සිරිසෙනගෙ ඩොලර් කොටි16
රත්මලානේ නිවසක තිබියදී සොයා ගත් රුපියල් කෝටි 16ක
විදේශ මුදල් තොගය තම බාප්පාට ලබා දුන්නේ නව
ප්රජාතන්ත්රවාදී පෙරමුණේ නායක මෛත්රීපාල සිරිසේන
මහතා විසින් බව ධම්මික බණ්ඩාර ඉලංගසිංහ
මහතා ගල්කිස්ස මහෙස්ත්රාත්වරයා ඉදිරියේ හෙළිදරව් කර
ඇත.
ධම්මික බණ්ඩාර ඉලංගසිංහ මෛත්රීපාල සිරිසේන
මහතාගේ පුත් දහම්
සිරිසේනගේ පෙම්වතියගේ පියාගේ වැඩිමහල්
සහෝදරයාගේ පුත්රයාය. ඔහු ඉහත කී හෙළිදරව්ව
රහස් පොලිසියට මෙන්ම ගල්කිස්ස මහෙස්ත්රාත් ඉදිරියේද
හෙළිදරව් කර ඇත. ඔහු පවසා ඇත්තේ තම බාප්පා වන
අතුල රෝහණ වීරරත්න වෙත එම මුදල් ලබාදී
ඇත්තේ මෛත්රීපාල සිරිසේන බවට බාප්පා විසින්ම ප්රකාශ
කළ බවය. ඒ බව පැවසුවේ මුදල් බෑගය රැගෙන ආ පසුගිය
14 වැනිදා බවද ඔහු හෙළිදරව් කර ඇත. කෙසේ වෙතත්
මේ සම්බන්ධව රහස් පොලිසිය අදාළ පුද්ගලයන් අත්අඩංගුවට
ගැනීමට උත්සාහ කළත් ඔවුන් නිවෙස් අතහැර
දමා පලාගොස් ඇති බව සඳහන් වේ. ඔවුන් සොයාගෙන
පළමුවෙනි දිනයේ නිවසට ගියත් එදින ඔවුන් නිවසේ සැඟව සිට
ඇති බවටද මේ වන විට තොරතුරු ලැබි ඇති බව
රහස් පොලිසිය පවසයි. මේ පිළිබඳව ඉදිරි සැලසුම්
අධිකරණයේ උපදෙස් මත සිදුකිරීමට නියමිතව ඇත.
– රිවිර