මේක උපුටා ගත්තේ මේකෙන් w3lankaDOTcom
දේශපාලන අන්තවාදී නොවී බලනවානම් ....
මේ ලියපු දේවල් නම් මේ රටේ හිටපු හැම නායකයන්ටම අදාලයි !
සිරා කෝච්චියේ ගිය වගයි
ලොක්කො උඹ කවදද
මෙහේ කෝච්චියක යන්නේ
අඟුරු කකා - වතුර බිබී
කොළඹ දුවන
නියම යකඩ යකා
උදේ හතට
කලුතරින් කොළඹ එන
මීගමුව කෝච්චියෙ එනව ද
වාඩි වෙල යන්න නම්
දුවපන් බඩු ගබඩාව පැත්තට
පණ කඩාගෙන
ප්ලැට්ෆෝම් එකට එනවිට
සීට් නැති වෙයි නැතිනම්
යමුද හික්කඩුවෙ
නැතිනම් සමුද්‍රේ
එල්ලිලා කොක්කේ
හිර වෙලා පෙට්ටියේ
තද වෙලා සැප කණේ
දාඩිය ගඳ, පඩ ගඳ, කට ගඳ
වැඩ කරන ජනයාගෙ ජීවන සුවඳ
ඔක්සිජන් විතරයි හිඟ
බහිමුද මහ ලේකම් එකෙන්
පඩ්ඩපු හොරි ගෙඩියකින්
කුණු සැරව විදින්නා සේ
දුවමු කන්තෝරුවට
ඉසිඹුවක් ගන්නට
ආයෙමත් හවසට
නගිනකල් මස් කරත්තෙට
මසට දක්කන හරකුන්ටත්
ලොරියේ නීතියක් ඇත
ලොක්කො උඹ කියපං
කෝච්චියෙ මිනිහෙකුට
කොච්චර ඉඩක් අයිති ද?
දේශපාලන අන්තවාදී නොවී බලනවානම් ....
මේ ලියපු දේවල් නම් මේ රටේ හිටපු හැම නායකයන්ටම අදාලයි !
සිරා කෝච්චියේ ගිය වගයි
ලොක්කො උඹ කවදද
මෙහේ කෝච්චියක යන්නේ
අඟුරු කකා - වතුර බිබී
කොළඹ දුවන
නියම යකඩ යකා
උදේ හතට
කලුතරින් කොළඹ එන
මීගමුව කෝච්චියෙ එනව ද
වාඩි වෙල යන්න නම්
දුවපන් බඩු ගබඩාව පැත්තට
පණ කඩාගෙන
ප්ලැට්ෆෝම් එකට එනවිට
සීට් නැති වෙයි නැතිනම්
යමුද හික්කඩුවෙ
නැතිනම් සමුද්‍රේ
එල්ලිලා කොක්කේ
හිර වෙලා පෙට්ටියේ
තද වෙලා සැප කණේ
දාඩිය ගඳ, පඩ ගඳ, කට ගඳ
වැඩ කරන ජනයාගෙ ජීවන සුවඳ
ඔක්සිජන් විතරයි හිඟ
බහිමුද මහ ලේකම් එකෙන්
පඩ්ඩපු හොරි ගෙඩියකින්
කුණු සැරව විදින්නා සේ
දුවමු කන්තෝරුවට
ඉසිඹුවක් ගන්නට
ආයෙමත් හවසට
නගිනකල් මස් කරත්තෙට
මසට දක්කන හරකුන්ටත්
ලොරියේ නීතියක් ඇත
ලොක්කො උඹ කියපං
කෝච්චියෙ මිනිහෙකුට
කොච්චර ඉඩක් අයිති ද?
Last edited:


