සිරාගේ තීන්දුව අදිකරනය අත් හි‍ටුවයි

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
සිරාගේ තීන්දුව අදිකරනය අත් හි‍ටුවයි

සිරාගේ තීන්දුව අදිකරනය අත් හි‍ටුවයි
පාර්ලිමේන්තුව විසුරවූ ජනාධිපතිගේ නියෝගය අත්හිටුවයි.. අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරේ..
November 13, 2018 at 6:10 pm | lanka C news
පාර්ලිමේන්තුව විසුරවූ ජනාධිපතිගේ නියෝගය අත්හිටුවයි.. අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරේ..
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමට ජනපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය දෙසැම්බර් මස 19 දින දක්වා අත් හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. එමෙන්ම ඒ පිළිබඳව ඉදිරිපත් පෙත්සම් විභාගයට ගැනීමටද තීන්දු කර තිබේ.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවීම සදහා නිකුත් කර තිබූ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොනු කර තිබූ පෙත්සම් 12ක් සලකා බලමින් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කලේය.

ඊයේ හා අද දෙදින පුරා මෙම පෙත්සම් විභාගය සිදුකරනු ලැබුවේ අගවිනිසුරු ප‍්‍රමුඛ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි.
 
Last edited:

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ගොරකයෝ බයියො කෝ බං??

tenor.gif
 

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අද දිනයේ අධිකරණ තීන්දුව අනුව මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් ඇති වන්නේ නම් ජනාධිපතිවරයා විසින් ජනමත විචාරණයක් කැදවනු ඇති බව ඔහුට සමීප දේශපාලන විචාරකයන් අදහස් පල කර ඇත.

    ඒ අනුව මහ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ජනතා මතය අනුව මසක පමණ කාලයක් තුලදී මහ මැතිවරණයක් කැදවීමට අවස්ථාව ලැබෙනු ඇත.

    ඒ අනුව අද අධිකරන තීන්දුව මත විය හැකි එකම දෙය මහ මැතිවරණය දින 40-50කින් පමා වීම පමණක් යයිද ඔවුන් මත පල කරයි.
     

    Similar threads