Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරිසේන+රනිල්ගේ ගේම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ප්‍රශ්නයට කෙටි පිළිතුරක් දෙන්න බැහැ . ලොකු පැහැදිලි කිරීමක් කරන්න වෙනවා.

මහින්ද සහ නාමල් දෙන්නාගේම ලෝයර් කම හෝ දෙදෙනාගේ නීති දැනුම ගැන තර්ක කිරීම පලක් නැති දෙයක්. නූගත් මන්ත්‍රී වරුන්ට මොනවා හෝ දැනුමක් ලබා දීම සඳහා, එකල (70-77 රජයේ) සිටි ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාගේ යෝජනාවක් අනුව නීති විද්‍යාලයට ඇතුලත්වීමට තරම් උගත් කමක් කොහොමවත්ම නැති පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට නීති ප්‍රවේශය ලබා දුන්නා. ඕ ලෙවල් වත් හරියකට නැති මහින්ද මහතා නීතිය ඉගෙන ගන්න ගියේ ඒ පිහිටෙනුයි. ෆයිනල් ලිව්වේ අභාවප්‍රාප්ත ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා බවත් කියැවුණාට මම ඒකේ සත්‍යතාවය දන්නේ නැහැ. නමුත් ඇත්ත වෙන්න බොහෝ දුරට ඉඩ තියනවා. නාමල් ගේ ෆයිනල් ලිව්ව කතාවත් රහසක් නොවෙයිනේ.

මහින්ද රාජපක්ෂ රජය කාලයේ සිදුකල නොයෙකුත් වංචා වල පරීක්ෂණ නිමා කොට නඩු ඇසීම ආරම්භ කිරීමට ලැහැස්ති වී තිබුනේ මේ දේශපාලන ප්රශ්නය ඇති කල කාලයේදීයි. මට තේරෙන විදියට තව වසර දෙකකින් තියන මැතිවරණයේ දී මහින්ද මහතාට නියත ජයක් ලැබේයැයි පෙනුනත්, මේ නඩු වලින් බොහොමයක්ම ඉතා පහසුවෙන් ඔප්පු වී ඒවායේ වරදකරුවන්ට දඬුවම් ලැබුනාම, ඒක මහින්ද පාර්ශවයට බරපතල හානියක්. එම තීන්දු වලට ඇපීල් කරලා නැවතත් කුණු අවුස්සලා, ගඳ ගස්සලා, බොහෝ විට පළමු නඩු තීන්දුවම ස්ථිර කිරීමට 99% කම සමභාවිතාවයක් තියෙන්නේ, වර්තමානයේදී නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය රැකී තිබෙන නිසයි.

අගමැති කම බාර ගැනීමට මහින්ද මහතා කැමති උනේ SB, බැසිල් වැන්නවුන්ගේ ඩීල් මගින් 113 ලබා ගැනීම කජු කනවා වගේ ලේසි බවට ඔවුන්ගේ සහතික වීම නිසායි. ඒ වාගේම මොන නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් කලත්, මහින්ද මහතාගේ හැකියාවන් (තමන්ට අවශ්‍ය ලෙස නීති විරෝධී තීන්දු නොදෙනවානම් අගවිනිසුරුවරිය උනත් ගෙදර යැවීමේ හැකියාව වැනි) පිළිබඳව මෛත්‍රීපාල ජනපතිතුමා ටත් ලොකු විශ්වාසයක් තිබීම පුදුමයක් නොවෙයි. ඒ හැර, ඒ දිනවල තිබුන "මහින්ද රැල්ල " නිසා ව්‍යවස්ථාව කැඩුවත්, නීතිය කැඩුවත්, අගමැති ලෙස පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගත්තාම, නැවතත් පෙර පාලන කාලයේ (2015ට පෙර) තිබුන තත්වයට, එනම් Judge, Jury , Executioner කියන තුනම, ' රාජපක්ෂ ' වූ යුගයට නැවතත් රට පත් කිරීමත් මෛත්‍රී ජනපති තුමාගේ අදහස වූ බව පෙනෙනවා. එයින් දෙපිලටම ලැබෙන වාසි නිසා (මහින්ද පිල නඩු හබ වලින් බේරෙනවා, මෛත්‍රීට නැවත ජනපතිවරණයට ඉදිරිපත් වීමට වරම් ලැබෙනවා) මේ අගමැති මාරුව සිදු කළා.

