සිරිසේන බක පණ්ඩිතයන්ගේ ‘සිහින මැම්බර්‘ චනš
ඡන්ද අපේක්ෂකයාට බොන්න බෑ? ගෙස්ට් හවුසියකට යන්න බෑ? රැස්වීමක සින්දු බෑ? බොරු සිල්වත් බක පණ්ඩිතයන්ගේ ‘සිහින මැම්බර්‘ චන්දෙට කලින් පරදවමු -විසල්ගේ විග්‍රහය
(ලංකා ඊ නිව්ස් -2018.ජන.03, ප.ව.12.35) ‘මොන පක්ෂයන් ආවත් ඩෝප් කාරයින්ට ඡන්දය දෙන්න එපා‘ යැයි සිරිසේන ජනාධිපතිවරයා මෑතකදී ප්‍රකාශ කර තිබුණි. දූෂණ වල යෙදෙන ඕනෑම කෙනෙක් කපා දැමීමට තමන් පසුබට නොවන වගද සිරිසේන ඊට පෙර පවසා තිබුණි. රාජ්‍ය මාධ්‍යයේ ප්‍රවෘත්ති විකාශයෙන් පදාසයක් නිතිපතා තම තනතුරේ බලයෙන් අසික්කිත ලෙස පක්ෂය ප්‍රවර්ධනය කරන්න අවභාවිතා කරන සිරිසේන ජනාධිපතිවරයා ගේ ප්‍රකාශ අප එතරම් මායිම් කරන්නේ නැත.
සාරුවා සුනිල්ද බිරිඳ හරහා නැවත කරළියට ගෙනාවේත්, ගුරුවරිය දණ ගැස්සවූ ආනන්ද සරත් කුමාරට ආසන සංවිධායක කම දුන්නේත්, හම්බන්තොට සෙල්ලම් පිස්තෝල චන්ඩියා එරාජ් ප්‍රනාන්දුට ආසන සංවිධායක කම දුන්නේත්, කුඹුක්ගැටේදී අලුත් පරපුරේ කලාකරුවන්ට පහර දුන් කමල් ඉන්දිකට ආසන සංවිධායක කම දුන්නේත්, කුඩු ලන්සාට සංවිධායක කම් දී නියෝජ්‍ය ඇමැතිකම් දුන්නේත්, ජනාධිපතිවරණයේ කහවත්තේ පැවැති රැලියකදී තමන්ට වැඩ කළ එජාප සාමාජිකයෙකු මරා දැමූ රත්නපුරේ ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලිට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදීම නාම යෝජනා දුන්නේත් මහින්ද රාජපක්ෂ නොව පිරිසිදු පාලනයක් ගේනවා යැයි බෑඟිරි ගහන සද්ගුණවත් සිරිසේනය.
තට්ටය ගා ගත් තක්කඩියෙක් කහ රෙද්දක් ඇඟ ලා ගත් පමණින් සිල්වත් භික්ෂුවක් වන්නේ නැතිවා සේම ජනාධිපති තනතුරට පත් වූ පමණින් කෙනෙකුට ඥානය පහල වන්නේවත්, ශිෂ්ට සම්පන්න වන්නේවත් නැත. මුග්ධ අන්තවාදියා, නීච අවස්ථාවාදියා එසේමය.
බක පණ්ඩියතයන්ගේ සිල්වත් ගම්පති
--------------------------------
කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය හරහා පළාත් පාලන සභාවකට නාමයෝජනා ලබා දිය යුත්තේ කවර වර්ගයේ අයටද, තේරී පත්විය යුත්තේ කවරෙක්ද කියා කතිකාවක් මේ වන විට නිර්මාණය වී තිබේ. මහාචාර්ය සරත් විජේසූරිය ද තම සුපුරුදු කොලමෙන් පලාත් පාලන ආයතනවට පත් විය යුත්තේ කිනම් ආකාරයේ අයෙක්දැයි අදහස් දක්වා තිබුණේ සුපුදුරුදු ලෙසම ජේ. ආර්. මුවහමට තඩි බාන අතරේ ය. මේ අතරේ මැතිවරණ නිරීක්ෂක බක පංඩිතයෝද නාමයෝජනා දිය යුත්තේ කවරෙකුටදැයි යෝජනා ඉදිරිපත් කරමින් සිටින නමුත් සිරිසේනගේ පෙර කී ව්‍යාජ සුපිරිසිදුකම ගැන කෙළ බිඳක් හෙලන්නේ නැත. මෝඩ සිරිසේන ගේ ගැලරි ටෝක් ගැන එතරම් සැලකිය යුතු නැතත් උගත් මාහාචාර්යවරුන්ගේ සහ මැතිවරණ නිරීක්ෂක බක පණ්ඩිතයින්ගේ අදහස් සහ එහි අන්තර්ගත කරුණු ගැන සලකා බැලිය යුතුව ඇත.
පලාත්පාලන ආයතන වල ගම නියෝජනය කළ යුත්තේ ගමේ වැදගත්, උගත් සහ පිලිගත් රැකියාවක් කරන හෝ කළ අයෙක් ලෙස මේ අය කල්පනා කරන බව පෙනේ. මේ නියෝජිතයා හොරකමෙන් තොර විය යුතුය, පිලිගත් චර්යා වලින් යුක්ති යුක්ත විය යුතුය. මැතිවරණ නීති අකුරට රැකිය යුතුය ආදී ගුණයන් සමූහයක් ගැනද අප මහාචාර්ය වරයා අදහස් පල කරයි. අතීතයේ මෙන් වැදගත් ගුණවත් ගම්සභාපතිවරුන් 1977 න් පසුව නැතිවී ඇති බව පවසන අප මහාචාර්ය වරයා ඒ ගැන සිය කනස්සල්ල පලකර සිටී. අපේක්ෂකයා නැතිනම් නාමයෝජනා ලාභියා උපාසක කරණයට ලක් වූ පුද්ගලයෙකු විය යුතු බව මෙහි සරළ අදහසයි. සිරිසේනද මෙයට සමාන මතයක සිටින නිසා මේ කරුණ සම්බන්දයෙන් සිරිසේන සහ මහාචාර්යවරයා අතර යම් පොදු බවක් දැකිය හැකිය.
මෙම අදහස මූලික වශයෙන් අහිංසක සහ වැදගත් යැයි පෙනුනද එයට යටින් ඇති අන්තවාදී සහ අධිපතිවාදී මතය හෙළිදරව් කළ යුතුව තිබේ. කොන්ත්‍රාත් කරුවා, ගෙස්ට්හවුස් හිමිකරුවා, තැබෑරුම් කරුවා, මස්කඩ කාරයා මෙන්ම ගල්කොරි කරුවාද මේ සමාජයේ කොටස් කරුවන්ය. ඉහත ව්‍යාපාර සඳහා බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලියේදී දූෂණයට ඉඩක් ඇති වුවද එසේ නොවන අවස්ථා ඕනෑ තරම් ඇත. අනෙක් අතට ඔවුන් යෙදී සිටින්නේ අත්‍යාවශ්‍ය මහජන සේවා කටයුතු වලය. පාර්ලිමේන්තුවට වැඩිය හිමිවරුන්ට සහ සමහර විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ට වඩා ගුණවත් සහ ත්‍යාගශීලී තැබෑරැම් කරුවන් සහ ගෙස්ට්හවුස් හිමිකරුවන් ගැන මා පුද්ගලිකව දනිමි. මීට අමතරව ලිංගික ශ්‍රමිකයා මෙන්ම පිම්පියාද මේ සමාජයේ වෘත්තීයක මෙන්ම අත්‍යාවශ්‍ය සේවාවක යෙදෙන්නන්ය. මේ අයගේ රැකියාව පදනම් කරගෙන, අධ්‍යාපන මට්ටම පදනම් කරගෙන දේශපාලන අවකාශයෙන් පිටමං කරන්න යෝජනා කරන්නේ නම් එය කෙතරම් සාධාරනදැයි විමසා බැලිය යුතුව ඇත. කෙනෙකුට ඇති මානව හිමිකම් මෙන්ම මූලික අයිතිවාසිකම් ඔහුගේ රැකියාවේ ස්වභාවය නිසා අහිමි වන්නේ නැත. විශ්ව විද්‍යාල මහාචාර්යවරයා මෙන්ම ලිංගික ශ්‍රමිකයාටද සමාන හිමිකම් ඇත. වෘත්තීය නිසා යම් පක්ෂයකින් නාමයෝජනා ලබා නොදෙන්නේ නම් හෝ නාම යෝජනා ලැබුනත් අවමන් සහ අපහාසාත්මක සැලකීමට ලක්වන්නේ නම් එය පැහැදිලි ලෙසම වෙන් කොට සැලකීමක් සහ මානව හිමිකම් උල්ලංඝනයකි.
බොහෝ අය අදහස් කරන ආකාරයට නාමයෝජනා ලබා දිය යුත්තේ උගත් සහ වැදගත් රැකියා වල යෙදෙන්නන් හට පමනක් නම් එමගින් දේශපාලන අවකාශය තුල වැඩවසම් ආධිපත්‍යයක් ඇති කරයි. මෙමගින් සමාජයේ බහුතරයක් දේශපාලන හිමිකමෙන් පිටමං කරයි. මෙය පිලිගත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සමඟ ගැලපෙන්නේ කෙසේදැයි අප මහාචාර්යවරයා පහදා දිය යුතුය. යම් කොට්ඨාශයක උගත් වැදගත් යැයි ලේබල් ගසන ලද ගුරුවරයෙකු පරදවා මස්කඩ කරුවෙකු මන්ත්‍රී ලෙස තේරී පත් වුවහොත් එය එම කොට්ඨාශයේ මහජනයාගේ වරණයයි. එම සභාවේ බහුතර මන්ත්‍රී කැමැත්තෙන් මස්කඩ කරුවා සභාපති වුවහොත් එය ද ඔවුන්ගේ වරණයයි. එය ඉවසීමේ ප්‍රජාතන්ත්‍රවාදී ගුණය අප සතු විය යුතුය. ඒ සඳහා මස්කඩ කරුවා හෝ තැබෑරම් කරුවාට හෝ ලිංගික ශ්‍රමිකයාට ඇති ඇති හිමිකම වෙනුවෙන් පෙනී සිටිය යුතුව ඇත. කොහේවත් සිටින මහාචාර්යවරයෙක්/ බක පණ්ඩිතයෙක් ඒ ගැන විස්සෝප වීමෙන් පලක් නැත. සලකා බැලිය යුත්තේ සභාපති තනතුරේ ඔහු ක්‍රියාකරන ආකාරය මිස ඔහුගේ රැකියාව හෝ සමාජ තරාතිරම නොවේ. යුරෝපීය සමාජයේ නම් බුචර් කෙනෙකු වීමත් බාර් එකක් පවත්වාගෙන යෑමත් ලේසි පහසු රාජකාරියක් නොවේ. ලංකාවේ මහාචාර්යයෙකුට වඩා දැනුමක් අවශ්‍යය
බක පණ්ඩිතයන්ගේ මැතිවරණ ප්‍රචාරය
--------------------------------
පොස්ටර් ඇලවීමට ඇති තහනම මා දකින ආකාරයට මෝඩ මැතිවරණ නීතියකි. කුඩා ප්‍රදේශයකට තරඟ කරන අපේක්ෂකයෙකුට තමන් ප්‍රවර්ධනය කර ගැනීමේ එවැනි ඉඩ කඩක් තිබිය යුතුය. පෝස්ටර් ඇලවීම මගින් කිසි කෙනෙකුට විශේෂ කරදරයක් නැත. පෝස්ටර් ඇලවීමට යොදා ගන්නේ මේ වන විටත් ටියුෂන් කාරයෝ අත්පත් කරගෙන ඇති තාප්පමය. එක් අපේක්ෂකයෙකුගේ පෝස්ටරයක් දිනක් හෝ ප්‍රදර්ශනය වීමට පෙර තවත් එකෙක් වසා දැමීම ස්වභාවික සහ සැම පිලි ගන්නා යථාර්තයකි. පොලිසිය යොදවා පෝස්ටර් ගැලවීමට හෝ පෝස්ටර් අලවන්නන් ඇල්ලීම මහජන මුදල් විනාශ කරන අපරාදයකි. කළ යුතු වන්නේ එම නීතිය නොසලකා සිටීම හෝ නීතියෙන් අවසර ලබා දීමය. මුද්‍රණාල තහනම් කිරීම වැනි ප්‍රායෝගික නොවන යෝජනා හාන්සි පුටු මනස්ගාත මිස ඇත්ත ලෝකයේ කළ හැකි දේවල් නොවේ. උදේ සවස සිරිසේන ජනාධිපතිවරයා රාජ්‍ය මාධ්‍ය අවභාවිතයේ යෙදීම ගැන කතා නොකරන නිරීක්ෂක බක පණ්ඩිතයෝ / මහාචාර්යයෝ පෝස්ටර් ගැලවීම ගැන පමණක් කතා කරති.
මහාචාර්ය වරයාගේ පරමාදර්ශී ගම් සභාපතිවරයා පරාජය කිරීමට එජාප අපේක්ෂකයා සංගීත සංදර්ශණය යොදා ගැනීම ගැනද ඔහු කම්පාවෙන් යුතුව පවසා තිබුණි. දේශපාලන වේදිකාවට සංගීතය එකතු කිරීමේ ගෞරවය එජාපයට හිමි විය යුතුය. 1977 මහ මැතිවරණයේදී ජෝති, එම්-එස් මෙන්ම ක්‍රිස්ටෝපර් පෝල් වැනි අය වේදිකාවේ ගීත ගැයුවේය. දේශපාලන කතා වලට අමතරව යම් වින්දනයක් ලබා ගැනීමට පැමිණ සිටි අයට අවස්ථාවක් ඇති වූ අතර රැස්වීම් වලට සෙනඟ අද්දවා ගැනීමේ උපක්‍රමයක් ලෙසද එය සාර්ථක විය. 1979 පැවති පළාත් පාලන මැතිවරණය මටද මතකය. ගල්කිස්සේ පැවැත්වූ එජාප රැළියට ජෝති මෙන්ම ජිප්සීස් ද ගීත ගැයුවේය. මේ අය 1977 සමාජ පෙරළියට සක්‍රීය ලෙස දායක වූවන්ය. මහචාර්යවරයා මෙන් නිරීක්ෂකයෙකු ලෙස නොව අප සක්‍රීය ලෙස මේ රැස්වීම් වලට සහභාගි වූ අතර ඉන් වින්දනයද ලැබූයෙමු. මැතිවරණ ප්‍රචාරක රැළියකදී ගීත ගැයීමේ වරද කුමක්දැයි මහාචාර්යවරයා පහදා දිය යුතුය. වෘත්තීය සමිති/ ශිෂ්‍ය ව්‍යාපාර උද්ඝෝෂණ වලදී කපුගේට / නන්දා මාලනීට ගීත ගැයීමට ඇති අයිතිය එජාප රැළියකදී ක්‍රිස්ටෝපර් පෝල්ට ද තිබිය යුතුය.
වැදගත්ම දෙය වන්නේ ජනවාරි 8 වෙනසටද ජිප්සිස් සුනිල් පෙරේරා 1977 මෙන්ම සක්‍රීයව දායක වීමය. කැම්බල් පිටියේ පැවති පුරවැසි බලය රැස්වීමේදී සුනිල් පෙරේරා එදා එජාප වේදිකාවේ මෙන්ම ගීත ගැයුවේය. 1977 දී වෙනසට දායක වු ලෙසම මෙවර මහින්දව එලවීමේ සමාජ සත්කාර්යටද දායක වූයේය. බොහෝ අය ඔළුවේ තියාගෙන ඉන්නා නන්දා මාලණි වැනි ප්‍රතිගාමී ගායිකාවන් පැත්ත පලාතේ ආවේ නැති වේදිකාවේ සිටියේ සුනිල් පෙරේරා ය. එදා මෙන්ම අදත් මේ අය විප්ලවකාරීය. තමන්ගේ මතය වෙනුවෙන් නිර්භය පෙනී සිටින්නන්ය.
“සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුනත් කමක් නැතේ අද ජොලි කරලා”
--------------------------------
මෙලෙස ගීත ගයා අපව සනසන්නේ සුනිල් පෙරේරාය. පටු සදාචාරවාදීන්ට මේවා අරහන් වූවට අපට නම් වින්දණීයය. උත්තරභාරතීය රාගධාරී සංගීතය මෙන්ම මෙවැනි ගීතද එක විට රස විඳිය හැකි පුළුල් මනසක් ඇත්තෝ මේ සමාජයේ සිටිති. වෙනත් කෙනෙකුගේ රස වින්දනයට ගරු කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී ගුණය ඇති අයද මේ සමාජයේ සිටිති.
කෙනෙකුට මත්පැන් බීමට ඇති අයිතිය, තමන් කැමති කාන්තාවක් සමඟ සහ තමන් කැමැති පුරුෂයෙක් සමග ගෙස්ට්හවුස් එකකට යෑමේ අයිතිය මේ සමාජයේ තිබිය යුතුය. එලෙස ක්‍රියා කළ පමණින් දේශපාලන හිමිකම් අහිමි කළ යුතු නැත. සදාචාරවාදී අන්තවාදී සමාජයක් කරා යහපාලනය ඇද ගෙන යෑමට සිරිසේන ප්‍රමුඛ බොරු සිල්වත් නඩය විසින් කරන පසුගාමී යෝජනා අප පරාජය කළ යුතුය.
මත්පැන් විරෝධය, බොරු සදාචාරය, තෝරාගත් පිරිසකට පමනක් දේශපාලනයට ඉඩදීම අවසන් වන්නේ අන්තවාදී පාලනයකිනි. සිරිසේන මේ ප්‍රවර්ධනය කරමින් සිටින්නේ එවන් අන්තවාදයක්ය. ඔබට දේශපාලනය කිරීමේ හිමිකම පමනක් නොව මත්පැන් බීමේ, කාන්තාවන් ඇසුරු කිරීමේ අයිතිය වෙනුවෙන්ද අප පෙනී සිටිමු. අප සලකා බලන්නේ බොරු සදාචාරය නොවේ. ඉදිරිගාමී දේශපාලන ප්‍රතිපත්ති පමණකි. ජනවාරි 8 වෙනසේ නිවැරදි කියවීම එයයි.
-විසල් කරුණාරත්න විසිනි-