සිරිලක ඉතිහාසයෙන් - පනස් හතේ ගංවතුර

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,077
    198,544
    113
    Colombo, Sri Lanka

    1957 මහ ගං වතුර


    1947 මහ ගංවතුරෙන් ද බස්නාහිර පළාත සහ කඳුරට ඇතුළු විශාල පෙදෙසකට හානි සිදුවුණා. කැලණි, කළු ගංගා උතුරා ගොස් ගම්බිම්, නගර යටවුණා. නමුත් 1957 මහ ගංවතුර මුළු රටටටම බලපෑවා. උතුරේ වගේම දකුණෙත් රජරටත් විශාල විනාශයක් සිදුවුණා. අදත් රජරට වැසියන් මේ ගැන කතා කරනවා. සුනාමි ව්‍යසනය සිදුවන තුරුම පනස් හතේ ගංවතුරේ මතකය ලාංකීය ජනතාව සතු භංකාරම ස්වාභාවික ව්‍යසනයේ මතකය බවට පත්ව තිබුණා


    QSXREE1.jpg

    ගම්පොළ පාලම වැනසූ 1947 ගංවතුර – facebook



    ඒ එක්දාස් නවසිය පනස් හතේ දෙසැම්බර් මාසය යි. වැස්ස දෙසැම්බර් මුල පටන්ම තිබුණා. දෙසැම්බරයට කොහොමත් වහින නිසා කවුරුත් මුල දී ගණන් ගත්තේ නැහැ. මෙම කාලගුණ විපර්යාසයට හේතුව බෙංගාල බොක්කේ නිර්මාණය වුණු වාසුළියක් බව කියැවුණා. එය ලංකාවේ නැගෙනහිර වෙරළින් රට තුළට ඇතුළු වී තිබුණා. අද වගේ ආපදා කළමනාකරණ ඇමැතිවරු එදා හිටියේ නැහැ. සන්නිවේදන මාර්ග දියුණුව තිබුණෙත් නැහැ.



    CxNabWl.jpg

    ගංවතුරෙන් පාලම් කැඩීයාමෙන් අතරමං වූ කන්තලේ සීනි සමාගම අවට ජනතාව- alarmy.com


    නැගෙනහිරත් රජරටත් කල්පාන්ත වරුසාවට ගොදුරු වූවා මෙන් ගම්මාන පිටින් යටවී විශාල ජලාශ ලෙස දිස්වන්නට වුණා. ඒ කාලෙ පුවත්පත්වල සඳහන් වුණේ ගෙවුණු අවුරුදු 500කින් මෙපිට ශ්‍රී ලංකාවේ සිදුවූ විශාලතම ස්වාභාවික විපත එය ලෙස යි.


    81LYgu3.jpg

    පොලිසිය ජනතාවට සහන සලසමින් – sundayobserver.com

    ඒ එක්දාස් නවසිය පනස් හතේ දෙසැම්බර් මාසය යි. වැස්ස දෙසැම්බර් මුල පටන්ම තිබුණා. දෙසැම්බරයට කොහොමත් වහින නිසා කවුරුත් මුල දී ගණන් ගත්තේ නැහැ. මෙම කාලගුණ විපර්යාසයට හේතුව බෙංගාල බොක්කේ නිර්මාණය වුණු වාසුළියක් බව කියැවුණා. එය ලංකාවේ නැගෙනහිර වෙරළින් රට තුළට ඇතුළු වී තිබුණා. අද වගේ ආපදා කළමනාකරණ ඇමැතිවරු එදා හිටියේ නැහැ. සන්නිවේදන මාර්ග දියුණුව තිබුණෙත් නැහැ. නැගෙනහිරත් රජරටත් කල්පාන්ත වරුසාවට ගොදුරු වූවා මෙන් ගම්මාන පිටින් යටවී විශාල ජලාශ ලෙස දිස්වන්නට වුණා. ඒ කාලෙ පුවත්පත්වල සඳහන් වුණේ ගෙවුණු අවුරුදු 500කින් මෙපිට ශ්‍රී ලංකාවේ සිදුවූ විශාලතම ස්වාභාවික විපත එය ලෙස යි.



