සිරකරුවොත් මනුස්සයෝ (ද ?)

obama2

Member
Apr 18, 2012
424
30
0
සිරකරුවොත් මනුස්සයෝ (ද ?)

සිරකරුවොත් මනුස්සයෝ (ද ?)

Posted on 10 November 2012.
මේ වන විටත් වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්ථා පළ වන්නේ පහත අයුරිනි.
වැලිකඩ බන්ධනාගාරය තුළ තිබී මළ සිරුරු 11 ක් සොයාගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පි.ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා පවසයි.
අද පෙරවරුවේ බන්ධනාගාරය තුළ කළ සෝදිසියේදී එම සිරුරු සොයාගත් බව ඔහු සඳහන් කළේය.
වැලිකඩ බන්ධනාගාරය පරීක්ෂා කිරීම මේ වනවිට විශේෂ කාර්ය බලකාය පොලිසිය හා යුධ හමුදාව එක්ව සිදු කරන අතර වෙඩි වැදී තැන තැන වැටී මරුමුවට පත් රැදවියන් 11කගේ මළ සිරුරුද හමුවී තිබේ.
මෙම ගැටුමෙන් මියගිය තවත් 16 දෙනෙකුගේ සිරුරු කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබේ.
ඒ අනුව මේ වනවිට සොයාගත් මළ සිරුරු ප්‍රමාණය 27කි.
මේ අතර, බන්ධනාගාර කැරැල්ල මධ්‍යයේ පැනගිය සිරකරුවන් හය දෙනකු නැවත භාරවී තිබේ.
බන්ධනාගාරයේ ආයුධ ගබඩාවෙන් ටී 56 අවි 68ක් පැහැරගෙන තිබෙන අතර ඉන් ඉතා සුලු ප්‍රමාණයක් හැරුනුකොට අනෙක් සියල්ල තවමත් සොයාගෙන නැත.ඒවා අතුරුදන්ය.
පැන ගිය තවත් පිරිසක් ද බන්ධනාගාර අවි ගබඩාව කඩා පැහැරගත් අවි ද සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකෙරේ
ඇතැම් පිරිස් මේ තත්ත්වය නිර්වචනය කරන්නේ සම්පූර්ණයෙන්ම වරද රැදවියන් පිට පවරමිනි. ෆේස් බුක් එකේ අප විසින් ඵල කළ ප්‍රවෘත්තියකට අදාලව සමහර අය කොමෙන්ට් කර තිබුනේ මෙලෙසිනි.

22 hours ago · Like


Indika Sandaruwan · 323 mutual friends
sakkili okkoma tika marenda thibune..>>> kalakanni..
22 hours ago · Like


Harsha Jeewan · 22 mutual friends
passe theri eyalatma. STF eken return eka deddi..
22 hours ago · Like


Shadeeka Nimesh Chandrasena · 181 mutual friends
unta ithn aniwama thawa thawath daduwama wedi wena 1ka thama wenne…yasa heththata
22 hours ago · Like


Haren Mapitigama කොටින්ට හෙලුවෙන්ම කඩේ යන නරින්ට මොකක් උනත් ඉතින් ආරක්ෂක අංශ පලිනේ!අනිත් උන ඔක්කොම උපාසකයෝ. හමුදාව පොලිසිය මිනීමරුවෝ!!
22 hours ago · Like · 3


Shanuka Kumara · 268 mutual friends
kalakanni policy
21 hours ago · Like


උදය කේ. සෙනරත් Shanuka Ubala wage kalakanni innakan me ratata hariyanne naha
21 hours ago · Like · 3


Charith Galhena · 20 mutual friends
we should put ourselves in the place of the prisoners. the question remains whether the prisoners who died are the ones who were actually armed. Were they convicts or remand prisoners. Even though in the todays context the rule is to be granting bail and the exception is not to the things work in the reverse. The prisoners are detained in the conditions inhumane in the most deteriorating conditions. the corruption inside the prisons should not simply be attributed to the prisoners but the authorities are largely to blame. so can an armed force simply walk into a prison and to have more than 10 lives be lost at the end of the day or are we to device new means of improving the living conditions of the people. what to be understood is that prisons are also a part of our society and prisoners are also a part of it. anybody who have set foot inside a sri lankan prison and who knows the harsh realities associated with it would understand what i mean. for those who look at it from the baseline without looking beyond the large wall that separates it from the rest of the world this incident would be just another incident where the war heros has illuminated 10 unwanted sons of this land.
21 hours ago · Like · 1


Separamadu Teron · 4 mutual friends
LTTE eka iwara karata vada vatinava menna me kalakanni tika iwara karanam.
20 hours ago · Like · 1


Nisal Dilusha · 8 mutual friends
Mu serama maranna oni
16 hours ago · Like


Priyantha Fonseka · 65 mutual friends
http://www.bbc.co.uk/sinhala/multimedia/2012/11/121109_welikada_prisoner.shtml
12 hours ago · Like


Ranga Manohara · 3 mutual friends
සිරකරුවොත් මනුස්සයෝ (ද ?) යනුවෙන් වැලිකඩ සිරගෙදර තාප්පයේ තිබුනට මෙවැනි සිදුවීම් නිසා නැවතත් මරණ දඩුවම ක්‍රියාත්මක කලයුතු කාලය එලබ ඇත. සමාජයේ දරුණු අපරාද කරනලද සිරකරුවන් මෙලෙස හැසිරෙන්නට ගත විට මිනිසුන්ට අපරාද මිනීමැරුම් කිරීම එතරම් දෙයක් නොවනු ඇත.
ඔවුන් සැමගේ පොදු අදහස වී ඇත්තේ දරුණු ගණයේ අපාරාධකරුවන් වන මේ අය පමණක් නොව ගැටුමට සම්බන්ධ සියලු දෙනා මරා දැමීම කළ යුතුව තිබුනු බවයි. මේ වන විටත් වාර්ථා වන අන්දමට පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් බන්ධනාගාරය තුළට ආයුධ සන්නද්ධව ඇතුලු වී ඇත්තේ අධිකරණ නියෝගයකින් තොරවය. සාමාන්‍යයෙන් මේ ආකාරයෙන් බන්ධනාගාර ගතව සිට මේ ගැටුම නිසා මිය ගිය රැදවියන් අතර මරණීය දණ්ඩනය නියම වූ රැදවියන්,ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වූ රැදවියන්, සහ සාමාන්‍ය සිර දඩුවම් විදි රැදවියන්ට අමතරව රිමාන්ඩ් සැකකරුවන් පිරිසක් ද වන බව වාර්ථාවේ රිමාන්ඩ් සිරකරුවන් යනු යම් වරදක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත වූවන්ය. අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13/05 ව්‍යවස්ථාවේ සදහන් වන්නේ ඕනෑම අයෙකු නිසි අධිකරණයක් විසින් පවත්වනු ලබන සාධාරණ නඩු විභාගයකදී වරදකරු යැයි ඔප්පු කරණු ලබන තෙක් ඔහු නිර්දෝෂියැයි පූර්ව නිගමනය කළ යුතු බවයි. අනෙක් අතට මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වූ අයෙකු වුවත් නිසි පටිපාටිය අනුගමනය කරමින් ඔහුට අදාල දඩුවම ක්‍රියාත්මක කරණු ලබන තෙක් ඔහුට ජීවත්වන්නට ඇති අයිතිය සුරක්ෂිත කිරීම රජයේ වගකීමයි.


මූලික වශයෙන්ම අප විසින් බන්ධනාගාර පවත්වා ගෙන යනු ලබන්නේ ඇයිද යන්න පිළිබදව පවා මේ වන විටත් බොහෝ අයට අවබෝධයක් නැති බව පැහැදිලිය. අධිකරණයක් විසින් වරදකරු යැයි නිගමනය කරණු ලැබූ තැන් පටන් අදාල රැදවියා සාමාන්‍ය සමාජයෙන් ඈත්කර බන්ධනාගාර ගත කරයි. එය එක් අතකින් නීතිය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ අවසන් අවස්ථාව වන නමුදු බන්ධනාගාර ගත වන පුද්ගයාගේ විපරීත ජීව්තයේ උපතයි. අධිකරණය විසින් යම් පුද්ගලයෙකු (මොනතරම් නම් දරුණු ඝණයේ අපරාධකරුවෙකු වුවත්) බන්ධනාගාර ගත කරන පළමු යුක්ති සහගත හේතුව වන්නේ එකී තැනැත්තා යළි සමාජ ගත කළ හැකි මට්ටමට පුනරුත්තාපනය කර යළි සමාජයට මුදා හැරීමයි. බොහෝ විට මේ නිසා බන්ධනාගාර වඩා දියුණු රටවල හදුන්වන්නේ චරිත ශෝධනාගාර වශයෙනි. මේ සිද්ධියට සම්බන්ධ ඇතැම් පුද්ගලයන් දරුණු ඝණයේ අපරාධකරුවන් බව ප්‍රසිද්ධියේ ඉහළ පොලිස් නිළධාරීන් විසින් ජන මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කරණු ලැබීය. ඔවුන් ඒ මගින් අනියමින් කියන්නට උත්සහා කළේ මෙවන් දරුණු ඝණයේ අපරාධකරුවන් මරා දමන්නට පිළිගත් නෛතික මූල ධර්ම අනුගමනය කිරීම අවශ්‍ය නොවන බවයි. මේ සම්බන්ධයෙන් සාමාන්‍ය සමාජය දක්වන්නේත් නිද්‍රාශීලි ප්‍රතිපත්තියකි. සාමාන්‍ය සමාජයේ ජීවත් වන බහුතරයක් අය හිතන්නේ බන්ධනාගාරයේ ඉන්නේ අමුතු සතුන් කොටසක් බවයි. තමන්ට කෙදිනකවත් මොනයම් හේතුවක් මත හෝ බන්ධනාගාර ගත වන්නට සිදු වනු ඇතැයි මේ අය සිතන්නේ නැත. අනෙක් අතට බන්ධනාගාර ගතව සිටින්නේත් තමන් වැනිම මිනිසුන් කොටසක් බව සිතන්නට බහුතරයක් දෙනා අකමැතිය. මේ නිසා බොහෝ අයට අනුව බන්ධනාගාරයේ සිටින්නේ දරුණු ඝණයේ අපරාධකරුවන්ය. උන් හිටියත් එකය. මරා දැමුවත් එකය. එම රැදවියන් සහ සමාජ අතර හිඩැසක් නිර්මාණය කර ඇත.


ලංකාවේ බහුතරයක් අය සිතන්නේ යථාර්ථය ඇත්තේ තමන්ගෙන් බාහිරව බවයි. යථාර්ථය යනු තමන්ගෙන්ම එළියට පරාරෝපනය වූ දෙයක් බව මේ අය සිතන්නට අකමැතිය. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් සහෝදරයා යනු බොහෝ කලක් බන්ධනාගාරගතව සිට නිදහස ලැබූ අයෙකි. ඔහු දිනපතාම අධිරාජ්‍යවාදය විසින් මේ රට විනාශ වන බවට ගිරිය පුප්පාගෙන කෑ ගසයි. නමුත් කළක් තමන් පවා අන්ත දුක් විදි බන්ධනාගාර පද්ධතිය මිනිසුන්ට ජීවත් විය හැකි චර්තශෝධනාගර බවට පරිවර්තනය කරන්නට සටන් කරන්නට මේ අයට අවශ්‍ය නැත. සමහර වාමාංශිකයන් හිතන්නේ එක් රැයකින් විප්ලවය කර මුලු රටම සමාජවාදය කරා රැගෙන ගිය සැනින් මේ සියලු ප්‍රශ්ණ ක්ෂණිකයෙන් ඉබේම විසදෙනු ඇති බවයි. මේ නිසා සමහරුන්ට විප්ලවය මිස සිරකරුවන් වැදගත් වන්නේ නැත. මේ මෙහොතේ ටිල්වින් සහෝදරයා කල්පනා කරමින් සිටින්නේ මේ ආකාරයෙනි.
මීට වසර ගණනකට පෙර සෙලින්කෝ සමූහ ව්‍යපාරයේ අධ්පති ලලිත් කොතලාවල මහතා සිය 69 වන ජන්ම දිනය වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් සතුටු කරමින් සමරන්නට තීරණය කළා. විශාල මුදලක් වියදම් කරමින් සිය උපන්දින සාදය වැලිකඩ බන්ධනාගාරයේ දී සැමරූ කොතලාවල මහතා සිහිනෙකින් වත් එදින තමන්ට එම බන්ධනාගාරයේ දීර්ඝ කාලීනව ඉන්නට වෙතැයි සිතන්නට නැතිව ඇති. මෙහිදී බන්ධනාගාර රෝහල යළි ප්‍රතිසංස්කරණය කර දෙන්නටත් ඔහු අමතක කලේ නැහැ.


කාලය අවෑමෙන් ඔහුට සිය ඊළග ජන්ම දිනය වැලිකඩ බන්ධනාගාරය තුළම සමරන්නට අවස්ථාව ලැබුනා. නමුත් ඔහු ඒ වන විටත් එම බන්ධනාගාරයේ තවත් එක් රැදවියක් පමණක් බවට පත්ව සිටියා. අප ජීවත් වන්නේ ධනවාදී සමාජය බවත් මෙවැනි සමාජයක වෙළෙද පොළ තර්කනය තුළ මනුෂ්‍යත්වය යනු තවත් එක් පරිභෝජන භාණ්ඩයක් පමණ් බව ඒ මහතා පසුව දැන ගන්නට ඇති.


සියලුම රැදවියන් මරා දමන්නට යැයි ඉල්ලා සිටින කාලකන්නින් මේ යථාර්ථය කෙලෙස අවබෝධ කර
ගනු ඇතිද?


අපට අසන්නට ඇති ඇත්ත ප්‍රශ්ණය මේ ආකාරයෙන් හදිසියේම අධිකරණ නියෝගයකින් තොරව බන්ධනාගාරය තුළට පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් ඇතුලු වූයේ ඇයි?. මෙම ප්‍රහාරයෙන් මිය ගිය රැදවියන් 27 දෙනා ගේ ජීවිත සම්බන්ධ වගකීම බාර ගන්නේ කවුද? මෙම ප්‍රහාරයට සමබන්ධ බවට දැනටමත් හදුනා ගෙන ඇති ඉතිරි රැදවියන්ගේ ජීවිත ආරක්ෂාව සහතික කරන්නේ කවුද? මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරියේ දී ගන්නට නියමිත නෛතික ප්‍රතිපාදන කවරේද?


ඉහත ප්‍රශ්ණ වලට පිළිතුරු ලබා ගැනීම පරමාධිපත්‍ය හිමි ජනතාව වශයෙන් මෙරට පුරවැසියන් සතු අයිතිවාසිකමකි. එය විශ්ව ව්‍යප්ත මානව හිමිකම් පිළිබද පූර්ණ අයිතියකි. ලංකාවේ මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී කුමන ක්‍රියාමාර්ග අනුගමනය කරණු ඇතිද යන්න දැනට කිව හැක්කේ අප සිතන ආකාරයට සර්ව බළධාරී දෙවියන් වහන්සේට පමණි.
මීට වසර කිහිපයක පමණ පෙර නොර්වේ රටේ බ්‍රෙවික් නම් තරුණයෙකු වෙඩි තබමින් බෝම්බ පුපුරුවමින් නිරායුධ සිවිල් වැසියන් 70වකට ආසන්න ප්‍රමාණයක් ඝානය කරණු ලැබු අතර තවත් පිරිසක් සදාකාලික ආබාධිතයන් බවට පත් කලේය. අවසානයේ එරට අධිකරණයක් විසින් ඔහුට විරුද්ධව සාධාරණ නඩු විභාගයක් පවත්වා. ඔහු වරදකරු කරමින් ඔහුට විසි අවුරුද්දක සිර දඩුවම් නියම කලේය. දැනට ඔහු එම රටේ ඉලා නම් බන්ධනාගාරයේ රැදවියෙකු වශයෙන් සිය දඩුවම් කාලය ගත කරමින් සිටියි. මේ සම්බන්ධයෙන් එරට ඇතැම් පුරවැසියන් ඔහුට දුන් දඩුවම මදි බව ප්‍රකාශ කළත් එරට රජට පවසා සිටින්නේ සිය රටේ නීතිය අනුව ඔහුට උපරිම දඩුවම් නීත්‍යයානු කූලව පිරිනමා ඇති බැවින් නීතියට අභියෝග කරන්නට ජනතාවට හැකියාවක් නැති බවයි. අනෙක් අතට සිරකරුවෙකු වශයෙන් එම පුද්ගලයා රැකබලා ගැනීමත් රජයේ වගකීමක් බවයි. රජයට අපරාධකරුවන් සහ සමාන්‍ය මිනිසුන් කියා වෙනසක් නැත. රජයේ වගකීම සියලු පුරවැසියන් ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමයි. ඒ අනුව දරුණු ඝණයේ අපරාධකරුවන්ට ඕනෑම දඩුවමක් දුන්නාට කම් නැත යන කාරණය කුහක සදාචාරය හා සම්බන්ධ කාරණයක් මිස යුක්තිය පසිඳලීමට අදාල වන කාරණාවක් නොවේ. මෑතකදී බ්‍රෙවික් විසින් බන්ධනාගාරය තුළ තමන්ට පිරිනමා ඇති පහසුකම් මද බව කියමින් බන්ධනාගාර නිළධාරීන්ට තමන්නට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න යැයි ලිඛිත ඉල්ලීමක් කර තිබේ. මේ වන විටත් ඔහු ජිවත් වන බන්ධනාගාරය පළිබද වැඩි දුර විස්තර දැන ගන්නට පහත සබැදියාවෙන් යන්න.


අප රට ලෝකයෙන් උතුම්ම රට වන විට නොර්වේ රට ලෝකයේ පහත්ම රට වන්නේ ඇයි? උත්තරය සරළය. අපේ රටේ බන්ධනාගාර තාප්පයේ ලොකු අකුරින් සිරකරුවන් මනුෂ්‍යයෝය යැයි ලියා තිබේ. නොවේ රටේ කිසිදු බන්ධනාගාරයක තාප්පයක සිරකරුවන් මනුෂ්‍යයන් වන බව ලියා නැත.


ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,

 
  • Like
Reactions: TNHM

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,:dull::dull: කොහෙද බන් මේක තියෙන්නේ ??? අංගොඩ හරි මුල්ලේරියාව හරි කිට්ටුවද ????:baffled::baffled:
     
    • Like
    Reactions: TNHM

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    nc1tgo.png
     
    • Like
    Reactions: TNHM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,:dull::dull: කොහෙද බන් මේක තියෙන්නේ ??? අංගොඩ හරි මුල්ලේරියාව හරි කිට්ටුවද ????:baffled::baffled:
    මාත් හිතන්නෙ ඒ හරියෙ තමයි ඇත්තෙ :lol::lol::yes::yes::yes:දෙමළෙ කොටියෙක් නායකය කරගෙන දගලන ගොබිලෝ රැලක් ඉන්නෙ ඕකේ :baffled::baffled::lol:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    තොට...මට... දෙන්ට... බැට.....:angry::angry::angry:

    උඩ ගිහින් බැලුව මොකක්ද මේ අලුත් සීන් එක කියල...
    බලද්දි හෙන පරණ කේස් එකක් මේක බම්ප් කරල...

    eka patta thread eka bn ekai
     
    • Like
    Reactions: PHBhagya