සිරිසේනගේ කෙප්ප
ලංකා ඉතිහාසයේ එතෙක් මෙතකේ බිහිවූ රාජ්‍ය නායකයින් අතරින් අතේ පත්තුවන වැඩිම බොරු ප්‍රමාණයක් මේ වනවිට පවසා ඇති වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම අලුත්ම බොරුව ඊයේ(10) දින බිබිල ශ්‍රිලනිප බලමණ්ඩල රැස්වීමේදී පවසන ලදී.
ඔහු එහිදී පවසන පරිදි 2015 ජනවාරි 9 වනදා මහින්ද රාජපක්ෂ මහතාට මැදමුලනට යාමට සියළු පහසුකම් සැලසීමට ක්‍රියාකොට ඇත්තේ ඔහු විසිනි. ඔහු හෙලිකොප්ටර් දෙකක් ලබා දුන් බවද පවසයි. නමුත් මහින්ද මහතා කොළඹින් ඉවත්ව යනවිට ජනපති සිරිසේන දිව්රුම්දීවත් නොතිබුණු අතර ඒ වනවිටත් ජනාධිපතිවරයා වූයේ මහින්ද රාජපක්ෂ මහතායි. එවැනි තත්ත්වයක් යටතේ හෙලිකොප්ටර් පාවිච්චි කිරීමට මහින්ද විසින් සිරිසේනගෙන් අවසර ගත යුතු නැත. එවැනි දෙයක් සිදු වී ද නැත. ජනාධිපතිවරයාට හෙලිකොප්ටර් භාවිතා කිරීමේ වරප්‍රසාදය ඇත.
එමෙන්ම ලෝකයේ පළමු වතාවට ඔහු විසින් පැරදුනු නායකයෙකුට හමුදා ආරක්ෂාව ලබාදී ඇති බවද ඔහු පවසයි. නමුත් සත්‍ය නම් හිටපු ජනාධිපතිනිය විසින් ශ්‍රේෂාඨාධිකරණයේ පවරන ලද නඩුවක තීන්දුව අනුව හිටපු ජනපතිවරයෙකුට නීතියානුකූලව 100 කට වඩා භට පිරිසක් සහිත ආරක්ෂාව හිමිවන අතර එය දැනට සිටින රාජ්‍ය නායකයාගෙන් පිනට ඉල්ලා ගැනීමක් නොවන නමුත් වර්තමාන සිරිසේන ජනපතිවරයා එය තමා පිනට ලබාදුන් දෙයක් ලෙස අර්ථගන්වමින් කතාකරන අයුරු දක්නට ලැබිණ.
ජනාධිපතිවරණ සමයේද කුප්‍රකට රත්තරන් අශ්වයන් සහ හෙලිකොප්ට්ර් 6ක් ගැන අහස පොලෙව නුහුලන අමූලික බොරු පවසමින් ජනතාව ඇන්දවූ ජනාධිපතිවරයා තවමත් කිසිම හිරිකිතයකින් තොරව බොරු ප්‍රසිද්ධියේ පැවසීම සමාජ ජාලවල දැඩි පිළිකුලට පත්වී තිබේ.
https://www.facebook.com/maithripalas/videos/10153975448671327/
උපුටා ගැනීම
http://www.helabima.lk/read.php?as=15496