    Ur3apz8.jpg

    ගංවතුරෙන් හානියට පත් කලාවැව- ioes18.wildaprocot.org


    වාර්තාවලට අනුව කුඹුරු අක්‌කර ලක්‍ෂ 8ක් පමණ ගංවතුරට බිලිවී විනාශ වී තිබුණා. පළමු දින කිහිපයේ පමණක් මරණ සංඛ්‍යාව 200කට වඩා වැඩි වූ බව පැවසුණා. උදම් වූ රළ ගෙඩි නැගෙනහිරෙන් මුහුදුබඩ පළාත් ආක්‍රමණය කර තිබුණා. විශාල සුලි සුළං නිසා ගෙවල් පමණක් නොව වසර සිය ගණනක් පැරණි මහා ගස් ද බිමහෙළා රජරට එකම යුද පිටියක් බවට පත්කර තිබුණා. අනුරාධපුර, පොළොන්නරු ප්‍රදේශයේ අලි ඇත්තු පවා ගංවතුරට හසුවූ බව වාර්තාවල කියැවුණා.



    n73Ey4k.jpg

    ගංවතුරෙන් පුද්ගලයකු බේරාගනිමින්-cnn.com


    අනුරාධපුරය නගරයේ පනස් හතේ ගංවතුර පිළිබඳ මතකය ඉතුරුකර තිබෙන සලකුණු කිහිපයක් අද ද දකින්නට ලැබෙනවා. එදා ඒ ගැලු මහා ගංවතුරේ තරම කියාපාන සලකුණු, අදටත් අනුරාධපුර පොදු වෙළෙඳ සංකීර්ණය (මාර්කට්‌ එක) අසලින් ජය ශ්‍රී මහා බෝධියට පිවිසෙන මාර්ගයේ ගමන් කරන විට, සිංහ කණුව අසල දකුණු අත පැත්තේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දෙමහල් නිල නිවසේ සලකුණු කර ඇති අයුරු දකින්න පුළුවන්.


    UMlNf8g.jpg

    අවිස්සාවේල්ල නගරය යටවී ඇති අයුරු – facebook


    අනුරාධපුර පූජා නගරය හා නව නගරය ඇතුළු ඒ අවට ප්‍රදේශ ගණනාවක්‌ මහා ජල කඳකින් යට වුණා. නාච්චාදූව වැවේ බැම්ම කෙළවරකින් කැඩී යාමෙන් අනුරාධපුර පුජා භූමිය හා නව නගරය ඇතුළු අවට ප්‍රදේශ ගණනාවක්‌ ජලයෙන් යටවූ බව පැවසෙනවා. මෙම ජලාශය ප්‍රතිසංස්කරණය කර, 1958 දී ඒ වැඩ නිමාවට පත් කළා.


    iBjwGZW.jpg


    ධාරානිපාත වර්ෂාවෙන් කලාවැව, රාජාංගණය, නාච්චාදූව, පදවිය, නුවරවැව, මහකනදරාව, ඒරුවැව, මානන්කට්‌ටිය, තිසාවැව, මහවිලච්චිය හා හුරුළුවැව ඇතුළු මහ වැව් දෙදහසකට අධික වූ සුළු හා මධ්‍ය පරිමාණයේ වැව් මෙන්ම ඉපැරණි යෝධ ඇළ, මල්වතුඔය, කලාඔය හා යාන්ඔය ද උතුරා ගියේ මිනිසුන් මෙන්ම වනසතුන්ට ද මහා විනාශයක් අත්කර දෙමින්.


    නැගෙනහිර පළාත

    නැගෙනහිර පළාත පිළිබඳ සැලකීමේ දී මන්නාරම, මඩකලපුව මුතූර් වැනි නගර මෙම මෙම ව්‍යසනයේ ගොදුරු බවට පත් වී තිබුණා. ඉමක් කොණක් නොපෙනෙන මහ සාගරයක්‌ ලෙසින් මෙම නැගෙනහිර ගම්බිම් දිස් වූ බව සඳහන් වෙනවා. මුත්තූර් නගරය සොහොනක්‌ සේ වූයෙන් මිනිස්‌සු බොහෝදෙනා එය අතඇර ගිය බව පැවසෙනවා. උතුරු නැගෙනහිර දෙපළාත ගංවතුර හැරුණු විට සුළි සුළඟින් ස හානියට පත් වුණා.


    CIHIKk3.jpg


    අම්පාර ඉඟිණියාගල සේනානායක සමුද්‍රයේ පිටවානෙන් අඩි 07ක්‌ උසට මහා ජල කඳ ගලන්නට වුණා. අක්‌කර අඩි 770,000ක ධාරිතාවක්‌ රඳවා ගත හැකි වැව් බැම්ම මුදුනට අඩි 3 ක්‌ ඉතිරි වන්නට සියල්ලම ජලයෙන් යටව තිබුණා. කෙත්වතු හරකාබාන විශාල වශයෙන් වැනසී ගියා. අහිමි වූ ජීවිත ගැන සංඛ්‍යාලේඛන පවා නැහැ.




    nWQgcCV.jpg

    හානියට පත් නිවසක් -floodlist.com

    වයඹ පළාතටත් වැස්සේ හානිය තදින් දැනුනා. දැදුරුඹය උතුරා විශාල ප්‍රදේශයක් යටවුණා. කුරුණෑගල, ඇතාගල කන්දත් නාය ගොස් තිබුණා. ඉන් මරණ රැසක් වාර්තා වුණා. රිදීගමට නුදුරු රම්බොඩගල්ලේ කන්දක්‌ නායයාමට ගොදුරු වුණා. ජීවිතයට හානි මෙන්ම නිවාස හානිද රැසක් වාර්තා වී තිබුණා.



    rkEi2it.jpg

    කැඩී ගිය වැවක්- sundayobserver.com

    ගංවතුර රට වනසන විට අගමැති බණ්ඩාරනායක බලයට පත්වී අවුරුද්ද යි. මේ විපත ඔහුට දැඩිව දැනුණා. ඔහු ආරක්ෂක අංශවලත් සහයෝගයෙන් විපත කළමනාකරණය කරගන්නට උත්සාහ දැරුවා. රේඩියෝ සිලෝන් එකෙන් ජාතිය අගමැතිවරයා ජනතාව දැනුවත් කළා. ඉන්දියාවෙන් ද ආධාර උපකාර මෙරටට ලබාදුන්නා. අහසින් ආධාර දැමිය හැකි ගුවන් යානා ඉන්දියාවෙන් එවා තිබුණා. වෛද්‍යවරුන් ද ලංකාවට එවීමට ඉන්දියාව කටයුතු කළා.



    5jCxcwV.jpg


    අගමැතිවරයාගේ නියමය පරිදි විශේෂ කොමසාරිස්‌වරයකු යටතට ආධාර බෙදීමේ වගකීම බාරවුණා. කොළඹ කොඩිගහ වීදියේ රාජකීය නාවික හමුදා කඳවුරේ දී මෙම ආධාර බාරගැනීම සිදුවුණා. ඒවා විපතට පත් ප්‍රදේශවලට බෙදාදීම කළේ එවකට ප්‍රබලව පැවති ග්‍රාම සංවර්ධන සමිති හරහා සහ කාන්තා සමිති හරහා යි. අනාථ පිරිස් රැඳී සිටි ස්ථානවලට සමිති මඟින් ආධාර බෙදාදීම සිදුකළා.




    ආශ්‍රිත මූලාශ්‍රයයන් -
    දිවයින, සිළුමිණ ඇතුළු පුවත්පත් වාර්තා
    රෝර්මිඩියා
    චායාරුප අන්තර්ජාලයෙනි
    Blogger Kusumsiri Wijewardhana
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,544
    113
    Colombo, Sri Lanka
    මෙන්න ඔකේ වීඩියෝ එකක් වෙන්න ඕන බන්. 1958කියල තියෙන්නේ හැබැයි.








    මෙන්න මේකේ තව වීඩියෝ එකක් තියනව බලපන්.
    https://www.britishpathe.com/asset/243919/

    මේක ගොඩක් වටිනවා කලේ අය්යේ, තැන්ක්ස්.... :love2: (y)
     

    Similar threads