාජයේ දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් බුදුදහම අනුව යමක් තීරණය වන්නේ චේතනාව අනුවයි. සිය දිවි හානි කරගැනීම හා සම්බන්ධ මරණයකට වුවත් මෙය වෙනසක් වන්නේ නැහැ. සිය දිවි හානි කර ගන්නා අය නැවත උපත ලබන්නේ නැතය යන්න මිථ්‍යාවක්. එවැනි දේ ඇතැම් විට අප සමාජයේ මුල් බැස ගෙන ඇති. එය ධර්මය වැරැදි ලෙස වටහා ගැනීමක් ලෙස හඳුන්වා දිය හැකියි. [B]වස බී මළොත් උදරාබාධ[/B] සිය දිවි නසා ගැනීම වරදක් බව අප මුලිනුත් පැවසුවා. එවිට ඔහුට ප්‍රාණඝාත අකුසල කර්මයක් කළ විපාක ලැබෙනවා. නැවතත් උපතක් නැති බවක් ඉන් කියැවෙන්නේ නැහැ. එම අකුසලය නැවත උත්පත්තියක් නොලැබීමට හේතු නොවන අතර ඔවුන් සසරේ නැවත නැවතත් අඩු වයසෙන් මරණයට පත්වන්න තියෙන ඉඩකඩ වැඩියි. එසේම ඒ උත්පත්තිවල යම් විකෘතිතාත් දකින්න පුළුවන්. ගෙල වැලලාගෙන මියගිය අයෙකු නම් බෙල්ලේ යම් ආබාධ තත්ත්වයක් හෝ ඇද වීමක් හෝ ඇතිව යළි උපදින්න පුළුවන්. වස විෂ පානයෙන් මළ අයකුට ඊළඟ භවයේ දී උදරාබාධ ඇති වන්න ඉඩ තිබෙනවා. ආහාර ගැනීමේ අපහසුතා, පෙණහලු ආශ්රිත රෝගාබාධ ඇතිවන්න පුළුවන්. ඉහළකින් පැන සිය දිවි හානි කරගත් අයකු නම් උත්පත්තියෙන් ම තුනටියේ ආබාධවලින් යුක්ත විය හැකියි. බෙහෙත් හේත්වලින් සුව කළ නොහැකි අස්ථි ආබාධවලට ලක්විය හැකියි. [B]දියේ ගිලී මළත් යළි උපදිනවා[/B] දියේ ගිලී මියගිය පසු යළි උපතක් නැතැයි සමාජයේ ඇතැමුන් විශ්වාස කරනවා. එහි ඇත්තක් නැහැ. පුනරුත්පත්තිය සම්බන්ධයෙන් කළ පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ ක්ෂණික මරණවලට ලක් වූ වැඩිදෙනාට පෙර ආත්මය කියන්නට තරම් මතක ශක්තියක් තිබුණු බවයි. අහඹු ලෙස මරණයට පත්වූවන් අතර ද මෙය දැකිය හැකි වුණා. පුද්ගලයා කෙලෙස් සියල්ල තමන් විසින්ම දුරු කරන තුරු ඔහුට නැවත නැවත උත්පත්තිය ලැබීමට ඇති හැකියාව වෙනස් කරන්නට කිසිම අයෙකුට හැකියාවක් ඇත්තේ නැහැ. එසේම කළ පින්කම් මිසක් උත්පත්තිය තීරණය වීමට වෙනත් කිසිම හේතුවක් මූලික නොවන බව සිහි තබා ගන්න. [B]වටින්නේ කරපු පින්කම්[/B] යම්කිසි පුද්ගලයකුට උපතක් නොලැබේ නම් බුදු දහම එය යහපත් දෙයක් ලෙස සලකනවා. ඒත් එම තත්ත්වයට පත්වන්න හැකියාව ඇත්තේ මහ රහතුන් වහන්සේට පමණයි. තමා කළ අකුසල විපාක දෙන්න නම් අනිවාර්යයෙන් ම නැවත උපතක් ලබන්න ම වෙනවා. සත්ත්වයා කෙලෙස් ප්‍රහීන කොට නිරූපධිශේෂ නිර්වාණයෙන් පිරිනිවන් පානා තුරු සංසාරයේ කොතනක හෝ උපත ලබනවා. සිය දිවි නසා ගත් අයකුට වුවත් නැවත ඉපිද රහත්වීම දක්වා වූ උත්තරීතර තත්ත්වයට පත්වීමේ හැකියාව ඇති බව ධර්මයේ දැක්වෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom