සිරි යහනේ නෑ සහනේ - 01 කොටස

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    මම හිතන්නේ මේ ලිපි මාලාව මීට අවුරුදු 3කට කලින් her.lk වෙබ් අඩවියේ පලකලා. ඒ කාලේ සෑහෙන්න ප්‍රතිචාර ලැබුණු ලිපි මාලාවක්. මොකද විශේෂයෙන්ම විවාහ වෙන්න ඉන්න සහ විවාහ ජීවිතය ගතකරන හැම කෙනෙක්ටම වගේ පොදුවේ බලපාන ලිංගිකත්වය සහ ප්‍රජනන සෞඛ්‍යයට අදාල ගැටළු ගොඩක් මේ ලිපි මාලාවෙන් කතා කලා. ඒ ගොඩක් ගැටළු ස්වාමිපුරුෂයින්ට සහ භාර්යාවන්ට තමන්ගේ විවාහ ජීවිත බිඳවැටීමට පවා හේතුවුණු ගැටළු. කොහොම වුනත් මේ ලිපිවලට යොදාගත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය, UNFPA වගේම ජාත්‍යන්තර මව්පියභාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ පර්හේෂණ සහ ප්‍රකාශනවල අඩංගු තොරතුරු වගේම ලංකාවේ පවුල් සෞඛ්‍ය කාර්යංශය සහ අනෙකුත් සෞඛ්‍ය අධ්‍යන ආයතවල සිදුකරන ලද පර්යේෂණ වාර්තා සහ සිද්ධි අධ්‍යයනයන්.

    ඒ ලිපි මාලාවේ එක් එක් කොටස් කෙටි වාර්තා වීඩියෝ ලෙසින් ඉදිරිපත් කිරීම මෙන්න මේ වීඩියෝ මාලාවේදී සිදුකරනවා. ඒ නිසා විවාහකයන්ට වගේම විවාහ වෙන්න අපේක්ෂාවෙන් ඉන්න ඕනම යුවලකට මේ වීඩියෝ මාලාවේ තොරතුරු වැදගත් වේවි. මේ එහි පළමුවැන්න.