සිරිසේනට අවු 1 විසදුම රජාව ගේන එකද fb jarayak nowe :D

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සිරිසේනට අවු 1 විසදුම රජාව ගේන එකද fb jarayak nowe :D


    ~ ශ්‍රී ලංකා ජනාධිපති සිරිසේනගේ පාලනයෙන් වසරක්: ප්‍රචාරනය හා යථාර්ථය ~~



    එක්සත් ජනපදය විසින් පිටුබලය දුන් පාලන තන්ත්‍ර මාරුව “රජෙක් එලවා“ ඊනියා “යහපාලනය“ උදාකිරීමක් ලෙස කෙරෙන බාල වර්ගයේ ප්‍රකාශන යටින් විවිධාකාර දේශපාලනික අවස්ථාවාදීන් මහජනයාට වසන් කිරීමට වෑයම් කරමින් සිටින්නේ බලයට පත්ව ඇති ඇමෙරිකන් ගැති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව රාජපක්ෂගේ විෂකුරු පාලනයට ද එහා යන ආකාරයේ මර්දනයක් තම අයිතිවාසිකම් උදෙසා පෙරට ඒමට නියමිත මහජනයාට එරෙහිව දැනටමත් ක්‍රියාවට දමා ඇති බව යි. “බඩ ගැන නොසිතා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට“ පෙරට ආ මහජනතාවට බොරු ප්‍රසංශා ඉදිරිපත් කරන සිරිසේන සැබවින්ම ගර්හාවට පත් කරන්නේ තමන්ගේ ජීවන මට්ටම් පහල දැමීමට එරෙහිව පාරට බසින කම්කරු පීඩිතයන් ය. අනෙක් අතට ඔහුගේ මේ ප්‍රකාශය එන්නේ අනෙකුත් සියලුම සමාජ ආර්ථික අර්බුදයන් මැදින් ගමන් කරන හා ජනගහනයෙන් සියයට 25ක් මන්ද පෝෂනයෙන් පෙලෙන රටක පාලකයා වසයෙනි.

    ගෙවුන වසරේ සිරිසේනගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම ගැන කතාවල සත්‍යතාව කුමක්ද? විධායක ජනාධිපති ක්‍රමය බලයට පත්වූ වහා අහෝසි කර දමන්නෙමියි කියා මහජනයා රැවටීමට නූල් සූත්තර කීපයක් දැමූ සිරිසේන දැන් ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ ප්‍රථම පදවි කාලයෙන් පසුව, එනම් 2020 වසරේදී අහෝසි කරනු ඇති බව යි. තමන් වගකිව යුතු යුද අපරාධවලට සුදුහුනු ගෑමට ඊනියා දේශීය යාන්ත්‍රනයක් ඇටවීමට අමතරව උතුරේ දෙමල ජනයා මත පටවා ඇති මිලිටරි පාලනය එක දිගට ක්‍රියාත්මක අතර තමන්ගේ අයිතිවාසිකම් කාබාසිනියා කිරීමට එරෙහිව වැඩ වරන කම්කරුවන් වෙනුවට මිලිටරියේ හොරිකඩ නඩ යොදා ඒවා කඩා කප්පල් කිරීමට ආන්ඩුව ක්‍රියාත්මක වේ.


    තමන්ගේ වැඩ ප්‍රමානය ඉහල දැමීමට එරෙහිව වැඩ වර්ජනය කල වතු කම්කරුවන්ට එරෙහිව පොලිසිය බොරු නඩු අටවා ඇත. අයවැය කප්පාදුවලට එරෙහි උද්ඝෝෂනයේ නියුතුවූ බැංකු සේවකයන්ට එරෙහිව උසාවි වාරන නියෝග පැනවීම මෑතම සිදුවීම යි. අධ්‍යාපන කප්පාදුවලට එරෙහි සිසුන්ට එරෙහිව ම්ලේච්ඡ ප්‍රහාර දියත් කරන පොලිසිය, දකුනු පලාතේ පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගොවීන්ට ගොවියන්ට පහර දුන්නේ ය. ආන්ඩුව සම්මත කර ගැනීමට යන “වෛරී ප්‍රකාශනවලට එරෙහි පනතේ“ සැබෑ අරමුන වී ඇත්තේ ආන්ඩුවට එරෙහි විවේචන විශේෂයෙන්ම කම්කරුවන් හා තරුනයින්ගේ විප්ලවවාදී අරගල මැඩීමට එය යොදා ගැනීම යි. රාජපක්ෂගේ පාලනයට නොදෙවෙනි ලෙස පොලිසිය කම්කරුවන් හා පීඩිතයන් මර්දනය කිරීම උත්සන්න කර තිබේ.

    දූෂනවලට ආන්ඩුව ක්‍රියා කරනවා යැයි කීම ද ඊට නොදෙවෙනි ආකාරයෙන් වංචාසහගතය. මන්දයත්, පසුගිය දශක හතපුරා වරින්වර මේ රට පාලනය කර ඇත්තේ සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අගමැති වික්‍රමසිංහගේ යූඇන්පියත් විසිනි. මෙම පක්ෂ දෙකම එකකට පසු තවකෙක් ලෙස දූෂනය, වංචාව සහ ඥාති සංග්‍රහය යනාදී ගොහොරුවේ ගිලී ඇත


    පසුගිය දෙසැම්බරයේදී ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් ( හා වසර පුරා ලංකාවට සංචාරය කල ඉහල ඇමෙරිකානු රාජ්‍ය නිලධාරීන් ගනනාවක්) විසින් මහත් උජාරුවෙන් පාරම් බෑ සිදුව ඇති මූලික “වෙනස“ වන්නේ, චීනයට එරෙහි ඇමෙරිකාවේ යුද ප්‍රෙකා්පකරන වැඩපිලිවෙල වන ආසියාවට “හැරීම“ වෙත මෙම දූපත ස්ථිරසාර ලෙස ගැට ගැසීම යි.


    ඕනෑම මොහොතක ඇවිලිය හැකි ලෝක යුද්ධයක කේන්ද්‍රයට මෙරට මිලියන විස්සට මහජනයාගේ ජීවිත ලන්සුවට දමා තිබීම යි. ආන්ඩුව බලයට ගෙන ඒමට මහජනයා රැවටූ ඊනියා පුරවැසි බලය, කලාකරුවන් හා ව්‍යාජ වාම හැතිකරය මේ ඇස් පනා පිට පෙනෙන සත්‍ය මහජනයාගෙන් වැසීමට වෑයම් කරති. අයවැය හරහා ජනතාවගේ ජීවිත මත එල්ල කර ඇති හෙන පහරවලට එරෙහිව ඔවුන් පාරට බසින විට ඔවුන්ට එරෙහිව රාවය වැනි පච පුවත්පත් පෙරට දමා කම්කරුවන් “ප්‍රතිවිප්ලවවාදීන්“ ලෙස හංවඩු ගසති. ඔවුන්ට එරෙහිව මර්දනය උසි ගන්වති. ගැඹුරු ගෝලීය අර්බුදයේ ප්‍රතිපලයක් ලෙස ගැඹුරු අර්බුදක ගිලී යමින් සිටින ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දැවැන්ත නයක ගැනීමට සූදානම් වෙමින් සිටින අතර එහි කොන්දේසි සැපිරීම සඳහා ඉදිරියේදී තවතවත් දරුනු කප්පාදු ක්‍රියාවට දමන බවට සන් කර ඇත. වසරක් ගෙවෙන තැන ඊනියා යහපාලන ආන්ඩුවේ අත්දැකීම් පෙන්නුම් කර ඇත්තේ සමාජවාදී විප්ලවයකින් ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීමෙන් මෙපිට මොනම විසඳුමක්වත් ඇත්තේ නැති බව යි




    සියලුම දේ මා විසින් සිතා ලියු බව කරුණාවෙන් සලකන්න :yes:
     
    • Like
    Reactions: jonhrcm

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    නෑ බං..කුමාර් ගුණරත්නම් ජනාධිපති කරන්න ඕන.එතකොට සසපෙ ගොඩ..
    :lol::lol::lol:



    12508741_454348841420695_7157138538908863777_n.jpg



    12573074_454640388058207_725950049414086811_n.jpg



    12642457_454703534718559_8722331910280737898_n.jpg



    1382182_454096818112564_2731346333205454747_n.jpg
     
    Last edited: