සිරානි අගවිනිසුරු නිල නිවස අතහරී

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සිරානි අගවිනිසුරු නිල නිවස අතහරී

    shi-end.png


    ධුරයෙන් ඉවත් කළ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි අගවිනිසුරු නිල නිවසෙන් බඩු බාහිරාදිය ඉවත් කර ගෙන තිබේ.
    ඒ අනුව අගවිනිසුරු නිල නිවසේ තිබු භාණ්ඩ ලිපි ලේඛනවලට අතුළත් කොට භාර ගැනීම සඳහා අධිකරණ නිලධාරියක අගවිනිසුරු නිල නිවසට ගොස් ඇත.
    ශිරාණි බණ්ඩාරනායක මහත්මිය මේ වනවිට නිල නිවසේ නිල නිවසේ වූ සියලුම පුද්ගලික බඩු බාහිරාදිය කොළඹල රෝයල් පාර්ක්හි පිහිටි ස්වකීය පෞද්ගලික නිවස කරා රැගෙන ගොස් තිබේ.
    මේ අතර හිටපු අග විනිසුරුවරිය ඇතුළු ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් හමුවේ අද විභාගයට ගැනීමට නියමිතව තිබූ නඩු 11ක් කල්තබා ඇත.


    logo.png
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,256
    12,289
    113
    Ohio, USA
    මම ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ හතළිස් තුන්වන අග‍්‍රවිනිශ්චයකාරවරිය වෙමි. අග‍්‍රවිනිශ්චයකාරවරිය වශයෙන් මේ රටේ විනිශ්චයකාරවරුන්, නීතිඥයන් සහ පුරවැසියන් උදෙසා වූ නොසැලෙන වගකීමක් මා වෙත තිබේ.මා අද ඔබ ඉදිරියේ නැගී සිටින්නේ අසාධාරණ ලෙස පීඩනයට, අපවාදයට හා හෙළාදැකීමට පත්කරනු ලබමිනි. පසුගිය සති කිහිපය තුළ මා වෙත දක්වන ලද සැලකීම්, ජනරජයෙහි අග‍්‍රවිනිශ්චයකාරවරිය තබා සාමාන්‍ය පුරවැසියකුවත් නොලැබිය යුතු තරම් වේදනාකාරී ඒවාය. අවුරුදු පනස් හතරක මගේ ජීවිත කාලයෙන් අවුරුදු තිස් දෙකක් අඛණ්ඩව කොළඹ විශ්වවිද්‍යාලය හා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මම මගේ මව්බිම වෙනුවෙන් සේවය කර ඇත්තෙමි. අවාසනාවකට ඒ වෙනුවෙන් මට ලැබුණු තෑග්ග නම් මේ අයුක්තිසහගත සැලකිල්ලයි.

    පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් චෝදනාවන්ට ලක්කොට අසාධාරණ හා අත්තනෝමතික ලෙස වරදකාරිය කරනු ලැබූවද, නීතිය ඉදිරියේ මම නිවැරදිකාරිය කරනු ලැබ ඇත්තෙමි. එම තීරණයන්, මට අඛණ්ඩව මගපෙන්වන හා මාද බලවත් ලෙස විශ්වාස කරන ස්වාභාවික යුක්තියේ මූලධර්ම හා නීතියේ නිසි ක‍්‍රියාදාමය අනුගමනය කරමින් එම උපරිමාධිකරණ විසින් ලබාදුන් ඒවා වීම මට මහත් අස්වැසිල්ලක් ගෙනදෙයි. ගරු කථානායකවරයාද පිළිගත් පරිදි, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ඇති එකම සහ අනන්‍ය බලය සහිත අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය, පසුගියදා ලබා දුන් අර්ථනිරූපණය මගින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවත් එහි ක‍්‍රියාපිළිවෙලත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විරෝධී හා නීති විරෝධී බවට පැහැදිලිව ප‍්‍රකාශ කළේය. ඊට අමතරව, අභියාචනාධිකරණය විසින් විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවෙහි තීරණය රිට් ආඥාවක් මගින් අවලංගු කරන ලදි. ඒ අනුව, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ තීරණය නීතියට පිටින් ගිය, ශුන්‍ය හා බලරහිත එකකි. ඊට නීතිය ඉදිරියේ කිසිදු බලයක් හෝ වලංගුභාවයක් හෝ නැත. පාර්ලිමේන්තුව විසින් යොදාගන්නා ලද ක‍්‍රියාදාමයද බෙහෙවින් දෝෂ සහගතය.

    මේ කරුණු මත, නීතියේ ආධිපත්‍යය මූලික පදනම වූ සහ මූලික නිදහස පවතින, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස හඳුන්වනු ලබන මාගේ රටෙහි තවමත් නිසි ලෙස පත්කරන ලද නීත්‍යනුකූල අග‍්‍රවිනිශ්චයකාරවරිය මම වෙමි.

    මේ ක‍්‍රියාදාමය තුළ අග‍්‍රවිනිශ්චයකාර ධුරය පමණක් නොව අධිකරණයේ ස්වාධීනත්වයද බලහත්කාරයෙන් පැහැරගෙන තිබේ. නීතියේ පාලනය, නීතිය අනුගමනය කිරීම හා ස්වාභාවික යුක්තියේ මූලධර්ම යන සංකල්පයන් පිටමංකර ඇතිවා පමණක් නොව කෲර ලෙස විකෘති කොට තිබේ. මා පීඩාවට පත්කොට ඇත්තේ ස්වාධීන අධිකරණයක් වෙනුවෙන් සහ, අනිසි බලපෑම්වලට එරෙහිව මා පෙනීසිටි නිසාය. ජනතාව උත්තරීතර වන හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා නීතියේ පාලනය පිළිගන්නා ජනරජයක නීතියේ ආධිපත්‍යය පැවතුණේ නම් මෙවැනි අසාධාරණ ලෙස මා දඬුවම් නොලබනු ඇත.
    මට විරුද්ධව නගා ඇති චෝදනා මුළුමනින්ම අසත්‍යය. සියලූ චෝදනාවන්ට මා සම්පූර්ණයෙන්ම නිවැරදිකාරිය වන අතර, එකී චෝදනාවල සත්‍යයේ අංශුමාත‍්‍රයක් හෝ පැවතුණේ නම් අග‍්‍රවිනිශ්චයකාර ධුරයෙහි, මෙම උත්තරීතර තනතුරෙහි මා මොහොතක් වත් රැඳීසිටින්නේ නැත. අග‍්‍රවිනිශ්චයකාරවරිය හැටියටත්, පුරවැසියකු සහ කාන්තාවක හැටියටත් ඔබ ඉදිරියෙහි නැගීසිටින්නට මට හැකිවී තිබෙන්නේ මගේ නිවැරදිභාවය නිසාය.
    තවදුරටත් නිල නිවසෙහි හෝ නිල මැදිරියෙහි හෝ මා රැඳීසිටියහොත් ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවන් සිදුවීමට බෙහෙවින් ඉඩ ඇති බැවින්, නිල මැදිරියෙන් හා නිල නිවසෙන් ඉවත්වීමට තීරණය කළෙමි. රටේ අහිංසක ජනතාව, විනිසුරුවරුන් කනිෂ්ඨ නීතිඥවරුන් සහ මීට කැපවුණු පුද්ගලයන් වෙත ප‍්‍රචණ්ඩත්වය එල්ලවීම වැළැක්වීම එහි අරමුණයි.
    මාගේ අවුරුදු දහසයක ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ජීවිතය මා කැපකර තිබෙන්නේ මේ රටේ, මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකිරීම සඳහාය. මගේ උපරිම හැකියාවෙන් මිනිසුන්ගේ ජීවිත හා මිනිසුන්ගේ නිදහස, දරුවන්ගේ නිදහස, දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම මගේ අවංක වගකීම ලෙස මම හැමවිටම සැලකුවෙමි. එමෙන්ම මම ඒ උදෙසා කටයුතු කළෙමි.
    අධිකරණයේ ස්වාධීනත්වය යන ශ්‍රේෂ්ඨ පරමාර්ථය වෙනුවෙන් මා සමග කටයුතු කළ සියලූම දෙනාට
    මම ස්තුතිවන්ත වෙමි. මට මේ මොහොතේ සාධාරණයක් ඉටුනොවූවත් ස්වභාවධර්මයත් කාලයත් මට යම් දිනයක සාධාරණය ඉටුකරනු ඇත.
    බොහෝදෙනා පැමිණෙති. බොහෝදෙනා නික්ම යති. තනතුරෙහි රැඳීසිටින පුද්ගලයා කවර අවස්ථාවකවත් වැදගත් නොවේ. වැදගත් වන්නේ අධිකරණයෙහි ස්වාධීනත්වයේ අඛණ්ඩ පැවැත්මයි.

    ස්තුතියි
    ආචාර්ය ශිරාණි ඒ. බණ්ඩාරනායක
    ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ හතළිස් තුන්වන අග‍්‍රවිනිශ්චයකාරවරිය.

    Code:
    http://lankanewsweb.com/sinhala/index.php?option=com_content&view=article&id=3081:2013-01-15-12-36-57&catid=1:general&Itemid=53

    :nerd:
     

    Similar threads