සිරිසේන ශ්‍රීලනිප ඡන්ද ප්‍රචාරණය අරඹයි

pasanfun

Member
Nov 25, 2017
82
9
0
සිරිසේන ශ්‍රීලනිප ඡන්ද ප්‍රචාරණය අරඹයි

ජනාධිපති කොමිෂන් සභා වාර්තා ගැන තම අර්ථ දැක්වීම් ගෙනෙමින් සිරිසේන ශ්‍රීලනිප ඡන්ද ප්‍රචාරණය අරඹයි; සම්පූර්ණ කතාව මෙන්න (Video):lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

(ලංකා ඊ නිව්ස් -2018.ජන.03, ප.ව‍‍‍‍‍‍‍‍.11.30) සිරිසේන ජනාධිපතිවරයා තමා විසින් පත් කරන ලද කොමිෂන් සභා දෙකක් වූ බැඳුම්කර කොමිසමේ සහ බරපතල දූෂණ කොමිසමේ අවසන් වාර්තා සම්බන්ධයෙන් තම අර්ථ දැක්වීම් ගෙන හැර පාමින් ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශවයේ ඡන්ද ප්‍රචාරක වැඩපිලිවෙල වෙනුවෙන් අද සවස විශේෂ ප්‍රකාශයක් කළේය. මෙම වාර්තා ජනමාධ්‍යයට විවෘත කර නැත.
රාජපක්ෂ යුගයේ දූෂන සෙවූ බරපතල දූෂණ කොමිසමේ වාර්තා 34 ක්ද එජාපය ඉලක්ක කළ බැඳුම්කර කොමිසමේ වාර්තා 1 ක් ද වූ අතර ජනාධිපතිවරයාගේ විනාඩි 20 ක විශේෂ ප්‍රකාශයේ විනාඩි 16 ක්ම ගත කෙළේ එක් වාර්තාවක් වූ බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් වන අතර රාජපක්ෂ යුගයේ වාර්තා 34 වෙනුවෙන් ගත කෙළේ විනාඩි 4 කි.
බැඳුම්කර වාර්තාව දැනටමත් නීතිපතිවරයාට බාර දී ඇති බවද ජනාධිපති වරයා පැවසීය.
ජනාධිපතිවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ
‘‘ලැබූ 2018 නව වසර සියලූදෙනාට සමෘද්ධිමත් වාසනාවන්ත නව වසරක් වේවා කියා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අද රටේ ජනතාවගේ වැඩි අවධානයකට යොමූ වී, සාකච්ඡාවට ලක්වී තිබෙන, එමෙන්ම ඉතා ඕනෑකමින් බලා සිටින ශ්‍රී ලංකා මහ බැංකුව බැඳුම්කර නිකුත් කිරිමේදී 2015 සහ 2016 කාලසීමාව තුළ අක‍්‍රමිකතා සහ දූෂණ සිදු වූ බවට ඇතිවූ චෝදනා, පැමිණිලි සහ ජනමතය සැලකිල්ලට ගෙන මා විසින් පත්කරනු ලැබූ ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව සහ ඊට අදාළව ඉදිරියේ ක්‍රියාත්මක කළයුතු නිර්දේශ 2017-12-30 වන දින ඉහත කී කොමිසන් සභාව විසින් මා වෙත භාර දෙනු ලැබුවා.
බැඳුම්කර නිකුත්කිරීම සම්බන්ධව විමර්ශන හා පරීක්ෂණ කිරීමට එම කොමිසන් සභාවට බලය, වරය ලැබුණේ 2015 පෙබරවාරී 01 දා සිට 2016 මාර්තු 31 දක්වා කාලය පිළිබඳවයි. එකී කොමිසන් සභාවේ කාර්යය වූයේ අදාළ කරුණු සොයා ගැනීම, නිගමනයන්ට එළැබීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීමයි. කොමිසන් සභාවේ කොමසාරිස්වරු ලෙස කටයුතු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමාලාටත්, කොමිසන් සභාවේ කොමසාරිසවරයෙක් ලෙස කටයුතු කළ රජයේ විගණන දෙපාර්තමේන්තුවේ විශ‍්‍රාමික විගණකාධිපතිතුමාටත්, ඒ වගේම කොමිසන් සභාවේ ලේකම් ඇතුළු සියලූ කාර්ය මණ්ඩලවලටත්, මෙම කොමිසන් සභාවට සහය දුන් පොලිස් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ ඊට අදාළ අනෙකුත් ආයතන සංවිධාන, පුද්ගලයින් ආදී සියලූදෙනාට මම මාගේ ස්තූතිය පුද කරනවා.
මෙම කොමිසන් සභා වාර්තාවලින් හෙළිවන කරුණුවලට සමාන තත්ත්වය 2008 වසරේ සිට සිදුව ඇති බව කොමිසන් සභාවේ අදහසයි. එම කටයුතු සොයා බැලීම සඳහා එනම් 2008 වසරේ සිට සිදුවූ දූෂණ සහ අක‍්‍රමිකතා පිළිබඳව මුලින්ම කළ යුත්තේ වෝහාරික විගණනයක් බවත් එය ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් කළ යුතු අතර, ඉන් පසු ලැබෙන තොරතුරු මත නීතිමය කි‍්‍රයාමාර්ගවලට යා යුතු බවත් කොමිසම දන්වා සිටිනවා.
වැඩිපුරම සේවක අර්ථසාධක අරමුදල විනාශ වී ඇත්තේ එම කාලය තුළ බව කොමිසන් සභාව සඳහන් කරනවා. 2015-2016 කටයුතු සම්බන්ධව කොමිසම ඉදිරිපත් කර ඇත්තේ අතුරු වාර්තාවක් නොව පිටු 1257 කින් පමණ යුත් සම්පූර්ණ වාර්තාවක්. කොමිසමට මෙම කටයුතු සඳහා මාස දහයක කාලයක් කටයුතු කිරීමට සිදු වූ බව ඔබ දන්නවා.
මෙම වාර්තාව මේ වන විටත් නීතිපතිතුමා වෙත මා විසින් භාරදී ඇති අතර ඉදිරියේදී වාර්තාවේ නිර්දේශ මත අපරාධ සහ සිවිල් නඩු පැවරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් දුෂණ විමර්ශණ කොමිසම හරහා සිදු විය යුතු බව කොමිසන් වාර්තාවේ සඳහන් කර තිබෙනවා.
මහ බැංකු ව්‍යුහය, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ඝෘජු බැඳුම්කර නිකුතුවේ සහ බැඳම්කර වෙන්දේසියේ වාසි සහ අවාසි වාර්තාවේ පැහැදිළි කර තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ද, බැංකු නිලධාරින් සහ වෙනත් බාහිර පුද්ගලයින්ගේ ද සහභාගිත්වය හරහා පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් නිත්‍යානුකූල නොවන අන්දමින් මුදල් උපයා ඇති බව මෙහි සඳහන් වෙනවා.
2015 පෙබරවාරි මස 27 වන දින පැවත්වූ වෙන්දේසියෙන් පමණක් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ලබා ඇති අවම වාසිය රුපියල් මිලියන 688කට වැඩි ප‍්‍රමාණයක් බව සඳහන් වෙනවා. මෙම පරීක්ෂණ කාලසීමාව තුළ සොයාගත් තොරතුරු මත මීට වැඩිවීමක් ද සිදුවිය හැකි බව කොමිසන් සභා වාර්තාවේ සඳහන් වෙනවා.
පරීක්ෂණයේදී හෙළි වූ තත්ත්වයන් අනුව ද්විතීය වෙළෙඳපොළේ ගනුදෙනුවලින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ලබා ඇති වාසිය අවම වශයෙන් මිලියන 11,145 ක් වන අතර ඒ අතරින් සේවක අර්ථසාධක අරමුදල සහ අනෙකුත් රජයේ ආයතනවලට සම්බන්ධ වූ අලාභය රුපියල් මිලියන් 8,529 ක හෙවත් බිලියන් 8.5කට වඩා වැඩිවන බව වාර්තාවේ සඳහන් වෙනවා.
මහ බැංකුවේ හිටපු අධිපති මහේන්ද්‍රන් මහතා ඉදිරියේ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් අක්‍රියශීලි වී ඇති බවත් වාර්තාවේ සඳහන් වෙනවා. ඔවුන් කිසිම ප‍්‍රශ්න කිරීමකින් තොරව එසේ අකී‍්‍රයවීම නිසා සාවද්‍ය ස්ථාවරයන්ට එළැඹී ඇතැයි විශ්වාසය පළකළ හැකි බව කොමිසන් සභා වාර්තාවේ සඳහන්.
මහේන්ද්‍රන් මහතා අසම්මත සහ සාවද්‍ය අන්දමින් තීරණ ගැනීමේ ක්‍රියාවලියක් මගින් බැඳුම්කර වෙන්දේසිවලට මැදිහත්වී ඇති අතර, අභ්‍යන්තර තොරතුරු පිටතට බෙදාදීම සම්බන්ධයෙන් වගකිවයුත්තෙකු බවද වාර්තාවේ සඳහන් වෙනවා. මෙම ක්‍රියාවන් මගින් එක්තරා පාර්ශ්වයකට වාසි ගැනීමට හැකිවී ඇතැයි තීරණය වී තිබෙනවා.
මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති තනතුරට පත්කිරීම පිළිබඳව ගරු අග‍්‍රාමාත්‍යතුමාගේ වගකීම විධිමත් බවත් වාර්තාවේ සඳහන් වෙනවා. පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් කිරීමේදී ගරු අග‍්‍රාමාත්‍යතුමා මහේන්ද්‍රන් මහතා සහ සමරසිරි යන මහත්වරුන් කෙරෙහි විශේෂයෙන් මහේන්ද්‍රන් මහතා විසින් දෙන පොරොන්දු මත විශ්වාසය තබා ඇති බව වාර්තාවේ සඳහන් වෙනවා. අග‍්‍රාමාත්‍යතුමා එසේ නොකළ යුතු බවත් එහි සඳහන් වී තිබෙනවා. මෙම කරුණු කෝප් කමිටුව ඉදිරියේද තිබූ හෙයින් මහේන්ද්‍රන් මහතා සම්බන්ධ විධිමත් පියවර නොගත් බවට එතුමා පැහැදිලි කර තිබෙන බව කොමිසන් වාර්තාව සඳහන් කරනවා.
ඇලෝසියස් පවුලට අයත් සහ ඔවුන්ගේ පාලනයට නතුව තිබූ වෝල්ට් ඇන්ඞ් රෝ සමාගම විසින් , පෙන්ට්හවුස්, තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත වගකීම වාර්තාවේ සඳහන් වෙනවා. ඔහුට විරුද්ධව අල්ලස් දූෂණ පනත යටතේ නඩු පැවරිය යුතු බවත්, දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ කොමිසන් සභාවට ඔහු අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් ද නඩු පැවරිය යුතු බව මෙම වාර්තාවේ සඳහන් වෙනවා.
සේවක අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිතයක් සිදුව ඇති බවත්, නියම මුදල් ප‍්‍රමාණය සොයා ගැනීම සඳහා වෝහාරික විගණනයක් හා පරීක්ෂණයක් පැවැත්විය යුතු බව සඳහන් වෙනවා.
අදාළ පාර්ශ්වයන්ගේ ක්‍රියාමාර්ග හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිතයට මගපෑදි ඇති අතර, මීට අදාළ පුද්ගලයින් වාර්තාවේ හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ට එරෙහිව කි‍්‍රයාකළයුතු බව කොමිසන් වාර්තාව සඳහන් කරනවා. දඩුවම් ලබාදීම සඳහා පර්පචුවල ට්‍රෙෂරිස් සමාගම අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිහේන යන මහත්වරුන් සහ වාර්තාවේ හඳුනාගෙන ඇති අන් වගකීම් දරන නිලධාරින්ට එරෙහිව අපරාධ හා සිවිල් නීති කෘත්‍යයන්ට එළැඹීමට යෝජනා කරන අතරම රජයට වූ අලාභය අය කර ගැනීමට ද ක්‍රියා කළ යුතු බව කොමිසන් සභාවේ සඳහන්. ඒ සඳහා නීතිමය ප‍්‍රතිශෝධන කිරීමත් සිදුවිය යුතුව තිබෙනවා.
මෙහිදී විශේෂයෙන් සඳහන් කරනවා ශ‍්‍රී ලංකා මහ බැංකුව තුළ ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සදහා කොමිසන් සභාවේ වර්තමාන නිර්දේශයන්ට බලපාන ආකාරයටත්, පැරණි පනත අහෝසිකර නව මුදල් නීතියක් සකස් කළයුතු බව සහ ලියාපදිංචි කොටස් සුරැකුම්පත් ආඥා පනත නව නීතියක් මගින් වෙනස් කළයුතු බව. මුදල් මණ්ඩල සාමාජිකයන් සහ මහ බැංකු අධිපති පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවේ එකඟතාවය මත කළයුතු බව ඒ සදහා අදාළ රෙගුලාසි වෙනස්කළ යුතු බවත් සදහන් වෙනවා.
රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්ව දැඩි අධීක්ෂණයට ලක්කළ යුතු බව සදහන් වෙනවා. මහ බැංකුවේ විගණන කටයුතු නිසි ආකාරයෙන් සිදු නොවන හෙයින් විගණන අංශය සහමුලින්ම ප‍්‍රතිසංවිධානය කළයුතු බව නිර්දේශවල සදහන් වෙනවා. මහ බැංකුවේ නීති දෙපාර්තමේන්තුවක් පිහිටුවා එය වඩාත් කාර්යශූර බවට පත්කළයුතු බව ද වාර්තාවේ සදහන්.
2008 වසරේ සිට 2015 දක්වා නිකුත් කළ භාණ්ඩාගාර බැදුම්කර පිළිබදව පරීක්ෂා කිරීමට මෙම කොමිසමට වරයක් නොතිබුණු හෙයින් එවැන්නක් සිදු නොකළ ද, ඒ ගැන පරීක්ෂා කිරීම සුදුසු බවට කොමිසම නිර්දේශ කරනවා.
පෑන් ඒෂියා බැංකුව සමග සිදුකර ඇති ගනුදෙනු සහ එහි කලින් සිටි සභාපතිවරයාගේ ක්‍රියාකලාපය ද පරීක්ෂාවට ලක්කළ යුතු බව කොමිසමේ නිර්දේශයයි. සේවක අර්ථසාධක අරමුදලේ කටයුතු විධිමත් පරීක්ෂණයකට ලක් කළයුතු අතර, එම දෙපාර්තමේන්තුවේ කාර්යයන් නිසි මගකට ගෙන ඒම සදහා ප‍්‍රතිශෝධනය කළයුතු බවද සඳහන්. මහ බැංකු නිලධාරින්ට ආචාරධර්ම සංග‍්‍රහයක් හදුන්වාදීමත්, ප‍්‍රාථමික ගැණුම්කරුවන්ගේ ආචාරධර්ම සංග‍්‍රහය යථාපූර්ණ කිරීමත් සිදුකළයුතු බව කොමිසන් සභාවේ අදහසයි.
නීතිපතිතුමා සහ අල්ලස් හා දූෂණ කොමිසන් සභාව මගින් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පරිදි කටයුතු කළයුතු බව මෙහිදී පැහැදිලි කරදී තිබෙනවා. සාමාන්‍යයෙන් අදාළ මුදල් අයකර ගැනීම් සිවිල් නීති කෘත්‍යයන් මගින් ඉටුකරගත හැකියි. එහෙත් එය කල්ගතවන ක්‍රියාමාර්ගයක්. විකල්පයක් ලෙස මෙම මුදල් අය කර ගැනීමට පාර්ලිමේන්තුවේ පනතක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු සම්මතයෙන් පසු වේගවත්ව අදාළ මුදල් අය කර ගැනීමේ හැකියාවක් ඇති බව කොමිසම යෝජනා කර තිබෙනවා. අප ඒ සඳහා එකඟ වෙනවා.
කොමිසම පවත්වාගැනීම සඳහා දරන ලද සියලූම පිරිවැය පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් අයකරගත යුතු බව ද කොමිසමේ නිර්දේශයයි. මා විසින් දැනටමත් වාර්තාවේ පිටපතක් ගරු නීතිපතිතුමා වෙත භාරදී තිබෙනවා. එතුමා විසින් නීතිමය වශයෙන් ක්‍රියාකළ යුතු අයවළුන් හඳුනාගෙන නිසි ක්‍රියාමාර්ග අපරාධ හෝ සිවිල් කටයුතු සම්බන්ධයෙන් ගැනීමට කටයුතු කරනු ඇති.
කොමිසමේ නිර්දේශවලට අදාළ නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනතේ කළයුතු සුළු සංශෝධනයක් පැහැදිලි කළයුතුව තිබෙන බව දන්වා සිටිනවා. ඒ සම්න්ධයෙන් මේ වන විටත් කෙටුම්පත් සකසා නීති කෙටුම්පත් නිලධාරින් එම කටයුතු කඩිනම්න් සිදුකිරීම ක්‍රියාත්මක වන බව මා මෙහිදී සඳහන් කරනවා.
අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව ශක්තිමත් කර එහි කටයුතු කඩිනමින් කාර්යක්ෂම කිරීම මේ සඳහා මීට බොහෝ කලකට පෙර කළයුතුව තිබූ දේ දැන් අප විසින් ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ රහස්‍ය බව, විධිමත් බව විගණන කටයුතු පිළිබඳ තිබී ඇත්තේ ඉතා දුර්වල තත්ත්වයක්. ටෙලිෆෝන් රෙකෝඩින් හෝ නව සීසීටීවී කැමරා ක‍්‍රම කිසිවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ තිබී නැහැ. එම දුර්වලතා මහහැරීමට වර්තමාන අධිපතිවරයා මේ වන විටත් කටයුතු කර තිබෙනවා.
මෙම කොමිසන් සභාවේදී හෙළිවූ කරුණු මත මහ බැංකුවේ සේවකයින් කිහිපදෙනෙකුගේ ඉහත කාලය තුළ සේවය තහනම් කර විනය පරීක්ෂණ ආරම්භ කර ඇති බව මහ බැංකු අධිපතිතුමා දන්වා තිබෙනවා.
කොමිසන් සභාවේ නිගමනයන් හා නිර්දේශ මත ශ්‍රී ලංකා මහ බැංකුවේ කළයුතු වෙනස්කම් සම්බන්ධයෙන් ඉදිරි දිනවල මහබැංකු අධිපතිතුමා විසින් ප‍්‍රකාශයක් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.
මහ බැංකුවේ මෙවැනි දූෂණ, වංචා හා අක‍්‍රමිකතා ඉදිරියේදී සිදු නොවීමට කොමිසම විසින් නිර්දේශ කර ඇති නව පනත් 3ක් කඩිනමින් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලෙස නීතිපතිතුමා සහ අධිකරණ අමාත්‍යාංශයෙන් මම ඉල්ලා සිටිනවා.
අදාළ පුද්ගලයන්ට නඩු පැවරීම සහ කොමිසමේ සියලූ නිර්දේශ අඛණ්ඩව, කාර්යක්ෂමව, ප‍්‍රමාදයකින් තොරව ක්‍රියාත්මකවීම පිළිබඳව අදාළ අංශ ප‍්‍රධානින් සමග මසකට වරක් ප‍්‍රගති සමාලෝචනයක් කිරීමට මගේ ලේකම්වරයාට දැනුම් දී ඇති බව මෙහිදී මා වැඩිදුරටත් සඳහන් කරනවා.
සිදුවී ඇති අලාභය වන රුපියල් මිලියන 11,145 කට වැඩි මුදල් ප‍්‍රමාණය නැවත අය කර ගැනීමටත්, වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කිසිසේත් මම පසුබට නොවන බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි.
සේවක අර්ථසාධක අරමුදල, මහපොළ ශිෂ්‍යත්ව අරමුදල, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අරමුදල, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, රක්ෂණ සංස්ථාවේ අරමුදල් ඇතුළුව මෙම සිද්ධියෙන් රජයට අහිමි වී ඇති මුදල් ප‍්‍රමාණය රුපියල් මිලියන 8,529 ක් හෙවත් බිලියන 8.5ට වැඩිවෙනවා. සමාගම ලාභ ලෙස ඉපැයූ මිලියන 11,145න් ඉතිරි මුදල් පෞද්ගලික අංශයට අයත්.
පර්පචුවල් ටෙ‍්‍රෂරිස් සමාගම මෙම අතිවිශාල මුදල හෙවත් ලබා ඇති මිලියන 11,145ක් වන ලාභය ලබා ඇත්තේ මාස 5ක් වැනි කෙටි කාලයක් තුළ බව ද සඳහන්.
අවසාන වශයෙන් විශේෂයෙන් කිවයුත්තේ මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, ඒ අනුව මහජනයාට විවෘත වාර්තාවක් බවට පත්කිරීමටත්, අදාළ කටයුතු විධිමත්ව හා නීත්‍යානුකූලව සිදුකිරීමටත් නීතිපතිතුමාගේ උපදෙස් අනුව ඉදිරියේදී කඩිනමින් ඒ අවශ්‍ය කටයුතු සිදුවන බව.
වග උත්තරකරුවන්ට නඩු පැවරීමේදී එම නඩුවලට අවාසි සහගත නොවන ලෙස මෙම කොමිසන් සභා වාර්තාවේ කරුණු විවෘතභාවය පිළිබඳව සැලකිලිමත්විය යුතු බවද කාරුණිකව මම මෙහිදී සඳහන් කරනවා.
ඒ වගේම මෙම කොමිසන් සභාවට අදාළ නොවන විශේෂයෙන්ම භාරදෙන ලද, මීට පෙර මා විසින් පත්කරන ලද තවත් කොමිසන් සභාවක වාර්තා, කටයුතු අවසන් වී මා වෙත භාරදී තිබෙනවා. බරපතළ වංචා දූෂණ, රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති කොමිසන් සභාවයි
මෙම කොමිසන් සභාව වසර දෙක හමාරක කාලයක් කටයුතු කර තිබෙනවා. එම කොමිසමේ කටයුතු කළ සියලූ මහාධිකරණ විනිසුරුතුමන්ලා ඇතුළු ලේකම් සහ කාර්ය මණ්ඩලයටද ඒ සඳහා සහය දුන් සියලූ ආයතනවලට මාගේ ස්තූතිය පිරිනමනවා.
මෙම කොමිසමේ වාර්තා 34 ක් මේ වන විට මා වෙත භාරදී තිබෙන අතර පසුගිය මෑත දිනක වාර්තා 17 ක් භාරදී තිබෙනවා. ඊට පෙර 17ක් භාරදී තිබෙනවා. පෙර භාරදුන් 17ම මම නීතිපතිතුමාට භාරදී තිබෙනවා. අදාළ ආයතන විසින් කටයුතු කිරීමට. එම වාර්තා පිළිබඳ මේ වන විටත් අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිෂන් සභාව සහ අනෙකුත් ආයතන, දෙපාර්තමේන්තු, පොලීසිය නඩු පැවරීම් මේ වන විටත් සිදුකර තිබෙන අතර, මීට දින දෙකකට පෙර භාරදුන් වාර්තාව අපි මේ සතියේම භාරදෙන බව නීතිපතිතුමාට මෙහිදී සඳහන් කරන්න ඕන. ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුවන බව විශේෂයෙන් මෙහිදී සඳහන් කළයුතුයි.
මේ බරපතළ වංචා දූෂණ රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද කොමිසම ප‍්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් ඉදිරිපත්කර තිබෙනවා. එම කරුණු ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමක් වන අතර, ඔබට දැන ගැනීම සදහා මම පැහැදිළි කරනවා.
දූෂණ, වංචා අක‍්‍රමිකතා පිළිබඳ විමර්ෂණ කටයුතුවලට සුදුසු පූර්ණ දැනුමක් හා පුහුණුවක් ඇති නිලධාරින්ගෙන් අපේ රටට විශාල හිඟයක් තිබෙන නිසා ඒ සඳහා අවශ්‍ය පුහුණුව ලබා දී සුදුසු නිලධාරින් ඒ සඳහා පත්කළයුතු බව මෙහි පෙන්වා දී තිබෙනවා.
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු වශේෂ තනතුරුවලට පත්කිරීමේදී ඒ සඳහා නියමිත සුදුසුකම් නොමැති අය පත්කර ඇති බවත්, එබැවින් එම ආයතනවල ප‍්‍රධානීන්, සභාපතිවරුන්, අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීමේ දී එම තනතුරට සුදුසු අය පමණක් පත්කළයුතු බව ද එම කොමිෂන් සභාව ඉතා තරයේ ප‍්‍රකාශ කර තිබෙනවා.
එම කොමිසමට රජය වැය කළ මුදලට වැඩි මුදලක් එම කොමිසම විසින් මේ වන විට රජයට සොයා දී තිබෙන බව කොමිසම දන්වා තිබෙනවා. අල්ලස් නඩු පැවරීම කොළඹ මහාධිකරණය තුළ පමණක් සිදු කිරීම මගින් ලැබෙන ප‍්‍රතිඵල අඩු බවත්, එයින් විශේෂයෙන් සාක්ෂිකරුවන්ට වැනි අයට දිවයිනේ ඈත එපිට ප‍්‍රදේශවල සිට කොළඹට නිතර මෙම කටයුතු සඳහා පැමිණිමට තිබෙන අපහසුතාව සැලකිල්ලට ගෙන අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව යටතේ නඩු දැනට කොළඹ පමණක් ඇසීම වෙනුවට අවම වශයෙන් පළාත්බද අධිකරණ ක්‍රියාවලියක් තුළ ක්‍රියාත්මක කළයුතු බව මෙම කොමිසම දන්වා තිබෙනවා.
එමෙන්ම මෙම වාර්තා දෙකේම කරුණු අවසන් කිරීමට පෙර මා තවත් විශේෂ යමක් සඳහන් කළ යුතුයි. මෙම කොමිසන් සභා පත්කිරීම සම්බන්ධයෙන් සමාජය සහ පොදු මහජනතාව දැඩි උනන්දුවක් ඒ වගේම දැඩි ඕනෑකමක්, අවධානයක් යොමු කරන බව පෙන්නුම් කළා. මේ කොමිසන් සභාව පත්කිරීම විශේෂයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර කොමිසම සම්බන්ධයෙන් එය පත්කරන අවස්ථාවේත් ඇතැම් අය කිව්වා මීට පෙර පත්කළ කොමිසම්වලට වූ දේ තමයි මෙයටත් සිදුවන්නේ කියා. කොමිසමක් පත් කරන්නේ ප‍්‍රශ්න යටගහන්න බව මාධ්‍ය තුළත් ඇතැම් අය පාර්ලිමේන්තුවේදීත් සඳහන් කර තිබෙනවා.
නමුත් මේ කොමිසන්වල කටයුතු පිළිබඳව එහි ක්‍රියාකාරිත්ව පිළිබඳව අපි ඉතාමත් සතුටු විය යුතුයි වගේම විනිශ්චයකාරතුමන්ලා ඇතුළු ඒ සෑම කෙනෙකුටම නැවත නැවතත් මම ස්තුතිවන්ත වෙනවා මහජනයාගේ විශ්වාසය දිනාගනිමින් මෙම කොමිසන් සභාවලට කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන්.
තවත් යමක් මා අවසාන වශයෙන් කිවයුතුයි. මේ කොමිසන් සභා පත්කිරීම තුළ ඇතැම් දේශපාලන අංශවලින් මට එල්ල කරන ලද චෝදනා පිළිබඳවත්. කිසියම් දේශපාලන පක්ෂයක් මුල්කරගෙන හෝ කිසියම් දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගෙන මෙම කොමිෂන් සභා මා විසින් පත් නොකළ අතර මම සඳහන් කළ කොමිසන් සභා දෙකේම පරීක්ෂණ කටයුතු , නිර්දේශ හා එම තොරතුරු මත ඉදිරියේදී ක්‍රියාකිරීමේදී නීතිමය ක්‍රියාමාර්ගවලදී හා නඩු පැවරීමේදී ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහිම පුද්ගලයින් වගඋත්තරකරුවන් බවට පත්වී තිබෙන බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.
එම නිසා කිසියම් එක් දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගෙන කටයුතු නොකරනවා වගේම අධිකරණයේත් කොමිසන් සභාවල අපක්ෂපාතිත්වය සහ ස්වාධීනත්වය පිළිබඳ අප සතුටුවිය යුතු වෙනවා. මේ සඳහා අවශ්‍ය සම්පූර්ණ සහයෝගය මේ කටයුතු සඳහා ලබාදෙන බව ප‍්‍රකාශ කරන්න ඕන.

සියලූදෙනාටම ස්තූතියි.”

ජනාධිපතිවරයාගේ කතාවේ වීඩියෝව පහතින්
 
  • Like
Reactions: chathuranirmal

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    යකෝ අවුරුදු 30-40ක් එක පතේ කාපු මහින්දට කොකා පෙන්නල අනිත් පැත්තට පැන්න සිරාට තෝපේ රනිලට අරින එක කජ්ජක් නෙමේ...unp කාරයන්ට හොදම වැඩේ උන්ම චන්දෙ දිල උන්ම ඇර ගන්නව...:lol::lol::lol::lol::lol:
     

    pasanfun

    Member
    Nov 25, 2017
    82
    9
    0
    යකෝ අවුරුදු 30-40ක් එක පතේ කාපු මහින්දට කොකා පෙන්නල අනිත් පැත්තට පැන්න සිරාට තෝපේ රනිලට අරින එක කජ්ජක් නෙමේ...unp කාරයන්ට හොදම වැඩේ උන්ම චන්දෙ දිල උන්ම ඇර ගන්නව...:lol::lol::lol::lol::lol:
    පෙබරවරි දහ්යන් පස්සෙ ඕකට අපත් න්ඒති වෙන්න අරින්නෙ බලපන්කො:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Similar threads