ඊ ලඟට එන්නේ කථානායක භූමිකාවයි. කථානායක තනතුර ස්වාධීන විය යුතු වූවත්, එතුමා තම බලතල පාවිච්චි කලේ රනිල් පිල රැක ගැනීමට කියන එක රහසක් නොවෙයිනේ. පාර්ලිමේන්තුවේ බහුතරයට තමන් හිස නැවිය යුතු බව එතුමා නැවත නැවතත් අවධාරණය කරමින්, තමන්ට අයිති නීතිමය රාමුව තුල හිඳිමින් ඒ දේවල් කිරීමටත් , ඒ අතරම වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායට ජනපතිතුමා ගරු කරන්නේ නැති බව ජාත්‍යන්තරයට පෙන්නුම් කරන්නත් එතුමාට හැකියාවක් තිබුනා. පාර්ලිමේන්තුව රැස් කලොත් බහුතරයක් නැති බව ඔප්පු වීමත්, පාර්ලිමේන්තුව රැස් නොකලොත් ජාත්‍යන්තර සම්බාධක වලට මුහුණ දීමටත් සිදුවෙන, ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී තත්වයකට මෛත්‍රී ජනපතිතුමා පත් උනා.

පාර්ලිමේන්තුව විසිරෙව්වේ ඒක ව්‍යවස්ථා විරෝධී බව නොදැන නොවෙයි. ඒ වෙලාවේ වෙනත් කල හැකි දෙයක් නොමැති නිසායි. ගම්මන්පිල වැන්නවුන්ට වෙනත් විකල්පයක් නැහැ. ඔහු 2014 දී පාඨලී චම්පික සමග යහපාලනයට එකතු උනා. නමුත් ආපසු මහින්ද පිලට එකතු නූනොත් බ්‍රයන් ෂැඩොක් නඩුව ( එනමින් හැඳින්වෙන ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයාට වංචා කිරීම ) එලියට ගන්නවා කියන තර්ජනය මහින්ද පිලෙන් ලැබීම නිසා ඔහුට ආපසු මහින්ද පිලට යන්න උනා. ඒක ඉතාම පැහැදිලි මුදල් වංචාවක් බව හොඳින්ම දන්නා ගම්මන්පිල, ව්‍යවස්ථාව ආරක්ෂා කරනවාට වඩා තමාගේ සුදු පිරුවටය ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛතාවය දුන්නා.

GL ව්‍යවස්ථාව නොදන්නවා කියා කොහොමවත් විශ්වාස කරන්න බැහැ. එතුමාට සිදු වී තිබුනේ, මේක වැරදි බව දැන දැනම, නිවැරදි බවට ඔප්පු කිරීමේ අසාර්ථක ප්රයත්නයක් කිරීමටයි. '' ප්‍රොෆෙසර්, තමුසේ මේක වැරදියි කියා කියා ඉන්නේ නැතිව කොහොම හරි මේක හරියි කියන්න පොයින්ට් හොයා ගන්නවා " කියා කියූ කියමනක් එකල ජාලයේ තිබුනා මම දැක්කා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුන් දෙනෙක් වෙනුවට Full Bench ඉල්ලා, බෙදුණු තීන්දුවක් ලැබීමේ සමභාවිතාවය ඉහල නංවනවා හැර එතුමාටත් වෙන කල හැකි දෙයක් තිබුනේ නැහැ.

මේ නඩුව 7-0 ලෙස ඒකමතික තීන්දුවක් ලැබීම ජනාධිපතිතුමා ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කල බව ඔප්පු වීමක්. නමුත් නඩු තීන්දුවේ අඩංගු කර තිබෙන යම් යම් කරුණු මගින් ඒ වරදේ බරපතලභාවය අඩු කිරීමට උත්සාහ කර තිබෙනවා. ව්‍යවස්ථාව පැහැදිලි භාෂාවෙන් තිබිය යුතු බවත්, එහි අඩංගු කාරනා වලට එකම අර්ථ කථනයක් මිස වෙනත් අයුරකින් අර්ථ කථනය කල නොහැකි සරල භාෂාවකින් තිබිය යුතු බවත් එහි සඳහන් වෙනවා. මෙවැනි දෙයක් ලියා තියෙන්නේ ව්‍යවස්ථාව, ව්‍යාකුල භාෂාවකින් ලියා ඇති නිසා ජනාධිපති තුමාට අත් වැරදීමකින් මේ දේ සිදු උන බව පෙන්නුම් කිරීමටයි. නමුත් විනිසුරුවරුන් හත් දෙනාටම මේ ව්‍යවස්ථාව එකම ආකාරයට තේරුම් යාමෙන් පෙනෙන්නේ ව්‍යවස්ථාවේ පැටලිලි සහිත බවක් නැති බවයි. නීතිපතිතුමා, ජනාධිපතිතුමා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීම ඔහුගේ රැකියාව විනා දැනුමේ අඩුවක් නොවේ. දෙනෝ දාහක් ඉදිරියේ සිදු වූ මිණී මැරුම් නඩුවකත්, විත්තිය වෙනුවෙන් පෙනී ඉන්නා නීතිඥයාට, තම විත්තිකරුගේ නිර්දෝෂී භාවය ගැන අසාර්ථක තර්ක ගෙනහැර පෑමට සිදුවන්නේ ඔහුගේ දැනුමේ අඩුවක් නිසා නොව, තම වගකීම එය බැවිනුයි.

ඉදිරියේදී ජනාධිපතිතුමාට දෝෂාභියෝගයක් ගෙන ඒමට සහ එම දෝෂාභියෝගයට මහින්ද පිලේ සහාය ලැබීමේ විශාල ඉඩ කඩක් තියනවා.

එවැනි තත්වයකදී, ටික දිනකට ජනාධිපති පුටුවේ වාඩි වීමේ (අ)භාග්‍යය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී, හිස් වූ අගමැති තනතුරට ඇතිවෙන පොර කෑමෙන් එජාපය භේද භින්න වීමත්, ඒ නිසා මහින්ද පිල තව තවත් ශක්තිමත් වීමත්, සිරිසේන ජනපතිතුමාගේ අඥාන තීන්දු තීරණ වලට මහින්ද මහතා කොටස් කරුවෙකු වීමෙන් නිදහස් වීමත්, 2015 දී කල ද්‍රෝහී වීමට පලිය ගැනීමත් යන කරුණු ඔක්කොම එකපාර ඉටු වෙනවා.

[QUOTE="1sam, post: 24048738, member: 557062"] මේ ප්‍රශ්නයට කෙටි පිළිතුරක් දෙන්න බැහැ . ලොකු පැහැදිලි කිරීමක් කරන්න වෙනවා. මහින්ද සහ නාමල් දෙන්නාගේම ලෝයර් කම හෝ දෙදෙනාගේ නීති දැනුම ගැන තර්ක කිරීම පලක් නැති දෙයක්. නූගත් මන්ත්‍රී වරුන්ට මොනවා හෝ දැනුමක් ලබා දීම සඳහා, එකල (70-77 රජයේ) සිටි ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාගේ යෝජනාවක් අනුව නීති විද්‍යාලයට ඇතුලත්වීමට තරම් උගත් කමක් කොහොමවත්ම නැති පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට නීති ප්‍රවේශය ලබා දුන්නා. ඕ ලෙවල් වත් හරියකට නැති මහින්ද මහතා නීතිය ඉගෙන ගන්න ගියේ ඒ පිහිටෙනුයි. ෆයිනල් ලිව්වේ අභාවප්‍රාප්ත ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා බවත් කියැවුණාට මම ඒකේ සත්‍යතාවය දන්නේ නැහැ. නමුත් ඇත්ත වෙන්න බොහෝ දුරට ඉඩ තියනවා. නාමල් ගේ ෆයිනල් ලිව්ව කතාවත් රහසක් නොවෙයිනේ. මහින්ද රාජපක්ෂ රජය කාලයේ සිදුකල නොයෙකුත් වංචා වල පරීක්ෂණ නිමා කොට නඩු ඇසීම ආරම්භ කිරීමට ලැහැස්ති වී තිබුනේ මේ දේශපාලන ප්රශ්නය ඇති කල කාලයේදීයි. මට තේරෙන විදියට තව වසර දෙකකින් තියන මැතිවරණයේ දී මහින්ද මහතාට නියත ජයක් ලැබේයැයි පෙනුනත්, මේ නඩු වලින් බොහොමයක්ම ඉතා පහසුවෙන් ඔප්පු වී ඒවායේ වරදකරුවන්ට දඬුවම් ලැබුනාම, ඒක මහින්ද පාර්ශවයට බරපතල හානියක්. එම තීන්දු වලට ඇපීල් කරලා නැවතත් කුණු අවුස්සලා, ගඳ ගස්සලා, බොහෝ විට පළමු නඩු තීන්දුවම ස්ථිර කිරීමට 99% කම සමභාවිතාවයක් තියෙන්නේ, වර්තමානයේදී නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය රැකී තිබෙන නිසයි. අගමැති කම බාර ගැනීමට මහින්ද මහතා කැමති උනේ SB, බැසිල් වැන්නවුන්ගේ ඩීල් මගින් 113 ලබා ගැනීම කජු කනවා වගේ ලේසි බවට ඔවුන්ගේ සහතික වීම නිසායි. ඒ වාගේම මොන නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් කලත්, මහින්ද මහතාගේ හැකියාවන් (තමන්ට අවශ්‍ය ලෙස නීති විරෝධී තීන්දු නොදෙනවානම් අගවිනිසුරුවරිය උනත් ගෙදර යැවීමේ හැකියාව වැනි) පිළිබඳව මෛත්‍රීපාල ජනපතිතුමා ටත් ලොකු විශ්වාසයක් තිබීම පුදුමයක් නොවෙයි. ඒ හැර, ඒ දිනවල තිබුන "මහින්ද රැල්ල " නිසා ව්‍යවස්ථාව කැඩුවත්, නීතිය කැඩුවත්, අගමැති ලෙස පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගත්තාම, නැවතත් පෙර පාලන කාලයේ (2015ට පෙර) තිබුන තත්වයට, එනම් Judge, Jury , Executioner කියන තුනම, ' රාජපක්ෂ ' වූ යුගයට නැවතත් රට පත් කිරීමත් මෛත්‍රී ජනපති තුමාගේ අදහස වූ බව පෙනෙනවා. එයින් දෙපිලටම ලැබෙන වාසි නිසා (මහින්ද පිල නඩු හබ වලින් බේරෙනවා, මෛත්‍රීට නැවත ජනපතිවරණයට ඉදිරිපත් වීමට වරම් ලැබෙනවා) මේ අගමැති මාරුව සිදු කළා. ඊ ලඟට එන්නේ කථානායක භූමිකාවයි. කථානායක තනතුර ස්වාධීන විය යුතු වූවත්, එතුමා තම බලතල පාවිච්චි කලේ රනිල් පිල රැක ගැනීමට කියන එක රහසක් නොවෙයිනේ. පාර්ලිමේන්තුවේ බහුතරයට තමන් හිස නැවිය යුතු බව එතුමා නැවත නැවතත් අවධාරණය කරමින්, තමන්ට අයිති නීතිමය රාමුව තුල හිඳිමින් ඒ දේවල් කිරීමටත් , ඒ අතරම වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායට ජනපතිතුමා ගරු කරන්නේ නැති බව ජාත්‍යන්තරයට පෙන්නුම් කරන්නත් එතුමාට හැකියාවක් තිබුනා. පාර්ලිමේන්තුව රැස් කලොත් බහුතරයක් නැති බව ඔප්පු වීමත්, පාර්ලිමේන්තුව රැස් නොකලොත් ජාත්‍යන්තර සම්බාධක වලට මුහුණ දීමටත් සිදුවෙන, ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී තත්වයකට මෛත්‍රී ජනපතිතුමා පත් උනා. පාර්ලිමේන්තුව විසිරෙව්වේ ඒක ව්‍යවස්ථා විරෝධී බව නොදැන නොවෙයි. ඒ වෙලාවේ වෙනත් කල හැකි දෙයක් නොමැති නිසායි. ගම්මන්පිල වැන්නවුන්ට වෙනත් විකල්පයක් නැහැ. ඔහු 2014 දී පාඨලී චම්පික සමග යහපාලනයට එකතු උනා. නමුත් ආපසු මහින්ද පිලට එකතු නූනොත් බ්‍රයන් ෂැඩොක් නඩුව ( එනමින් හැඳින්වෙන ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයාට වංචා කිරීම ) එලියට ගන්නවා කියන තර්ජනය මහින්ද පිලෙන් ලැබීම නිසා ඔහුට ආපසු මහින්ද පිලට යන්න උනා. ඒක ඉතාම පැහැදිලි මුදල් වංචාවක් බව හොඳින්ම දන්නා ගම්මන්පිල, ව්‍යවස්ථාව ආරක්ෂා කරනවාට වඩා තමාගේ සුදු පිරුවටය ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛතාවය දුන්නා. GL ව්‍යවස්ථාව නොදන්නවා කියා කොහොමවත් විශ්වාස කරන්න බැහැ. එතුමාට සිදු වී තිබුනේ, මේක වැරදි බව දැන දැනම, නිවැරදි බවට ඔප්පු කිරීමේ අසාර්ථක ප්රයත්නයක් කිරීමටයි. '' ප්‍රොෆෙසර්, තමුසේ මේක වැරදියි කියා කියා ඉන්නේ නැතිව කොහොම හරි මේක හරියි කියන්න පොයින්ට් හොයා ගන්නවා " කියා කියූ කියමනක් එකල ජාලයේ තිබුනා මම දැක්කා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුන් දෙනෙක් වෙනුවට Full Bench ඉල්ලා, බෙදුණු තීන්දුවක් ලැබීමේ සමභාවිතාවය ඉහල නංවනවා හැර එතුමාටත් වෙන කල හැකි දෙයක් තිබුනේ නැහැ. මේ නඩුව 7-0 ලෙස ඒකමතික තීන්දුවක් ලැබීම ජනාධිපතිතුමා ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කල බව ඔප්පු වීමක්. නමුත් නඩු තීන්දුවේ අඩංගු කර තිබෙන යම් යම් කරුණු මගින් ඒ වරදේ බරපතලභාවය අඩු කිරීමට උත්සාහ කර තිබෙනවා. ව්‍යවස්ථාව පැහැදිලි භාෂාවෙන් තිබිය යුතු බවත්, එහි අඩංගු කාරනා වලට එකම අර්ථ කථනයක් මිස වෙනත් අයුරකින් අර්ථ කථනය කල නොහැකි සරල භාෂාවකින් තිබිය යුතු බවත් එහි සඳහන් වෙනවා. මෙවැනි දෙයක් ලියා තියෙන්නේ ව්‍යවස්ථාව, ව්‍යාකුල භාෂාවකින් ලියා ඇති නිසා ජනාධිපති තුමාට අත් වැරදීමකින් මේ දේ සිදු උන බව පෙන්නුම් කිරීමටයි. නමුත් විනිසුරුවරුන් හත් දෙනාටම මේ ව්‍යවස්ථාව එකම ආකාරයට තේරුම් යාමෙන් පෙනෙන්නේ ව්‍යවස්ථාවේ පැටලිලි සහිත බවක් නැති බවයි. නීතිපතිතුමා, ජනාධිපතිතුමා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීම ඔහුගේ රැකියාව විනා දැනුමේ අඩුවක් නොවේ. දෙනෝ දාහක් ඉදිරියේ සිදු වූ මිණී මැරුම් නඩුවකත්, විත්තිය වෙනුවෙන් පෙනී ඉන්නා නීතිඥයාට, තම විත්තිකරුගේ නිර්දෝෂී භාවය ගැන අසාර්ථක තර්ක ගෙනහැර පෑමට සිදුවන්නේ ඔහුගේ දැනුමේ අඩුවක් නිසා නොව, තම වගකීම එය බැවිනුයි. ඉදිරියේදී ජනාධිපතිතුමාට දෝෂාභියෝගයක් ගෙන ඒමට සහ එම දෝෂාභියෝගයට මහින්ද පිලේ සහාය ලැබීමේ විශාල ඉඩ කඩක් තියනවා. එවැනි තත්වයකදී, ටික දිනකට ජනාධිපති පුටුවේ වාඩි වීමේ (අ)භාග්‍යය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී, හිස් වූ අගමැති තනතුරට ඇතිවෙන පොර කෑමෙන් එජාපය භේද භින්න වීමත්, ඒ නිසා මහින්ද පිල තව තවත් ශක්තිමත් වීමත්, සිරිසේන ජනපතිතුමාගේ අඥාන තීන්දු තීරණ වලට මහින්ද මහතා කොටස් කරුවෙකු වීමෙන් නිදහස් වීමත්, 2015 දී කල ද්‍රෝහී වීමට පලිය ගැනීමත් යන කරුණු ඔක්කොම එකපාර ඉටු වෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom